Advertisement
Hot Kello

Wisa Nasana Batu විස නසන බටු

 

බට්ටේ ගුණ නැට්ටේ කීවද බටු ගෙඩිය පුරාම පෝෂ්‍ය ගුණය පවතිනවා. වම්බටු, තලනබටු, තිබ්බටු ආදී සියලුම බටු වර්ගවලට මේ කාරණය පොදුයි.වම්බටු ගෙඩියේ අඩුවක් නැතිව විටමින්, ඛණිජලවණ පවතිනවා වාගේම ඉතාමත් වැදගත් ප‍්‍රති ඔක්සිකාරක (එනම් ශරීරගත වෙන විස විනාශ කරන ද්‍රව්‍ය) අඩංගුයි.

 

මොළයේ ආහාරයපර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ් වම්බටු ගෙඩියේ පොත්තේ මොළයේ පටල, මේද කොටස් හානිකර ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා වෙන බවයි.

 

හොඳ ප‍්‍රතිඔක්සිකාරකයක්වම්බටු ගස බැක්ටීරියා හා දිලීරවලින් ආරක්ෂා වීම සඳහා බැක්ටීරියා, දිලීරවලින් සන්නාහ සන්නද්ධයි. වම්බටු ආහාරයට ගැනීමේදී අපට ද ඒවා ශරීර ගත වෙනවා.තරමක තිත්ත රසයක් වම්බටුවලට ලැබී ඇත්තේ ද මේ ප‍්‍රතිඔක්සිකාරක නිසයි.

 

හෘදයේ නිරෝගි බවට අවශ්‍යයිසතුන් යොදා කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ වම්බටු යුෂ මගින් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් මට්ටම අඩුවී ඇති බවයි.රුධිර සංසරණය ක‍්‍රමවත් කිරීමේ ගුණයක්ද වම්බටුවල පවතිනවා.

 

වැඩි යකඩ අඩු කරයියකඩ සිරුරට නැතිවම බැරි පෝෂකයක් බව අප දන්නවා. ඔක්සිජන් සිරුරට ලබා දීමේදී, යහපත් ප‍්‍රතිශක්තියක් පවත්වාගෙන යද්දී යකඩ නැතිවම බැහැ. එහෙත් යකඩ වැඩිවීම ද හොඳ දෙයක් නොවෙයි.වැඩිපුර යකඩ සිරුරේ තිබීම නිසා හදවත් රෝග, පිළිකා සෑදීමේ අවදානම වැඩි වෙනවා. ඔසප් වීම මාසිකව සිදුවන කාන්තාවන්ට යකඩ වැඩි වීමේ අවදානමක් නැතත්, ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ යකඩ වැඩි වීමේ අවදානමක් පවතිනවා.පිරිමින්ටද යකඩ වැඩිවීමට ඉඩක් පවතිනවා. වම්බටුවල ප‍්‍රතිඔක්සිකාරකවලට වැඩි යකඩ අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා.සන්ධිවලට හානි කරන විස ද අඩු කරන නිසා රුමැටොයිඩ් ආතරයිටීස් වැනි රෝග වැළඳීමේ ඉඩ ද අඩු වෙනවා.වම්බටු ආහාරයක් වශයෙන් ජනප‍්‍රිය වීමට පෙර සමහර රටවල ගෙවත්ත අලංකාරකරන පැළෑටියක් වශයෙන්ද යොදා ගෙන තිබෙනවා.

 

තෝරා ගැනීමවම්බටු මිලදී ගැනීමේදී ගෙඩියේ ප‍්‍රමාණයට බර වම්බටු තෝරා ගන්න ගෙඩියේ පොත්ත මෘදු හා දිළිසෙන ස්වභාවයකින් යුක්ත විය යුතුයි. කැලැල් වුණු, තැලුණු ගෙඩි මිලදී ගන්න එපා.වම්බටු උෂ්ණත්වයටත්, සිසිලටත් සංවේදී එළවළුවක්, එනිසා ෆැරන්හයිට් අංශක 50 (සෙල්සියස් අංශක 10 ක) උෂ්ණත්වයක තැන්පත් කළ යුතුයි.

 

රස වැඩි කිරීමටවම්බටුවල ඇති සියුම් තිත්ත රසය ලුණු මගින් අඩු කරන්න පුළුවන්. කැපූ වම්බටුවලට ලුණු ස්වල්පයක් ඉස මිනිත්තු 30 ක් තබන්න. මෙමගින් වම්බටු බැඳීමේදී වම්බටුවලට තෙල් උරා ගැනීම ද අඩු කරනවා.

 

ඇතැම් රෝගවලට හානිකරයිසිරුරේ ගල් ඇති කරන ආහාර අතලොස්සෙන් වම්බටු එක් වර්ගයක්. මේ නිසා ප‍්‍රතිකාර නොගන්නා වකුගඩු හෝ පිත්තාශ රෝගීන්ට මෙවැනි ආහාර එතරම් සුදුසු නැහැ. වම්බටුවල ඇති එම ගුණය කැල්සියම් උරා ගැනීම අඩු කිරීමට ද හේතු වෙනවා. මේ නිසා නිතර නිතර වම්බටුවල රස බැලීම සුදුසු නැහැ.

 

වම්බටුවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ* කෙඳි* පොටෑසියම්* මැංගනීස්* තඹ*විටමින් බී 1 (තයමීන්)* විටමින් බී 6 (පිරිඩොක්සින්)* මැග්නීසියම්* විටමින් බී 3 (නියැසින්)* යකඩ* ප්‍රෝටීන්වම්බටු අධික කෙඳි ප‍්‍රමාණ අඩංගු ආහාර අතර ඉදිරියෙන්ම සිටිනවා. එළබටු හා තිබ්බටු ද මීට සමාන ගුණයකින් යුක්තයි.