Rukshan Jayasekara



Lagnadhipathi ganath danaganna ලග්නාධිපති ගැනත් දැනගන්න

ජ්‍යෙතිෂයේ අති මහත් දුෂ්කරම කාර්ය, නිවැරැදිව පලාපල කීමය. ඒ සඳහා ජ්‍යෙdතිෂවේදියකුට දිව්‍ය ඥානයට සමාන දැනුමක්‌ විය යුතුය. උපමාවකින් කියතොත් කේන්ද්‍ර සටහනේ ග්‍රහ පිහිටීම් පියවි ඇසින් බැලූ පමණකින් ජන්මියා පිළිබඳ ගැඹුරු එසේම නිවැරැදි අර්ථ කථනයක යෙදිය නොහැකිය. ඒ ජන්ම කේන්ද්‍රයේ ඇත්තේ කොටු 12 කි. ග්‍රහයන් 9 දෙනෙකි. එහෙත් එම කොටු 12 න් ග්‍රහයන් රාශිගතව සිටි අයුරින් ආත්ම ගණනාවක ප්‍රතිඵල දැකිය හැකිය. ඒ සඳහා පියවි ඇසින් නොව ජ්‍යෙdතිෂ ඇසින් කේන්ද්‍රය දෙස බැලිය යුතුය. කේන්ද්‍රයක ග්‍රහයන්ගේ කාරක ගුණය, නැකත, දෘෂ්ටිය, චාරය යෝගවීම ආදී බොහෝ කරුණු ඒ කේJද්‍ර සටහන තුළ වේ.

කේJද්‍රයක ඇත්තේ ග්‍රහයන් 9 දෙනාට අයිති දශාවන් ය. ග්‍රහයකු තුළත්, රාශියක්‌ තුළත් අප්‍රමාණ කරුණු අන්තර්ගතව ඇත. එක්‌ දශාවක්‌ තුළ අතුරු දශා 9 කි. එවිට ග්‍රහයන් 9 දෙනාට අතුරු දශා 81 කි. යළි, විදශා, සූක්‍ෂම දශා හා ප්‍රාණ දශා වශයෙන් ගත් විට දශා දහසකට වැඩි ගණනක්‌ විසින් ජන්මියා පාලනය කරනු ලබයි. ග්‍රහයන්ගේ සතුරු මිතුරුතා මෙන්ම ස්‌ව ක්‍ෂේත්‍ර උච්ච, නීච ආදී ස්‌වභාවයන්ට ද මිනිස්‌ ජීවිතය යටත් ය.

අපි නිදසුනක්‌ වශයෙන් ලග්නය හා ලග්නාධිපති ගනිමු. මේෂ වෘෂභ ආදී වශයෙන් ලග්න දොළොසකි. ඒ හැම ලග්නාධිපතියෙක්‌ වේ. එම ලග්නාධිපතින්ට අයත් රාශියක්‌ හෝ දෙකක්‌ වේ. එම ලග්නාධිපතිට රාශි 12 න් ඕනෑම එකක සිටිය හැකිය. ඒ හැම රාශියක්‌ ම එකී ග්‍රහයාට සම ඵල නොදෙයි. ඒ ඒ රාශි තුළදී මිතුරුව, සතුරුව සිටීම අනුව ජන්මියාගේ බල - දුබලතා විවිධ වේ.

රාශි දොළොස පුරාණාචාර්යවරුන් විසින් කාරකත්වයට යටත් කර ඇත. ග්‍රහයන්ට ද එසේය. ශුභ රාශි අශුභ රාශි හෙවත් බලවත් රාශි හා දුෂ්ට රාශි වශයෙන් වර්ග කර ඇත. ග්‍රහයෝ ද ශුභ - අශුභ හෙවත් ශුභ පාපී වශයෙන් වර්ග කර ඇත. ඒ වර්ග කිරීම හඳුනා ගන්නේ නැතිව ජන්ම කේන්ද්‍රයක පලාපල කිව නොහැකිය. ලග්නය හා ලග්නාධිපති පමණක්‌ ප්‍රමුඛ කළත් අප්‍රමාණ කරුණු රැසක්‌ විග්‍රහ වේ.

ලග්නය වූ කලී සමස්‌ත ජීවිතයම විග්‍රහ කෙරෙන රාශියයි. එම ලග්නය කෙරෙන් ජන්මියාගේ ස්‌වභාවය, කීර්තිය, ගෞරවය. ප්‍රතාපවත් බව, උදාරත්වය කීර්තිය හා රූප ස්‌වභාවය ද කියෑවේ.

මෙම රාශි දොළස, චර, තිර, උභය වශයෙන් සලකා බලන විටත්, වඩාත් ගැඹුරින් කරුණු විග්‍රහ වේ. හැම ග්‍රහයෙකුටම යම් යම් රාශි පෙනෙයි. කොතැනක හෝ සිටින ලග්නාධිපතිට තම ලග්න රාශිය පෙනෙයි නම් ජන්මියා යම් ප්‍රමාණයකින් බලවතෙකි. ලග්නයත් ශුභ රාශියක්‌ වී ලග්නාධිපතිත් ශුභ ග්‍රහයෙකු වූයේ නම් ජන්මියා බලවතෙකි. ශුභ රාශිය යනු ජන්ම කේන්ද්‍රයේ 1, 4, 10 හා 5, 9 යන රාශින් ය. එම රාශි අධිපතියනුත් ශුභ ග්‍රහයන් වූයේ නම් වඩාත් යහපත් ය. නෛසර්ගික ශුභයන් වශයෙන් සලකනු ලබන්නේ පුර සඳු, බුද. ගුරු, හා සිකුරුය. කුජ, ශනි, රාහු අශුභ ග්‍රහයන් ය. ගුරු සම්මත ශුභ ග්‍රහයෙකු වුවත් වෘෂභ, සිංහ රාශි දෙකේදී පාපියෙකි. ශනි හෙවත් සෙනසුරු පාපියකු වෙතත් වෘෂභ - ලග්නයට යෝග කාරක ග්‍රහයා නිසා පාපියෙක්‌ නොවේ. එසේම අනෙක ශුභ ග්‍රහයකු වුවත් අශුභ දෙර්කාණ අයිතියක්‌ වේ නම් පාපී බවට පත් වේ. මේ දැනුම සිහියේ තබාගෙන පලාපල කිව යුතුය. සම්මත ශුභ ග්‍රහයෙකු වුවද 6, 8, 12 යන රාශියකට අයත් නැකතක සිටියේ නම් පාපියෙකි. ලග්නය ශුභ රාශියක්‌ වී ලග්නාධිපති ලග්නය දකී නම් ජන්මියා බලවත් බවක්‌ සඳහන් කළේ එහෙයිනි.

ලග්නාධිපති අපරිමිත ශක්‌තියකින් යුතු නම් එසේම ශුභයකුට අයත් රාශියක සිටියේ නම්, ඒ රාශිය කේන්ද්‍රස්‌ථානයක්‌ හෝ ත්‍රිකෝණස්‌ථානයක්‌ වූයේ නම් තවදුරටත් ශුභ ග්‍රහයන් විසින් දකිනු ලබයි නම්, හෝ ශුභ ග්‍රහයෙකු සමඟÊයෝග වූයේ නම් ජන්මියා කීර්තිමත් කෙනෙකි. එම ලග්නාධිපතිම 6, 8 හෝ 12 යන දුෂ්ට ස්‌ථානයක වූයේ නම් හෙතෙම අඳුරට බරය. එසේම ලග්නාධිපති පාප ග්‍රහයන් සමඟ යෝගව සිටී නම් පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිවලින් පීඩා ලැබ සිටියේ නම් හෝ පාපීන් දෙදෙනකුට මැදිව (පාප කර්තරිව) සිටියේ නම් එම ජන්මියාගේ ජීවිතය දීප්තියෙන් අඩුය. කේන්ද්‍රයක ලක්‍ෂ්මී ස්‌ථාන වශයෙන් සැලකෙන 5 හෝ 9 අධිපති ග්‍රහයකු සමඟ එම ලග්නාධිපති යෝග වූයේ නම් ජන්මියා පමණක්‌ නොව ඔහුගේ පියා ද කීර්තිමත් කෙනෙකි.

දරුවා ඉගෙනීමට දක්‍ෂ දැයි නිගමනය කළ හැක්‌කේ ලග්නාධිපති බුද සමඟ යෝගව ලග්නයේම සිටියොත් ය. එයට අමතරව ජන්ම කේන්ද්‍රයේ 5 වැන්නාධිපතිත්, පස්‌වැනි රාශියත් පවිත්‍ර නම් පාපින්ගෙන් තොර නම් ඉගෙනීම වඩාත් හොඳයි.

උපත ලබන විටම ආයු බලය ගැන පූර්ණ නිගමනයකට බැසීමට ද ලග්නාධිපති හා 9 අධිපතිගේ පිහිටීම වැදගත් වෙයි. ලග්නාධිපති ලග්නයේත් 9 අධිපති 9 ත් හෝ ලග්නයේත් වූයේ නම් ජන්මියාගේ ආයු බලයට කඩතොළු නැත. ලග්නාධිපති නීචව හෝ පාපියකු සමඟÊයෝගව සිටියේ නම් ජන්මියා දිළිඳුකම උපතින් ම රැගෙන පැමිණි කෙනෙකි. එම ලග්නාධිපතිව සතුරු ග්‍රහයන් දෙදෙනකුට මැදිව සිටියේ නම් ජන්මියා නිරතුරුවම සතුරු භයින් තැවෙමින් ජීවත් වෙයි.

ලග්නාධිපති සිටි රාශියෙන් 12 වැන්නාධිපති දුබලව (සතුරුව - නීචව) සිටියේ නම් හෙතෙම තමා උපන් පෙදෙස හෝ රට වෙනස්‌ කරයි. ලග්නය චර රාශියක්‌ව ලග්නාධිපති එහි සිටියේ නම් චර රාශිවල සිටින අනෙක්‌ ග්‍රහයන්ට පෙනුනේ ද ඔහුගේ වාසනා බලය පිට රටකින් මතුවේ. එහි විලෝමයක්‌ බලමු. ලග්නාධිපති තිර රාශියක ද ලග්නයත් තිර රාශියක්‌ වූයේ ද හෙතෙම සිය මවු රටේම ජීවත් වෙයි. එසේම දියුණු වෙයි. ලග්නාධිපති, දුෂ්ට රාශින් වන 6, 8 හෝ 12 අධිපතියකු සමඟÊයෝගව සිටියේ නම් එම ජන්මියාගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රසන්න නැත. එසේම ලග්නාධිපති සිටි රාශිය අධිපතියා 8 වැන්නේ පතිත වූයේ නම් ජන්මියා දුබල කෙනෙකි.

රවි කොතැනක හෝ සිට ලග්නාධිපතිගේ දෘෂ්ටිය ලැබුවොත් හෙතෙම රාජ්‍ය ආයතනයක රැකියාවක්‌ කරයි. ලග්නය සඳුට පෙනේ නම් ජන්මියා සාගරයෙන් එහා හෝ සාගරයට සම්බන්ධකම් ඇති රැකියාවක යෙදේ. රාහු ද එයට අනුබල දෙයි.

ලග්නය බුදට, ගුරුට, සිකුරුට පෙනුනොත් එකී ග්‍රහයාගේ කාරකත්වයට නෑකම් කියන රැකියාවක යෙදේ. ලග්නය කිසිම ග්‍රහයෙකුට නොපෙනෙයි නම් ලග්න රාශියට අයත් ග්‍රහයාගේ ස්‌වභාවය ජන්මියාට පැවැරේ. ලග්න රාශිය ශුභ ග්‍රහයන් වැඩි දෙනෙකුට පෙනෙයි. නම් හෙතෙම ප්‍රීතියෙන් ජීවත්වේ. ලග්නාධිපති 10 වැන්නට හොඳයි. 10 අධිපතිත් ලග්නයේම නම් උසස්‌ රැකියාවක යෙදේ. ලග්නාධිපති 6 ට 8 ට 12 ට යහපත් නැත. කරදර බාධක බහුලය. සමහර විට රෝහලට සිරගෙට නෑකම් කියයි.

මොන තරම් බල සම්පන්න කේන්ද්‍රයකට වුවද ජීවන ගමනේ අතරමගදී බාධක හරස්‌ විය හැකිය. ඵල දරන අවස්‌ථාවේ ගසක්‌ බිමට පෙරැළෙන්නාක්‌ මෙන් මාරක දශක එළැඹිය හැකිය. පහත සඳහන් කේන්ද්‍රය කලාතුරකින් දක්‌නට ලැබෙන ග්‍රහ පිහිටීම් සහිත එකකි.

මේ කේJද්‍රයේ ලග්නාධිපති බුද දුෂ්ට රාශියක්‌ වූ 8 වැන්නේය. තද පාපියකු වූ කුජ සමඟ යෝගව ඇත. ඒ අශුභ පිහිටීම හැර අනෙක්‌ හැම ග්‍රහ පිහිටීමක්‌ ම බලවත් ය.

ආලෝක ග්‍රහයන් දෙදෙනා වන රවි - සඳු දෙනොගේ පිහිටීම යහපත් ය.

කෙන්ද්‍රයේ අදෘෂ්‍යමාන පැත්තේ ග්‍රහයන් අඩුය. එ නිසා සැඟවුණු රෝග නැත. පංච මහා යෝගයන්ට අයත් මාලවී යෝගය හා හංස යෝග සුවිශේෂ ග්‍රහ පිහිටීමකි. සිකුරු මිථුන ලග්නයට යෝග කාරකයා ය. ගුරු 10 අධිපතියා ය. ඒ දෙදෙනාම 10 වැන්නේ සුවිශේෂ බලයක්‌ නිර්මාණය කරගෙන ඇත. එසේම 9 න් 9 වැන්නාධිපති හා 10 ත් 10 වැන්නාධිපති යෝගව උච්චව හා ස්‌වක්‍ෂේත්‍ර බල සහිතව 10 වැන්නේ ය. ප්‍රධාන තැනක වැජඹෙන යෝගයකි. ඒ වූ කලී කලාතුරකින් පිහිටන සුවිශේෂ ග්‍රහ පිහිටීමකි.

කුජ, වර්ගෝත්තමව බලවත්ව සිටීමත් කැපී පෙනෙන ග්‍රහ යෝගයකි. ලග්නාධිපති සිටින්නේ එම බලවත් කුජ සමඟ යෝගව ය. කෙනකුට අවනත නොවන, යටත් නොවන ග්‍රහ පිහිටීමකි.

දෙවැන්නේ සිටි සඳු ලග්නාධිපතිගේම නැකතක 2 වන දෙර්කානයට නෑකම් කියයි. එය ධන යෝගයකි. 3 අධිපති රවි භාග්‍යස්‌ථානයේ ය. අධ්‍යාපනය ගැන කියන 5 අධිපති මේ කේන්ද්‍රයට යෝග කාරක බලවතා වී ගුරු සමඟ 10 වැන්නේ වීම ඉතාම කලාතුරකින් දක්‌නට ලැබෙන ග්‍රහ යෝගයකි. ඒ නිසා විද්‍යා උපාධිය ලැබීමට හැකිවීම සුවිශේෂ දැනුමෙන් ද අග්‍රගන්‍යයි. 8, 9 අධිපති ශනි උපතින් ලග්නයේ ය. සතුරු බලවේගවල අඩුවක්‌ නැත. ඒත් අකම්පිතය.

11 අධිපති කුජ 11 දකිමින් ජන්ම කේන්ද්‍රයේ 8 වැන්නේ වීම නිසා ගේ දොර යාන වාහන පවා පරිත්‍යාග වශයෙන් ලබන කෙනෙකි. ගුරු - සිකුරු දෙදෙනාම බලවත් සඳුගෙන් 9 වැන්නේ වීමත් ධන යෝගයකි. 2 වැන්නේ සිටින බලවත් සඳු අයස්‌ථානය දැකීමත් ධන යෝගයකි. ලග්න කේJද්‍රයේ ස්‌වක්‍ෂේත්‍ර ගුරු නවාංශක කේන්ද්‍රයේ උච්චව සිටි සියලු සැප පහසුකම් ලබන යෝගයකි.

ලග්න කේන්ද්‍රයේ උච්ච සිකුරු නවාංශක කේන්ද්‍රයේ නීචය. ඒ නිසා විවාහයක ලකුණු නැත. එසේ මාලවී යෝගයට හසුවුණු සිකුරු අලෞකික ගුරු සමඟ යෝගවූ නිසාත්, 7 වැන්න වක්‍ර වූ ශනිට පෙනෙන නිසාත් විවාහයක ලකුණු නැත. එය බොහෝ විට පැවිදි යෝගයකට නැඹුරුය. 7 වැන්න පාපීන් දෙදෙනකුට මැදිව පාප කර්තරීව ඇත. ඒ නිසාත් විවාහයක ලකුණු නැත.

22 වැනි දෙර්කාණයකට හිමිකම් ලද බුද, ආයුධ කාරක කුජ සමඟ යෝග වීම නිසා වයස 59 පමණ වන විට ආයුධයකින් හෝ සැත්කමකින් පීඩා ලබයි. ජන්ම කේන්ද්‍රයේ 4 සහ 6 අධිපති ග්‍රහයන් දෙදෙනාම 8 වැන්නේ වීම නිසා උසාවිය හෝ රෝහලකට සම්බන්ධ ලකුණු පෙන්වයි.

මේ ජන්මියා නීතිය හදාලේ නම් විනිශ්චයකරුවෙකි. දේශපාලනයට නැඹුරු වූයේ නම් ඇමැතිවරයෙකි. ජන්ම කේන්ද්‍රයේ පුර සඳු 2 වැන්නේ වීම නිසා දැවැන්ත වාග් ශක්‌තියක්‌ පෙන්වයි. අනුන් වසඟ කිරීමේ වාග් ශක්‌තියක්‌ වේ.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1475657728