Maduwanthi Gurumaniyo podi kellanta hukanawa

Maraka Apala Walin Beerenna Puluwanda? මාරක අපල වලින් බේරෙන්න පුලුවන්ද ?

ජීවත් වීම යනු මරණයට වඩා අපහසු කාර්යයකි. එහෙත් අප තේරුම් නොගන්නා කරුණ ද වන්නේ එයමය. එහෙයින් අප මරණයට බිය වෙමු.

කුඩා බිළිඳකු මවු කුසින් බිහිවූ දා පටන් ජීවිත ගමනෙන් සමුගන්නා තෙක්‌ම මරණය අප පසුපස ලුහුබඳියි. මරණය කොයි මොහොතේ, කිනම් ස්‌ථානයක සිදුවිය හැකි ද යන්න නියත වශයෙන් අපට කිව නොහැකිය. එය ස්‌ථිර වශයෙන් ප්‍රකාශ කළ හැක්‌කේ බුදු කෙනෙකුට හෝ සිත දියුණු කරගත් සෘෂිවරයකුට පමණි. ඒ හා සමාන නොවුණ ද ජ්‍යෙdතිෂවේදියා ද මාරක අපල කාලය හඳුනාගන්නේ ප්‍රගුණ කළ බුද්ධි මට්‌ටමිනි.

ඔබ දැනගත යුතු එක්‌ කරුණක්‌ ඇත එනම් මාරක අපල කාලය තුළ සියල්ලෝම මියනොයන බවයි. එහෙත් මරණයට වඩා විඳවන අනතුරු වීමට පුළුවන. ආත්මීය වශයෙන් පෙර සසරේ කළ අකුසල කර්ම මේ භවයේ ජීවිතය කෙටිකරන්නට හේතු වුව ද කොතරම් දුර්වල වුවත් අපගේ චිත්ත ධෛර්යය මනා පැවැත්මෙන් තබාගත යුතුය. කනාටු ගස්‌ නොසෙල් වී තිබිය දී මේරු ගස්‌ සුළඟින් කඩාවැටෙනවා ඔබ දැක ඇත. මරණය ද එවැනිම දෙයකි.

අප බොහෝ දෙනකු ජ්‍යෙdතිෂයෙන් පිහිට පැතීමට පුරුදුව සිටිනුයේ කිසියම් කරදරයක්‌ වූ පසුවය. වසරකට වරක්‌වත් තම ජන්ම පත්‍රය පරීක්‌ෂා කර ගැනීමෙන් මෙවැනි අපල කාල පෙරදීම හඳුනාගත හැක. කල් ඇතිවම අප මෙම අපල සඳහා ශාන්ති කර්ම කිරීම තුළින් මෙවැනි මාරක පරාජය කළ හැක. පළමුව අපට මාරක අපල උදාකරන ග්‍රහයා හඳුනාගත යුතුය. දෙවනුව අදාළ ග්‍රහයාට අධිපති දෙවියාට ද පිං දිය යුතුයි. මාරපරාජය කළ ශාස්‌තෘන්වහන්සේ වන්නේ

බුදුරජාණන් වහන්සේ පමණි. එම නිසාම අපල කාල සීමාව තුළ අප නිරන්තරයෙන්ම උන්වහන්සේව සිහිපත් කළ යුතුයි. මේ කාල සීමාව තුළ ඉතිපිසෝ ගාථාව 21 සැරයක්‌ වතුර වීදුරුවකට මතුරා බීම තුළින් ඔබට මහත් ශක්‌තියක්‌ ලැබෙනු ඇත. ජය පිරිත හා අභිසම්භිදාන පිරිත උදේ හවස කීම ද ඉතාම ශුභ වන්නේය. කුසගින්නේ සිටින පුද්ගලයකුට හෝ සතෙකුට ආහාර ලබාදීම ද ඔබගේ ආයුෂ වැඩිවීමට හේතුවක්‌ වනු ඇත.

බොහෝ දෙනා ඒරාෂ්ටක කාල සීමාව මාරක අපල කාලයක්‌ ලෙස සලකනු ලබයි. එහෙත් ඔබ දැනගත යුතු කාරණයක්‌ ඇත. ඒරාෂ්ටක සැමදෙනාටම එකලෙස අපල ගෙන නොදෙයි. යම් පුද්ගලයකුගේ දියුණුවට මේ ඒරාෂ්ටක බලපෑම් කරන අවස්‌ථාද ඇත. එය ජන්මියාගේ ශනි ග්‍රහයාගේ තත්ත්වය අනුව ර¹ පවතී.

යහපත් අයුරින් ජීවත් වන පුද්ගලයෝ හදිසියේම මරු වැළඳ ගන්නා ආකාරය අප දැක තිබේ. මෙහිදී යමකුට ප්‍රශ්නාර්ථයක්‌ මතුවිය හැක. ඔහුගේ හොඳ ක්‍රියාකාරකම් මාරක අපල වළක්‌වා ගැනීමට හේතු සාධක නොවුණේ ඇයි ද යන්නයි. එහෙත් ඔහු කොතරම් යහපත්ව ජීවත්ව සිටියත් ඔහුගේ ග්‍රහ තත්ත්වය අශුභ නම් ඒ සඳහා ශාන්ති කර්ම කල් ඇතිව නොකළේ නම් මාරයා ඔහුගේ හොඳ අභිබවා යනු ඇත.

විශේෂයෙන් මාරක අපල සහිත කාලයක්‌ තුළ දී ඔබ සතියකට වරක්‌වත් බෝධි පූජා පැවැත්විය යුතුයි. එමඟින් ඔබට සහන දෙකක්‌ සැලසෙනු ඇත. එයින් එක්‌ කරුණක්‌ වන්නේ අප තථාගත බුදුරජාණන් වහන්සේ මාරපරාජය කරන ලැබුවේ බෝධින් වහන්සේ අභියස දීය. අනෙක්‌ කරුණ වන්නේ ඔබේ සිත ධෛර්යමත් කිරීමටත් ශක්‌තිමත් කිරීමටත් බෝධින් වහන්සේගේ ආකර්ෂණය ඔබ වෙත ලැබීමය. බොහෝ දෙනකු බෝධිය වන්දනා කිරීමේ දී පළමුව තමාගේ දුක, බලාපොරොත්තු ගැන කියනු ලබයි. එය වැරදි ක්‍රමයකි. පළමුව අප බෝධීන් වහන්සේට නිදුක්‌ නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ යුතුයි. බෝධීන් වහන්සේට කිසිම අන්ත්‍රාවක, පීඩාවක්‌ ඇති නොවී චිරාත් කාලයක්‌ යෙහෙන් වැජඹේවා යෑයි අයෑදිය යුතුයි. බෝධීන් වහන්සේ ආරක්‌ෂා කරන දෙවිඳුන්ට ද පිං දී බෝධීන් වහන්සේ ආරක්‌ෂා කර දෙන ලෙස දෙවි දේවතාවුන්ගෙන් ද ඉල්ලා සිටිය යුතුය. අවසානයේ අපගේ දුක කිව යුතුය. එවිට ඔබට නිසි ප්‍රතිඵල ලැබෙනු ඇත. අප සැවොම ප්‍රාර්ථනා කරනු ලබන්නේ නිරෝගී සම්පත් තුළින් දීර්ඝායුෂ ලැබීමයි. ඒ සමඟ යහපත් මිනිසකු ලෙස ජීවත් වී යහපත් මිනිසකු ලෙස මියයැම ද ඔබගේ ප්‍රාර්ථනාවක්‌ විය යුතුය. එවැනි පුද්ගලයාගේ මරණය ද අමරණීය වන්නේය.

වැඩිදුර විස්‌තර සඳහා 071 - 1416634 අංකය අමතන්න.

ජ්‍යෙතිෂවේදිනී - නිලූකා ලලන්ති

උපුටා ගැනීම - http://iranama.tharunaya.us/show1.php?id=1479272577


obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

maraka apala walin beerenna puluwanda? මාරක අපල වලින් බේරෙන්න පුලුවන්ද ? maraka apala walin beerenna puluwanda? maraka apala valin berenna puluvanda maraka apala walyn berenna puluvandha?

maraka apala walin beerenna puluwanda? මාරක අපල වලින් බේරෙන්න පුලුවන්ද ? maraka apala walin beerenna puluwanda? maraka apala valin berenna puluvanda maraka apala walyn berenna puluvandha?

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න maraka apala walin beerenna puluwanda? මාරක අපල වලින් බේරෙන්න පුලුවන්ද ? maraka apala walin beerenna puluwanda? maraka apala valin berenna puluvanda maraka apala walyn berenna puluvandha?