Adyapana Diyunuwata Saraswathi Dewagana Namadinna අධ්‍යාපන දියුණුවට සරස්‌වතී දෙවඟන නමදින්න

සකල ශාස්‌ත්‍රයට අධිපති දෙවඟන ලෙස පුරාතනයේ සිට වන්දනා කරනු ලබන්නේ සරස්‌වතී දෙවඟනයි. ඇගේ සුළු බැල්මක්‌ ලැබීමෙන් මුළු ලොවම තමාගේ ඥාන බලයෙන් අවනත කරගත හැකි බව ගිරා සන්දේශකරුවා දක්‌වයි.

áලද යම් කෙනෙක්‌ සරසවි බැලුමයක්‌ නිසි කෙතරම් වුවත් මුළු ලොව කෙරෙති අතවැසිට්‌

මහා බ්‍රහ්මයා ලෝකය මවා නිම වී එම මැවුම සිහිපත්වීම උදෙසා ස්‌වේත පද්මයක්‌ මවා එය තම සයනය අසල තබා ගත්තාය. දිනක්‌ මහ බඹු තමා මැවූ ලෝකයේ ස්‌වභාවය විමසා බලනවිට මිනිසා කිසිදු කලාත්මක බවකින් තොරව යකුන් මෙන් හැසිරෙමින් සිටින බව දැන ශෝකයෙන් මීට කුමක්‌ කරමුද ? යන හැඟීමෙන් සයනයට පිවිසියාය. ඔහු සයනය කර අවදි වන විට ඔහු අසල තබා තිබූ ස්‌වේත පද්මයේ රූමත් දෙවඟනක්‌ පහල වී සිටියාය. අත් සතරක්‌ සහිතව එක්‌ අතක ජවි මාලාවක්‌ද, අනෙක්‌ අතේ පුස්‌තකයක්‌ද සහිත ඕ දෑතින් වීනාවක්‌ දරා එය වයමින් සිටියාය. ස්‌වේත වස්‌ත්‍රයක්‌ ඇද සිටි ඇය ලොවට සු සැට කලාවන් හා අෂ්ටාදය ශිල්පයන් හදුන්වා දිනි. ඇය සරස්‌වතී දෙවඟන නම් වූවාය. මහ බඹු ඇයව විවාහ කරගත් අතර මෙකී උපත් කතාව අනුව ඇය ලෝකයේ මිනිසා වෙත ඥානය ලබාදෙන මාතාව බලය ජනප්‍රසාදයට ලක්‌ වූ බව පෙනේ.

සරස්‌වතී දෙවඟන වන්දනා කිරීම පුරාතනයේ පටන් ලක්‌දිව පැවති බව පෙනේ. ශ්‍රී රාහුල හිමියන් සරස්‌වතී තෙල අධිකව පානය කොට සිහිමූර්ජා වීමේ පුවත ජනයා අතර ඉතා ප්‍රකටය. ඒ අනුව කෝට්‌ටේ සමය පමණ වනවිට මෙරට සරස්‌වතී දෙවඟන සකල ශාස්‌ත්‍රයට අධිපති දෙවඟන ලෙස බහුමානයට පත්ව සිටි බව පෙනේ.

සරස්‌වතී දෙවඟන ලොව පහළවන සියලු මනුෂ්‍යා කෙරේ_ ශාස්‌ත්‍රය ලබාදෙන බව හින්දුන්ගේ අදහස වේ. ඔවුන්ට අනුව බිලිදෙකු ලොව එළිය දකින විටම සරස්‌වතී මාතාවගේ බැල්ම ඒ දරුවාට ලැබේ. ඇය ගොලුවන්ටත්, බිහිරන්ටත් අකුරු කියවන බව ඔවුහු අදහති.

සරස්‌වතී දෙවඟන ලෙස ඔවුන් ඇත්තෙන්ම අදහනු ලබන්නේ සකල ශාස්‌ත්‍රයයි. ශාස්‌ත්‍රය දේවත්වයෙහිලා සලකන කවරෙකුට වුව එහි නියම ප්‍රථිඵල ලැබේ. කවර කාර්යයක්‌ වුව භක්‌තියෙන් ආදරයෙන් කැමැත්තෙන් කරනවිට එහි ප්‍රතිඵල ලැබේ. එබැවින් සරස්‌වතී දෙවඟන කෙරේ යමෙකු භක්‌තිමත් වේද ඔහුට සකල ශාස්‌ත්‍රය ග්‍රහණය කරගත හැක්‌කේය.

සරස්‌වතී දෙවඟනගේ ආශිර්වාදය ලබා ගැනීම අධ්‍යාපනය හදාරන දරුවන්ට ඉතා වැදගත්ය. මන්ද යත් අධ්‍යාපන කාර්යය සඵල කර ගැනීම උදෙසා ඇගේ ඇල්ම බැල්ම ලබා ගැනීම මහත් ප්‍රයෝජනවත් වන නිසාවෙනි.

ධාරණ ශක්‌තිය වර්ධනය වීමට සිද්ධාන්ත අවබෝධ කොට ගැනීමට සරස්‌වතියගේ ආශිර්වාදය ලැබීම වෙසෙසා හේතුවනු ඇත. බොහෝ පාසල් යන දරුවන්ට මතක ශක්‌තිය අවම බව පෙනී යන කරුණකි. එබැවින් නිවසේදීම සරල සරස්‌වතී පූජාවක්‌ කොට ඒ සඳහා යම් රුකුලක්‌ ලබාගත හැකි ක්‍රමයක්‌ මෙහිදී අප දක්‌වාලමු.

පළමුව ඔබ නිවස පවිත්‍ර කරගනු ලබන්න. කහවතුර ඉස නිවසේ ප්‍රධාන ද්වාරයට ඉදිරියෙන් නිවස තුළ ඉඩ සහිත තැනක සරස්‌වතී පූජාව සඳහා සූදානම් කරගනු ලබන්න. පුර පක්‌ෂයේ බ්‍රහස්‌පතින්දා දිනක උදේ වරුව මේ සඳහා යොදා ගැනීම යහපති.

පළමුව අඩි 02-03 උස රවුම් මේසයක්‌ රැගෙන එය කහ වතුරින් සෝදා එයට කෙසෙල්පතක්‌ එලා උඳු මුං තල මැවී යන පංච ධාන්‍ය ඒ මත විසිරුවා හැර මධ්‍යයේ පිත්තල පහනක්‌ දල්වා එය මල් වලින් සරසන්න. පහනට ගිතෙල් හෝ තලතෙල් යොදන්න. දැන් මේසයේ එක්‌ පසෙක පලතුරු 09 ක්‌ පවිත්‍රව කැබලි වලට කපා තබන්න. කැවිලි 09 ක්‌ ද කිරිබත් ගුලි 09 ක්‌ද තබන්න. දැන් දුං අල්ලන්න. සැර හඳුන්කූරු දල්වන්න. පිරිසිදු වතුර වීදුරුවක්‌ද එහි තබන්න. දැන් අධ්‍යාපනය හදාරන දරුවන් හා ඔබද සුදුවත් හැඳ පවිත්‍රව ආසනය අසල වාඩි වී පහත ශ්ලෝකය කියා සරස්‌වතී දෙවඟනට ආරාධනා කරන්න.

ශාස්‌ත්‍ර ග්‍රාමධාරී ගුණ ඥාන සම්H යුක්‌තං -

ලෝකවාරී මනුෂ්‍ය මුඛ සේවිත නිත්‍යං

සරස්‌වතී දේවි පුෂ්ප ආසනං ප්‍රවිෂ්ඨං

පසුව මේ මන්ත්‍රය 21 වර කියමින් ආසනයට දුම් අල්ලන්න.

ඕං කාලි මහා කාලි සරස්‌වතී දේවි බ්‍රහ්මේෂ්වරි -

විද්‍යාධාරී ඥානේශ්වරි ඉදං පුෂ්පායන ප්‍රවිෂ්ඨං

වරේසු ලක්‌ෂණ බ්‍රහ්ම රාජනී නමඃ

දැන් පහත දැක්‌වෙන දැහැනින් 108 වරක්‌ වතුර බුදුනට මතුරන්න.

ඕං වාල සරස්‌වතී අම්මේ වාවා ඉරත්ත

ප්‍රමේෂ්වරී වාවා කුරුත්තීරු කට්‌ටී සරස්‌වතී වාවා

ඕං කාලියේ වාවා සරස්‌වතියේ වාවා ඉරත්තකාලී වාවා

මනිමකුට පාර්වතී මහා කාලි වාවා අග්‍ර කාලියේ වාවා

මහේෂ්වරී ගංගා ජාලි වාවා ඕං පුඩාරියේ වාවා

ඕං ප්‍රධාරියා අම්මේ වාවා සන්නිපු අසන්ඩාල්
සන්තිරු සතකිවාවා වාල සරස්‌වතියේ මාකෙරේ

බන්ද මාකෙරේ දිෂ්ටි බන්ද අයිලං සට්‌ටු තීරු

කට්‌ටියේ මා කෙරේ සිද්ධන්තු විසි විසි ආවේෂ

දිෂ්ටි වාවා දිෂ්ටි අල්ලේ වාවා ඉරත්ත වාල සරස්‌වතී වාවා

ඉන් පසු ජල බඳුන පානය කරන්න. වඩාත් යහපත් ප්‍රතිඵල සඳහා මෙම ජල බඳුනට නැවුම් නෙළුම් පොහොට්‌ටුවක්‌ දමා උක්‌ත මන්ත්‍රය මතුරන්න එවිට නෙළුම් මල පිපේ. ඉන් පසු

ඕං රුද්‍රd භගවතී අම්මේ මාකෙරේ

සිද්ධන්තු .............

යෑයි 21 වර කියා පූජ්‍ය ගන්ධය ආයු ගණය කරන්න. නොසිතූ විරූ ධාරණ ගුණයක්‌ ලැබෙනු නොඅනුමානය. එසේම ඉන් පසු තැඹිලි ගෙඩිය ගෙන

ඕං කාලිබන්ද වරකාලී බන්ද

මෙරහත් කාලි බන්ද දිව අගට ඉරු දෙවියන් බන්ද

දිව මුලට සඳ දෙවියන් බන්ද

උතුරට සරස්‌වතී බන්ද සුසැටක්‌ විද්‍ය

ශිල්ප කවි මන්ත්‍ර කියන්නා වූ මාගේ මුඛයට

යක්‌ෂ හඬ රාක්‌ෂ හඬ පංචනාද පයක්‌ විහිදුවා

වටසිටියන් දෙකන් බිහිරි කරවා මාගේ මුඛයට

සරස්‌වතී බන්ධ බන්ධ ජයවාග ඃ

යෑයි 108 වර මන්ත්‍රය පුරවා තැඹිලි ගෙඩිය පානය කරන්න. වෙනත් අයෙක්‌ වෙනුවෙන් කරයි නම් මාගේ යන තැනට අදාල පුද්ගලයාගේ නම යොදන්න. මෙලෙස සරස්‌වතී පූජාව නිමා කොට පිරිත් සූත්‍ර කිහිපයක්‌ කියා භාවනා කොට සරස්‌වතී දෙවඟනට පින් දී පූජාව ඉවත් කරන්න. ඔබ මෙමගින් සරස්‌වතියගේ බැල්ම ලැබී ධාරණ ස්‌මරණ ගුණ වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙන නොඅනුමානය.


ජ්‍යෙතිෂවේදී තරිඳු බණ්‌ඩාර

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1470902366

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න












adyapana diyunuwata saraswathi dewagana namadinna අධ්‍යාපන දියුණුවට සරස්‌වතී දෙවඟන නමදින්න adyapana diyunuwata saraswathi dewagana namadinna adyapana dhiyunuvata sarasvathi dhevagana namadhinna saraswathee dhevagana namadhinna

adyapana diyunuwata saraswathi dewagana namadinna අධ්‍යාපන දියුණුවට සරස්‌වතී දෙවඟන නමදින්න adyapana diyunuwata saraswathi dewagana namadinna adyapana dhiyunuvata sarasvathi dhevagana namadhinna saraswathee dhevagana namadhinna

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න adyapana diyunuwata saraswathi dewagana namadinna අධ්‍යාපන දියුණුවට සරස්‌වතී දෙවඟන නමදින්න adyapana diyunuwata saraswathi dewagana namadinna adyapana dhiyunuvata sarasvathi dhevagana namadhinna saraswathee dhevagana namadhinna