Wattakka Wagawa වට්ටක්කා වගාව

 

කුකර්බිටා මැක්සිමා - Cucurbita maxima

කුලය - කුකර්බිටේසි

 

 

 

දේශගුණීක අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා වූ ප්‍රදේශ වල වියලි හා අතරමැදි කලාපයේ වගා කල හැකි බෝගයකි.

 

 

පස

 

හොදින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක හොදින් වැවේ. යෝග්‍ය පී.එච්.පරාසය 5.5-7.5 වේ.

 

 

බිම සැකසීම

 

‍ෙස.මී. 20-30 ගැඹුරට පස පෙරල‍ා තරමක් රළු වයනයක් ඇතිවන පරිදි කැට පොඩි කර ගන්න.

දිග පළල හා ගැඹුර සෙ.මී.30 බැගින් වන පරිදි වළවල් සකස්කර ගන්න.

දිරූ කාබනික ද්‍රව්‍ය කි.ග්‍රෑම් 05ක් එක් වළකට එකතු කර මතුපිට පස සමග මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණයෙන් පොළව මට්ටමේ සිට සෙ.මී. 10ක් උසට වල පුරවන්න.

 

 

නිර්දේශීත ප්‍රභේද

 

ඒ.එන්.කේ. රුහුණු

ගෙඩි ඒකාකාරී හැඩයකින් යුක්තය.  ප්‍රමාණයෙන් කුඩාය (කි.ග්‍රැ. 2-2 ½) කෙටි කාලීන ප්‍රභේදයකි(මාස 2-2 ½).  කෙටි වර්ෂා කාලයේ වගා කිරීමට යෝග්‍යය.  කුඹ්‍රරු ඉඩම් වල,  කන්න අතර කාලයේ ද වගාවට සුදුසුය.

පිට පොත්ත ඝනය, මදය කහ පාටය, ප්‍රවාහනය කිරීමට ඉතා පහසුය.

 

 

 

දේශිය වර්ග

හැඩය හා ප්‍රමාණය විවිධාකාරය.  කන්නයට පමණක් වගා කළ හැකිය. මදයේ පැහැය, කහ සිට තැඹිලි දක්වා වෙනස් වේ.

 

 

 

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට බීජ කි.ග්‍රෑම් 01යි.

 

 

සිටුවීමේ කාලය

 

1.   රුහුණු වර්ගය

ජලය සැපයීම කළ හැකිනම් ඕනෑම කාලයක සිටුවීම කළ හැක.

 

 

 

2.   දේශීය වර්ග

නියම කන්නයට වගා කිරීම වඩා සාර්ථකය

 

 

 

බීජ සිටුවීම

යල - මැයි මසදී

මහ - ඔක්තෝබර් මසදී

 

 

පරතරය

 

ඒ.එන්.කේ රුහුණු        - මීටර් 25 x 25

දේශීය වර්ග                 - මීටර් 3 x 3

 

 

පොහොර යෙදීම

 

 

 

 

 

 

 

යුරියා

හෙ/කි.ග්‍රෑ.

ත්‍රිත්ව සුපර් පොස්පේට්

හෙ/කි.ග්‍රෑ.

මියුරියෙට් ඔෆ් පොටෑෂ්

හෙ/කි.ග්‍රෑ

මූලික පොහොර

75

200

60

පැල මතුවී සති 2

75

-

60

පැල මතුවී සති  5

75

-

60

 

 

 

 

 

ජල සම්පාදනය

 

බීජ පැලවී අවසන් වන තෙක් දිනපතා ජලය යොදන්න. පසුව දින 5-7ට වරක් ජලය යෙදීම සෑහේ.

 

 

වල් පැලෑටි පාලනය

 

පැලවී සති 03කින් වල් නෙලීම කර (අතින් වල් නෙලීම වඩා සුදුසුය), වසුනක් ලෙස පිදුරු යොදන්න.

 

 

‍රෝග පාලනය

 

 

 

යටි පුස් රෝගය

 

මෙම දිලීර රෝගය නිසා පත්‍ර මත කහ පැහැති කොණාකාර පුල්ලි ඇතිවේ.  පත්‍ර දුඹුරුපැහැ ගැන්වී හැකිලී යයි.  පත්‍ර යටි පැත්තේ අලු පැහැති බීජානු සමූහ දක්නට ලැබේ.

 

 

පිටි පුස් රෝගය

 

දිලීරයක් මගින් ඇති වේ.  පත්‍ර කහ පැහැ වේ. පත්‍ර වල දෙපැත්තේම සුදු පැහැති බීජානූ සමූහ දිස්වේ.

 

 

පාලනය

 

ධාරක පැළෑටි හා කුකර්බිටේසි කුලයට අයත් වල් පැලෑටි වර්ග විනාශ කිරීම.  නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කිරීම.

 

 

මෘදු කුණුවීමේ රෝගය (පිතියම් විශේෂ)

 

දිලීරයක් මගින් ඇති වේ. කදෙහි පාමුල හා ඵල මතුපිට මෘදු කුණුවීමක් හට ගනී.

 

 

පාලනය

 

අධික තෙතමනය හා ආර්ද්‍රතාවය මග හැරීම

පස බුරුල් කර වාතාශ්‍රය දියුණු කිරීම‍

නිර්දේශිත දිලීර නාශක යෙදීම

 

 

විචිත්‍ර වෛරසය

 

පත්‍ර මත කොල හා කහ පැහැති පුල්ලි ඇතිවේ. පත්‍ර බොකුටු වී රැලි වැටී, පැල්ලම් ද ඇතිවේ.

 

 

පාලනය

 

රෝග පැල උදුරා විනාශ කරන්න

කෘමිනාශක යොදා සුදුමැස්සන් වැනි රෝග වාහකයන් මර්දනය කරන්න

 

 

කෘමි පාලනය

 

1.   ඉල් මැස්සා

මෙම මැස්සාගේ ගැහැණු සතා කුඩා ගෙඩි වල පොත්ත විද බිත්තර දැමීම නිසා ඇති වන කීටයන්(පනුවන්) ඇතුලත කොටස් කා දැමීමෙන් ගැට හා මල් හැලීම හා ගෙඩි කුණුවී යාම සිදුවේ.

 

 

හානිය වලක්වා ගැනීම හා මර්දනය

 

පිදුරු ස්වල්පයක් ඵල ආවරණය කිරීම

පෙරමොන් උගුල් භාවිතය

ආසාදිත ගෙඩි කඩා විනාශ කර දැමීම

 

 

ඇම තැබීම

 

පෙන්තියෝන් කෘමි නාශකය සමග සිනී මිශ්‍රකර, පිපිඤ්ඤා කුලයේ ගෙඩි කැබලි එම ද්‍රාවනයේ විනාඩි 10ක් පමණ ගිල්වා තබා වගාව තුල තැනින් තැන තබන්න.

 

 

කාමිනාශක භාවිතය

 

පෙන්තියෝන් නිර්දේශිත ප්‍රමාණය ජලයේ මිශ්‍ර කර එයින් ලී.1ට සිනී ග්‍රෑම් 25ක් මිශ්‍ර කර ඉසින්න. මල් පිපෙන අවස්ථාවේ සිට සති 02කට වරක් යෙදීම කළ යුතුය.

 

 

අස්වැන්න නෙලීම

 

ගෙඩි මත පිටිමය ස්වභාවයක් දිස්වන විට නෙලා ගන්න

ඒ.එන්.කේ. රුහුණු     - මල් පිපී දින 40

දේශිය වර්ග              - මල් පිපි දින 60

අස්වැන්න

සෑම වර්ගයකම අස්වැන්න හෙක්ටයාරයකට කි.ග්‍රෑම් 15000-25000 පමණ වේ.

 

 

පසු අස්වනු කටයුතු

 

හොදින් මෝරන ලද ගෙඩි වියළි ස්ථානයක මාස 6-8 ක කාලයක් ගබඩා කර තබාගත හැක.