Advertisement
Hot Kello

මේෂ ලග්නය - Mesha Lagnaya - Aries

සතිය බොහෝ දුරට මිශ්‍රපලදායක බව පෙනේ. සතිය මුලදී පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවන අතර සහෝදරයන් සමඟ පවතින සම්බන්ධතා අලුත් වේ. ආදායම් මාර්ගවලද සතුටුදායක බවක්‌ පෙන්වයි. සතිය මැදදී බලාපොරොත්තු නොවූ බාධා ඇතිවීමට හේතුයි. බිරිඳ හෝ සැමියාට දුර ගමනක්‌ යෙදෙන්නටද ඉඩ තිබෙන බව පෙනේ. විදේශ ගමන් පිළිබඳ බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට නීතිමය අංශවලින් හා උසස්‌ අයගෙන් උදව් ලැබේ

සුබ වර්ණය - සුදු,

සුබ අංකය - 02.



වෘෂභ ලග්නය - Wushaba Lagnaya - Taurus

සතිය මුලදී රැකියා හෝ ව්‍යාපාර වෙනුවෙන් නිතර නිවසින් බැහැරට යැමට සිදු වෙනවා ඇත. විදේශ රැකියා පිළිබඳ බලාපොරොත්තු ඉටුකර ගත හැකිවේ. රැකියා හා ව්‍යාපාර ස්‌ථානවල ප්‍රධානීන්ගේ උදව් උපකාර හා ප්‍රශංසා ලැබේ. නායකයකු ලෙස පිළිගැනීමක්‌ද ඇති වේ. තනතුරුවල උසස්‌වීමක්‌ ලැබීමට ඉඩ ඇති සතියකි. එහෙත් අඹුසැමි භේද ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. සෙනසුරු දශා අන්තර් දශා ගතකරන අයට සෙම් රෝග හා වාතාබාධ මෙන්ම සේවක ප්‍රශ්නද ඇතිවීමට ඉඩ තිබේ.

සුබ වර්ණය - මිශ්‍ර ලා,

සුබ අංකය - 06.


මිථුන ලග්නය - Mithuna Lagnaya - Gemini

මෙම සතිය බොහෝ දුරට මිශ්‍රපලදායක බව පෙනේ. ගෘහ ජීවිතය සාමකාමීව ගතවේ. මව හා පියාටද සුබදායකයි. ඒ අතර දියුණුවට කරන කටයුතු හා ව්‍යාපාර වෙනුවෙන් නිතර නිවසින් බැහැරව ගත කිරීමට ද සිදුවනවා ඇත. සහෝදරයකුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබෙනවා ඇත. රාජ්‍ය අංශයේ ආධාර උපකාර ලැබේ. නීතිමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකිවේ. බලවත් අය සමඟ මිතුරු සබඳතා ඇති කර ගැනීමට අවස් ථා ලැබේ. ව්‍යාපාර ඉලක් ක සාර්ථක කර ගැනීමට හැකිවන අතර සතියේ බොහෝ කරදර බාධා ජය ගැනීමට තරම් චිත්ත ධෛර්ය පවතී.

සුබ වර්ණය - ලා කොළ,

සුබ අංකය - 04.


කටක ලග්නය- Kataka Lagnaya - Cancer

මෙම සතිය ආරම්භයේදී සිත් තැවුලක්‌ ඇති වීමට ඉඩ තිබේ. තීරණ ගැනීමේදී දුරදිග බලා කටයුතු නොකළහොත් විවිධ කරදර ඇතිවීමට ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්ත්වයන් ඇතොත් ප්‍රවේශම් වෙන්න. ජල ක්‍රීඩාවලටද සුබ නොවේ. කෙසේ නමුත් සතිය මැද වන විට මේ තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත. පවුලේ අනාගත සුබසිද්ධිය උදෙසා කරනු ලබන බොහෝ දේ සාර්ථක කරගත හැකිවනවා ඇත. අධ්‍යාපන කටයුතුවලින්ද ජය ලැබේ. වාහන ගනුදෙනුවලට සුබ කාලයකි. කලට වේලාවට ආහාර ගැනීමට සැලකිලිමත් වන්න.

සුබ වර්ණය - කොළ,

සුබ අංකය - 05


සිංහ ලග්නය - Sinha Lagnaya - Leo

මේ සතිය තුළදී යම් යම් බාධා හා කරදර ජයගැනීමට ඔබට සිදුවනවා ඇත. උසස්‌ අය අමනාපවීමට ඉඩ ඇති නිසා දුරදිග බලා ඉවසීමෙන් කටයුතු කරන්න. නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වගබලා ගන්න. ශරීර සෞඛ්‍යය පිළිබඳවද ගැටලු පවතී. උෂ්ණාධික රෝග, රුධිර ධාවනය පිළිබඳ ගැටලු ඇති අය වඩාත්ම ප්‍රවේශම් විය යුතු වේ. මේ අතර බලාපොරොත්තුවන ආදායම් මාර්ග අවහිර වීමටත්, ගෙදර වියදම් ඉහළ යැමටත් ඉඩ තිබේ. මේ නිසා වියදම් ගැන සැලකිලිමත් වන්න. ආගමික ජීවිතයක්‌ ගත කිරීම මගින් සහනය උදාවනවා ඇත.

සුබ වර්ණය - රතු,

සුබ අංකය - 03.


කන්‍යා ලග්නය - Kanya Lagnaya - Virgo

මේ සතිය මිශ්‍රපලදායක බව පෙනේ. දෛනික කටයුතුවලට බොහෝ දෙනාගේ උදව් උපකාර ලබාගත හැකිවේ. බිරිඳ හෝ සැමියාගේ සහයෝගයද නොඅඩුව ලැබේ. අවිවාහක කන්‍යා ලග්න හිමියන්ට මංගල යෝජනා උදාවේ. දරුවන්ගේ දියුණුව ගැන සිතා කරන කටයුතුවලින් සතුටක්‌ හා සැනසීමක්‌ ඇතිවේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ගුරුවරුන්ගේ අනුග්‍රහය ලැබේ. විදේශ ගමන් හෝ විදේශ රැකියා ලබා ගැනීමට ඇති අපේක්‍ෂාවන්ද සාර්ථක කර ගැනීමට කරුණු යෙදේ. රහස්‌ සතුරන් ගෙන් ප්‍රවේශම් වීමටද සැලකිලිමත් වෙන්න.

සුබ වර්ණය - මිශ්‍ර ලා,

සුබ අංකය - 06.


තුලා ලග්නය - Thula Lagnaya - Libra

සේවකයන් පිළිබඳව තිබූ ගැටලුවකට විසඳුම් ලබා ගත හැකි මෙම සතියේ සේවක පක්‍ෂයේ සහයෝගය මැනවින් තිබූ බලාපොරොත්තු සාර්ථක කරගත හැකියි. නිවසේ සුරතල් සතුන් ගැන වෙනදාට වඩා සැලකිල්ල යොමුවේ. චිත්ත ධෛර්ය හා උත්සාහය වැඩිවෙන නිසා බොහෝ බාධක ජයගත හැකිවේ. අධ්‍යාපන කටයුතුද සාර්ථක කරගත හැකියි. විවාහ සහකරුට සුබදායකයි. නමුත් ක්‍ෂණික කෝපය හා කලබලය නිසා පවුලේ සමගියට බාධා ඇති විය හැකි බව මතක තබා ගන්න.

සුබ වර්ණය - සුදු,

සුබ අංකය - 02.


වෘශ්චික ලග්නය - Wushchika Lagnaya - Scorpio

මේ සතිය බොහෝ දුරට සුබපලදායකයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. මව්පියන් හා දූ දරුවන් සමඟ සතුටින් කාලය ගත කරන්නට අවස්‌ථා උදා වේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටත්, හිතවතුන් සමඟ සතුටින් කාලය ගත කිරීමටත් හැකිවේ. රැකියා හා ව්‍යාපාර සුබදායකයි. මේ අතර වියදම් ඉහළ යන බවක්‌ පෙන්වන නිසා වියදම් ගැන සැලකිලිමත් වෙන්න. රහස්‌ සතුරන් ගේ විරෝධය ගැන විමසිලිමත් වීමටද අවශ්‍ය වේ.

සුබ වර්ණය - සුදු,

සුබ අංකය - 02.


ධනු ලග්නය - Dhanu Lagnaya - Sagittarius

රැකියා හා ව්‍යාපාර අංශවල කටයුතු අන් අයගේ සහයෝගය ඇතිව සමගියෙන් සාමයෙන් කරගෙන යැමට හැකිවනවා ඇත. එමෙන්ම නිතර නිවසින් බැහැරව යැමටද සිදුවේ. එයද දියුණුවට කරන කටයුතු වෙනුවෙනි. ගෙදර උත්සවයක්‌ පැවැත්වීමට හිත යොමුවීමට හෝ එවැනි උත්සවයකට සහභාගී විමට කරුණු යෙදෙනවා ඇත. මව්පියන්ට සුබපලදායකයි. උසස්‌ කෙනෙකු නිවසට පැමිණෙනවා ඇත. ලියකියවිලි පොරොන්දු ගිවිසුම් ආදියට අත්සන් තබන විට දුරදිග බලා කටයුතු කරන්න.

සුබ වර්ණය - දිලෙන සුදු,

සුබ අංකය - 01.


මකර ලග්නය - Makara Lagnaya - Capricorn

මේ සතිය මිශ්‍රපලදායක බව පෙනේ. බිරිඳ හෝ සැමියා නිසා ධනයක්‌ ලැබීමට ඉඩ තිබේ. හවුල් ව්‍යාපාරවලින්ද ලාභ ලැබේ. උත්සාහය හා ධෛර්ය වැඩිවේ. අසල්වාසීන් සමඟ පවතින සබඳතා අලුත් වේ. අමනාපකම් දුරුවේ. ලිපි ලේඛන පිළිබඳ කටයුතුවලට මෙන්ම පොරොන්දු ගිවිසුම්වලට අත්සන් කිරීමටත් සුබපලදායකයි. මේ අතර ඉක්‌මන්කම කලබල වීම හා ක්‍ෂණික කෝපයට පත්වීම නිසා පවුලේ සමගියට බාධා ඇති වීමටත් මව්පියන් හෝ වැඩිහිටියන් අමනාප වීමටත් හේතු විය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.

සුබ වර්ණය - මිශ්‍ර ලා,

සුබ අංකය - 06.


කුම්භ ලග්නය - Kumba Lagnaya- Aquarius

සුබපලදායක බව පෙනේ. මිතුරු මිතුරියන් සමඟ ප්‍රීතිමත්ව කාලය ගතවේ. අලුත් මිතුරන් හඳුනාගැනීමටද අවස්‌ථාව උදාවේ. ව්‍යාපාර හෝ රැකියා අංශවලදී සේවක පක්‍ෂයේ සහයෝගය මැනවින් ලැබීමට හැකිවේ. ආදායම් මාර්ගද සතුටුදායක බවක්‌ පෙන්වයි. පවුලේ දියුණුවට කරන කටයුතු බලාපොරොත්තු වන තරමින්ම ඉටුකර ගත හැකිවේ. සහෝදරයන් හා අසල්වාසීන් සමඟ පැවති අමනාපකම් දුරුවී සමගිය හා සමාදානය ඇති වේ. චිත්ත ධෛර්ය උසස්‌ මට්‌ටමක පවතින නිසා බොහෝ බාධා කරදර ජයගත හැකිවේ. සෙම් රෝගවලින් ප්‍රවේශම් වන්න.

සුබ වර්ණය - නිල්,

සුබ අංකය - 07.


මීන ලග්නය - Meena Lagnaya-Pisces

හිසේ ඌෂ්ණාධික රෝග මෙන්ම සතුරු උවදුරු නිසා ඇතිවන සිත් රිදීම්වලට හේතුයි. මේ නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. රහස්‌ සතුරන්ගෙන් ප්‍රවේශම් වෙන්න. කෙසේ නමුත් ගෘහ ජීවිතය යහපත් බව පෙනේ. සතිය ආරම්භයේදී අධ්‍යාපන කටයුතුවලට තරමක්‌ බාධා පවතී. දරුවෙකුටද අපලදායක බවක්‌ පෙන්වයි. ව්‍යාපාර සඳහා යොදවන මුදල්වලින් බලාපොරොත්තු වන ලාබ නොලැබීමට ඉඩ තිබේ. සති අන්තය වන විට මේ කරදර බොහෝ දුරට මඟහැරී සුබ අතට හැරෙනවා ඇත.

සුබ වර්ණ - කහ, තැඹිලි,

සුබ අංකය - 05.