Rajawathi Gurumaniyo රාජවතී ගුරුමෑණියෝ
Hot Kello

Nam Thabanne Mehemai නම් තබන්නේ මෙහෙමයි

නම් තැබීම විද්‍යානුකූල කලාවක්‌

නම් තැබීම ඇතුළු පුද්ගල කළ යුතු නොකළ යුතු බොහෝ වත් පිළිවෙත් ද අඩංගු පුද්ගල සෙත පිණිසම නිර්මාණය වී ඇති බොහෝ දැ පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දෙමින් ඉදිරියට යන ජ්‍යෙdතිෂ විද්‍යාව මෙලොවට දායාද කළ පුරාණ Rෂින් වහන්සේලා නමස්‌කාර පූර්වක ව පින් දී සිහිපත් කරමින් මේ ලිපිය අරඹමි.

සිද්ධාර්ථ කුමරුට නම් තැබීම පිළිබඳ බෞද්ධ ඉතිහාසය තුළ සඳහන් වී තිබීමෙන් ද පැහැදිලි වන්නේ නම් තැබීම ඉපැරණි ක්‍රියාවලියක්‌ බවයි.

වර්තමානය වන විට නම් තැබීම පිළිබඳ ඉතා අතළොස්‌සක්‌ දෙනා සැලකිල්ලක්‌ දක්‌වා නිවැරදි නම් තැබීමකට අවධානය යොමු කරතත් බොහෝ දෙනා ඒ පිළිබඳ සැලකිල්ල නොදක්‌වති. සමාජය තුළ ද මේ පිළිබඳව තවමත් හරවත් සංවාදයක්‌, අධ්‍යයනයක්‌ සිදු නොවේ.

නම් තැබීම පිළිබඳ පුරාණ Rෂින් වහන්සේලා පෙන්වා දී ඇති රීතීන් හා ක්‍රම ශිල්ප පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ඒමේ දී යම් යම් මගහැරීම් සිදු විය හැකි වුවත් මේ පිළිබඳ ක්‍රමවත් අධ්‍යයනයක්‌ හා දීර්ඝකාලීන නිරීක්‍ෂණයන් කර ඒ අත්දැකීම් හරහා බොහෝ නිවැරදි කිරීම් කරගත හැක.

මවිසින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නම්වල ඇති දොaෂ හා පුද්ගල චර්යා පිළිබඳ ගළපමින්, නිරීක්‍ෂණය කරමින්, නම්වල ඇති අර්ථ දොaෂ සහ ගණ දොaෂ ඉවත් කර නිවැරැදි ගණ පිහිටුවා අර්ථ පූර්ණ නම් තැබීමෙන්, තැබූ නම්වල විපාක/ප්‍රතිඵල අත්දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂ වන්නේ නම් තැබීම ගැඹුරු වූත් හරවත් වූත් අප සමාජය විසින් සමාජ හා පුද්ගල ප්‍රගමනයට ඉවහල් කර ගත යුතුම ඉතා වටිනා විද්‍යාත්මක ක්‍රම ශිල්පයක්‌ බවයි.

ජ්‍යෙතිෂ විද්‍යානුකූලව නම් තැබීමේදී ජ්‍යෙතිෂ විද්‍යාව පිළිබඳ සාමාන්‍ය දැනීමකුත් නිවැරැදි ගණ පිහිටවමින් නම් තැබීමේ ජ්‍යෙdතිෂ විද්‍යානුකූල තත්ත්වයන් පිළිබඳ ගැඹුරු දැනීමකුත් අර්ථදොaෂ නැති කර අර්ථ පූර්ණ නම් තැබීම සඳහා සිංහල භාෂාව හා භාෂාවේ වචන පිළිබඳ වචනවල �වනිථාර්ථ පිළිබඳ මනා පරිචය දැනුමක්‌ ද තිබිය යුතුය. මේ නිසාම නිවැරැදි අර්ථ පූර්ණ නම් තැබීමක්‌ සඳහා සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණයෙක්‌ වූ පමණින් නොහැකිවා සේම ප්‍රවීණ ජ්‍යෙතිෂවේදියකු වූ පමණින් ද කළ නොහැක.

කොතරම් අර්ථ පූර්ණ නිවැරැදි නම් තැබූව ද එහි විපාක/ප්‍රතිඵල ලැබෙන්නේ භාවිතා වූ තරමටයි. (කියවෙන වාර ගණන) සෙත් කවියක්‌ සේම පිරිතකින්ද බලයක්‌/ශක්‌තියක්‌, ජයක්‌ ලැබෙන්නේ ඒවා නිවැරැදි ගණ පිහිටුවා තිබීම සේම නිවැරැදිව උච්චාරණය කළහොත් පමණි.

බොහෝ දෙනා නිවැරැදි නම් තැබූවද වෙනත් නම් භාවිතා කිරීමෙන් ප්‍රතිඵල නොලැබී යයි. නම උප්පැන්න සහතිකයට සීමා වෙයි. ගෙදරට වෙනත් නමක්‌ භාවිත කරයි. (උදා- චූටි පුතා/දොaණි/පොඩි මහත්තයා) උප්පැන්න සහතිකයේ ද සෑදූ නමේ අගට නැවතත් පෙළපත් නාමය හෝ පියාගේ නම එකතු කිරීමෙන්ද මේ වරද සිදුවේ. දීර්ඝ නම් තැබූ විට සිදුවන්නේ පාසලේ දී ඒවා කෙටිකර අවසනට ඇති නම යොදයි. එවිට නැවත පියාගේ නම/පෙළපත් නාමය පුතාට හා දියණියට භාවිතා වේ. මේ නිසා කුඩා කල සිටම තමන්ට හිමි නමේ බලය/ශක්‌තිය සහිත නම භාවිතා කිරීමෙන් හුරු කිරීමෙන් අදාළ අවස්‌ථාවලදී නිවැරැදි කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලද හැකිය.

නම් තැබීමේදී ඉවත් කළ යුතු දොaෂ දෙකකි.

1. අර්ථ දොaෂ

භාවිත වචනයේ අර්ථයයි. �වනිථාර්ථයයි. "අයෝනි" නම ගෙන බලමු. අයෝනි යනු යෝනියක්‌ (ලිංගයක්‌) නැත්තී යන අර්ථයයි. මෙය අර්ථ දොaෂයකි. මේ නම මුලින් කී ආකාරයට වැඩි වශයෙන් භාවිත වන්නට වන්නට ලිංගයක්‌ නැති තැනැත්තියක්‌ මෙන් කටයුතු කරන චර්යා ලක්‍ෂණ පහළ විය හැකියි. එබැවින් අර්ථ දොaෂ සහිත නමකි. "නිෂේධා" යනු නිෂ්ප්‍රභා කිරීම/ප්‍රතික්‌ෂේප කිරීම යන්නයි. මේ නම තිබෙන දරුවකු මා නිරීක්‍ෂණය කෙළෙමි. ඇගේ චර්යා රටා තුළින් තහවුරු වූයේ බොහෝ අවස්‌ථාවල ප්‍රතික්‌ෂේප කරන/කියන දේ ඇහුම්කන් නොදෙන හිතුවක්‌කාර ගති ලක්‍ෂණ පෙන්නුම් කරන දරුවකු බවයි. මවිසින් ඇගේ නමේ අනෙක්‌ කොටස වූ වෙනත් නමක්‌ භාවිතා කිරීමට පන්ති භාර ගුරුතුමියට හා පන්තියේ අනිත් ළමයින්ට උපදෙස්‌ දුනිමි.

මේ ආකාරයට තවත් නම්වල බහු අර්ථ ඇති අතර තවත් නම් වල සැළකිය යුතු අර්ථයක්‌ නැත. මේවාද අර්ථ දොaෂ ගණයට වැටේ. "වගීෂා" යනු සරස්‌වතී දේවිය වැනි යන්නයි. එබැවින් වගීෂා යන්න ගැහැනු දරුවකුට භාවිතා කිරීමෙන් සරස්‌වතී දේවිය වැනි සුන්දර රූ සපුවක්‌ ලැබීමේ ඉඩකඩ විවර වී, හදවත සුපසන් වී යහපත් චර්යා ලක්‍ෂණ ද පහළ වෙයි. එනමුදු මෙහි "වගීෂ" යනුවෙන් පිරිමි දරුවකුට භාවිතා කිරීම නොගැළපෙන්නේය. මේ ආකාරයට අප භාවිතා කළ යුත්තේ අර්ථාන්විත වචනවලින් තනාගත් නාමයන් විය යුතුය. ඒවා අර්ථ දොaෂ නැති අර්ථ පූර්ණ වදන් වීමෙන් සුබ ඵල ලැබේ.

2 ගණ දොaෂ

අප භාවිතා කරන නමේ ඇති ලඝූ හා ගුරු අක්‌ෂර (කෙටි හා ඇදෙන අකුරු) රටාවන්ට අනුව ලැබෙන ප්‍රතිඵල අනුව සුබ හා අසුබ වශයෙන් පුරාණ Rෂීන් වහන්සේලා විසින් පෙන්වා දී තිබේ. සුබ රටා 24 ද අසුබ රටා 40 ද ඇති අතර අසුබ රටා ගණ දොaෂ ලෙසත් සුබ රටා අනුව නිවැරැදි ගණ පිහිටවිය යුතු බවත් සඳහන් වේ. ඒ ඒ රටාවන්ට අනුව විපාකද පෙන්වා දී තිබේ.

උදා - අසුබ ගණ රටාවක්‌

බූමි-සූර්ය- ඹඹඹ -ඹ-

බූමි-අග්නි- ඹඹඹ ඹ-ඹ } විනාශය

දේව- සූර්ය- --- -ඹ-

දේව- අග්නි- --- ඹ-ඹ

මේ ආකාරයට ගණ රටා 4 කට එක්‌ විපාකය බැගින් අසුබ රටා 40 ට අසුබ විපාක 10 පෙන්වා දී තිබේ. ඒවා නම් 1- විනාශය /2 බන්දු පීඩා/3- හානි/4- ශෝක/ 5- දුක/6- සිය දනන් හා වෛරය/ 7- පිත් උම්මාදය/ 8- පතියා, පතිනිය නැසීම/9-දොම්නස, සිය කුලන් නැසීම/10- කවිතා හට වනස (විනාශය) ආදී ලෙස අසුබ විපාක හිමි වේ.

සුබ ගණ රටා

1-මිතුරු ගණයෙන් මිතුරු ගණය

බූමි- බූමි - ඹඹඹ ඹඹඹ

බූමි- දේව- ඹඹඹ --- } දනයාගේ වැඩීම (පිරිස්‌ බලය)

දේව - බූමි- --- ඹෂඹඹ

දේව -දේව- --- --- }

මේ ආකාරයට ගණ රටා 4 කට එක්‌ විපාකය බැගින් සුබ ගණ රටා 24 ට සුබ විපාක 6 ක්‌ පෙන්වා දී ඇත. 1- දනයාගේ වැඩීම (පිරිස්‌ බලය)/2- ජය/3- දිරිය/4- අධික ගුණ හා ලාබ/5- සැප /6- මදක්‌ දිරිය ආදී ලෙස සුබ විපාක නම් වේ.

පුද්ගල නම් තැබීමේ දී පුද්ගලයාගේ ලග්නය/නැකත/නැකත් පාදය/උපන් දවස/පංච පක්‌ෂියා/ පංච භූත ගණය ආදියට අදාළ අක්‌ෂර තෝරා ගත යුතුය. ඒවා අතුරෙන් දිව්‍ය හෝ මනුෂ්‍ය අක්‌ෂර නමේ මුල් අකුර පටන් ගැනීමෙන් ඉතා සුබ ඵල ලද හැකි වේ. නැකත් පාදයට හිමි අක්‌ෂරයකින් මුල නම තැබීමට හැකි නම් එයද ඉතා සුබ වේ.

ව්‍යාපාරයකට නම් තැබීමේදී ව්‍යාපාරය හිමි එයට මූලිකත්වය ගන්නා තැනැත්තාගේ ජ්‍යෙතිෂ තොරතුරු අනුවත් නිවසකට නම් තැබීමේ දී ගෘහ මූලිකයාගේ තොරතුරු අනුවත් අක්‌ෂර තෝරා ගත යුතුය. ව්‍යාපාරවලට හෝ නිවසකට නම් තැබීමේ දී දරුවන්ගේ හෝ පවුලේ අයගේ මුල් අකුරු එකතු කර නම් සාදා ගැනීම දොaෂ සහිත විය හැක.

දැන් එක්‌ ගැහැනු දරුවකුගේ ලග්නයට/නැකතට/නැකත් පාදය ආදී ලෙස අක්‌ෂර ගෙන ගණ දොaෂ ඉවත් කරමින් අර්ථ දොaෂ නොමැතිව බලය සහිත නම් කීපයක්‌ නිර්මාණය කරගන්නා අන්දම ඔබට නිරීක්‍ෂණයට හා අධ්‍යයනයට ලක්‌ කරමින් මේ සටහන නිමා කරමි.

1. ලග්නය - මීන - ය ර ල ව

2. නැකත - දෙනට - ග ගි ගු ගෙ

3. නැකත් පාදය - දෙක ගි

4. උපන් දවස - සඳුදා - ය ර ල ව ශ ෂ ස හ ළ

5. පංච පක්‌ෂියා - මයුර - ඔ ඕ

6. පංච භූත ගණය - ආකාශ - ඔ ඕ ග ෂ ද ච

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1461039984