weerarathna gurukam - වීරරත්න ගුරුකම්
Hot Kello

apala walata ග්‍රහ අපල සඳහා මැණික්‌ පැළඳීම පුරාණයේ සිට පැවත එන පිළිවෙතකි. මෙය නිවැරදිව කිරීම තුළින් ඉතා නිවැරදි ප්‍රතිඵල ළඟා කර ගත හැකි බව කිව යුතුය. වර්තමානයේ කොතෙකුත් ජ්‍යෝතිෂ්‍යවේදීන් සිටියද මැණික්‌ පැළඳීම නිවැරදිව සිදු කරන ජ්‍යෝතිෂවේදීන් ඉතා දුලභ බව සඳහන් කළ යුතුය.

පැරණි ජ්‍යෝතිෂවේදීන් මැණික්‌ පැළඳීම සිදුකර ඇත්තේ ග්‍රහ අපල සඳහා යන්ත්‍ර පැළඳීම හා සමානව බව මාගේ ජ්‍යෝතිෂ පරීක්‍ෂණ තුළින් ඔප්පු වී ඇත. එසේ පවසනුයේ යන්ත්‍රයක්‌ පළඳිනුයේ යම් ග්‍රහයෙකුගේ බලය අඩුකොට එම ග්‍රහයාගේ අසුබ ඵල අඩු කිරීමට මුත් මැණික්‌ පළඳිනුයේ යම් ග්‍රහයෙකුගේ කිරණ වැඩි වශයෙන් ලබාගෙන ග්‍රහයා බලවත් කිරීමට බව කිව යුතුය.

යම් කේන්ද්‍ර සටහනක මැණික්‌ පැළඳීම සිදු කරන ක්‍රම කිහිපයක්‌ ඇති බව ඔබට මතක්‌ කර දෙමි.

1. ලග්නාධිපති ග්‍රහයා බලවත් කිරීමට

2. යෝග කාරක ග්‍රහයා බලවත් කිරීමට

3. පස්‌වැන්න අධිපති ග්‍රහයා බලවත් කිරීමට (පූර්ව පුණ්‍යස්‌ථානය)

4. නවවැන්න අධිපති ග්‍රහයා බලවත් කිරීම (පුන්‍යස්‌ථානය)

5. ආරාම කාරක ග්‍රහයා බලවත් කිරීමට (රාශියේ වැඩිම දුර ගෙවා ගිය ග්‍රහයා)

ඉහත ආකාරයට ඕනෑම ජන්මියෙකුට අදාළව මැණික්‌ පැළඳීම සිදු කළ හැක. ඒ ඒ ග්‍රහයින් සඳහා අදාළ මැණික්‌ වර්ග ජ්‍යෝතිෂයේ දී දක්‌නට ඇත. ඒවා පහත පරිදි වේ.

ග්‍රහයා - අදාළ මැණික්‌ වර්ගය

රවි - පද්මරාග

සඳු - මතු සහ චන්ද්‍රකාන්ති

කුජ - රතු මැණික්‌ සහ කොරල්

බුධ - පච්ච

ගුරු - පුෂ්පරාග

ශුක්‍ර - සුදු නිල් / දියමන්ති

ශනි - නිල් / කාල නිල්

රාහු - ගෝමේද

කේතු - වෛරෝඩි

මැණික්‌ පැළඳීම හිතු මනාපයට කළ නොහැකි ශාන්ති කර්මයකි. අදාළ ජන්මියාගේ මහ දශා අනු දශාවලට අදාළව මැණික්‌ පළඳින්නේ නම් එය ඉතා ශුභ පල දායක වනු ඇත. තවද අනුකාරක මැණික්‌ නොව ස්‌වාභාවිකව ලබා ගන්නා මැණික්‌ පැළඳීම සිදු කළ යුතුව ඇත. තවද පුරුෂයෙකුගේ නම් දකුණු අතෙහිද ස්‌ත්‍රියකගේ නම් වම් අතෙහිද මැණික්‌ පැළඳීම සිදු කළ යුතුය. ස්‌ත්‍රී / පුරුෂ දෙපාර්ශ්වයේම අතෙහි ඇඟිලි ජ්‍යෝතිෂ්‍යට අනුව වර්ග කොට ඇත. රවි මණ්‌ඩලයට අදාළව වෙදගිල්ල ලෙසත් ශනි මණ්‌ඩලයට අදාළව මැඳගිල්ල ලෙසත් මැණික්‌ පැළඳීම සිදු කළ යුතුය. රවි, සඳු, කුජ, ගුරු හා කේතු යන ග්‍රහයන් බලවත් කිරීමට රවි මණ්‌ඩලය වන වෙඳගිල්ලේ මැණික්‌ පැළඳීම කළ යුතු වන අතර ශනි, ශුක්‍ර, බුධ හා රාහු බලවත් කිරීමට ශනි මණ්‌ඩලයේ මැඳගිල්ලේ මැණික්‌ පැළඳීම කළ යුතුය.

තවද කල් පවතින රෝග සඳහා ද මැණික්‌ පැළඳීම තුළින් සුවයක්‌ ලබා දිය හැකි බව සඳහන් කරමි. එපමණක්‌ නොව ග්‍රහයන්ගේ බලය අඩු කිරීමට තවත් ග්‍රහයෙකු බලවත් කිරීම ද මැණික්‌ පැළඳවීම සිදු කළ හැක. එය පහත පරිදිය.

1. සඳුගේ බලය අඩු කිරීමට බුද බලවත් කිරීම

2. කුජගේ බලය අඩු කිරීමට සිකුරු බලවත් කිරීම

3. බුද්ධගේ බලය අඩු කිරීමට රාහු බලවත් කිරීම

4. ගුරුගේ බලය අඩු කිරීමට කුජ බලවත් කිරීම

5. සිකුරුගේ බලය අඩු කිරීමට සෙනසුරු බලවත් කිරීම

6. ශනිගේ බලය අඩු කිරීමට සඳු බලවත් කිරීම

7. රාහුගේ බලය අඩු කිරීමට ගුරු බලවත් කිරීම

රවි ග්‍රහයා හා කේතු ග්‍රහයා මැණික්‌ පැළඳීම තුළින් දුබල කළ නොහැක.

ඔබ කෙසේ මැණික්‌ පැළඳීම සිදු කෙරුව ද ඔබගේ ජන්ම පත්‍රය ඉතා නිවැරදිව පරීක්‍ෂා කර බලවා ගෙන එය සිදු කිරීම කළ යුතු බව මතක තබා ගත යුතුව ඇත. පැරැණි ජ්‍යෝතිෂ්‍ය වේදීන් ස්‌ත්‍රී/පුරුෂ බව සළකා නවාංශකය වෙනස්‌ කර ඇති කේන්ද්‍ර සටහන් ඉතා බහුලව ඇති බවට මාගේ විශ්වාසයයි. එය ඉතා වැරදි ක්‍රියාවක්‌ බව සිහිපත් කරමි. උපදින වේලාව අනුව ස්‌ත්‍රී/පුරුෂ ලෙස නවාංශක වෙනස්‌ නොවන බව පරීක්‍ෂණ තුළින් ඔප්පු වී ඇත. එකම වේලාවන් තුළ දී ස්‌ත්‍රී/පුරුෂ දෙපාර්ශ්වයටම ඉපදිය හැක. හැක. එය නවාංශකය තුළින් සොයා ගත නොහැක.

තවද ජන්මියෙකුගේ 22 වන දෙර්කාණාධිපති ග්‍රහයා හෙවත් මාරක ග්‍රහයා 64 වන නවාංශකාධිපති හා බාධක ග්‍රහයා කේන්ද්‍රය හා නවාංශකය තුළින් නිවැරදිව සොයා ගත යුතුව ඇත. එය ජ්‍යෝතිH වේදීන්ගේ කාර්යයක්‌ බව සිහිපත් කර සිටිමි. එකී අසුබ ග්‍රහයන් සඳහා මැණික්‌ පැළඳීම සිදු නොකරන මුත් මැණික්‌ කැපීම අංශක ගණන වෙනස්‌ කිරීම තුළ ද අශුභ ග්‍රහයන් සඳහා අශුභතාවය අඩු කිරීමට මැණික්‌ පැළඳීම කළ හැකි බවට මා කියවූ පොතක සඳහන් කොට තිබිණි. එය ඉතා සංකීර්ණ කටයුත්තක්‌ බව කිව යුතුය. මැණික්‌ පැළඳීමේදී අදාල ග්‍රහයන් කේන්ද්‍රස්‌ථානයේ ස්‌ථාන ගත වීම ඇති ආකාරය පිළිබඳව ද සැලකිල්ලක්‌ දැක්‌විය යුතු බව ද සිහිපත් කරමි.

ස්‌ත්‍රී/පුරුෂ බව සලකා නවාංශකය වෙනස්‌ කිරීම තුළ මැණික්‌ පැළඳීම ඉතා අසුබ කටයුත්තක්‌ බව සඳහන් කරමි. තව ද ශරීරයට ස්‌පර්ශ වන ආකාරයට මැණික්‌ පැළඳීම සිදු කළ යුතු බවත් අදාළ මැණික්‌ පැළඳීම සුබ වේලාවක දී සිදු කිරීම කළ යුතු බවත් සිහිපත් කරමි. කෙසේ නමුත් දක්‍ෂ ජ්‍යෝතිෂවේදියෙකු ලවා මැණික්‌ පැළඳීම සිදු නොකළහොත් නොදැන ගියොත් අතර මං වීමට ඔබට සිදු වනු ඇති බව මාගේ විශ්වාසයයි.

කේ. යූ. සාගර මිරිස්‌වත්ත - බෙන්තොට