Kuja Kothanada Age Sitha Ethanai කුජ කොතැන ද ඇගේ සිත එතැනයි

* මේෂ රාශියේ කුජ තැන්පත් කත සොයන්නේ රණශුරයකු බඳු සැමියෙකි
* මිථුන රාශියේ කුජ තැන්පත් නම් ඇය බුද්ධිමත් සහකරුවකුට සමීප වේ
* වෘශ්චික රාශියේ කුජ තැන්පත් ස්ත්‍රිය අඳුරු පියකරු පිරිමින් ප්‍රිය කරයි

කාත්තා කේන්දරයක කුජ ග්‍රහයා තැන්පත්ව සිටින රාශිය අනුව ඇය පතන්නේ කුමන ආකාරයේ සහකරුවෙක්ද යක බව මොනවට අනාවරණය වේ.මේ තොරතුරු ඔබට සාපේක්ෂව කෙතරම් නිවැරදි දැයි බලන්න‍.

ඔබ උපන්නේ මේෂ ලග්නයෙන් නම් ඔබේ කේන්දරයේ කුජ ග්‍රහයා තැන්පත්ව සිටින්නේ 7 වැනි ‍කොටුවේ නම් මේෂ- වෘෂභ- මිථුන-කටක -සිංහ -කන්‍යා-තුලා යනුවෙන් පිළිවෙළ යන විට 7 වැටෙන්නේ තුලාවය, ඔබ උපන් ලග්නය මුලට ගෙන ඉන් පසුව අදාල පිළිවෙලට යන විට කුජ ග්‍රහයා තැන්පත් රාශිය හඳුනා ගත හැකිය.

මේෂ රාශියේ කුජ තැන්පත් කාන්තාව

මැගේ සිහින කුමරා වන්නේ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් පිරි ශක්තිමත් සහ ස්වාධීන පුරුෂයෙකි. ඔහු මලල ක්‍රීඩකයකු මෙන් ජව සම්පන්නව සිටිනු දැකීමට මේ තැනැත්තිය ප්‍රිය කරයි. වැදගත්ම දෙය වන්නේ ඔහු සෘජු ගතිගුණ පළ කළ යුතුය. ආත්ම ශක්තිය සහ මනා පෞරුෂත්වය. අධි සංවේදී ලාමක ගති ඇති ලැප්ජාශිලී පිරිමින් මැය රුස්සන්නේ නැත. මේෂ රාශියේ කුජ තැන්පත්ව සිටියදී උපන් කාන්තාව වහා ආකර්ෂණය වන්නේ ප්‍රතාපවත් ගති ඇති පිරිමින් වෙතය. ඇය සොයන්නේ යුද සේනාධිපතියෙකි.

වෘෂභ රාශි‍යේ කුජ තැන්පත් කාන්තාව

මැය වහා ආකර්ෂණය වන්නේ ශක්තිමත් සාම්ප්‍රදායක පන්නයේ පිරිමින්ටය. ආරක්ෂාව -පෞරුෂය -සහ ආත්ම ශක්තියෙන් අනුන පුද්ගලයන්ට මේ තැනැත්තිය ප්‍රිය මනාප වේ. තරබාරු, කිසිදු හැඩයක් නැති පිරිමින් නොරුස්සයි. සරල බව අගය කරයි. වෘත්තීය ක්‍රියා ශූරත්වය මිස දාර්ශනික අදහස් ඇති පිරිමි සමඟ මැයට ගනු දෙනු කිරීම අසීරුය. මැය නිරතුරුව සොයන්නේ අති සාමාන්‍ය පුරුෂයෙකි.

මිථුන රාශියේ කුජ තැන්පත් නම් කාන්තාව

මැය වහා ආකර්ෂණය වන්නේ බුද්ධිය සහ උගත්කම පෙරටු කර ගත් පිරිමින් වෙතය. ක්‍රීඩාශීලි- දඟකාර පෙනුම සහ මනා පෞරුෂත්වයක් ඇය තම සිහින කුමරාගෙන් අපේක්ෂා කරයි. පිරිමි ගති ඇති සෘජු- ප්‍රතිපත්තිගරුක පුරුෂයන් ඇය අගය කරයි. විවිධත්වය, සජීවි බව සහ ක්‍රියාශීලීත්වය ආදී ගුණාංග තමා පතන පුරුෂයා තුළ තිබිය යුතු බැව් ඇය විශ්වාස කරයි. උදාසීන- මලානික චරිත මැය ප්‍රිය කරන්නේම නැත. සාම්ප්‍රදායක සහ ගතානුගතික පිරිමින්ටද රුචි නොවේ. උසස් මොළයක් සහ අනුරාගී චරිතයක් මැය තම සිහින කුමාරයා ගෙන් අපේක්ෂා කරන්නීය. ඔහු දැකීමෙන් තමා උත්තේජනයට පත්විය යුතු බව ඇගේ විශ්වාසය වේ.

කටක රාශියේ කුජ තැන්පත් කාන්තාව

මැය තම සිහින කුමාරයා ලෙස තෝරා ගන්නේ අධි ‍සංවේදී චරිතයකි. අනුකම්පා සහගත බව, රැකවරණය, ඔහුගෙන් මැය අපේක්ෂා කරන්නීය. මෙවැනි කාන්තාවක් ඇතැම් විට මානසික වශයෙන් සවිමත් නැති පිරිමින් වෙතද ආකර්ෂණය වේ. මැය සොයන්නේ අහිංසක පෙම්වතෙකි. එහෙත් නිවට ගති රුස්සන්නේ නැත. තමා සොයන පුරුෂයාගෙන් ශක්තිය සහ සාම්ප්‍රදායක පිරිමි ගති ලක්ෂණ ඇය අපේක්ෂා කරන්නීය.

සිංහ රාශියේ කුජ තැන්පත් කාන්තාව

සිංහ රාශියේ කුජ තැන්පත්ව සිටියදී උපන් කාන්තාව තම සිහින කුමාරයා ලෙස සොයන්නේ සැබැවින්ම කුමාර ලීලාවෙන් යුත් පුරුෂයෙකි. අභිමානවත් බව, මනාව හැඳ පැළඳගත් අති විභූෂිත

පෙනුම ,ඇය අගය කරන්නීය. විශ්වසනීය පෞරුෂත්වය, ආචාරශිලීත්වය,ක්‍රීඩාශීලි ගතිය,විනෝදකාමීත්වය මැය තම සිහින කුමරාගෙන් නිරතුරුව ‍බලාපොරොත්තු වේ. තම සහකරු ප්‍රභූ පෙනුමෙන් යුත් මහේශාක්‍ය ලීලාවෙන් විනෝදබරව සිටිනු දැකීමට මනාපය. ත්‍යාගශීලීත්වයද ඇගේ අපේක්ෂාවකි.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1470723167

..........


kuja kothanada age sitha ethanai කුජ කොතැන ද ඇගේ සිත එතැනයි kuja kothanada agee sitha ethanai kuja kotanadha age sitha ethanai

kuja kothanada age sitha ethanai කුජ කොතැන ද ඇගේ සිත එතැනයි kuja kothanada agee sitha ethanai kuja kotanadha age sitha ethanai

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය kuja kothanada age sitha ethanai කුජ කොතැන ද ඇගේ සිත එතැනයි kuja kothanada agee sitha ethanai kuja kotanadha age sitha ethanai