AsWaha KataWaha Doosha Walata Budugunayen Shanthi Karmayak ඇස්‌වහ කටවහ දොෂවලට බුදුගුණයෙන් ශාන්ති කර්මයක්‌

නිවසේ දොෂයටත් මේ ප්‍රතිකර්මය හොදයි

සද්දන්තයා මූකලාන මුදුනේ සිට කොට අදිමින් සිටියේය. එකල මෙකල මෙන් ගස්‌ කපා කොට ඇදීමට දියුණු යන්ත්‍ර සූත්‍ර හෝ වාහන තිබුණේ නැත. කොට ඇදීම අලින්ට පැවරුනු ප්‍රධාන රාජකාරියක්‌ව තිබිණි. සද්දන්ත අලියා කිසිදු අකීකරු කමක්‌ නොපෙන්වා තම කාරිය කරන අතරතුර කොහේදෝ සිට පැමිණි ඇලිස්‌ නැන්දා මෙසේ කීවේය.

හාපෝ... මේ අලියට මෙහෙම ලොකු කොට අදින්න පුළුවන් ද?

ඇලිස්‌ නැන්දාගේ කට ගැන දන්නා ලී මුදලාලි වූ අප්පුහාමි බැණ වැදුනේය.

පලයංකො නැන්දෙ යන දිහාක. පවුනොදී...

අලියා තුෂ්නිම්භූතව සිටියේය. අලි බාස්‌ උන්නැහේ අලිබාසාවෙන් කොච්චර කෑගැසුවත් හෙල්ලුනේ නැත. සියලු උත්සාහයන් නිෂ්ඵල විය. සද්දන්තයාගේ නැවතීම කාලයක්‌ ඌ බලාකියා ගත් සිරිසේනට පුදුමයකි.

ගම්මුන් අතර ඇලිස්‌ නැන්දා නම් දරා සිටියේ ඇස්‌වහ කටවහ ඇති කෙනෙකු ලෙසිනි. මේ නිසා උදේට ගමනක්‌ යන ගම්වැසියෙක්‌ ඇයගේ ගේ අසලින් යන විට නිහ`ඩවම බිම බලාගෙන යැමට වගබලා ගනිති. කතා කළොත් මොනවා හෝ කටකැඩිච්ච කතාවක්‌ කියනු ඇත. එවිට ගමන නිෂ්ඵල වන බව බොහෝ අය අත්දැකීමෙන් දනී. වරෙක ගෙදරක තිබූ බුලත් වැලක්‌ දෙස බලා ''අපූරු බුලත් ටික'' කියා ඇලිස්‌ නැන්දා ආපසු ගියා පමණි. තුන් වරුවක්‌ යන විට බුලත් වැල මැලවී ගියේය. දරුවෙකුගේ ඇ`ග අතපත ගා ''ජම්බු ගෙඩිය වගේ'' කිවා පමණි. වරුවක්‌ යනවිට දරුවාගේ ඇෙ`ග් දියබුබුළු මතුවිය. මේ ගැන දන්නා අප්පුහාමි මුදලාලි අලිබාස්‌ උන්නැහේට කතාව පැහැදිලි කර දුන්නේය.

අලියට කටවහ වැදිල ඕයි. වතුර ටිකක්‌ මතුරමු.

පිරිත් වතුර සාදා අලියාට ඉස බීමට දුන්පසුවය සද්දන්තයා වැඩ පටන්ගත්තේ. කටවහේ හැටි එහෙමය.

මෙවැනි අද්දැකීම් බෙහෝ අයට තිබේ. ඔබටත් ඇස්‌වහ - කටවහ දෝෂ ගැන අද්දැකීම් තිබෙනවා විය හැකිය. දොස්‌තරවරු නම් කියන්නේ ළමයින්ගේ බිබිලි එන්නේ විෂබීජ වලට බවය. ඒ අනුව එතුමන්ලා මුදල් අයකර බෙහෙත් දෙති. ඒ මුදල ගමේ අහිංසකයකුට තරමක්‌ බරය. අනෙක්‌ අතට ඔවුන් විශ්වාස කළේ ''පොඩි එකාට ඇස්‌වහ කටවහ වැදී ඇති බවය''. ඔවුන් ඊට වතුර මතුරා දෙති. තෙල් මතුරා ගාති. එයින්ම ලෙඩේ හො`දය.

ඇස්‌වහ කටවහ යනු මිථ්‍යාවක්‌ බව කියන්නෝද විරල නොවේ. කටින් කියන වචනයක්‌ ඒ තරම් විස වෙන්නේ කෙසේ දැයි මේ විද්‍යා උගතුන් ප්‍රශ්න කරති. එය පැහැදිලි කිරීමට තවම උපකරණ නිපදවා නැත. එහෙත් පර්යේෂණ කර තිබේ.

සමාන පැලෑටි දෙකක්‌ රෝපණය කරන්න. සමානව ජලය හා පොහොර දමන්න. එක තැනකම තබන්න. ඒ අතර එකකට ''මේ පැලය හො`දින් වර්ධනය වේවායි '' ආශිර්වා කරන්න. අනෙක්‌ පැලයට මැරී යන්නැයි සාප කරන්න. ප්‍රතිඵලය බලන්න. සාප කරන ලද පැලය මැරී ගිය බවත් ආශිර්වාද කළ පැළය හො`දින් වැඩුනු බවත් පර්යේෂණවලින් තහවුරුවී තිබේ. පාළු ඉඩමක ඇති පොල් ගසකට වඩා පාසල් වත්තේ ඇති පොල් ගසේ පලදාව වැඩිය. ඉඩම කෙලවරේ ඇති ගසකට වඩා මිනිසුන්ගේ කටහඬ ඇසෙන ගසක පලදාව ඉහලය. මේ බව පරික්‍ෂාකර බැලිය හැකිවේ.

කඩහ`ඩක මහිමය.. ·

රූපවාහිනිsයට අඩි ගණනක්‌ දුර සිට නැතහොත් මෝටර් රථයක දුර සිට ක්‍රියාත්මක කරන දුරස්‌ථ පාලකයක්‌ මගින් මේවා ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද? ඇසට පෙනෙන කිසිවක්‌ නැත. එහෙත් තරංග ගමන් කරයි.

සෙත් පැතීමකදී, පිරිත් කියන විට, වස්‌කවි, සෙත්කවිවල මෙම ශබ්ද තරංගවල බලය භාවිතා කෙරේ. ශබ්දයෙන් ක්‍රියාවක්‌ සිදුවන බැවිනි. එහෙත් මෙම ශක්‌තිය ශබ්ද වාහිනී යන්ත්‍රයක්‌ මගින් නිකුත් කරන ශබ්දවලින් එතරම්ම නොලැබේ.

ශබ්දවල බලය ඉතා හොඳින් ක්‍රියාත්මකවීමට නම් ඊට සිතේ බලය එකතු වීම අවශ්‍ය බව මෙයින් පැහැදිලි වේ. සෙත්පැතීම හෝ ශාප කිරීම කරන පුද්ගලයාගේ සිතිවිලි සමඟ ශබ්දයේ බලය එකතු වෙයි. ශබ්දවාහිනී යන්ත්‍රයක සිතිවිලි නැති නිසා බලවත් නොවේ.

විද්‍යාත්මකව ඔප්පුකර නැති වුවද ඇස්‌වහ කටවහ දෝෂ ගැන ඈත අතීතයේ සිටම ජනතාව විශ්වාස කළ බව පැහැදිලි වේ. විශේෂයෙන්ම ඵලබරවූ ගස්‌වැල්, කුඩා දරුවන්, අලුතින් සාදන ගෙවල්, විශිෂ්ට දක්‍ෂතා ඇති අය මෙවැනි ඇස්‌වහ කටවහ දෝෂවලින් පීඩා විඳින බව අත්දැකින්නට තිබේ. ඉහත ස`දහන් කළ අලියාගේ සිදුවීමද සත්‍ය සිදුවීමකි (නම් පමණක්‌ මනඃකල්පිතය)

ඇස්‌වහ කටවහ දෝෂය ග්‍රහ අපලයක්‌ නොවේ. ඇස්‌වහ යන්න ''අනිෂ්ට විපාක දෙන බැල්ම'' ලෙසද කටවහ යන්න ''අනිෂ්ට විපාක දෙන කතාව'' ලෙසද සිංහල ශබ්ද කෝෂයේ අර්ථ දක්‌වා තිබේ. බැල්මක්‌ නිසා අනිෂ්ට විපාක ලැබෙන්නේ ඊට ද්වේශ සහගත සිතිවිලි එකතු වීමෙනි. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, තරහ මුසු සිතිවිලි සහිතව කරන කතාව හෝ බැල්ම මෙයින් කියෑවේ. ඇස්‌වහ - කටවහ දෝෂ ඇතැයි සලකනු ලබන බොහෝ අය දුර්වල පෞර්ෂයන් ඇති දුබල අය බවද පෙනේ. මෙවැන්නන් තුළ ඊර්ෂ්‍යාව බහුලය. අනේ මටත් මේ වගේ තියනවා නම්.. යෑයි ඊර්ෂ්‍යා සහගතව කරන කතාව හෝ බැල්ම විෂ සහිත නිසා අනිෂ්ට විපාක දෙයි.

නවීන විද්‍යාවෙන් හඳුනාගත නොහැකි වුවත් ජ්‍යෙdaතිෂයේ එන ප්‍රශ්න ශාස්‌ත්‍රය මඟින් හෙවත් තත්කාල ශාස්‌ත්‍රය මඟින් ඇස්‌වහ හෝ කටවහ දෝෂ තිබේ දැයි පරීක්‍ෂා කළ හැකිවේ. නිවසක්‌ ගැන ප්‍රශ්න කරන අවස්‌ථාවක උදාවන තත්කාල කේන්ද්‍රයේ කුජ හෝ බුධ මෙම දෝෂ පෙන්වයි. මේ අනුව දුර්වල බුධ ගේ දෘෂ්ටියක්‌ හතර වැන්නට වැටීම නිසා කටවහ දෝෂ ඇති බවද කුජ ගේ දෘෂ්ටියක්‌ නිසා ඇස්‌වහ දෝෂ ඇති බවද නිගමනය කළ හැකිවේ. නියමිත ස්‌ථානයට තබා නැති දෝෂ සහිත දොර ජනෙල්වලින්ද ඇස්‌වහ දෝෂයට භාජනය විය හැකිය. එවැනි නිවාසවල අත්තිවාරම් ඉරිතලා ඇති ආකාරයද දැකිය හැකිය.

ඇස්‌වහ - කටවහ දෝෂය ග්‍රහ දෝෂයක්‌ තරමට බරපතළය. තවද එය වින දෝෂයක්‌ තරම්ම ශක්‌තිමත්ය. එය ගොවිපලකට නිවසකට මෙන්ම පුද්ගලයාටද බාධා ඇති කිරීමට සමත්ය. මේ නිසා ඈත අතීතයේ සිටම ඇස්‌වහ කටවහ දෝෂවලට විවිධ ප්‍රතිකර්ම කරගැනීමට ජනතාව පුරුදුවී සිටියහ.

ඇස්‌වහ - කටවහ දෝෂ ඉවත් කිරීම ස`දහා යන්ත්‍ර - මන්ත්‍ර මෙන්ම කෙම් ක්‍රමද භාවිතා කර තිබේ. කටවහ දෝෂයක්‌ ඇති කෙනෙකුගෙන් නුසුදුසු වචනයක්‌ පිටවූ විගසම ''කෙළ ගැසීම'' කෙම් ක්‍රමයකි. එනම් දරුවෙකු දෙස බලා ''අනේ හරි ලස්‌සනයි, ජම්බුගෙඩියක්‌ වගේ'' යෑයි කිවායෑයි සිතමු. මෙය කීවේ කටවහ ඇති කෙනෙකු නම් කළ යුත්තේ අහකට කෙළගැසීමයි. මේ කෙම් ක්‍රමයයි.

ගොවිපලවල්වල මෙන්ම අලුතින් සාදන නිවාස අසල පඹයකු සවිකරන්නේ ද කෙමක්‌ වශයෙනි. බලන අය එකවිටම දකින්නේ පඹයා නිසා ගොවිපලට හෝ නිවසට ඊර්ෂ්‍යා සහගත සිතිවිලි එක්‌වරම පැතිරීම වළකී. ඇස්‌වහ හෝ කටවහ ඇති වන්නේ හදිසියේ දැකීම නිසා ඇතිවන ඊර්ෂ්‍යා සහගත චිත්ත තරංගවලින් නිසා පඹයකු මෙන්ම පුහුල් ගෙඩියක්‌ එල්ලා ඇති අවස්‌ථා ද දක්‌නට ලැබේ. බුදු සරණයි නැතහොත් දෙවි පිහිටයි ආදී වශයෙන් සටහන් කළ බැනර් එල්ලා තැබීමද දක්‌නට ලැබේ. එමෙන්ම අලුතින් නිවසක්‌ සාදන විට එය එකවරම නොපෙනෙන සේ ආවරණය කිරීමට කටයුතු කිරීම මගින්ද මෙම දෝෂය වළකී. ගොවිපලවල් හා වැඩබිම් ආවරණය කරන්නේ මේ නිසාය.

කුඩා දරුවන්ගේ නළලේ පොට්‌ටුවක්‌ තැබීම මගින්ද පංචායුධයක්‌ පැලඳීම මගින්ද ඇස්‌වහ දෝෂ සමනය කරගත හැකි බවට විශ්වාස කෙරේ. ඈත අතීතයේ පටන්ම දරුවෙකු ඉපදුනු පසුව නවගුණ යන්ත්‍රයක්‌ ළමයා නිදිකරන කොට්‌ටය යට තැන්පත් කිරීමද මෙම දෝෂ සමනයට හේතුවෙයි.

නිවසකට ඇස්‌වහ දෝෂ හෝ කටවහ දෝෂ ඇති බවට තත්කාල නිමිත්තක්‌ මඟින් නිශ්චය කර ගත් පසුව ඇස්‌වහ කටවහ පිලිස්‌සීම නම් කෙම් ක්‍රමයක්‌ භාවිතා කරනු ලැබේ. මෙහිදී කරන්නේ හිල් පොල්කටු 9 ක්‌ පුළුස්‌සා ඒ ගිණි අ`ගුරු මතට අබ, ලුණු, දුම්මල ගේ අතුගාන වැලි, වියළි මිරිස්‌ යන ද්‍රව්‍ය මිට බැගින් රැගෙන කලවම් කර ටික ටික දැමීමයි. ඉන්පසුව මේවා අළුවන තෙක්‌ තබා වත්තෙන් පිටට හෝ ගලායන වතුරකට දමනු ලැබේ. මෙය කරනු ලබන්නේ නිවසේ මිදුලේය.

තවදුරටත් බරපතල ලෙස දෝෂය පවතී නම් ඊට ගැලපෙන සුළු ශාන්ති කර්මයක්‌ කල යුතුවේ. මෙහිදී කරනු ලබන්නේ නියමිත මන්ත්‍රයකින් හෝ පිරිතකින් ජීවම් කළ පිරිසිදු ජලය බීමට දීම, තෙල් මතුරා ගෑම. දෙහි කැපීම වැනි දෙයකි. මේ ස`දහා භාවිතා කරන මන්ත්‍ර මෙන්ම පිරිත් සූත්‍රද ගණනාවක්‌ තිබේ.

ගිනි පිරිත තුන්වරක්‌ පිරිත් කරන ලද පිරිසිදු ජලයෙන් මුහුණ සේදීමට දීම එක්‌ ශාන්ති කර්මයකි. එමෙන්ම හ`දුන් කිරිපැන් සාදා ''චක්‌ඛ පිරිත'' මගින් පිරිත් කර මුහුණ හා ඇ`ග සේදීමට තැඹිලිවලට මතුරා බීමට දීමද කරනු ලැබේ. බොඡ්ජංග පිරිත ද මේ ස`දහා භාවිතා කරයි. තවද කරණීය මෙත්ත සූත්‍රයේ මුල් ගාථා තුන මඟින් නොඉ`දුල් පැන්, මිදුලේ වැලි, හෝ තෙල් පිරිත් කර භාවිතා කිරීමද ඇස්‌වහ කටවහ දෝෂවලට ඉතා හොද ප්‍රතිකර්මයකි. පැන් මුහුණ සේදීමට හෝ බීමටද, වැලි ගෙදර හෝ වත්තේ ඉසිමටද තෙල් ඇ`ග ගැල්වීමටද භාවිතා කරනු ඇත.

තමන්ගේ නිවසේම බුද්ධ වන්දනාව කරන ස්‌ථානය පිරිසිදුව සකසාගෙන ඇස්‌වහ දෝෂයට අදාළ ශාන්තිකර්මයන් කර ගැනීම අපහසු නොවේ. මේ ස`දහා නොඉ`දුල් ජලය, පස්‌තෙල්, සුව`දධූප පිරිත් කරන්නේ නම් ඒ ස`දහා කුඩා මේසයක්‌ මත මේවා පිරිසිදුව තැන්පත් කරන්න. මල් පහන් පැන් ආදිය සහිතව බුද්ධ පූජාව පිලිගන්වන්න. පළමුව තිසරණ සහිත පංච ශීලය සමාදන්වන්න. ඉන් පසුව තුන්නූලක්‌, ඉහත පැන් හා තෙල් ආදියේ කෙලවරක්‌ දවටා අනිත් කෙලවර දකුණු අතින් අල්ලා ගන්න. ඉන් පසුව පහත ස`දහන් ගාථාව මගින් පිරිත් කර ගන්න. 108 වරක්‌ කිරීම අවශ්‍ය වේ. අවසානයේදී තුන් සූත්‍රය හා ජයමංගල ගාථා කියා දෙවියන්ට පින් දෙන්න.

ගාථාව

''ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධො විජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසධම්ම සාරථී සත්ථා දේව මනුස්‌සානං බුද්ධෝ භගවාති. මමං හිවෝ භික්‌ඛවේ අනුස්‌සරතං යං භවිස්‌සති භයං වා ඡමභිතත්තං වා ලෝමහන්සෝ වා සෝ පහිsයිස්‌සති.''

මෙම තෙල් දෝෂ ඇති අයගේ ඇඟේ ගෑමෙන් ද දිනපතා සුවඳ දුම් ඇල්ලීමෙන් ද පිරිත් පැන්වලින් මුහුණ සේදීමෙන්ද ඇස්‌වහ දෝෂ දුරුවී යනවා ඇත.


කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්
නොමිලේ උපදෙස්‌ සඳහා දුරකථනය -0771234313

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1480562830

..........


aswaha katawaha doosha walata budugunayen shanthi karmayak ඇස්‌වහ කටවහ දොෂවලට බුදුගුණයෙන් ශාන්ති කර්මයක්‌ aswaha katawaha doosha walata shanthi karmayak as waha kata waha doosha valata budhu gunayen shanthi karmayak

aswaha katawaha doosha walata budugunayen shanthi karmayak ඇස්‌වහ කටවහ දොෂවලට බුදුගුණයෙන් ශාන්ති කර්මයක්‌ aswaha katawaha doosha walata shanthi karmayak as waha kata waha doosha valata budhu gunayen shanthi karmayak

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය aswaha katawaha doosha walata budugunayen shanthi karmayak ඇස්‌වහ කටවහ දොෂවලට බුදුගුණයෙන් ශාන්ති කර්මයක්‌ aswaha katawaha doosha walata shanthi karmayak as waha kata waha doosha valata budhu gunayen shanthi karmayak