Advertisement
Hot Kello

Budha Adithya Yogaya බුධ ආධිත්‍ය යෝගය

යම් කේන්ද්‍රයක බුධ ග්‍රහයා රවි සමග යෝගව සිටීම බුධ ආධිත්‍ය යෝගය ලෙස හඳුන්වමු. එහෙත් ලග්න කේන්ද්‍රයේ බුධ- රවි සංයෝග වී තිබෙනු දුටු පමණින් එය බුධ ආධිත්‍ය යෝගය යෑයි පැවැසිය නොහැකි අතර රවි බුධ ස්‌ථිර වශයෙන්ම ග්‍රහ බල සහිතව යෝගනම් පමණක්‌ කෙනෙකු වෙත බුධ ආධිත්‍ය යෝගය උදාවී ඇති බවට නිර්ණය කළ හැක.

එම සිද්ධාන්තයට අනුව රවි සහ බුධ ස්‌ථිර වශයෙන් යෝගදැයි අපට තීරණය කළ හැක්‌කේ ලග්න කේන්ද්‍රයේ රවි - බුධ එකම භාවයේ නියමිත ආකාරයෙන් තැන්පත් වීම තුළය. ජන්ම පත්‍රයක 4,7, 10 යන භාවයන්වල රවි - බුධ සංයෝගව සිටීමද බුධ ආධිත්‍ය යෝගයයි. විශේෂයෙන්ම කේන්ද්‍රයක 3, 6, 8, 12 යන ත්‍රිකෝණ ස්‌ථානවල මෙම යෝගය යෙදීමද අදාළ ජන්මියාට වැඩි වශයෙන් සුබඵල උදාකරන ග්‍රහ පිහිටීමක්‌ වේ.

එමෙන්ම අටවැනි භාවය හෙවත් මාරක ස්‌ථානයේ බුධ ආධිත්‍ය යෝගය යෙදීම අදාළ ජන්මියාට රාජයෝග උදාකරන ග්‍රහ බලයක්‌ වන අතර එය අදාළ ජන්මියා නියෑළෙන වෘත්තියේ ඉහළම තනතුර දක්‌වා පියවරෙන් පියවර ඉහලට ඔසවා තබන පිහිටීමක්‌ ලෙස ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

මෙකී ප්‍රබල යෝගය කේන්ද්‍රය තුළ කුමන භාවයක පිහිටියද එය යහපත් වන අතර යෙදෙන රාශිය අනුව අපට ලැබෙන පලාපල වෙනස්‌ වනු ඇත. කන්‍යා මිථුන වැනි බුධ අධිපතිත්වය දරන්නාවූ රාශියක්‌ තුළ මෙම යෝගය උදාවූ විට අදාළ ජන්මියා ශිල්ප ශාස්‌ත්‍රයට අධිපති දෙවඟන වූ සරස්‌වතී දේවියගේ ඇල්මට, බැල්මට ලක්‌ව ජීවිත කාලය පුරා තම අධ්‍යාපන කටයුතුවලට එල්ලවන සියලු බාධා මැඬපවත්වා ගනිමින් අති දක්‌ෂ ලෙස ඉගෙනීම් කටයුතු නිමාකර ගනී.

මේෂ, සිංහ, ධනු යන තේජෝ ගණයට අයත් රාශිවලටද කටක, වෘශ්චික, මකර, කුම්භ යන රාශිවලටද බුධ ආධිත්‍ය යෝගය යෙදීම තුළ නොයෙක්‌ ආකාරයේ සුබඵල උදාකර දෙනු ඇත. බුධ ග්‍රහයා වෘෂභයට නිවාස ලාබ සහ ව්‍යාපාර දියුණුවද තුලාවට විදේශ සංචාරද මීන රාශියට සාර්ථක විවාහ දිවියක්‌ද වශයෙන් සුබඵල උදාකර දුන්නද බුධ ආධිත්‍යය යෝගයේදී සුබඵල හීන කිරීම විශේෂත්වයකි.

සමස්‌තයක්‌ වශයෙන් ගත්කළ කේන්ද්‍රයක බුධ ආධිත්‍ය යෝගය යෙදුන ජන්මීන් බුද්ධිමත් භාවයෙන් අනූන ඕනෑම ගැඹුරු විෂයක්‌ තම බුද්ධියට යටත්කොට සරලව අවබෝධකර ගැනීමට සමත් අයකු වේ. ලේඛන කලාවේ දැවැන්ත චරිත වීමේ වාසනා ගුණය හිමි මොවුන් යන එන සැමතැනකම හොඳ නම සහ තම ආත්ම ගෞරවය ද පණමෙන් ආරක්‍ෂාකර ගනී. කීර්ති ප්‍රශංසා ගරු නම්බුනාම මෙන්ම ජනප්‍රියත්වය නිතැතින්ම මොවුන්ට හිමි වේ. සැප සම්පත් නොඅඩුව බුක්‌ති විඳීමේ වාසනාව හිsමි වුවද තමන් වෙත පැමිණෙන දුක්‌ කම්කටොලු කරදර බාධක මැදගත් හිතින් විඳදරා ගැනීමේ දැඩි ආත්ම ශක්‌තියද මොවුන් තුළ වේ.

කුමන හෝ භාවයක රවි බුධ සංයෝගය හෙවත් බුධ ආධිත්‍ය යෝගය පිහිටා එය කේතු ග්‍රහයාගේ දෘෂ්ටියට ලක්‌වීම තුළ එකී ජන්මියා ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ පරතෙරට යන අති දක්‌ෂ ජ්‍යෙdතිෂවේදියකු මෙන්ම ගුප්තවිද්‍යාවේදියකු වීම කුමන බලවේගයකටත් වෙනස්‌ නොකළ හැකි ජ්‍යෙdතිෂ සිද්ධාන්තයකි.

කෙසේ වෙතත් මෙම යෝගය කේන්ද්‍රයක පිහිටා ඇති බව දුටු පමණන් ඒ පිළිබඳ පලාපල නොකියා බුධ යනු රවිට ආසන්නයේම පිහිටි ග්‍රහයා බැවින් යම් ආකාරයකින් එකී බුධ අස්‌තවී දැයි නිවැරදිව තීරණය කරගත යුතුය. එලෙස අස්‌තවී නම් හෝ රවි-බුධ සංයෝගය මතට එල්ලවන අනෙකුත් අශුභ ග්‍රහ දෘෂ්ටි හේතුවෙන්ද බුධ ආධිත්‍ය යෝගයේ බලය හීනවන බව අවබෝධ කරගත යුතුය.

එබැවින් යම් කේන්ද්‍රයක රවි - බුධ යෝගය හෙවත් බුධ ආදිත්‍ය යෝගය යෙදී තිබුණද රවි ග්‍රහයාගේ රාශි බලය හා බුධ ග්‍රහයාගේ රාශි බලය පිළිබඳව අවධානය යොමු කර පලාඵල කීම ජ්‍යෙdතිෂවේදියකු සතු දැඩි වගකීමක්‌ බව අමතක නොකළ යුතුය.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1465793693