sri lankan actress 2019

Hadisi Dhiyunuwa Gana Kathawak හදිසි දියුණුව ගැන කතාවක්‌

ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ගේ ශ්‍රී හස්‌තයෙහි තිබෙන විෂ්ණු වාළම්පුරියත්, ශ්‍රී ලක්‍ෂ්මී දිව්‍යරාජිනිය සුරතෙහි තිබෙන ධන ලක්‍ෂ්මී වාළම්පුරියත් ගැන ඔබට තේරුම් කර දීමට පසුගිය සති කිහිපය තුළ සත්‍ය කතා පුවත් ගණනාවක්‌ ඉදිරිපත් කළෙමි. මෙයට වසර කිහිපයකට පෙර ලොව අංක එකේ ධනවතා වූ කාලෝස්‌ ස්‌ලිම් හේලු අදටත් පරිහරණය කරන අධ්‍යාත්මික සුබ ලකුණ වාළම්පුරිය බව නැවතත් ඔබට මතක්‌ කර දෙමි.

මා ශ්‍රී ලංකාව අත්හැර උසස්‌ අධ්‍යාපනය සඳහා ස්‌වීඩනය බලා යන්නේ 1975 දී ය. එවකට මම නව යෞවනයකු වීමි. ස්‌වීඩනයේ විශ්වවිද්‍යාලයක උසස්‌ අධ්‍යාපන පාඨමාලාවක්‌ හදාරමින් මා කල්ගත කරන විට සිංහල තරුණයකු හඳුනා ගැනීමට මට ඉඩ ලැබුණේය. මේ තරුණයා පියසිරි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වමු. ඔහු ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම් නගරයෙහි තිබූ පෙට්‍රල් ෂෙඩ් එකක පොම්පකරු ලෙස ඉතා දුෂ්කර ජීවිතයක්‌ ගත කළේය. පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගැසීම ලංකාව වැනි රටක ඉතා අමාරු කාර්යක්‌ නොවේ. එහෙත් උත්තරධ්‍රැවයට ආසන්නව පිහිටි පට්‌ට සීතලක්‌ ඇති ස්‌වීඩනය වැනි රටක සීත කාලයේදී පෙට්‍රල් ෂෙඩ් එකක එළිමහනේ වැඩ කරන්නට සිදුවීම පරණ කරුමයක්‌ පල දීමකි. මම ද එකල පාට්‌ටයිම් රැකියාවක්‌ කළෙමි. එහෙත් පියසිරිට වඩා 100% ක්‌ සුඛෝපභෝගී ජීවිතයකි මා ගත කළේ. අපි දෙදෙනා හැම උදයකදීම එකට බස්‌ නැවතුම්පලේදී මුණගැසුනෙමු. ඔහු තමා ගතකරන දුක්‌බර ජීවිතය ගැන හැම උදයකම මට කීවේය. ඇතැම් සීත කාලයක ඔහුගේ සිරුරේ හම පුපුරා ගියේ උවමනාවට වඩා එළිමහනේ සිටීමට සිදුවූ නිසාය.

මේ වන විට මා අංක ගණිත ජ්‍යෙdතිෂය සහ වාළම්පුරි ශංඛ පිළිබඳ හැදැරීම ආරම්භ කළා පමණි. දිනක්‌ ඔහුගේ හඳහන බැලීමට මට සිත් විය. මම ඒ බව ඔහුට කීවෙමි.

"හඳහන තියන්නේ ලංකාවේ..." ඔහු බලාපොරොත්තු සුන් වූ ලෙස කීවේය.

"මා හඳහන් බලන්නේ අංක ගණිත ජ්‍යෙdතිෂයට අනුවයි. ඒ නිසා සාම්ප්‍රදායික ක්‍රමයට හැදූ ඔබේ හඳහනින් මට වැඩක්‌ නැහැ. මට ඔබේ උපන් වෙලාව දෙන්න. මම අලුත් හඳහනක්‌ හදා ගන්නම්. ඒක අංක ගණිත ජ්‍යෙdතිෂ ක්‍රමයට අයත් හඳහනක්‌."

ඔහු වහාම මට උපන් වෙලාව දුන්නේය. සවස නවාතැනට ගිය මම ඔහුගේ උපන් වෙලාව ගණනය කරමින් අලුත් ජන්ම පත්‍රයක්‌ සැදුවෙමි. අංක ගණිත ජ්‍යෙdතිෂයට අනුව ඒරාෂ්ඨක හෝ මාරක අපල යනාදිය නැත. ඔහුගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කළ මට පෙනී ගියේ මුදල් රාශිය බලවත්ව ඇති බවය. එහෙත් මේ බලය තවත් තීව්‍ර කිරීම සඳහා කිසියම් දෙවියකුගේ බැල්ම සහ ආධාරය ලබාගැනීම අත්‍යවශ්‍ය විය. ඒ අනුව ධන ලක්‍ෂ්මී දිව්‍ය මෑණියන්ගේ පිහිට ඔහුට ලැබිය යුතු බව මට වැටහිණ. ඒ සඳහා ඔහු ධන ලක්‍ෂ්මී වාළම්පුරියට වැඳුම් පිදුම් කළ යුතු විය. මම ඒ බව ඔහුට තේරුම් කළෙමි.

"කොහෙන්ද වාළම්පුරියක්‌ මිලට ගන්නේ?" ඔහු විමසීය.

"මම දන්නෙත් නැහැ. මොකද මම තවමත් මේ දිව්‍යමය බලවේගයන් ගැන පර්යේෂණ කරමිනුයි ඉන්නේ. පුළුවන්නම් කොයි විදියකින් හරි වාළම්පුරියක්‌ හොයා ගන්න. ඔබේම ව්‍යාපාරයක්‌ පටන් ගන්න. ඔබ දියුණු වෙන බව සහතිකයි.

ඉන් පසුව ද හැම උදයකම මගේ මිතුරා මට හමු විය. තුන්මසකට පමණ පසු ඔහු මට කීවේ නිවාඩුවක්‌ සඳහා ලංකාවට යන බවය.

පියසිරි ලංකාව බලා ගොස්‌ තෙසතියකට පසු ස්‌ටොක්‌හෝම් නුවර අත්හැර ඔස්‌ලෝ නුවර පදිංචියට යැමට මට සිදු විය. ස්‌ටොක්‌හෝම් තිබෙන්නේ ස්‌විඩනයේ නැගෙනහිර වෙරළේය. ඔස්‌ලෝ නගරය බටහිර වෙරළේ පිහිටියේය. මේ නගර දෙක අතර පරතරය සැතපුම් 1000 ක්‌ පමණ වේ. මා ඔස්‌ලෝ නුවරට යන්නේ ස්‌වීඩන් විශ්වවිද්‍යාලය මගින් දෙන ලද පැවැරුමක්‌ ඉටු කිරීම සඳහාය. පැවැරුම් කාලය අවුරුද්දකි.

වසරකට පසු නැවත ස්‌ටොක්‌හෝම් නුවරට පැමිණි මම ඊළඟ දිනයේ උදේ සරසවි යැමට බස්‌ නැවතුමට ගියෙමි. එහෙත් පියසිරි එතැන සිටියේ නැත. සතියක පමණ කාලයක්‌ මට පියසිරි හමු වූයේ ද නැත. එබැවින් එක්‌ නිවාඩු දිනයක මම ඔහු සේවය කළ පෙට්‍රල් ෂෙඩ් එකට ගියෙමි. එහිදී මට දැකගන්නට ලැබුණේ ශ්‍රී ලංකාවට ගිය පියසිරි දෙමසකට පසු ආපසු පැමිණ තවත් මාසයක්‌ ඉන්ධන හලේ සේවය කර අස්‌වී ගිය බවය. ඒ අනුව ඔහු සොයන අදහස මම අත්හළෙමි.

මේ සියලු සිදුවීම්වලින් මසකට පසු එක්‌ උදැසනක බස්‌ නැවතුම්පළේදී මට පියසිරි හමුවිය. ඔහු ඉතා පිළිවෙලට ඇඳ පැළඳ සිටි අතර වෙනදා තිබූ විඩාපත්භාවය හෝ කලකිරුණ ස්‌වභාවය ඔහු තුළ නොතිබිණි. දුටු සැනින් ඔහු මා වැළඳ ගත්තේය. ඉන්පසු මට කතාවක්‌ කීවේය.

"එදා ඔබ කිව්වා වාළම්පුරියකට වතාවත් කරන්න කියලා. මම ලංකාවට ගිහින් වාළම්පුරියක්‌ සොයා ගත්තා. එයට වතාවත් කරන්න පටන් ගත්තාම මා තුළ ලොකු ප්‍රබෝධයක්‌ ඇති වුණා. ඊට පස්‌සෙ මම නැවත ස්‌වීඩනයට ආවා. ඒ එද්දි ගුවන්යානයේදී මට මුණගැහුනා වියපත් ස්‌වීඩන් ජාතික යුවළක්‌. ඒ අය කාත් කවුරුත් නැති ඒත් විශාල දේපළක්‌ තිබෙන අය. මේ දෙන්නා මට කිව්වා ඒගොල්ලන්ගේ ගෙදර දරුවකු වගේ නැවතිලා ඔවුන්ව රැකබලා ගන්න කියලා. ඉතින් ගුවන්යානයෙන් බැහැලා මා කෙළින්ම ඒ යුවලත් එක්‌ක ඔවුන්ගේ නිවසට ගියා. මා ඒ ගෙදරට ගිය විටයි දැක්‌කේ ගෙට අල්ලලාම ලොකු වෙළෙඳසලකුත් තිබෙන බව. මම දැන් ඒ දේපළ බලාගෙන ඉන්නවා. පසුගිය මාස කිහිපය තිස්‌සේ මේ වෙළෙඳසල හුඟක්‌ දියුණු කරන්නට මට හැකි වුණා. මේ හැම දෙයක්‌ම වූයේ ඔබ කියපු විදියට වාළම්පුරියට සහ විෂ්ණු, ලක්‍ෂ්මි දිව්‍ය යුවලට වතාවත් කිරීම නිසා බවයි මා හිතන්නේ.

ඔහුගේ කතාව මා තුළ ඇති කළේ විශාල ආත්ම ශක්‌තියකි

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1459745901


obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

hadisi dhiyunuwa gana kathawak හදිසි දියුණුව ගැන කතාවක්‌ hadisi dhiyunuwa gena kathawak hadissi diyunuva gana katawak hadhisi dhiyunuwa hadisi diunuva

hadisi dhiyunuwa gana kathawak හදිසි දියුණුව ගැන කතාවක්‌ hadisi dhiyunuwa gena kathawak hadissi diyunuva gana katawak hadhisi dhiyunuwa hadisi diunuva

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න hadisi dhiyunuwa gana kathawak හදිසි දියුණුව ගැන කතාවක්‌ hadisi dhiyunuwa gena kathawak hadissi diyunuva gana katawak hadhisi dhiyunuwa hadisi diunuva