Damayanthi Gurumaniyo දමයන්ති ගුරුමෑණියෝ
Hot Kello

Ge Kurullan Ge Athahara Yama Maha Wipathakda ? ගේ කුරුල්ලන් ගේ අතහැර යෑම මහ විපතක්ද?


මිනිසා හා සතුන් අතර සමීප සබඳතාව පැවැත එන්නේ ඈත අතීතයේ සිටය. එමෙන්ම සතුන් පිළිබඳව ඈත අතීතයේ සිටම ජන ජීවිතවලට කිදා බැස තිබේ. මේවායේ සමහර කරුණුවල කිසිම විද්‍යාත්මක සිද්ධාන්තයක් නොවුණත් තවත් සමහර දෑවල ගැඹුරු විද්‍යාත්මක සිද්ධීන් ගැබ්වී තිබේ.

සතුන්ගේ ඉරියව්, හඬ නැඟීම් හා ලැගුම් ගැනීම් පිළිබඳ මිනිසා අනාවැකි කීමට එදා සිටම පුරුදුවී තිබේ. වත්මන් නාගරික සමාජයෙන් මේවා ක්‍රමයෙන් ඈත් වී ඇතත් තවමත් පැරැණි ගම්වැසියෝ සමහර සිද්ධි ඉතා තදින් අදහති, පිළිගනිති, අගය කරති. එයින් ගේ කුරුල්ලන්, කුහුඹුවන් වැනි සතුන් නිවෙස්වලට පැමිණීම, නිවෙස් අතහැර යෑම පිළිබඳ ඇත්තේ පුදුමසහගත මතය.

ගේ කුරුල්ලා ස්වභාවයෙන්ම ගෘහවාසීව ජීවත් වන පක්‍ෂියෙකි. සමහරෙක් තම තමන්ගේ දෛවය යහපත් වන කාලවලදී ගේ කුරුල්ලන් කූඩු සාදා ලැගුම් ගැනීම ඉතා සුබ පෙරනිමිත්තක් බව පිළිගන්නා අතර නිවෙසක පදිංචිව සිටි ගේ කුරුල්ලන් එම කූඩු අතහැර යෑම අසුබ නිමිත්තක් ලෙස සලකති. නමුත් මෙහි සිදුවන විද්‍යාත්මක සිද්ධාන්තය නම් ගේ කුරුල්ලා පමණක් නොව කුමන පක්‍ෂි වර්ගයක් වුවත් දීර්ඝ කාලයක් එකම තැනක් සිය ලැගුම්හල් කර ගැනීම සිරිතක් ලෙස නොකිරීමයි.

ස්වභාව දහමින් එවැන්නක් සතුන් තුළ පිහිටා ඇත්තේ සතුන්ගේ ආත්ම ආරක්‍ෂාව සඳහාය. එමෙන්ම එකම තැන වැඩි කාලයක් ගැවසීමෙන් ඔවුන්ට ආහාර හිඟවන නිසාත්ය. නමුත් අපේ පැරැන්නන් සලකන්නේ ගේ කුරුල්ලන් නිවෙසක සිට එම කූඩු අතහැර දමා යෑම අසුබ කාලයක පෙර නිමිත්තක් ලෙසටය.

මෙහි විශේෂත්වයක් දක්නට නැතත් මිනිසුන් මානසිකව මෙවන් කරුණු තුළ එල්බගත් විශ්වාසය නිසා මානසිකව දුර්වල තත්ත්වයකට පත්වේ. එයම මිනිසාගේ දියුණුවට බාධකයකි.

පරෙවියන් ඇති කිරීමේදී ද මේ මතය බොහෝ අය දරති. එහිදී ද සිදුවන්නේ ඒකාකාරීව එකම තැනක සතුන් රැඳී නොසිටීමේ ස්වාභාවික ගතියයි. පක්‍ෂීන් මෙන්ම උරග සතුන් වන කටුස්සන්, කබරගොයන් වැනි සතුන් නිවෙසකට ඇතුළු වීම නිවෙසේ ලැගුම් ගැනීම එම නිවැසියන්ට අසුබ පල උදාකරන නිමිත්තක් ලෙස පැරැන්නෝ සැලකූහ.

ඈත යුගයේ වනචාරී මිනිසා වනයේ ගල් ගුහා, ගස් ඛෙන ආදියෙහි ජීවත් වූ යුගයේදී සතුන් නිතර නිතර ඇසුරු කළහ. මේ සතුන් අතරින් විෂ සහිත සතුන් දැකීමත් අසුබයක් ලෙස මිනිසුන් සැලකූහ.

එවිට කැලෑ සතුන් නිවෙස් තුළට ඇතුළු වීම ගෙහිමියන්ට විපත්තියක් සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇති බැවින් හැකි පමණ එවැනි සතුන් නිවෙස්වලට නොපැමිණෙන ලෙස දුම් ඇල්ලීම හා කෙම් ක්‍රම කිරීමට මිනිස්සු හුරු වූහ.

මෙවැනි අප්‍රසන්න, විස සහිත සතුන් දැකීම පවා බිය උපදවන බැවින් එම සතුන් නිවෙස්වලට පැමිණීම අසුබ නිමිත්තක් ලෙස සැලකීමට පුරුදු විය. එදා පැවැති එම සාම්ප්‍රදායික මත අදත් එලෙසින්ම පිළිපැදීමට, පිළිගැනීමට විශ්වාස කිරීමට තවමත් අපේ සමහර ගම්බද ජනතාව පෙලැඹී සිටිති.

ඒ විනා මෙම සතුන් අහඹුවෙන් හෝ වැරැදීමකින්, තැති ගැන්මකින් හදිසියේ හෝ නිවෙසට ඇතුළු වීම එම නිවැසියන්ට අසුබ කාලයක් උදාවීමේ පෙර නිමිත්තක් ලෙස සැලකීම මිථ්‍යාවකි.
ඈත අතීතයේදී නිවෙස් ඉදිවූයේ බොහෝ විට ගොම මැටි ආදිය උපයෝගී කරගෙනය.

මෙම ගොම මැටි පරණවීම නිසා බිත්තිවලින් ගෙබිමත් නයි කූඹින්, ගිරි කූඹින්, කඩියන් වැනි විෂ කුහුඹු වර්ග බෝවීම සිදුවිය. එවැනි සතුන් නිවෙසකට බෝවීම නිවෙස් හිමියන්ට ශරීර සෞඛ්‍යයට අහිතකර බැවින් එවැන්නක් සිදුනොවීමට නිතර නිතර ගෙබිම් බිත්ති ආදිය පිළිසකර කිරීම, ගොම මැටි ගෑම, හුනු ගෑම ආදියට පුරුදු කිරීමේ චාරිත්‍රයක් වශයෙන් එම සතුන් නිවෙස්වල ලැගුම් ගැනීම අසුබ යැයි සමාජ සම්මතයක් විය.

එම නිසා එවැනි සතුන් නිවෙස්වල බෝවීම අසුබ නිමිත්තක් ලෙස සලකන්න විය.
ඈත යුගයේ සමහර මත හා සම්ප්‍රදායන් බොහෝවිට ගොඩනැඟී ඇත්තේ නොදියුණු මිනිසුන් තුළ යම්යම් මිථ්‍යා විශ්වාසය ඇති කර ඒ තුළින් චාරිත්‍ර වාරිත්‍ර රැක ගැනීම නිසාය.

ඈත යුගයේ බුද්ධිය දියුණු කළ ඍෂිවරුන්, පර්ඩිවරුන් එවැනි මත නොදියුණු මිනිසාගේ සිත තුළ ජනිත කරවීමට යොදාගත් නමුත් අද වැනි නවීන විද්‍යාව දියුණු සමාජයකට මෙම මත කිසිසේත් නොගැළපෙන බව වැටහෙනවා ඇත.

ජ්‍යෝතිෂවේදිනී මාලනී සතරසිංහ : 0719968132

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1476339080