wee wagawa වී වගාව

වී ශාකයේ සම්භවය

වී පැළයේ සම්භවය කුමන කාලයක කුමන ප්‍රදේශයක සිදුවූවාදැයි පිළිබඳව නොයෙක් මතවාද පවතී. සමහර විද්‍යා ඟයින් වී ශාකයේ පළමු සම්භවය චීනයේ යැයි විශ්වාස කළත් සමහරක් විද්‍යාඥයින් එය ඉන්දියාවේ සිදුව ඇතැයි විශ්වාස කරේ. කෙසේ වුවත් මේවන විට වීවල සම්භවය අග්නිදිග ආසියාවේ සිදු වී ඇතැයි අනුමාන කෙරේ.

කෙසේ වුවද විවිධ වී විශේෂ ඉන්දියාවේ, චීනයේ වගාකර ඇති බැව් වාර්තාවන නිසා වීවල සම්භවය ඒ රටවලද ඇති වූවක්බව සීතිමට ද ඉඩ තිබේ. ඔරෙයිසා ඝනයට විශේෂ 22ක් ඇතුලත් වූවද ඒවා අතුරින් වගාකරනු ලබන්නේ විශේෂ දෙකක් පමණි

  1. oryza sativa l. :- (ආසියානු වී කාණ්ඩය)
  2. oryza glaberrimasteud :- (අප්‍රිකානු වී කාණ්ඩය)

    oryza sativa විශේෂය oryza rufipogon නම් ආසියානු වල් දර්ශනයෙන්ද oryza glaberrima විශේෂය oryza berviligulata නම් අප්‍රිකාවටම ආවේනික වූ බවට විද්‍යාඥයින් විශ්වාස කරති.

    oryza rufipogon විශේෂ බහුවාර්ෂික (perenial) වාර්ෂික (annual) අඛන්ඩව (continum) යන අකාර 3න්ද oryza berviligulare විශේෂය බහුවාර්ෂික අකාරයෙන්ද සමාන්‍ය පරිසර තත්ත්ව යට තේ දක්නට ඇත.

වී ශාකයේ ව්‍යාප්තිය

වී ශාකය ලෝකයේ නිවර්තන උප නිවාර්තන හා සමශීතෝෂ්ණ රටවල ව්‍යාප්තව පවතින බෝගයක් බවට පත්ව ඇත.මෙලෙස වී ශාකය කෘෂිකාර්මික භොගයක් ලෙස පහත සඳහන් වකවානු වල අනෙකුත් රටවල ද ව්‍යාප්ත වී ඇති බැව් වාර්තා වී ඇත. මෙසපොටේමියාවේ ක්‍රි. පූ. 3 වන සියවසේදී ජපානය හා කොරියාව වැනි රටවල කි.පූ. 2 - 3 සියවසේ ද ව්‍යාප්ත වී ඇත. ඊජිප්තුවේ ක්‍රි. ව. 3වන සියවසේද ජපානය කොරියාව වැනි රටවල ක්‍රි.පූ. 2 - 3 සියවසේද ව්‍යාප්තව ඇත. පෘතුගාලයේ ක්‍රි.ව. 15 සියවසේද කොදෙව් දූපත්වලට ක්‍රි. ව 15 සියවසේද බ්‍රසීලයට ක්‍රි. ව. 15වන සියවසේද ඕස්ට්‍රේලියාවට ක්‍රි.ව. 19වන සියවසේද ඇමරිකානු ප්‍රාන්තවල ක්‍රි.ව. 17 - 19 සියවසේදී මෙලෙස ව්‍යාප්ත වී ඇත.

අප්‍රිකානු වී දර්ශය අප්‍රිකාවට ආවේනික දර්ශනයක් වන අතර මෙය ප්‍රධාන වශයෙන් සහරා කාන්තාරයේ දකුණුදිග සවානා තණ බිම්වල ව්‍යාප්තව ඇත.

වී ගොවිතැනට අවශ්‍ය සාධක

  • 21-32 (සෙල්සියස්) උෂ්ණත්වය.
  • 1900 mm පමණ වූ වර්ෂාපතනය.
  • ජලය රදා පවතින දියළු මිශ්‍ර මැටි පස (හ්‍යුමස්, වැලි, මැටි හා රොන්මඩ අඩංගු වීම) .
  • තැනිතලා බිම් ප්‍රදේශ. (ජලය හොදින් රදවා තබා ගැනීමට හා පහසුවෙන් වගා කටයුතු කිරීමට)
  • අස්වැන්න නෙළන කාලයට වියළි බව. (නුවර එළිය දිස්ත්‍රික්කයේ සීමිත කොටසක් හැර ශ්‍රී ලංකාවේ අනෙක් සියළුම ප්‍රදේශ වී වගාවට යෝග්‍ය යි)

වී වගා ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම වී වගා කෙ රේ. නමුත් වැඩි ම බිම් ප්‍රමාණය කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අඩු ම බිම් ප්‍රමාණය නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැකි ය.

වී ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමකරණය

වී (oryza sativa. l)

රාජධානිය (kingdom) :- ප්ලාන්ටේ (plantae) (ශාක)

කාණ්ඩය (division) :- ට්‍රැකියොෆයිටා (tracheophyta) (සනාල ශාක)

උප කාණ්ඩය (s. division) :-ටෙරොප්සිඩ (pteropsida) (බීජ ශාක)

වර්ගය (class) :- ඇන්ජියොස්පර්මේ (angiospermae) (අවෘතක බීජ ශාක)

උපවර්ගය (s.class) :- මොනොකොටලිඩොනේ (monocotyledoneae) (ඒක බීජ පත්‍රී ශාක)

ගෝත්‍රය (order) :- ග්‍රැමිනාලේස් (graminales)

කුලය (family) :- ග්‍රැමිනේ (gramineae)

ගනය (genus) :- ඔරයිසා (oryza)

විශේෂය (species) :- සැටයිවා (sativa)

උප විශේෂය (s. species) 2කි.

  1. hesien - පරිසර කාණ්ඩ (eco group) - indica - (ඉන්ඩිකා)
    a man (moonsoon rice) - ප්‍රභා සංවේදී
    boro (winter rice) - ප්‍රභා අවධි සංවේදි නොවන
    aus (spring rice) - ප්‍රභා අවධි සංවේදී නොවන

    2. keng - පරිසර කාණ්ඩ (eco group)
    japonica - (ජැපොනිකා)
    communis (සාමාන්‍ය kong ප්‍රභේද) nuda - (සිනිඳු, උස් බිම්වල වගාකරන වී ප්‍රභේද)
    nvanaca (bulu සහ gundil)

ශ්‍රී ලංකාවේ කන්න දෙකකට වී වගාව සිදු කරයි.

  1. යල කන්නය - අප්‍රේල් සිට සැප්තැම්බර්
  2. මහ කන්නය - ඔක්තෝම්බර් සිට මාර්තු

ශ්‍රී ලංකාවේ වී වගාව සිදු කරන ප්‍රධාන කලාප තුනකි.

  1. පහතරට වියළි කලාපීය බිම්.
  2. පහතරට තෙත් කලාපීය බිම්.
  3. කදුරට බිම්.

ශ්‍රී ලංකාවේ පැරණි වී ප්‍රබේද කිහිපයක්:

  • මා වී
  • දික් වී
  • හීනටි
  • හේරත්බණ්ඩා
  • සුවදැල්
  • කළු වී

මහ කන්නය සඳහා සුදුසු වගා කාලය

වැඩි
වයස් වී

මාස 4
වී ප්‍ර භේද

බිම් සැකසීම
සැප්. 25 සිට
ඔක්. 15 අතරදී

වැපිරීම
ඔක්. මැදදී
(ඔක්. 15 - 30
අතරදී)

පැල සිටුවීම
නොවැ. මුලදී
(නො. 01 - 15 අතරදී)

මාස්
කන්නයේ
අස්වනු
නෙලීම
පෙබරවාරි15 සිට
මාර්තු 15
අතර
කාලයේදී
සිදුවිය
යුතුය.

මාස 4
වී ප්‍රභේද

බිම් සැකසීම
ඔක්. 10 - 30
අතරදී

වැපිරීම
නොවැ. මුලදී
(නොවැ. 01 - 15 අතරදී)

පැල සිටුවීම
නොවැ. අගදි
(නො. 15 - 30 අතරදී)

බාල
වයස් වී

මාස 3
වී ප්‍ර භේද

බිම් සැකසීම
ඔක්. 25 සිට
නොවැ. 15 අතරදී

වැපිරීම
නොවැ. මැදදී
(නොවැ. 15 - 30
අතරදී)

පැල සිටුවීම
දෙසැ. මුලදී
(දෙසැ. 01 - 15
අතරදී)

මාස 3
වී ප්‍රභේද

බිම් සැකසීම
නොවැ. 10 - 30
අතරදී

වැපිරීම
දෙසැ. මුලදී
(දෙසැ. 01 - 15
අතරදී)

පැල සිටුවීම
දෙසැ. මුලදී
(දෙසැ. 15 - 25
අතරදී)


වියළි කලාපයේ මහ කන්නය තුළදී ඔබ විසින් වගා කිරීමට බලාපොරොත්තු වන වී ප්‍රභේදයේ වයස අනුව අදාල කාල පරිච්ජේදය තෝරා ගන්න.

යල කන්නය සඳහා සුදුසු වගා කාලය

වැඩි
වයස් වී

මාස 4
වී ප්‍ර භේද

බිම් සැකසීම
මාර්තු 25 සිට
අප්‍රේල් 15 දක්වා

වැපිරීම
අප්‍රේල්
15 සිට 30
දක්වා

පැල සිටුවීම
අප්‍රේල් අගදි
(අප්‍රේල් 30 සිට මැයි 15 අතරදී)

යල
කන්නයේ
අස්වනු
නෙලීම
අගෝස්තු
15 ත්
සැප්තැම්බර් මස 15 ත්
අතර
කාලයේදී
සිදුවිය
යුතුය.

මාස 4
වී ප්‍රභේද

බිම් සැකසීම
අප්‍රේල් 10 - 30
දක්වා

වැපිරීම
අප්‍රේල් 30
සිට මැයි 15
දක්වා

පැල සිටුවීම
මැයි අගදි
(මැයි 15 - 30 අතරදී)

බාල
වයස් වී

මාස 3
වී ප්‍ර භේද

බිම් සැකසීම

අප්‍රේල් 25 සිට

මැයි 15 දක්වා

වැපිරීම
මැයි
15 සිට 31
දක්වා

පැල සිටුවීම
මැයි අගදි
(මැයි 31 සිට
ජුනි 15
අතරදී)

මාස 3
වී ප්‍රභේද

බිම් සැකසීම
මැයි 10 සිට
මැයි 31 දක්වා

වැපිරීම
මැයි 31
සිට ජුනි 15
දක්වා

පැල සිටුවීම
ජුනි 15 -30
දක්වා

වී වගාව සිදු කරන අකාරය

1.බිම් සකස් කිරීම

වී වගාව සඳහා බිම පිළියෙල කිරීමේදී පහත දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වේ.

  1. කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම
  2. සාර්ථක වල් පැලෑටි මර්දනය
  3. කාබනික හා අකාබනික පොහොර පසට මිශ්‍රවීම
  4. හොඳින් මුල් වර්ධනය සඳහා අවශ්‍ය තරම් ගැඹුරකට පස සකස් කිරීම
  5. වගාව ආරම්භ කිරීම සඳහා සුදුසු ආකාරයට පස මතුපිට සියුම්ව සකසා ගැනීම
  6. ජල පාලනය සාර්ථකව ඉටුකර ගැනීම

2.මඩට බිම් සකස් කිරීම (තෙත් ආකාරයට)

මඩට බිම් සැකසීමේදී පහතින් දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යෝග්‍ය වේ.

3.පළමු සී සෑම
(බිං නැගුම, පුරන් හීය)

පළමු සී සෑමේදී අඟල් 8 - 10 (සෙ. මී. 20 - 25) ක් පමණ ගැඹුරට පස බුරුල්වන සේ සී සෑම කළයුතුය. සිංහල ගැමි නගුල, යකඩ නගුල, මෝල්බොඩ් නගුල, තැ ටි නගුල මේ සඳහා භාවිතා කළහැකිය. උදළු මගින් ලියදි කෙටීමද (තාල් කෙටීම) ඉතා යෝග්‍යය. මේ අන්දමට සී සෑමෙන්, පොළොව යටින් ඇති තද ස්ථරය කැඩී යටි පස් මතු පිට පස සමග මිශ්‍රවීම නිසා පසේ සාරවත් භාවය වැඩි දියුණු වේ. පළමු සී සෑම සමග හෝ ඉන්පසුව කාබනික පොහොර ලෙස පිදුරු සහ කොළ පොහොර (වනාතේ කොළ අතු හෝ පිටතින් ගෙනා කොළ පොහොර) යෙදීම සිදුකළ යුතුවේ. මෙමගින් වී වගාවේ අස්වනු සැලකියයුතු මට්ටමකට වැඩිකර ගත හැකිය.

4.දෙවන සී සෑම
(මද හීය - මඩ හීය)

පළමු සී සෑම සිදුකර දින 10 - 14 කට පසු සිංහල ගැමි නගුල මගින් හෝ රොටවේටරය මගින් හෝ කොකු නගුල භාවිතාකර දෙවන සී සෑම හරස් අතට සිදු කරන්න. දිරාපත් වු කාබනික පොහොර (දිරාපත් වු පිදුරු, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කොළ පො හොර වෙනත් සත්ත්ව අපද්‍රව්‍ය) දෙහීයෙන් පසු කුඹුරට යෙදීම වඩාත් යෝග්‍ය වේ.

ගොම පොහොර, කුකුල් පොහොර, කොම්පෝස්ට් හෝ දිරාපත් වු වෙනත් කාබනික පොහොර දෙවන සී සෑමෙන් පසු කුඹුරට දමන්න.

5.නියර බැදීම
(මඩ තබා ඔප මට්ටම් කිරීම)

පළමු සී සෑමෙන් පසු ලියදිවල මුළු, උදැල්ලෙන් කොටා නියර බැදීම සිදුකල යුතුවේ. දෙවන සී සෑමෙන් පසු නියර මඩ තබාගැනීම යෝග්‍ය වේ. මේ මගින් ලියදිවල ජලය රඳවා තබාගැනීම හොඳින් සිදුවන අතර නියරවල වල් පැලෑටි පැලවීමද පාලනය කළ හැකිවේ.

6.මඩ කිරීම හා මට්ටම් කිරීම
(පෝරුගෑම)

පෝරු ගෑමේදී ලියදිවල හී කැට හොඳින් පොඩිවන සේත්, ගොඩැලි මට්ටම්වන සේත් පස හොඳින් මඩ කරගත යුතුවේ. ලියදි මඩ කිරීමෙන් පසු මතුපිට ඒකාකාරීව මට්ටම්වන ලෙස හොඳින් සමතලා කරන්න.

පෝරු ගෑමෙන් පසු ලියදිවල ජලය රැස්කර තබන්න. අවශ්‍ය වුවහොත් ගොවි පෝරුව භාවිතයෙන් මතුපිට සමතලා කිරීම තවදුරටත් සිදුකළ හැක. වී වැපරීමේදී සහ ඩැපොග් තවාන් පැල සිටුවීමේදී මෙලෙස මනාලෙස පස මට්ටම් කිරීම අතිශයින් වැදගත්ය.

ලියදිවල අධික ලෙස වල්පැල තිබේ නම් පළමු සී සෑමට ප්‍රථම රසායනික වල්නාශක භාවිතා කළ හැකිය.

නමුත් දෙකන්නයම වගාවෙන කුඹුරු සඳහා මෙලෙස රසායනික වල් නාශක යෙදීමේ විශේෂ අවශ්‍යතාවයක් උද්ගත නොවේ.

7.වී බීජ වැපිරීම

වී වර්ග

පැරණී වී වර්ග : පොඩි වී , පෙරිය වෙල්ලෙයි , කුරුළු තුඩ , කොහු මාවී , - මාස 05යි.

මේවයේ විශේෂ ලක්ෂණ:

  • අස්වැන්න අඩුවීම.
  • පත්‍ර නැවී තිබීම.
  • ඇද වැටීම.
  • උස වැඩිවීම.
  • කද දුර්වල වීම.
  • පිදුරු වැඩිවීම.(පිදුරු අනුපාතය 8:6)
  • ධාන්‍ය බර වැඩිය.
  • රසායනික පොහොර වලට දක්වන ප්‍රතිචාරය අඩුවීම.
  • බතේ රසවත් බව වැඩිය.
  • රෝග හා පළිබෝධ වලට දක්වන හැකියාව වැඩිය.

දෙමුහුම් වර්ග

1940 පසුව දෙමුහුම් කිරීමෙන් ලබාගත් වර්ග h4, h7, h8

නව වැඩිදියුණු කල වී වර්ග

වී වර්ගය

ඔරොත්තුදීම

bg-300

දුඹුරු පැළ කීඩෑව,කොලපාළු රෝගය

bg-304

දුඹුරු පැළ කීඩෑව,ගොප් මැස්ස

bg-352

දුඹුරු පැළ කීඩෑව

bw-302

ලවනතාවය,යකඩ විෂවීම

at-303

ලවනතාවය

bg-400-1

යකඩ විෂවීම,කොළ අංගමාරය

ld-66

යකඩ විෂවීම

නිපද වූ අභිජනන මධ්‍යස්ථාන

bg - බතලේගොඩ වී පර්යේෂණායතනය

bw - බෝබුවල වී පර්යේෂණායතනය

ld - ලබුදූව වී පර්යේෂණායතනය

at - අම්බලන්තොට වී අභිජනන මධ්‍යස්ථානය

පරිසර තත්ත්ව

තෙත් නිවර්තන වඩාත් සුදුසුයි වේ.

වර්ෂාව:-

හොදින් පැතුරුණු වර්ෂාපතනයක් අවශ්‍ය වේ.වාරී ජලය යටතේ හොදින් වගාකර ඈත.අධික වර්ෂාව අහිතකරය.

(10-15 cm ජලමට්ටමක් , මේරීම දක්වා තබාගැනීම අවශ්‍ය වේ.)

උෂ්ණත්වය:-

උෂ්ණ දේශගුණය ප්‍රිය කරයි.වර්ධන අවධියේදී 20 0c – 34 0c මොටියන් වර්ධන අවධිය 32 0c – 340c

ආලෝකය:-

ආලෝකය ප්‍රිය කරන බෝගයකි,වැඩි ආලෝක තිවූරතාවයක් අවශ්‍ය වේ.

සුළග:-

මද සුළග යෝග්‍යය,බෝගය තුල වාතය දියුණු වීම,ප්‍රභාසංස්ලේෂණය වැඩිවීම,පරගනයට හිතකර වීම.

පස:-

මඩ වී වගාවට මැටි සහිත පසක් අවශ්‍ය වේ.එහි ජලය රැදී තිබේ.වැලි සහිත නම් ජලය සපයමින්, කාබනික පොහොර සපයමින් වගාකරයි.

ph:-

4.5 – 7.5 හොදින් වැඩේ.ආම්ලික,ක්ෂාරීය,ලවන පස්වල අස්වනු අඩුවේ.

වාතනය :-

මඩ පසේ o2 අඩුය.මෙය o2 අඩු පසේ වර්ධනය විය හැකි බෝගයකි.

වගා කාල:-

යල,මහ කන්න, තෙත් කලාපයේ මහ කන්නය වර්ෂා ජලයෙන් සහ යල කන්නය වැව් ජලයෙන් වගාකරයි.

මඩ වී වගාවේ කාර්යන්

  1. ඇලවේලී ශුද්ධ කිරීම
  2. නියර පැති ගැසීම
  3. පුරන් කෙටීම
  4. දෙවෙනිවර බිම් කෙටීම(දෙකෙටුම)
  5. නියර මැදගැනීම
  6. බිත්තර වී සපයාගැනීම
  7. බිත්තර වී පෙගවීම(පැය 18 පමණ)
  8. බිත්තර වී යහන් කිරීම(o2, උෂ්ණත්වය, තෙතමනය ලැබේ.)
  9. තුන්වනු කෙටුම - වැපිරීමට සුදානම් කිරීම.
  10. මුලික පොහොර යෙදීම - මඩ පොහොර (5:15:15)n:p:k
  11. දින 0 - වැපිරීම/ පැල සිටුවීම.
  12. දින 12 - වල් මර්ධනය (උචිත ක්‍රම යොදාගන්න)
  13. දින 14 - පැල පරීක්ෂා කිරීම.(රෝග පළිබෝධ හදුනාගැනීම.)
  14. පළමු මතුපිට පොහොර යෙදීම n ලබාදීම. යූරියා
  15. දින 21 - පළල් පත්‍ර වල් පැල මර්ධනය (උචිත ක්‍රම යොදාගන්න)
  16. පැල පරීක්ෂා කිරීම (රෝග පළිබෝධ හදුනාගැනීම.)
  17. දින 42 - දෙවන මතුපිට පොහොර යෙදීම n ලබාදීම. යූරියා
  18. පැල පරීක්ෂා කිරීම (රෝග පළිබෝධ හදුනාගැනීම.)
  19. දින 70 - තුන්වන මතුපිට පොහොර යෙදීම - n – k, ලබාදීම(බංඩි පොහොර)
  20. පැල පරීක්ෂා කිරීම (රෝග පළිබෝධ හදුනාගැනීම.)