Karadarawalin Midenna Obatama Karagatha Heki Bawudya Shanthi Karma කරදරවලින් මිදෙන්න ඔබටම කරගත හැකි බෞද්ධ ශාන්ති කර්ම

''අහසේ තියන තරු කොහොමද මිනිස්‌සුන්ට හො`ද නරක කරන්නෙ ? මනස්‌ගාත, ඔය වගේ මිත්‍යා විශ්වාස හින්ද තමා ලංකාවේ මිනිස්‌සු තාමත් දියුණු නැත්තෙ..''

අතේ මිටේ සල්ලි ගැවසෙනවානම්, ලෙඩක්‌ දුකක්‌ නැත්නම්, යාළුවෝ ඕනතරම් ඉන්නවනේ. ඒ වෙලාවට බොහොම දෙනෙක්‌ කියන්නේ ඔය වගේ කතා තමයි. ඒ වුණාට කරදර එක පිට එක එනකොට, හිතන්න බැරි විදිහට ජීවිතේ වෙනස්‌ වෙනකොට, දවල් තරු පේන්න පටං ගන්නවා. එතකොට තමයි තරු වලිනුත් යමක්‌ වෙන්න පුළුවනි කියලා හිතන්නේ. කර්ම, පෙර පින, පරණ පව්, ඔය වගේ වචන මතක්‌ වෙන්නෙත් දවල් තරු පේනකොට.

නින්දා අපහාස, හොර හතුරු කරදර, නිමක්‌ නැති ලෙඩදුක්‌ එක පිට එක එනකොට ඔන්න කවුරු හරි කියනවා කේන්දරේ වත් බැලුවෙ නැද්ද කියලා. නැත්තම් කියනවා අහවල් තැන හො`දට සාස්‌තර කියනවලු යන්ද බලන්න කියල. ඉතිං යනවා.

''සෙනසුරු අපලයක්‌''

''බහිරව දෝෂයක්‌''

''පෙරේත බන්දනයක්‌''

''මළ යකෙක්‌ ඉන්නවා''

''ගෙදර වාස්‌තු දෝෂ''

ඔය වගේ හරියට තේරෙන්නෙත් නැති වචන වලින් සාස්‌තරේට කියෑවෙන්නෙ මේ කරදරවලට හේතුව මොකක්‌ද කියලා. කරදරේ ඉවත්කරගන්න පුළුවනි. බහිරව පූජාවක්‌ තියන්න, පෙරේත ගොටුවක්‌ දෙන්න, නැත්නම් අහවල් යන්තරේ දාන්න එහෙම කියලත් සාසාaතරේටම කියනවා. ඒවාට වියදම්. හොදයි කියන හැමතැනටම ගියා. ඒත් තවම කරදරේ ඉවරයක්‌ නෑ. අතට ගන්න සල්ලිවලට මොනවා වෙනවද දන්නෙ නෑ. කියල හිතන්න පටන් ගන්නෙ ඊට පස්‌සේ. කරදර වලින් මිදෙන්න තව මොනවද කරන්න ඕන.

කරදර වලින් මිදෙන්න නම් ඉස්‌සර වෙලාම දැනගන්න ඕන කරදර එන්නෙ කොහොමද? හේතුව මොකක්‌ද කියලා. ජීවත්වෙන හැම සතකුටම පොදු කාරනා අටක්‌ තියනාවා. ඒවාට තමා අටලෝ දහම කියන්නේ. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, දුක සැප කියලා මේ අට බුදුහාමුදුරුවෝ දේශනා කර වදාලා. මෙයින් හතරකට කවුරුත් කැමතියිs. අනෙක්‌ හතරට අකමැතියි. ලාභ, කීර්තිය, ප්‍රශංසා සැප කියන හතර කවුරුත් බලාපොරොත්තු වෙනවා. අලාභ, නින්දා, අපකීර්තිය, දුක්‌ කවුරුත්ම පතන්නේ නැහැ. ඒ උණුත් අටලෝ දහමට ඒ හතරත් අයිතියි.

එකෙන් කියන්නේ දුක වගේම සැපත් එකම කාසියක දෙපැත්ත වගේ. ගහයි පොත්තයි වගේ. රැයයි දහවලයි වගේ, එකිනෙකට සම්බන්ධයි. අපි එපා කිවුවත් අකමැතියි කිවුවත් කාටවත් මේ අකමැති ධර්මතා හතර අයින් කරන්න බැහැ. මේ හින්ද අපි දැනගන්න ඕන දුක්‌ කරදර කියන්නේ ස්‌වභාවික දේවල්වටල බව. ඉපදුනු හැම කෙනකුටම මේවා උරුමවන බව. ඒවාට මුහුණ පාන්න වෙන බව. ඒවායින් කම්පා නොවිය යුතු බව. සැපේදුත් දුකේදීත් කම්පානොවීම මංගල කාරනයක්‌ කියලා මංගල සූත්‍රයේ තියනවා.

ඒ වගේම කතාවක්‌ තියනවා''උපාය දන්නෝ අපායේ නොවැටෙති'' කියලා. ඒ කියන්නේ දුක්‌ කරදර වලින් මිදෙන්න යම් ක්‍රමයක්‌ තියනවා. උපායශීලී වීමෙන් කරදර මග හැරගන්න පුළුවනි.

අටලෝ දහමෙ තියන කාරනා අටටම මුල් වෙන්නේ අපි කියපු දේවල් තමයි. අපි අද මෙහෙම ඉන්නේ මීට ඉස්‌සර වෙලා කරපු දේවල්වල ප්‍රතිඵලයක්‌ හැටියටයි. මීට ඉස්‌සරවෙලා කියපුහම ඊයෙ පෙරේදත් උපන්නාට පසුවත් පෙර ආත්මභාවවලත් කාලය අයිති වෙනවා.

කරපු කර්ම අනුව සත්වයා විවිධාකාරයෙන් බෙදෙනවා කියලා ධර්මයේ තියනවා. ඉතිං අපිට එන කරදර පවුල් අවුල්, රැකියාබාධා, සතුරු කරදර, ධනහානි, ලෙඩ රෝග, ඔය හැම දේකටම හේතුව පෙර කරන ලද කර්ම වෙන්න පුළුවන්. මේ කර්ම දෝෂ යටපත් කරන්න කරන එක උපක්‍රමයක්‌ තමා ශාන්ති කර්ම කියන්නේ. ශාන්ති කර්ම කියන වචන ඇහෙනකොටම මතක්‌ වෙන්නේ බලි තොවිල් යාතු කර්ම මන්ත්‍ර ගුරුකම් වගේ දේවල්.

ඔය වගේ අපට එන කරදර වලින් මිදෙන්න කරන ශාන්ති කර්ම කරන්න ඉස්‌සර වෙලා මේකට හේතුව දැනගන්න ඕන. අපල උපද්‍රව එන හේතු කීපයක්‌ තියනවා. එකක්‌ තමයි පෙර කර්මවල විපාක. අකුසල් විපාක. එහෙම කියනකොට කෙනකුට හිතෙන්න පුළුවනි මම නම් කවදාවත් පව් කරන්නේ නෑ නේ කියලා. ඒ උණාdට බුදුහාමුදුරුවෝ දේශනා කලා සමහරු නිතර රෝගී වෙන්නෙත් සමහරු නිරෝගී වෙන්නෙත් හේතුව පෙර කර්ම කියලා. ඒ විතරක්‌ නෙවේ. සමහරු දිර්ඝායුෂ විදිනවා. සමහරු ඉක්‌මනට මැරිලා යනවා. සමහරු දුප්පත්, සමහරු පොහොසත් ඔය වගේ වෙනස්‌කම්වලට හේතුව කර්ම කියලයි කියන්නේ. චුල්ල කම්ම විභංග, මහා කම්ම විභංග වගේ සුත්‍රවල මේ ගැන විස්‌තර තියනවා.

අපල උපද්‍රව එන දෙවනි හේතුව නම් අමනුෂ්‍ය දෝෂ. ඔය බහිරව පෙරේත දෝෂ කියන්නේ ඒවාට. එතකොට ඔය සමහරු උගත් කියන අය කියනවා ඕවා බොරු කියලා. බොරු නෙවේ ඇත්ත. භූමිවලට අරක්‌ ගත්ත අමනුෂයෝ ඉන්නවා. භූමිය ආශ්‍රිතව ප්‍රේත, අසුර ආත්මභාවවල අමනුෂ්‍යයොත් ඉන්නවා. ඒ අයගෙන් සමහර විට කරදර එන්න පුළුවනි.

මේ වගේ භූමියට අරක්‌ගත්ද දෙව්විරු ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ මහා පරිනිබ්dන සූත්‍රයේත් දේශනා කළා. උන්වහන්සේ ආනන්ද හාමුදුරුන්වට වදාළා තමන් වහන්සේ විසාලා නුවර ඉදිකරන කොට මහේශාඛ්‍ය දෙවිවරු යම් තැනක අරක්‌ ගන්නව නම් ඒ තැන්වල මහේශාඛ්‍ය මිනිස්‌සුන්ට හෙවිලි හදන්න හිතෙනවා. නීච දෙවිවරු අරක්‌ ගන්ත ඉඩම්වල ගෙවල් හදන්න නීච මිනිස්‌සුන්ට හිතෙනවා කියලා.

අපල උපද්‍රව එන්න තුන්වැනි හේතුව තමයි නපුරු ඊෂ්‍යාකාර මිනිස්‌සු කරන අණ - විණ කොඩිවින වගේ දේවල්. ඒවයින් වෙන්නෙත් භූත බලවේගයක්‌ තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන එක. ඇස්‌ වහ කටවහ වගේ දේවලුත් බලපානවා. මෙයට අමතරව කෙනෙක්‌ පදිංචි වෙලා ඉන්න නිවාසයෙ ඉඩමෙ වාස්‌තු දේෂ නිසාත් කරදර එන්න පුළුවන්. ඉඩමේ හැඩය, ඉදිකල නිවසේ දොර ජනෙල්, ක්‍ෂේත්‍රඵලය වගේ දේවල් වැරදි විදිහට තියනවානම් අශුභ ශක්‌තීන් ක්‍රියාත්මක වෙනවා. එතකොට ධනහානි, රෝග පීඩා ඇතිවෙන්න හේතු වෙනවා. අපි කතා කලේ කරදර අපල උපද්‍රව එන ක්‍රම කිහිපයක්‌ තියනවා කියන එකයි. ඉතිං අපලවලට කරදරවලට හේතුව මොකක්‌ද කියල මුලින්ම දැනගන්න ඕන. ඔය හේතු වලින් තමන්ට බලපාන හේතුව නොදැන ශාන්ති කර්ම කරන්න බෑ. පෙර කර්මවල බලපෑම සොයාගන්න ජන්ම පත්‍රය නැත්නම් කේන්ද්‍රය පරීක්‍ෂා කරල පුළුවනි. සෙනසුරු අපල, කුජ, භෞම දෝෂ, සර්ප දෝෂ එහෙම කියන්නේ ග්‍රහ අපලවලට. සෙනසුරු ගෙන් විතරක්‌ නොවේ. ග්‍රහයෝ නම දෙනාගෙන්ම අපල ඇති වෙනවා. හැබැයි අපල කරන්නේ ග්‍රහයෝ නෙවේ. අකුශල කර්ම ගැන ග්‍රහයෝ පෙන්නලා දෙනවා විතරයි.

අමනුෂ්‍ය දෝෂ තියනවද කියලා කේන්දර බලලා දැනගන්න බෑ. තත්කාල ශාස්‌ත්‍රය දන්න ජ්‍යෙdaතිර්වේදියකුට කේන්ද්‍රය අයිති කෙනාට ග්‍රහ අපල නැතත් අමනුෂ්‍ය දෝෂ තියනවා කියලා දැනගන්න පුළුවනි. කේන්දර බලන්න ඕන කෙනා බුලත් හුරුල්ලක්‌ දෙන වෙලාවට හදන තත්කාල කේන්ද්‍රය මගින් භෛරව ප්‍රේත දෝෂ තියනවද කියලා හඳුනාගන්න පුළුවනි.

වාස්‌තු දෝෂ හඳුනාගන්න ඔය ක්‍රම දෙකටම බැහැ. ඒකට නිවාසය නැතිනම් භූමිය පරීක්‍ෂාකරන්න ඕන. වාස්‌තු විද්‍යාව දන්නා කෙනකුට විතරක්‌ ඕක කරන්න පුළුවනි. ඒ වගේම දෝෂ තිබුණත් අඩු වියදමකින් ඒ දෝෂ ඉවත්කරගත් හැටි කියා දෙන්නත් ඕන. වැරදි තියනවා කියල ගේ කඩන්න බෑ. දෝෂ තියන ඉඩමක්‌ වුණත් අත්හරින්න බැරිනම් වෙනත් ඉඩමක්‌ ගන්න සල්ලි මදිනම් දෝෂ ඉවත් කර ගන්න උපක්‍රමයක්‌ කරන්න වෙනවා.

හැබැයි ඉතිං ඔය මොන දෝෂයක්‌ වුණත් පල දෙන්නෙ නරක කාලයට. ඒ කියන්නේ අටලෝ දහමට අනුව අකුසල් පලදෙන කාලයට. ඒකට නම් කියන්නේ අපල කියලා. සමහරු කියවා නරක කාලේ ග්‍රහ අපල කියලා හිතන්නේ නැතුව ඉන්න ඕන කියලා. කරදර ගලාගෙන එනකොට එහෙම හිතන්නේ නැතුව බෑ. ග්‍රහ අපලයක්‌ ද? අමනුෂ්‍ය දෝෂයක්‌ ද? වාස්‌තු දෝෂයක්‌ද කියලා හොයලා බලන්න ඕන. ලෙඩේ අදුර ගත්නෙ නැතිව බේත් දෙන්න බෑ. වැරදි බේත් වලින් වැරදි ප්‍රතිඵල ලැබෙන්න පුළුවනි. නැතිනම් ලෙඩේ සුව නොවෙන්නත් පුළුවනි. ලෙඩේ වැඩිවෙලා ලෙඩා මියෑදෙන්නත් පුළුවනි.

ඉතිං මේ ග්‍රහ අපල හරි අමනුෂ්‍ය දෝෂ හරි නැතිකරන්න මිනිස්‌සු එක එක ජාති කරනව. ඒ වුණාට බෞද්ධ ශාන්තිකර්ම නොවරදින පිළිවෙලක්‌ හැටියටයි අපි දන්නේ.

අපි හිතමු අමනුෂ්‍ය දෝෂයක්‌ තියනව කියලා. නැත්නම් ග්‍රහ දෝෂයක්‌ තියනවා කියලා. බලන්න මේ ගාථාව.

''නක්‌ඛත්ත යක්‌ඛ භූතානං
පාපග්ගහ නිවාරනා
පරිත්තස්‌සානු භාවේන
හන්තු තේසං උපද්දවේ

නැකත්තරු, යක්‍ෂ, භූත, පාපග්‍රහයින්ගෙන් වන දෝෂ පිරිතේ බලයෙන් නිවාරනය වේවා. කියන එකයි මේකේ තේරුම.

අනිත් අතට මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළානේ ඉඩම්වලට අරක්‌ගත්ත දෙවිවරු ඉන්නවා කියලා. ඊල`ගට උන්වහන්සේ අවවාද කරන්නේ මෙහෙමයි.

''යම් පෙදෙසක පණ්‌ඩිතයෙක්‌ වසයිද, ඔහු සිල්වත් බ්‍රහ්මචාරීන් වලදමා මෙම දෙවියන්ට පින් දෙන්නේය. ඉන් සතුටු වන දෙවියෝ එක දරුවෙක්‌ සිටින මවක්‌ ඒ දරුවා රකින්නාසේ මෙන් ඔහු රකී. හැමදා ඔහු හො`ද දකී.''

මේ දේශනා කරන්නේ සිල්වත් ස්‌වාමින් වහන්සේලාට දානයක්‌. ඒ කියන්නේ සාංඝික දානයක්‌ දෙන්න කියලනේ. ඔය දේශනා වලින් පේනවා සාංඝික දානයක්‌ දීල භූමියට අරක්‌ ගත් සියලු අමානුෂයින්ට පින් දීල පිරිත් දේශනා කිරීමෙන් හැම අපලයක්‌ම උවදුරක්‌ම නැති කරගන්න පුළුවන් කියලා.

දානයයි පිරිතයි හරිම සරලයි. කාටවුණත් කරන්න පුළුවන්. හැබැයි මේ ගැන සැලකිල්ලක්‌ හැමෝටම තියන බවක්‌ පේන්නේ නෑ. හුඟාක්‌ අය දුවන්නෙ වෙන වෙන දේවල් පස්‌සේ. සමහරු පිංකම් කළාට ප්‍රතිඵල පේනන නෑ. ඇයි ඒ ?

දානයක්‌ දෙන අය කරන්නේ මහ සෙන`ග ගෙදරට කැ`දවන එක. හරියට මනමාලි නැති ම`ගුල් ගෙයක්‌ වගේ. දානෙ උයන්නේ වෙන කට්‌ටියක්‌. එහෙම නැත්නම් කේටරින් සර්විස්‌ එක. දානෙ බෙදන්නේ ඔක්‌කොම වෙන වෙන අය. ගෙදර අය කරන්නෙ අමුත්තන්ට සංග්‍රහ කරන එකයි. එහෙ මෙහෙ දුව දුවා කතාකර කර ඉන්න එකයි. කතා කරන්න සංග්‍රහ කරන්න බැරි උනොත් අමුත්තො අමනාප වෙයි කියල කලබලේ. ඉතිං පින් කරන්නෙ කොහොමද? පින තියෙන්නේ හිතින් කරන දෙයක්‌ ෙච්තනාහං භික්‌ඛවේ කම්මං වදාමි'' කියන්නේ ඒකයි. පූණ්‍ය ෙච්තනා සිතිවිලි නැතිනම් පින දුර්වලයි.

අපේ පිරිත් පිංකම් ඊටත් අන්තයි. කේටරින් සර්විස්‌, කෝකියෝ, උත්සව භාණ්‌ඩ, හැමතැනම සෙනග, සමහරු දේශපාලනේ කතා කරනවා. තර්ක විතර්ක, තරුණ තරුණියෝ ප්‍රේම සල්ලාප. විශේෂ අමුත්තෝ, කාමරයක්‌ ඇතුලෙ මත්පැන් සංග්‍රහ, මස්‌ මාළු වලින් හමන දු`ගද හැමතැනම. ඔය අස්‌සේ පිරිත්, රෑ වෙනකොට පිරිත් අහන්න කෙනෙක්‌ නෑ. සමහරු නිදි. මේවා පිංකම් නෙවේ. මලවිකාර.

අපි පිංකමට සුදානම් වෙන්න ඕන නියමිත දවසට බුදුහාමුදුරුවෝ එක්‌ක සංඝරත්නය ගෙදරට වඩිනවා කියන හැ`ගීමෙන්. ගේ අස්‌පස්‌ කරලා අතුපතු ගාලා සුද්ද කරන්න පටන් ගත්ත දවසේ ඉ`දලම පිංකම අවසන් වෙනකල් එහෙමයි හිතන්න ඕන. බුදු ගුණ, ධර්මයේ ගුණ, ස`ගගුණ. සෙන`ග සීමා කරන්න ඕන. ටික දෙනෙක්‌ හිටියට කමක්‌ නෑ. කවුරු හිටියත් හිත යොදවන්න ඕන පිංකම ගැන. තමන් උයන්න ඕන. බෙදන්න ඕන. හිත කය වචනය සංඝරත්නය කෙරෙහිම පවත්වා ගන්න ඕන.

පිරිත් නම් පිරිත් අහන්න ඕන. එලිවෙනකම් බැරිනම් වරු පිරිතක්‌ කියවා ගන්න ඕන. එතකොට පැය කීපයක්‌ ඕකටම යෙදෙන්න පුළුවනි. ගෙදර හැමදෙනාම පිරිත් අහන්න ඕන. එදාට නිර්මාංශ ආහාර ගන්න පුළුවන් නම් හොදයි. සිල්වත් වෙන්න ඕන. පිරිත් වලින් හදන යන්ත්‍රත් තියනවා. නවගුණ, රතන, අභිසම්බිදාන, සබ්බපාපස්‌ස, විජයරාජ වගේ මහානුභාව සම්පන්න යන්ත්‍ර පිරිත් වලින් පේ කරල තමයි හදන්නේ. ගොවිතැනට, නිරෝගී බවට, ධනසම්පත් වර්ධනයට, ඔය හැම ගැටළුවකටම පිරිත් වලින් විස`දුම් තියනවා.

හැබැයි විශ්වාසය තියෙන්න ඕන. ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඉතිං ඔබත් කරදරයකින් පෙලෙනවා නම් සාංඝික දානයක්‌ දීල වරු පිරිතක්‌ කියලා දෙවියන්ට පින් දෙන්න. දිනපතාම බුදුහාමුදුරුවන්ට මල් පහන්, පැන් ටිකක්‌ එහෙම පූජා කරල සිල්වත්ව පිරිත් සූත්‍රයක්‌ ගෙදර කියන්න. ගෙදර හැමෝම එකතු වෙලා දිනපතාම උදේ සවස බුද්ධ වන්දනාව කරල පිරිත් කියලා මෛත්‍රී භාවනාව ටික වේලාවක්‌ කරන්න.

මේ නොවරදින බෞද්ධ ශාන්ති කර්මයකි. හැම පූජාවකටම වඩා උසස්‌ම පූජාව බුද්ධ පූජාවයි.


කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
0771234313 / 035 2232084

උපුටා ගැනීම -http://iranama.tharunaya.us/show1.php?id=1477196224

 

..........


karadarawalin midenna obatama karagatha heki bawudya shanthi karma කරදරවලින් මිදෙන්න ඔබටම කරගත හැකි බෞද්ධ ශාන්ති කර්ම bawudya shanthi karma bavudya shanti karma

karadarawalin midenna obatama karagatha heki bawudya shanthi karma කරදරවලින් මිදෙන්න ඔබටම කරගත හැකි බෞද්ධ ශාන්ති කර්ම bawudya shanthi karma bavudya shanti karma

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය karadarawalin midenna obatama karagatha heki bawudya shanthi karma කරදරවලින් මිදෙන්න ඔබටම කරගත හැකි බෞද්ධ ශාන්ති කර්ම bawudya shanthi karma bavudya shanti karma