Rukshan Jayathilaka

2017 ජූලි 10 සිට 16 දක්වා සතියේ පලාපල

මේෂ ලග්නය
තාවකාලික සහනයක් ලබා ගැනිමට හැකි වෙයි. ධනය ලැබීමට ඇති හැකියාවන් විවෘත වේ. ස්ථාන කරදර පැවැතියේ නම් ඒවායින් නිදහස් වීමට මඟ පෑදෙයි. කාර්ය බහුල කෙරෙයි. අඹු-සැමියන්ගේ හොඳ හිත පලූදුවීමට ඉඩ ඇති කරයි. හදිසි අනතුරු හා හදිසි විපත් ඇති කරයි. ඉවසීමෙන් සිටිය යුතු නමුත් එසේ සිටීමට නොහැකි වෙයි. කථාවෙන් ජය ලබා ගැනීමට හැකි වෙයි. පවුලේ අයගේ නායකත්වය ලබා ගනියි. පැරණි ප්‍රශ්නයක් යලිත් හිස ඔසවයි. උගුරේ සෙම් රෝග, තුවාලවීම්, අර්ශස් රෝග,පෙන්වයි.
ජය අංක :- 3, 6, 8 ජය වර්ණ :- රතු නිල් ශුභ දිනය :- අඟහරුවාදා, සිකුරාදා

 

වෘෂභ ලග්නය
විවාහ දිවිය තිබූ අඩදබර අඩුවුවත් යලි උත්සන්න වෙයි. ප්‍රේම සම්බන්ධතා කඩා වැටෙයි. ඉවසීම නැති වෙයි.දරුවන්ගේ පෝෂණ මට්ටම පහතට වැටීමට ඉඩ නොදී ඒවා සෞඛ්‍යමය වශයෙන් උසස් තත්ත්වයක් ඇති කර ගැනීමට බලවත් වෙහෙසක් ගනී. හවුලේ කරන වැඩ කටයුතුවලින් පාඩු ලබයි. බිරිඳගේ හෝ ස්වාමියාගේ පාර්ශවයේ අයගේ වැරදි සොයයි. ආරවුල් ඇති කර ගනියි. නීති මාර්ගයට යාමට නීතියේ පිහිට ලබා ගැනීමට කටයුතු කරයි. එහෙත් පනින්නට පෙර සිතා බැලිය යුතුයි. මුත්‍රා හිරවීම්, දැවිලි ගති, ලේවල දෝෂ
ජය අංක :- 2, 4, 5 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- සෙනසුරාදා, සිකුරාදා

 

මිථුන ලග්නය
ලැබීම්වලට ආදායම් තත්ත්වය සතුටුදායක ලෙස වර්ධනය වීමට මඟ පෑදෙයි. හිතුවක්කාරීව කටයුතු කිරීමට පෙලඹෙයි. එම නිසාම කරදරවලට පටලැවෙයි. අඹු-සැමියන් අතර පැවැති ආරවුල් තාවකාලිකව අඩු කරයි. එහෙත් කල්ගිය රෝගයක් යලිත් හිස එසවීමට තැත් දරයි. කිසිවෙකුටත් හිස පාත්කිරිමට අකමැති වෙයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින සිසු දරුදැරියන්ට යහපත් සතියක් වන අතර පරීක්ෂණ කටයුතුවලින් ජය අත් කරයි. නඩුවක් පැටලීමක් හෝ නීති ප්‍රශ්නයක් ඇති විය හැකියි. රුධිර පීඩන තත්තවයන් බඩේ ගැස් ඇති කරයි.
ජය අංක :- 1, 4, 7 ජය වර්ණ :- කොළ, රතු ශුභ දිනය :- කොළ, කහ

 

කටක ලග්නය
කරණ කටයුතුවල යම් ප්‍රගතියක් හා වර්ධනයක් ඇති කරයි රැකියාවක් ලබා ගැනීමට දරණ උත්සාහය සාර්ථක වෙයි. එහෙත් හදිසි විපත් කරදර ඇති විය හැකි බැවින් ඒ පිිළිබඳව සැලකිලිමත්ව කටයුතු කර ගන්න. විශේෂයෙන් නීතියේ පිහිට ලබා ගැනීමට හෝ පොලිසි, උසාවි ආදියේ රස්තියාදු වීමට පවා ඉඩ ඇති කරයි.ආදායම් තත්ත්වය යහපත් වන අතර වාහන ලාභ, මුදල් ලාභ ඇති කලත් අධික වැය පස නිසා ඉතිරියක් කිරීමට නොහැකි වෙයි. විවාහ වීමට සිටින අයට තරමක් කල් ගතවීම් හෝ බාධාවන් ඇති කරයි. ඇස්වල රෝග,වාත පිත කරයි.
ජය අංක :- 3, 7, 9 ජය වර්ණ :- සුදු, ක්‍රීම්පාට ශුභ දිනය :- සඳුදා,  සිකුරාදා

 

සිංහ ලග්නය
මුදල් තත්ත්වය ප්‍රගතියක් හා ආදායම් තත්ත්වය වර්ධනයක් පෙන්නුම් කරයි. ස්ථානගත ප්‍රශ්නය විසඳා ගැනීමට හැකිවීම නිසා යම් යම් සහනයක් ඇති කරයි. හදිසි තීරණ ගැනීම් හා කලබල වී ක්‍රියා කිරිම අවාසිදායකයි. සංසුන්ව කටයුතු කිරීමෙන් ලාභ ප්‍රයෝජන අත් කරයි.රජයේ සේවයේ යෙදී සිටින නිළධාරී නිළධාරීනියන්ට යහපත් සතියක් බව පෙනෙයි. උසස් ප්‍රභූ පක්ෂයේ ආධාර උපකාර හිමි කරයි.ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව වාසය කර යුතුයි. අතපය තුවාල වීම්, ලේ ගලන තුවාල ඇතිවීම, හිසරදය ඇති කරයි.
ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- රතු, කහ ශුභ දිනය :- ඉරිදා, සඳුදා

 

කන්‍යා ලග්නය
හදිසි රෝග පිඩාවන් නිසා රෝහල් ගතවීම් හෝ ප්‍රතිකාර සඳහා එහි යාමක් සිදුවිය හැකියි. කරන කටයුතුවල කැපී පෙනෙන දියුණවක් හා ප්‍රගතියක් ඇති කරයි. රැකියා නොලැබ දුක්විදින අයට අළුත් රැකියා ලබා ගැනීමට හැකියාව හා ශක්තිය ලැඛෙයි. පාලකයෙකු හැටියට වැඩ කිරීමට හැකි වාතාවරණයක් උදා කරයි. රාජ්‍ය අංශයේ සේවයට හෝ අනුබද්ධ ආයතනවල සේවය කිරීමට ලැඛෙයි. මෙතෙක් රැකියාවේ උසස්වීම් නොලද අයට උසස්වීම් ලැඛෙයි. වාසනාවන්ත සතියක් බව පෙනෙයි. විදේශ ගමන් යාමට සූදානම් වන අයට යාමට හැකියාව ලැඛෙයි. මුත්‍රා දෝෂ,රෝග, ඇස්වල රෝග ආදිය පෙන්වයි.
ජය අංක :- 1, 5, 9 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සිකුරාදා

 

තුලා ලග්නය
අස්ථාවරව පැවැති හවුලේ කටයුතු යලි යම් ප්‍ර්‍රාණයක් ලබා ගැනීමට හැකි වෙයි. එහෙත් එය තාවකාලික වෙයි. විවාහ වීමට බලාපොරොත්තුවෙන් පසුවන තරුණ තරුණියන්ට යහපත් මංගල යෝග ඇති කරයි. විවාහය සිදුවීමට කටයුතු යෙදී සිටින අයට මංගල්‍ය ඉටු කර ගැනීමට වාසනාව ඇති කරනු ලබයි.ආදායම් තත්ත්වය තරමක් පහත වැටීමක් ඇති කරයි.එහෙත් අළුයට ගිනි පුපුරු මෙන් තිබේ. පියාට එතරම්ම ශ=භ කාලයක් නොවෙයි.  රෝගපීඩා හා කරදර ඇති කරයි. විවාහ දිවිය තරමක් රළු විය හැකියි. මුත්‍රා දෝෂ,ජලවිපත් ආදිය ඇති කරයි.
ජය අංක :-  5, 7, 8 ජය වර්ණ :- කහ, රතු ශුභ දිනය :-  බදාදා, සිකුරාදා

 

වෘශ්චික ලග්නය
හදිසි රෝග පීඩා හා විපත් ඇතිවිය හැකියි. මානසික අවුල් වියවුල් නිසා එදිනෙදා වැඩ කටයුතුවලට බාධා ඇති කරයි. කරගෙන ආ කටයුතු අතරමඟ නතර කිරීමට සිදුවිය හැකියි. දැන හෝ නොදැන යම් යම් වැඩ වරදවා ගනියි. එයින් පාඩු ලබයි. ස්ථානයේ කරදර ඇති කරයි.ආදායම් තත්ත්වය යහපත් වුවත් කරදර නිසා වැයපස ඉහළ යයි. විවාහ දිවියට පැවැති ආරවුල් විසඳා ගැනිමට හැකි වෙයි. ප්‍රේමවන්තයින්ට හා ප්‍රේමවන්තයින්ට. විවාහ වන්නට ද ඉතා යහපත් සතියකි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි. බඩේ අමාරු,මුත්‍රා දෝෂ ඇති කරයි.
ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි ශුභ දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

 

ධනු ලග්නය
තරඟ විභාග හෝ පරීක්ෂණ කටයුතුවලින් ජයක් ලබා ගැනීමට හැකියාව පවතී. උසස් අධ්‍යාපනය ලබන අයට ඉතා යහපත් බව පෙනෙයි. ලොතරැයි වාසනා ආදියට ද වරදක් නැත. සුළු වහයෙන් හෝ ධන ලාභයක් ඇතිවිය හැකිය.රක්ෂාව, වෙළඳාම, ව්‍යාපාර ආදිය කරන අයට සාර්ථකව ඉදිරියටම යාමට ශක්තිය හා බලය ලැඛෙයි.අඹු-සැමියන් අතර පවතින බැදීම් ක්‍රමයෙන් අඩුවීමට හේතු සාධක ඇති කර ගනියි. වැඩකට නැති ප්‍රශ්න මුදුන්පත් කර ගැනීම නිසා වැරදි දිගින් දිගටම වාද විවාද ඇති කර ගනියි. තමා සන්තක දෙයක් සොරකම් කිරීමක් නැතිවීමක් සිදුවිය හැකියි.යටි බඩේ අමාරු, වකුගඩු රෝග, මුත්‍රා රෝග ඇති කරයි.
ජය අංක :- 5, 7, 8 ජය වර්ණ :- කහ, තැඹිලි ශුභ දිනය :-  බ්‍රහස්පතින්දා, සඳුදා

 

මකර ලග්නය
සිතට සැනසිල්ලක් ළඟා කෙරෙයි. කලක් බලාපොරොත්තු තබා සිටි දෙයක් ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. ඉඩමක්, ගෙයක් ලබා ගැනීමට කාලයක් තිස්සේ බලාපොරොත්තු අදහසක් ඉටු කර ගැනීමට හැකියාව උවමනාව ද ඇති කරයි. උත්සව හා මංගල අවස්ථාවන්වලට සහභාගී වීමට හැකියාව ලැබේ. ආරාධනා ලැඛෙයි.
දුවකගේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම පිණිස මහන්සි වී වැඩ කටයුතු කරයි.පවුලේ සාමය සමාදානයට බාධා පැමිණෙයි. ඉවසීමෙන් යුතුව ක්‍රියා කළ යුතු බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. පපුවේ සෙම් රෝග, කැස්ස, උණ රෝග ඇති කරයි.
ජය අංක :- 2, 4, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සෙනසුරාදා

 

කුම්භ ලග්නය
සිතේ සතුටට හේතුවන දේවල් සිදුවෙයි. දුර ගමන් බිමන් යාමට සැලසුම් කීපයක් යොදා ගනියි. වැඩ කටයුතුවල යම් පීඩාකාරී බවක් වගේම වෙහෙස මහන්සි වී කිරිමට සිදු වෙයි. දරුවන්ගේ අනාගතය පිළිබඳව යම් යම් බිය සැක සංකා මතු වෙයි. හිතුවක්කාර අදහස් ඇතිවීම නිසා කරදර ඇති කරයි. එහෙත් පවුලේ සාමය, සමාදානය ඇති කරයි.ස්ථාන කරදර ඉවත් වී යයි. ඉඩම් හෝ ගෙවල් ආදිය ප්‍රතිසංස්කරණයට හෝ මිලදී ගැනීමට සිත පොළඹයි. පියාගේ අදහස්වලට විරුද්ධ වීම නිසා පියා සිත්තැවුල් ඇති වෙයි. පපුවේ සෙම් රෝග, කැස්ස,දේෂ ඇති කරයි.
ජය අංක :- 1, 3, 8 ජය වර්ණ :- කොළ, නිල් ශුභ දිනය :-  බදාදා, සෙනසුරාදා

 

මීන ලග්නය
කථාවේ දක‍ෂතා මතුවෙයි. කටින් ජය ගැනීමට හැකි වෙයි. ධනය ලැබීම් ඇති කරයි. දරුවකුගේ හදිසි අවශයතාවයක් වෙනුවෙන් කටයුතු කිරීමක් සිදුවෙයි. එහෙත් නෑදෑයින් සමඟ සමීප මිතුරන් සමඟ යම් මතභේද හා ප්‍රශ්න වාද විවාද නිසා මංගල යෝජනා පැමිණ ඒවා සලකා බලා කටයුතු කරයි.දුර වන්දනා ගමන්බිමන් යාමට අදහස් කරගෙන සිටියේ නම් ඒ සඳහා අවස්ථාව උදා කරයි. එහෙත් ගමන් යෑමේ දී ප්‍රවේශමෙන් යාම ශුභයි. හදිසි අනතුරු ආදිය ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීවිය යුතුයි. බඩේ රෝග, ගෑස් අම්ලපිත්ත රෝග, හෘද රෝග ආදිය පෙන්වයි.
ජය අංක :- 2, 4, 9 ජය වර්ණ :- තැඹිලි, කහ ශුභ දිනය :-  බ්‍රහස්පතින්ද, සඳුදා