Rukshan Jayathilaka Gurukam Advertisement

Oba Marena Hati Dhanaganna ඔබ මැරෙන හැට්‌ දැනගන්න

අවිචාර ලෝකයේ සදාචාර දර්ශනවාදීන් මෙලොව ජනිත මිනිසත් ජීවියාගේ මරණ මංචකය සංස්‌කරණය කරනුයේ විවිධත්වයකිනි. අප ශ්‍රී ගෞතමයාණන්ගේ දේශනාව වූයේ කර්මය කරණකොට මරණය ක්‍රියාත්මක වන බවය. ඡේසු සමිඳාණන්ගේ දර්ශනය නම් දෙවියන් වහන්සේගේ නියමය පරිදි මරණය නිර්මාණය වන වගය. පුද්ගලයා ජීවත්වන පරිසරය තුළින් ජීවන ගමන අවසන් වන බව නූතන සමාජ දාර්ශනිකයාගේ තර්කය වේ.

සමස්‌ත ලෝකවාසී පුරාතන ජ්‍යෙdතිෂවේදියා ජීවියකුගේ මරණය ඈවර කරනුයේ වෙනත් අයුරකිනි. එනම් ඈත සොඳුරු ගුවන්තලේ අංශක තුන්සිය හැට, අංශක තිහ බැගින් වූ කොටස්‌ දොළහකට බෙදා උදා ග්‍රහ තාරුකා භාව රාශිගත කිරීමෙන්ය.

දරු උපතක්‌ සිදුවන සුබ මුහුර්ථය මූලාශ්‍ර කරගෙන ඉතා සරල නමුත් විශ්මිත ගිණුම් ක්‍රමවේදයක්‌ උපයෝගි කර ගනිමින් ජන්මියා මෙලොවට පැමිණියේ දිව්‍ය - අපා, තිරිසන් විමානයකින් දැයි පළමුව නිවේදනය කරන්නේය. ඊළඟට දිගු ආයු ඇත්තෙකුද, නැත්තෙකුද යන වග නිර්භයව හඳුන්වා දේවී. දීර්ඝායුෂ හිමියකු නම් ලබන අධ්‍යාපනය කරන රැකියාව පමණක්‌ නොව විවාහයේ සරු - නිසරු තත්ත්වය, ලෙඩදුක්‌ කරදර සමගින් අන්ද, මන්ද බුද්ධිය ගැන සැබෑ තතු හෙළි කරති. මරණය ස්‌වයං, හදිසි, දිවිනසා ගැනීමක්‌ දැයිද පවසති.

එදා ඉසිවරු හඳුන්වා දුන් ගෙල සිරවීමද එල්ලී ද එල්ලාද මැරෙන ක්‍රමවිධි කීපයක්‌ නැකත පාඨකයා වෙනුවෙන් පහත දක්‌වමු.

ජන්ම පත්‍රයක 8 වැන්න වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ තිර රාශියක්‌වී දුර්වල පීඩිත ග්‍රහයෙක්‌ වී නම් බෙල්ල තදවීමකින් හෝ එල්ලීමෙන් මරණය සිදුවේ.

8. වැන්නේ සිටින ශනි, ගුරු ග්‍රහයාගෙන් අශූභ දෘෂ්ටි ලැබුයේ නම් රාජ දඬුවමකින් මරණය සිදුවෙයි.

8 වැන්නේ සිටින ශනි ග්‍රහයාට රවි චන්ද්‍ර දෙදෙනාම සප්තම වී නම් හිර ගෙදරකදී ගෙල සිරවීමකින් නොවේ නම් එල්ලී හෝ එල්ලා මරණය සිදුවෙයි.

බුධ ග්‍රහයා අශුභ දෘෂ්ටි පාප සංයෝගව දුර්වල වී හය (06) වැන්න සිටී නම් හිරගෙදරකදී හෝ පොලිස්‌ ත්‍රිවිධ හමුදා අත්අඩංගුවක සිටියදී ද මරණය සිදුවෙයි.

කුජ හෝ ශනි කේතු සමඟ 7 වැන්නෙහි සිටියදි පීඩා වී නම් වැටීමෙන්, ගෙල තදවීමෙන්, හෝ එල්ලීමෙන් මරණය සිදු වේ.

කේන්දරයක ශනි - කුජ පාපීන් දෙදෙනා සුසංයෝගය 8 වැන්න සිටී නම් ගෙල වැලලාගෙන හෝ එල්ලීමෙන් මරණය සිදු වේ.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1459054620