ජී. සමරප්පුලිගේ හෝමාගම

ඉර හඳ ග්‍රහතරු බලපෑම ඇති සෑම සත්වයකුටම ශාකයකටම තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කිරීමට ඇති සාධකය වන්නේ වර්ගයා බෝ කිරීමයි. එම වර්ගයා බෝ කිරීමේ දී සත්වයා විසින් විවිධ ආකාරයෙන් තම පැටවුන් ලොවට දායාද කරදී තනියෙන් යෑපීමට හැකියාව ලැබෙන තෙක්‌ පෝෂණය කරයි. සමහර සතුන් තම වර්ගයා බෝ කිරීමට බිජු දමා අන් සතකු ලවා පෝෂණය කරවයි. (කොවුලා) තවත් සමහර සතුන් වර්ගයා බෝකරන සතුන් කුඩා කාලයේම මරා දමයි. (පූසන්, බල්ලන්) තවත් සමහර සත්තු වර්ගයා බෝකරන පිරිමි සතුන් කුඩා කලම මරා දමා එක ශක්‌තිවන්ත නායකයෙක්‌ ස්‌ත්‍රී රැළට නායකකම් කරයි. (වඳුරා) බොහෝ සතුන් තම පැටවා පෝෂණය කරමින් රැකගනී. ඒ ඔවුන්ගේ සංසාරික පැතුම් සහ කර්මය අනුව සිදුවන්නකි. තම මවු පියන් පෝෂණය කරන සතුන් ලෝකයේ දී දැකිය නොහැකිය.

මිනිසා නමැති උසස්‌ මනසක්‌ ඇති සත්වයාගේ ඉහත ලක්‍ෂණ අඩු වැඩි වශයෙන් ඇත. දරුවන් ලැබීමට වාසනාව ලද මෙම සත්වයා දරුවා ඉපදීමට පෙරද කුඩා කලද මරා දමති. නැත්නම් කුණු බාල්දිවල දමා යති. මහ වන මැද තනිකර දමති. අපල යෑයි කියමින් නිවසින් පිට ජීවත්වීමට සලස්‌වති. මේවා අද සමාජයේ පමණක්‌ නොව අප ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ කාලයේත් තිබුණ තත්ත්වයකි. එදා සමාජයේද පියවරුන් නොමැතිව දරුවන් ලැබීම අපකීර්තියක්‌ ලෙස සලකන ලදී. පරදාර සේවනය වසලකමක්‌ ලෙස සැලකුවේය (රජවරුන්ට මෙය බලපා ඇති බවක්‌ පෙනෙන්නට නොතිබේ). දරුවන් නොමැතිවීමද දරුවකු පියකු නොමැතිව ලැබීමද වැරදි ලෙස දකින ලදී. එය ස්‌ත්‍රි පුරුෂ දෙපක්‍ෂයටම පොදුය. විටක බුදුරජාණන්වහන්සේටද එවැනි ක්‍රියා බොරුවට හුවා දක්‌වමින් අපකීර්තියට පත්කරන ලදී. (චිංචි මානවිකාව) දිවි හිමියෙන් තම දරුවා රැක දරුවා මෙලොව හැරගිය විට සිහිවිකල්වූ කතුන් සිට ඇත. (කිසා ගෝතමී) දරුවන් ලැබූවිට දරුවන්ට නොසලකමින් මසුරු කමින් ධනය රැස්‌කළවූවෝ සිට ඇත (මට්‌ටකුණ්‌ඩලීගේ පියා). දරුවන් අමුසොහොනේ දමා ගොස්‌ අසරණ කරන ලද මවුපියන් සිට ඇත. (සුනීත සෝපාක) දරුවන්ට උගත්කම් ලබාදී ශිල්ප ලබාදී දරුවන්ගෙන්ම දුක්‌විඳ මැරුම් කෑ රජවරු පවා සිට ඇත. (අජාසත්ත චරිතය) දරුවන්ට ශිල්ප ලබා දී යහපත් ගුණ ධර්ම කියා දී සරණ පාවා දුන් මවුපියන් සිට ඇත. (විශාඛා සිටු දියණියගේ කතා වස්‌තුව) දරුවන්ට කෙසේ දෙමවුපියන් සැලකුවද නොමග ගොස්‌ අන්ත අසරණ වූ දරුවන් සිට ඇත. (පටාචාරා චරිතය) දරුවන් යහපත් දරුවන් කිරීම උදෙසා ශිල්ප හැදැරීමට යෑවූ පසු මිනී මරුවන් බවට පත්වී ඇත. (අංගුලිමාල හිමි චරිතය)

අද සමාජය තුළ මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් දක්‌නට ඇත. බුදුන් වහන්සේ එදා දේශනාකරන ලද අෂ්ඨ ලෝක ධර්මය අදටද පොදුය. දුක සැප, යස අයස, නින්දා ප්‍රශංසා, කීර්තිය අපකීර්තිය මිනිස්‌ සමාජය තුළ දරුවන් මගින් මේ සියල්ල දෙමවුපියන්ට ලැබෙන අවස්‌ථා ඇත. දරුවන් නිසා යස කීර්තිය ප්‍රශංසා සැප ලැබෙන දෙමාපියන් සිටින අතර එහි අනෙක්‌ පැත්ත ලැබෙන දෙමාපියන්ද සිටී. මෙයට බලපානු ලබන්නේ අප සංසාර ගමන නමැති ගමන් කරන මාර්ගයේ දී පෙර භවයන් තුළ කරනු ලබන ගනු දෙනු වලදී කරන ලද පින් සහ පවුය. මේ තත්ත්වය දැනගැනීමට අපේ උපතේ දී සකස්‌ කරනු ලබන ජන්ම පත්‍රය උපකාරී වේ. මෙම සටහනෙහි දැක්‌වෙන ලග්නයෙන් පස්‌වන කොටුව හෙවත් පස්‌වන භාවයද කුටුම්භ ස්‌ථානය හෙවත් දෙවන භාවයද ලග්නයෙන් තුන්වන භාවයද සැලකිල්ලට ගනු ලැබේ. මෙම සටහනට අනුව දරුවන් අවම කිරීමේ තත්ත්වයන් පෙන්වන්නේ සංසාරයේ දී කරන ලද පින්පවු අනුවය.

1. ජන්මියකුගේ ජන්ම පත්‍රයෙහි පස්‌වන භාවය තුළ ග්‍රහයන් නොපිහිටා එම භාවය අධිපති ග්‍රහයාද තම රාශිය නොදැක සිටින විට දරුපල හීන වේ.

2. ජන්මියකු උප්පත්තියේ දී තුන්වන භාවය අධිපති ග්‍රහයා පළමුවන භාවයේ දෙවන භාවයේ පස්‌වන භාවයේ හෝ දොළොස්‌වන භාවයේ සිටීනම් දරුපල අවම වේ.

3. පස්‌වන භාවයේ මීන හෝ ධනු රාශිය ලග්නාධිපති හෝ දෙවැන්නාධිපති සමග සිටීනම් එම ජන්මීන්ගේ ද දරුපල හීන වේ.

4. ගුරු ග්‍රහයා තම නීච රාශිය වූ මකරේත් ශුක්‍ර තමන්ගේ නීච රාශිය වූ කන්‍යාවෙත් බුධ සම රාශියකත් රවි විෂම රාශියකත් සිටියදී මෙලොව එළිය දුටු ජන්මියාට දරු සුරතල් බැලීමේ භාග්‍යය අවම වේ.

5. චන්ද්‍රයා කටක රාශි ගතව පාපයෙන් (රවි කුජ රාහු කේතු) සමග සිටින විට හෝ චන්ද්‍රයා කටක රාශියේ දී ශනි විසින් දකිනු ලබද්දී උපන් ජන්මියාට වයස්‌ගතවී දරු සෙනෙහස ලැබීමට හැකිය.

6. රවි වෘශ්චික ලග්නයේ පාපයන් සමග සිටියදීද කුජ මිථුනයේ සිටියදීද උපත ලත් ජන්මියාට දරු සුරතල් බැලීමට සිදුවන්නේ ජීවිතයේ මැද භාගයේදීය.

7. වෘශ්චික රාශියෙහි ගුරු ශුක්‍ර දෙදෙනා සහ ලග්නයේ බුධ ශනි දෙදෙනා සමග උත්පත්තිය ලත් ජන්මලාභියාට තමන්ගේම දරුවෙක්‌ නූනත් අන් දරුවකුට දරු සෙනෙහස පා තමන්ගේම දරුවෙක්‌ ලෙස පෝෂණය කිරීමට වාසනාව ලැබේ.

8. ලග්නාධිපති සතුරු ග්‍රහයන් සමග ශනි විසින් දකිනු ලබමින් සිටියදී රවි හයවන භාවයේ හෝ දෙවන භාවයේ උපතේ දී සිටි ජන්මීන්ටද දරුපල හීන වේ.

9. රවි චන්ද්‍ර බුධ යන ග්‍රහයන් විසින් දකිනු ලබන ශනි හයවන භාවයේ හි සිටින අවස්‌ථාවේ දී ජන්ම ලග්නය පාප ග්‍රහයන් විසින් දකීනම් එම ජන්ම ලාභින්ටද කිසි දිනක තමන්ගේ දරු සුරතල් බැලීමට නොහැකි වන්නේය.

10. පාප ග්‍රහයන් විසින් දකින ලද ජන්ම ලග්නය ඇති රවි ග්‍රහයා මකර කුම්භ රාශි ගතව සිටි පාපයකුගේ නවාංශකයද හිමිව ඇති ජන්මීන්ගේ ද දරු පල හීන වේ.

11. පස්‌වැන්න අධිපති ග්‍රහයා පාපයකු සමග හත්වන අංශකයේ සිටිත්දී පස්‌වන රාශියෙහි කුජ ග්‍රහයා උත්පත්තියේ දී සිටිනවානම් ශාරීරික උෂ්ණත්වය අධිකවීම හේතු කොට ගෙන දරුපල අහිමි වේ.

12. හයවන භාවයේත් අටවන භාවයේත් දොළොස්‌වන භාවයේත් එම භාවය අධිපතීන් සිටිද්දී උපන් ස්‌ත්‍රියටද ගුරු සිටින රාශියෙන් පස්‌වන රාශියේ අධිපති පාපයන් සමග බල රහිතව සංයෝග වී සිටිද්දී ජන්ම ලාභය ලැබූවන්ටද දරුපල අවම වේ.

13. ලග්නාධිපති පාපයන් සමග සිටිද්දී පස්‌වන භාවය අධිපති අටවන භාවයේ හෝ දොළොස්‌වන භාවයේ තැන්පත්ව සිටිද්දී රවි පස්‌වන භාවයේ යෙදී ජන්ම ලාභය ලබන තැනැත්තාටද දරුඵල හීන වේ.

14. රවි කුජ ශනි රාහු දෙවන භාවයේ (කුටුම්භ ස්‌ථානය) පිහිටා ජන්මය ලැබූවන්ගේ දරුවන් සහ පස්‌වන භාවයේ බල රහිතව ඉහත පාපයන් සිටින විටදීද ජන්මය ලැබූවන්ගේ දරුවන් කුඩා කල ලෙඩ රෝග හේතුවෙන් දුර්වල වේ.

දරුවෙක්‌ ලබා පෝෂණය කර යහපත් මිනිසකු සමාජයට දායාද කිරීම මගින් කීර්තිය ප්‍රශංසාව ලැබේ. දරුවා යහපත් වූ තරමට ජන්මියාට සැප ගෙනදේ. යසස වැඩේ. දරුවන් නොමැති විවාහක ජන්මීන්ගේ එකම අරමුණ දරුවකු ලබා ගැනීමත් පෝෂණය කිරීමත්ය. එම අරමුණ ඉටුනොවී ළතවන්නෝ බොහෝය. ගුප්ත බලයෙන් දරුවන් ලබා ගැනීම සඳහා වංචාකරුවන්ට දහස්‌ ගණන් මුදල් ලබා දී අතරමං වන්නෝද මේ අතර සිටිති.

දරුවන් නොමැති ඔබ දරු සුරතල් බැලීම සඳහා ආගමානුකූල ජීවිතයක්‌ ගතකළ යුතුය. මේ සඳහා පන්සිල් පද පහවත් හැකි තරම් ආරක්‍ෂා කර ගත යුතුය. අන් අයට ඊර්ෂ්‍යා නොකළ යුතුය. මෙම දැහැමි ජීවන රටාව සමග ජ්‍යෝතිෂ නියමයන්ගේ එන ග්‍රහ ශාන්ති කර්මද කළ හැකිය. පිළිගත් ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත හැකිය. නල දරුවන් වැනි දියුණු බටහිර වෛද්‍ය ක්‍රමයද තිබේ. මෙවැනි ක්‍රමයකින් හෝ දරුවකු ලබා ගැනීම මිස දරුපල ලබා දෙන වංචාකරුවන් පසුපස යැම අනුවන ක්‍රියාවකි. ඒ ඒ අපලයන්ට අනුව ජ්‍යෝතිෂයේ ඒ ඒ ග්‍රහ අපල සඳහා පෙන්වන ශාන්ති කර්ම කිහිපයක්‌ද දැන ගැනීම සඳහා මෙහි සඳහන් කරමි.

1. කේන්ද්‍ර පරීක්‍ෂාවේ දී ජන්මියාට රවි ග්‍රහයාගේ බලපෑමෙන් දරුපල හීනවන බව පෙනී යන්නේනම් දරුවන් සමග කාලය ගත කිරීමට සැලැස්‌වීම සුභය. (පෙර පාසල් ළමානිවාස, පාසල් පංති කාමර ආදියෙහි)

2. කුජ අපලය සඳහා උෂ්ණාධික ආහාර නොගැනීමත් කතරගම දෙවියන්ට බාරවීම සහ පූජා පැවැත්වීම සුභය.

3. කේතු අපලයේ තත්ත්වයක්‌ නම් දුර්ගා දේවියට පුද පූජා තැබීම සුදුසුය.

4. බුධ අපලයන් වේ නම් ශිව පූජාව පැවැත්වීම ඉතා සුදුසුය.

5. ශුක්‍ර අපලයක්‌ හේතුවෙන් නම් ඊශ්වර දෙවියන්ට පූජා පැවැත්වීමත් බාර වීමත් සුදුසුය.

6. චන්ද්‍ර සහ ගුරු අපලයක්‌ හේතුවෙන්නම් ජීවම් කරන ලද නිවැරදි යන්ත්‍ර සුදුසු ලෝහයක බහා පැළඳීම සුදුසු වේ.

7. රාහු අපලයක්‌ හේතුවෙන්නම් කන්‍යාවන්ට දන්දීම සුදුසු වේ.

8. සෙනසුරු අපලයක්‌ හේතුවෙන්නම් වයස්‌ගත කන්‍යාවන්ට දන්දීම සහ විෂ්ණු දෙවියන්ට බාරවීමත් පූජා පැවැත්වීමත් සුදුසුය.

9. අපගේ ජන ශාන්ති කර්ම වල එන රිද්දි යාගය හෙවත් රටයකුම ශාන්ති කර්මයද දරු සම්පත ඇතිකර ගැනීමටත් ගැබ රැක ගැනීමටත් යොදාගන්නා ලද සාර්ථක මනෝමය නිර්මාණයකි. (මෙම ලිපිය සැකසීම සඳහා ජ්‍යෙdතිෂ සිද්ධාන්තද නිරීක්‍ෂණද උපයෝගි කර ගන්නා ලදී)

..........


පෙර පින් බල ගෙනේ දරුඵල daru pala laba ganna daru pala daru pala daru pala in horoscope daru pala sinhala

දරුඵල,daru pala laba ganna,daru pala,daru pala,daru pala in horoscope,daru pala sinhala

පෙර පින් බල ගෙනේ දරුඵල daru pala laba ganna daru pala daru pala daru pala in horoscope daru pala sinhala

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය පෙර පින් බල ගෙනේ දරුඵල daru pala laba ganna daru pala daru pala daru pala in horoscope daru pala sinhala දරුඵල,daru pala laba ganna,daru pala,daru pala,daru pala in horoscope,daru pala sinhala