Athi Prabala Suuniyam Dhahan Hatha අති ප්‍රබල සූනියන් දැහැන් හත

සූනියම් දෙවියන් හෙවත් ගම්භාර දෙවියන් යනු පුර පක්‍ෂයේදී දෙවියකු ලෙසත් අව පක්‍ෂයේදී යක්‍ෂයකු ලෙසත් පෙනී සිටිමින් ගමින් ගම දොරින් දොර සංචාරය කරමින් දුකට පත් අසරණ ජනයාගේ දුක - සැප, නඩු - අවනඩු සොයා බලා ඒ සඳහා යහපත් වූත් සාධාරණ වූත් විසඳුම් ලබාදෙමින් සිත් සතන් සැපවත් කිරීමේ මාහැඟි බලයක්‌ ඇති අති ප්‍රබල දේවාත්මයකි.

ග්‍රහ දොaෂ වින දොaෂ හේතුකොටගෙන අප වෙත පැමිණෙන්නා වූ සියලු පීඩාවන්ගෙන් මිදී සහනයෙන් ජීවත් වීමේ හැකියාව සූනියන් දෙවියන් නැමදීමෙන් අප වෙත ළඟා කර ගත හැකි අතර ඒ සඳහා යොමුවන ඔබ උන්වහන්සේ යහතින් වැඩ වාසය කරන්නා වූ දොවොලක්‌ වෙත ගොස්‌ සතියේ දින හත තුළ ඔබට පහසු දිනයක ඉරිදා රාත්‍රි 9.00-9.45 සඳුදා 9.00-9.45, අඟහරුවාදා 8.15-9.00, බදාදා 9.00-9.45, බ්‍රහස්‌පතින්දා 8.15-9.00 සිකුරාදා 9.00-9.45, සෙනසුරාදා 9.45-10.15 අතර කාලය තුළ සුදු මල්, පහන්, සුවඳ දුම් පූජා කර වැඳ පුදා උන්වහන්සේට පිං අනුමෝදන් කර පහත දැක්‌වෙන අති ප්‍රබල දැහැන් හත නිවැරදිව උච්චාරණය කර ගායනා කර ඔබ පත්වී ඇති පීඩාවට සහනය ඉල්ලා සිටීමෙන් උන්වහන්සේගේ සෙත සහනය නිරතුරුවම ළඟාකර ගැනීමට හැකිවනු ඇත.

මෙම සූනියන් දැහැන් හත ඉතාමත් බලගතු මන්ත්‍ර රත්නයක්‌ බැවින් දෙහි කැපීම, නූල් බැඳීම ආදී කටයුතු සඳහා ද භාවිත කළ හැකි අතර කාරණය කුමක්‌ වුවත් ලැබෙන ප්‍රතිඵල ඉතාමත් සුබදායක වනු ඇත.

අති ප්‍රබල සූනියන් දැහැන් හත

1. ඕං භ්‍රාං භී්‍රං මරුක්‌කවල් මුක්‌කඩල් ඉදිරිප්පුතාල් ශ්‍රී කදිරම් මේ අරියප්පල්ලේ මුරුවා නාග භූෂණ වර වර නමඃ

2. ඕං කෛවීර සන්දනී ශුභ්‍ර වර්ණ හන හන ජල නීල ඔඩ්ඩියා වර වර නමඃ

3. ඕං ශුද්‍රd හා ඔඩ්ඩි මස්‌සිනේ වර වර කීල උපුටා වර වර නමඃ

4. ඕං ගජ දේව කාල ඔඩ්ඩිය වර වර නමඃ

5. ඕං භ්‍රීං දන්තමාලා ශ්‍රී සද්ධර්ම අණින් වර වර නමඃ

6. ඕං කෛමුණ්‌ඩේ වර උර්ල්ප්පාත්තු කෛලාස සිවනන්ද ඔඩ්ඩියා වර වර නමඃ

7. ඕං ඊශ්වර බන්ධ මහෙෂ්වර බන්ධ කන්ද කුමාරයානේ ඔඩ්ඩි කුමාර දේවතාවා බන්ධ ඒස්‌වාහඃ

ගැටලු වෙතොත්a නිරාකරණය කර ගැනීම සඳහා 072-3559768 අංකය අමතන්න.


ජ්‍යෙතිෂවේදී - රංජන් සිසිර කුමාර
සටහන - ධම්මික හේවාවසම්

උපුටා ගැනීම  http://iranama.tharunaya.us/show1.php?id=1473312556

..........


athi prabala suuniyam dhahan hatha අති ප්‍රබල සූනියන් දැහැන් හත athi prabala suuniyam dhahan hatha ati prabala suniyam dehen hatha ahy prabala suniyam dhehen hatha

athi prabala suuniyam dhahan hatha අති ප්‍රබල සූනියන් දැහැන් හත athi prabala suuniyam dhahan hatha ati prabala suniyam dehen hatha ahy prabala suniyam dhehen hatha

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය athi prabala suuniyam dhahan hatha අති ප්‍රබල සූනියන් දැහැන් හත athi prabala suuniyam dhahan hatha ati prabala suniyam dehen hatha ahy prabala suniyam dhehen hatha