මිල්ටන් මද්දුමාගේ
බෝධි පූජාවේදීත් බුද්ධ පූජාවේදීත් පූජා ද්‍රව්‍ය වශයෙන් භාවිත කරන අෂ්ටපානවල ඇතුළත් වන්නේ මොනවාද? ඒ පිළිබඳ හරිහැටි නොදන්නා බොහෝදෙනා අද එයට විවිධ අරුත් දෙති. බුදුරජාණන් වහන්සේ උදෙසා සවස්‌ කාලයේ ගිලන්පස සඳහා අපට පහසු පාන වර්ගයක්‌ හෝ කීපයක්‌ පූජා කිරීමේ කිසිදු වරදක්‌ නැත. එයට මේ දේ අවශ්‍යයයි නිශ්චිත ව කිව නොහැකි ය. එහෙත් අෂ්ටපාන මොනවාදැයි දැන සිටීම වැරදි අර්ථ කථනවලට මුළා නොවීමට හේතු වෙයි.

අෂ්ටපාන පිළිබඳව ප්‍රථමවරට සඳහන් වන්නේ විනය පිටකයේ මහාවග්ගයේ චම්මක්‌ඛන්ධකයේ ය. (විනය පිටකය - 1, ඒ. පී. ද සොයිසා, ගොඩගේ මුද්‍රණය - 2013, 314 පිට) බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුණු කේනිය ජටිලයන් උන් වහන්සේ උදෙසා සවස්‌ කාලයේ කුමක්‌ රැගෙන ආ යුතුදැයි ප්‍රශ්න කරයි. එයට බුදුරජාණන් වහන්සේ, කේනිය ජටිලය, අම්බපාන, ජම්බුපාන, චෝචපාන, මෝචපාන, මධුපාන, මුද්ධිකපාන, සාලුකපාන හා වාරුසකපාන අපට කැපැයයි වදාරති. මෙහි දී බුදුරජාණන් වහන්සේ වදාරන ලද්දේ විකාලයෙහි පරිභෝජනය සඳහා සුදුසු පාන වර්ග අතරින් අටක්‌ නම් කිරීම පමණි.

අම්බපාන නම් අඹපැන් ය. අඹ එකලත්, දැනුත් භාරතවාසීන් බහුල ව භාවිත කරන ආහාරයකි. එකල පැවැති ජීවකම්බ වනය ආදී අඹ උයන් රාශියක්‌ පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වේ. ඒ අනුව අඹපැන් අෂ්ටපාන සඳහා යොදා ගැනීම නිවැරදි ය.

ජම්බුපාන යනු දඹපැන් ය. අද අප ගෙමිදුල්වල වගා කරන රෝස්‌ ඇපල් නම් වූ රෝස පැහැති ගෙඩි වර්ගය ජම්බු නමින් ව්‍යවහාර කරයි. අප බොහෝදෙනා දඹපැන් සඳහා භාවිත කරන්නේ මේ ජම්බු විශේෂයයි. ඒ හැර එයට වඩා ලොකු ගෙඩි සහිත පිනි ජම්බු, විශාල ගස්‌ සහිත රට ජම්බු ආදී වශයෙන් ජම්බු වර්ග කීපයක්‌ වෙයි. පාලි හා සංස්‌කෘත භාෂාවලින් ජම්බු නමින් හඳුන්වන්නේ දඹයි. ජම්බුද්වීපය යන්නට දඹදිව යෑයි ව්‍යවහාර කරනු අප කවුරුත් අසා ඇත. එයට ඒ නම යෙදී ඇත්තේ රට මධ්‍යයෙහි පිහිටි මහා දඹ ගසක්‌ හේතු කොටගෙන ය. ජම්බු යන දම්පාට ලෙසින් අග්ග මහා පණ්‌ඩිත පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් සිය පාලි සිංහල ශබ්ද කෝෂයෙහි දක්‌වා ඇත. (පාලි සිංහල ආකාරාදිය, පොල්වත්තේ බුද්ධදත්ත හිමි, 752 පිට)

ඒ අනුව ජම්බු ඵල නම් දම්පාට ගෙඩි විශේෂයකි. අප දැනට බහුලව භාවිත කරන ජම්බු වර්ගය රෝස පැහැති ය. නැතිනම් සිදු පැහැති ය. රෝස්‌ ඇපල් නම් වර්ගය ලංකාවට පැමිණියේ ද යුරෝපීය ආගමනයෙන් පසුව ය. දැනට ඉන්දියාවේත් ලංකාවේත් දඹ නමින් ව්‍යවහාර කරන දම්පාට පලතුරු විශේෂයක්‌ වෙයි. ලංකාවේ උතුරු මැද පළාතේත් උතුරු පළාතේත් බහුලව දක්‌නට ලැබෙන එම ගෙඩි මිරිකා යුෂ ගෙන අලුවා, අග්ගලා වැනි රසවත් කැවිලි වර්ග ගැමියෝ සකස්‌ කරති. ගුණසේන මහා ශබ්දකෝෂයෙහි අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා දක්‌වා ඇත්තේත් පාලි සිංහල අකාරාදියේ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් දක්‌වා ඇත්තේත් ජම්බු නම් දඹ ලෙසයි. පහත රටදී මාදන් වශයෙන් භාවිත කරන්නේ ද එහි ම ප්‍රභේදයකි. බටදොඹ නමින් දැව සඳහා භාවිත කරන ශාකය ද මෙහි ම ප්‍රභේදයකි. බටුදඹ (කුඩා දඹ) උච්චාරණ පහසුව සලකා බටදොඹ වී ඇත. එහෙයින් අෂ්ටපාන සඳහා යොදා ගැනීමට අදහස්‌ කළේ මේ දඹයි. එය මධුමේහය සමනය වීමට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයකි. බෝධි පූජා සඳහා මේ වර්ගය ම ගත යුතු යෑයි නියමයක්‌ නැත.

චෝචපාන යනු ඇටිකෙහෙල් ය. රිළවුන්ගේ ප්‍රියතම ආහාරයක්‌ වූ ඇටි කෙහෙල් කෑ රිළවා මළ පහ කර ගත නොහැකි ව දුක්‌ විඳින ආකාරය දුටු ගැමියා ඇටිකෙහෙල් කෑ රිළවා වගේ යෑයි උපහැරණයක්‌ ද සකසා ඇත. වනගත ව ඉබේ වැවෙන ඇටි කෙහෙල් මේ වනවිට දක්‌නට ලැබෙන්නේ කලාතුරකිනි. එහි ඇති තද ඇට නිසා කෑමට නො හැකිය. පානයක්‌ ලෙසින් සකසා ගත හැකි ය.

මෝචපාන නම් මස්‌ සහිත කෙසෙල්ය. ඒ සඳහා ඕනෑම කෙසෙල් වර්ගයක්‌ භාවිත කිරීමේ වරදක්‌ නැත.

මධුපාන නම් මිදි යෑයි (ග්‍රේප්ස්‌) අර්ථ කථන දක්‌වන්නන් අප අතර වෙයි. මධු යන්නට මිදි යන අර්ථයක්‌ පාලි සිංහල ශබ්දකෝෂයෙහි, ත්‍රිපිටක සිංහල පරිවර්ථනයන්හි හෝ සිංහල ශබ්දකෝෂයන්හි දක්‌නට නැත. මධු යන්නට අර්ථ වශයෙන් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් දක්‌වා ඇත්තේ මී පැණි හා මල් පැණි ය. (පාලි සිංහල ශබ්ද කෝෂය, 382 පිට) ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයෙහි එයට අමතරව මී ගස්‌ද දක්‌වා ඇත. බුදුරජාණන් වහන්සේ විසින් විකාලයෙහි මී පැණි වැළඳීම සුදුසු යෑයි විනය පිටකයේ හේසඡ්ජ කන්ධකයෙහි දක්‌වා ඇත. මධුපාන නම් මී පැණිවලට ජලය යොදා සාදා ගන්නා බීමකැයි සුමංගල ශබ්දකෝෂයෙහි දැක්‌වේ. මධුපාන උත්සව වලදී භාවිත කරන ලද්දේ මල්වලින් පෙරා ගන්නා යුෂවලින් නිපදවන මත්පැන් ය. බුද්ධඝෝෂ හිමියෝ සමන්ත පාසාදිකා විනය අට්‌ඨකතාවේ මධුපාන වර්ග හතරක්‌ දක්‌වති. සුරාව විනය විරෝධී බැවින් එම පානය මෙයට අදාළ නොවේ. මී ගසේ ගෙඩි හෙවත් මීපුප් පැණිවලින් පිරී ඇත. එම ගෙඩිවලින් ගත් පැණිවලින් සබරගමුවේත් ඌවේත් ගැමියෝ මී හැලප නම් රසවත් කැවිල්ලක්‌ සකස්‌ කරති. මේ අනුව මධු නම් මිදි නොව මී පැණි හෝ මීපුප් බව පැහැදිලි ය. මඡ්Cධිම නිකායේ මධුපිණ්‌ඩික සූත්‍රයට මී පැණි දමා සැදූ අග්ගලාවක්‌ යන අර්ථයෙන් මධුපිණ්‌ඩික සූත්‍රයයි නම් කිරීම සුදුසු බව බුදුන් වහන්සේ ඒ සූත්‍රය අවසානයේ දේශනා කළහ. (ම.නි. මහා සිහනාද වග්ග, 19 සූත්‍රයට)

මුද්දික නම් මිදි ය. එය පාලි හා සංස්‌කෘත භාෂා දෙකෙහි ම තත්සම ය. එදා කේනිය ජටිලයාට මුද්දික පානය ලෙස වදාළේ අමු මිදි ය. වියළි මිදි හා අමු මිදි යෑයි මිදි වර්ග දෙකක්‌ යොදා ගැනීමෙහි කිසිදු තේරුමක්‌ නැත.

සාලුක පාන නම් ඕලු පැන් ය. ඕලු ඇට පානය කිරීමෙන් ශරීරයේ දාහය නිවෙයි. ග්‍රීෂ්ම සෘතුවට එය වඩාත් ගැළපෙයි. පාලි සිංහල ශබ්දකෝෂයෙහි දක්‌වා ඇත්තේ සාලුක නම් මානෙල් අල බවයි. ගුණසේන ශබ්දකෝෂයේ ඕලු ඇට. මානෙල් හා සාදික්‌කා වශයෙන් අර්ථ තුනක්‌ දක්‌වා ඇත.

ඵාරුසක යනු බොරලු දමන ලෙසින් අර්ථ දක්‌වා ඇත. (විනය පිටකය - 1, ඒ. පී. ද සොයිසා, ගොඩගේ මුද්‍රණය, 305 පිට) ගුණසේන ශබ්දකෝෂයේ බොරලුදමනත්, උගුරැස්‌සත්, ලොවිත් දක්‌වා ඇත. (1207 පිට) එහෙයින් අෂ්ටපාන සඳහා උගුරැස්‌ස යොදා ගැනීම සුදුසුයෑයි කිවහැකිය. බුදුන් වහන්සේ වරක්‌ ඵාරුසක වනයෙහි වැඩ වාසය කළ බව මඡ්ජිම නිකායේ සඳහන් වේ. ඒ උගුරැස්‌ස උයනක්‌ විය හැකි ය.

කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහා මේ පාන වර්ග අට අද සොයා ගැනීම අසීරු බැවින් කැමැති පාන වර්ග අටක්‌ පූජා කිරීම වරදක්‌ යෑයි කිව හැකි නොවේ.

..........


මහත්ඵල මහානිසංශ ලැබෙන අශ්ටපාන බුද්ධ පූජාවක්‌ සකස්‌ කරන්නේ කොහොමද? budda puja bodi puja

මහත්ඵල,මහානිසංශ,budda puja,bodi puja,අශ්ටපාන බුද්ධ පූජාවක්‌

මහත්ඵල මහානිසංශ ලැබෙන අශ්ටපාන බුද්ධ පූජාවක්‌ සකස්‌ කරන්නේ කොහොමද? budda puja bodi puja

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය මහත්ඵල මහානිසංශ ලැබෙන අශ්ටපාන බුද්ධ පූජාවක්‌ සකස්‌ කරන්නේ කොහොමද? budda puja bodi puja මහත්ඵල,මහානිසංශ,budda puja,bodi puja,අශ්ටපාන බුද්ධ පූජාවක්‌