Oonkara Ganapathi Yantharaya ඕංකාර ගණපති යන්තරය

උසස් පෙළ සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට වැඩි වෙහෙසක් ගන්නේ ඔවුන්ගේ දෙමව්පියන්ය.
පන්සල්, පල්ලි, කෝවිල් ගාණේ මෙන්ම භාර හාර, යන්ත්‍ර මන්ත්‍ර පසුපස යන්නටත් ඔවුන් වැඩිපුර පෙලඹෙන්නේ මේ වකවානුවේදීය.

ඕනෑම යන්ත්‍රයක් කියන මුදලක් දී තම දරුවාගේ ගෙ‍ලේ පලඳින, දැනටමත් ලක්ෂ ගණනින් මුදල් වියදම් කළ දෙමව්පියන් ඕනෑම තරම් දකින්ට ඇත්තේය. තම දරුවනට උපරිම අධ්‍යාපනයක් ලබාදී යහපත් පුරවැසියකු බවට පත්කිරීම සෑම දෙමාපියකුගේම ඒකායන බලා‍පොරොත්තුවයි. මෙම ප්‍රාර්ථනාව සඵල කර ගැනීමට  හැකියාව ලැබෙනුයේ ඉතා අල්ප පිරිසකටයි.  මන්ද දරුවකුගේ අධ්‍යාපනය කෙරෙහි භෞතික මෙන්ම අභෞතික සාධකයන්ද ජු ලෙසම දායක වන බැවිනි. මිල මුදල්,  පහසුකම් සහිත පාසල් අමතර ඉගැන්වීම්, නිවැරදි  කාල කළමනාකරණය ආදිය බාහිර භෞතික සාධකයෝ  වෙති. තවද මීට බලපාන පියවි ඇසට නොපෙනෙන  බලවේග හා ශක්තීන්ද තිබේ. පෙර කරනු ලැබූ කුසලා කුසල කර්ම මෙයට මූලික  වනු ඇති.

කොතරම් උනන්දු උවත් උනන්දු කරත් සමහර දරුවන් අධ්‍යාපනයට කැමැත්තක් නොදක්වයි.  සමහර දරුවන් උපතින්ම  අධ්‍යාපනයට දක්ෂයෝ වෙති. සමහර  දරුවන්ට  ඉතා හොඳ ධාරණ ශක්තියක් පවතී.  තර්කානුකූල හැකියාව  ඇත සමහර දරුවන්ට මේ කිසිවෙක් නැත. මෙවන් විෂම තත්ත්වයන් ඉතා නිවැරදිව නිරාකරණය කළ හැකි මෙන්ම ඉතා නිවැරදිව ප්‍රකාශ කළ හැකි කැඩපත වනුයේ  ජන්ම පත්‍රයයි.

ජන්ම පත්‍රයක අධ්‍යාපනය ගැන කියවෙන ස්ථානය 5 වැන්නයි. 5 වැන්න ප්‍රබලවීම ඉතා උසස් අධ්‍යාපනයක් උරුම වන බවට ඉඟිකරයි. 5 වැන්නේ  ග්‍රහයින් ප්‍රබල ලෙස තැන්පත්වීම 5 වැන්නට සුබග්‍රහ දෘෂ්ටීන් ලක්වීම 5 වැන්න සුබ කර්තරි වීම සහ රවි, බුධ ගුරු යන ග්‍රහයන් ජන්ම පත්‍රයේ බලවත් වීම අධ්‍යාපන කාරකත්වය පෙන්නුම් කරයි. අසුබ ග්‍රහයන් 5 වැන්නේ ලැගුම් ගැනීම, 5 වැන්නට දෘෂ්ටිය හෙළීම, 5 වැන්න පාප කර්තරි තත්ත්වයට පත්වීම අධ්‍යාපන බාධක පෙන්වන සාධකයන් වෙති.

දරුවන්ගේ අධ්‍යාපන විචලතාවන්ද ජන්ම පත්‍රය ආශ්‍රයෙන් ඉතා නිවැරදිව විග්‍රහ කළ හැකිය. ග්‍රහ ගෝචරය, මහ දශා අන්තර් දශා ගවෛන ආකාරය, ගෝචරයෙන් නිර්මාණය වන සරස්වතී යෝගයත් මේ අතර ප්‍රබලය. සමහර දරුවන් කුඩා කල දක්ෂව සිට පසුකාලීනව දුර්වල වීමත්, සමහර දරුවන් දුර්වලව සිට පසුව ඉහළ අධ්‍යාපන තත්ත්වයට යෑමත් අප සමාජයේ ඉතා පැහැදිලිව හඳුනා ගත හැකිය. උත්පත්ති ජන්ම පත්‍රය  බලවත් වුවහොත් බාධක මධ්‍යයේ වුවද කෙසේ හෝ අධ්‍යාපනය සිදු කරනු ඇති.

මෙවන් බාධාවන් තිබෙන විට දෙමාපියන් මහත්වූ අසහනකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැක. දෙවියන් වෙනුවෙන්  බාරහාරවීමට බෝධි පූජා තැබිමට සහ නොයෙකුත් මාදිලියේ යන්තර පැලඳීමට අපි පුරුදුව සිටිමු.  මේවා සිදුකිරීම් වරදක් නැත. නමුදු අත්‍යවශ්‍ය දේ පමණක් ඉටුකිරීම ප්‍රමාණවත් වේ. පෙර කරන ලද අකුසල තත්ත්වයන් නිවැරදිව වටහාගෙන ඒවා  විපාක දෙන කාල සීමාවන්ද නිර්ණය කර එය දරුවාගේ  අධ්‍යාපනයට බාධාවක් සේ ක්‍රියා කරයි ද යන්න  ජන්ම පත්‍රය ආශ්‍රයෙන් විමසා බැලීම කළ යුතුයි. අනතුරුව එයට නිසි පිළිවෙත් යෙදිය යුතුය. සරස්වතී දෙවියන්ට, ශ්‍රී ගණ දෙවියන්ට බාර වීම ඉතා සුබයි. මෙම බාර වීමේදී  සල්මල් පූජා කිරීම අනිවාර්ය වෙයි. විභාග ආසන්නව පූර්ව දින 07ක් නැගෙනහිර දිශාව බලා බෝධි පූජා පැවැත්වීමත්, දරුවා  විභාගය ලියන මොහොතේ විහාරස්ථානයක දෙමාපියන් බෝධිපූජා පැවැත්වීමත් ඉතා ඉහළ ප්‍රතිඵල ගෙනදෙන  ශාන්තිකර්මයෝ වෙති.

කොතරම් යන්තර පැලඳුවද ඉතා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන යන්තර ඇත්තේ කිහිපයකි. එයිනුදු �ඕංකාර ගණපති� යන්ත්‍රය ඉතා ප්‍රබල වෙයි. අධ්‍යාපන බාධක දුරුවීම  ධාරණ ශක්තිය වැඩිවීම, විශේෂයෙන් විභාගවලදී ආවර්ජන ශක්තිය වැඩිවීම මෙම යන්ත්‍රයේ තිබෙන ප්‍රබලම ගුණයන් වෙයි.  මෙය ප්‍රායෝගිකය. ප්‍රතිඵල  ඉතා විශිෂ්ටය. මෙයට සමගාමීව ගණ දෙවියන්ගේ  රූපයක් නිවස තුළ තබා  සැම රාත්‍රියෙහි වන්දාන කළ යුතුය. මෙකී යන්ත්‍රය ආගම් භේදවලින් තොර අතර කිලි හසුවීමක්ද නැත.

දරුවන් වෙනුවෙන් දෙමාපියන්ට කළ හැකි  උපරිම දෙය ලබාදෙන අධ්‍යාපනය නිවැරදිව ලබාදීමයි. ජන්ම පත්‍රයේ සඳහන් වන දරුවාට හිමි අනාගත වෘත්තිය/වෘත්තීන් ඉතා හොඳින් හඳුනාගෙන  ඒ මග ඔස්සේ දරුවන් යොමු කිරීමෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි අතර මෙකී නිවැරදි වූ මග ජන්ම පත්‍රයේ සඳහන්ව තිබේ.  උත්පත්ති කේන්ද්‍රයේ ප්‍රබල වූ විදෙස් යෝග පිහිටා තිබේනම්, එම යෝගයන් අධ්‍යාපන  කාලවලට අනුරූප වේනම් එය විදෙස්  අධ්‍යාපනය ලබන බවට ඉඟිකිරීමකි.  තවද දරුවාගේ 6 වැන්න අතිශය පීඩාවට ලක්ව තිබිමත් සුබ නැත. තම අධ්‍යාපනයට සතුරු බලවේග ලෙස ගුරුවරුන්  මෙන්ම තම ඥාති මිත්‍රාදීන්ද  ක්‍රියාකිරීමට පෙලඹෙන තත්ත්වයකි. තවද විවිධ රෝගී තත්ත්වයන් අධ්‍යාපන බාධකයන් ලෙස  නිර්මාණය වේද යන්න මෙම 6 වැන්න ආශ්‍රයෙන් ඉතා නිවැරදිව ප්‍රකාශ කළ හැකිය.

දරුවා  විසින් ඉටුකළ යුතු මෙහෙවර ඉතා අධික වන අතර එය දරුවාට තේරුම්කර දීමද දෙමාපියන් විසින් සිදුකළ යුතුය. දරුවාට ඉලක්ක පෙන්වනවා විනා චිත්ත පීඩාවන ආකාරයට විභාග සඳහා දරුවා  මෙහෙයවීම සිදු නොකළ යුතුය.

මෙලෙස දරුවන්ගේ අධ්‍යාපනයට නොපෙණෙන බලය සම්බන්ධ කරගනිමින් කටයුතු කරන්නේ නම් ඉතා විශේෂ ප්‍රතිඵල ලබා ගත හැකිවීම ප්‍රත්‍යක්ෂ වූ කරුණකි.

තම දරුවන්ට උපරිම අධ්‍යාපනයක් ලබාදී  යහපත් පුරවැසියකු කරන්නට දෙමාපියන් වෙර දරද්දී විභාගයට යන දරුවන්ට විභාගය මුහුණ දෙන ආකාරයට මානසික වර්ධන ළඟා කරවන්නටත්, ඉහළ ප්‍රතිඵල කරා ගෙන දෙන්නටත් හැකි අයුරින් අතුරුගිරිය, ඔරුවල පදිංචි ප්‍රවීණ ‍ජ්‍යොතිර්වේදී සම්පත් වීරසිංහ මහතා ඉටුකරන්නේ සමාජ මෙහෙවරකි.
ශාස්ත්‍රවේදී ශ්‍රාස්ත්‍රපති උපාධි හදාරා ඇති හෙතෙම විද්‍යාපති, ‍ජ්‍යොතිර් විද්‍යා ශිරෝමණී උපාධිය හා මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය හදාරා ඇති නිසා සිය හසළ දැනුම උපයෝගී කරගෙන තමන් වෙත එන සෑම අයකුටම පිහිටක් වන්නේ දරුවන් රටේ අනාගතය වන නිසාය.

පසුගිය වසරවල ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙර සිටම යන සිසුන් අතරින් කොළඹ  ප්‍රධාන පෙළේ විදුහල්වල මෙන්ම ග්‍රාමීය පාසල්වල ද ඉගෙනීමට දුර්වලතා පෙන්වූ දරුවන් තෝරාගෙන ඔවුනට නොමිලයේ ජන්ම පත්‍ර පරීක්ෂාකරදී ඔහු කළ මෙහෙවර නිසා අද වනවිට ඉහළ අධ්‍යාපනය ලබන දරුවන් බොහෝ වෙති.

මෑතකදී සම්පත් වීරසිංහ මහතා කඩුවෙල ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යත්ව විභාගයට පෙර පංතිවල සිටින ඉහළ ප්‍රතිඵල නොලබන දරුවන් කිහිපදෙනකුම කල්තියා තෝරාගත්තේය. ඔවුන්ගේ ජන්ම පත්‍රය අනුව අධ්‍යාපන කටයුතුවලට ඇති බාධා අනාවරණය කරගන්නා ලදී. ඒ අනුව ඔවුන්ව විභාගය සඳහා හුරු කරලීමටත්, ඕංකාර ගණපති යන්ත්‍රය නොමිලයේ ලබාදීමටත් කටයුතු කළේය. එම තෝරාගත් සිසුන් සියලුදෙනා ශිෂ්‍යත්ව විභාගය ජයගත්තේද ගුරු දෙගුරුන්ද මවිත කරවමිනි. එයින් ලැබුණු ඉහළ ප්‍රතිඵල පිළිබඳව  අසන්නට ලැබුවා. දෙමාපියන් ඔහු සොයාගෙන එන්නේද තම දරුවාටද  ඉහළ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින්ය.

මේ ගැන සැලවීමෙන් පසුව අතුරුගිරිය, ඔරුවල සීලවිමල මාවතේ අංක 271, ලිපිනයේ පදිංචි සම්පත් වීරසිංහ මහතාගේ නිවස වෙත කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ගුරුවරියක් තම පන්තියේ දැරියන් විසිදෙනකුවම රැගෙනවිත්  විභාගයට මුහුණ දී ඉහළම ප්‍රතිඵල කරා යොමුකරන්නට කටයුතු කළාය.

විභාගයට සති ගණනකට පෙරාතුව සිට ඊට අවශ්‍ය  ආකාරයට මානසික  වර්ධනයක් ඇති කරවා වත් පිළිවෙත් ඉටුකර සැහැල්ලු මනසින් යුක්තව විභාගයට මුහුණදීමට හැකි ධාරණ ශක්තියක් ඇතිකර දෙන්නට සම්පත් වීරසිංහ මහතා  විසින් පවත්වාගෙන යන ශ්‍රී ලංකා ‍ජ්‍යොතිෂ හා විද්‍යා පර්යේෂණ පදනම මගින් මහත් සේවාවක් ඉටුකර දෙන්නේය.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1467780861

..........


oonkara ganapathi yantharaya ඕංකාර ගණපති යන්තරය onkara ganapathi yantharaya onkara ganapati yantaraa

oonkara ganapathi yantharaya ඕංකාර ගණපති යන්තරය onkara ganapathi yantharaya onkara ganapati yantaraa

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය oonkara ganapathi yantharaya ඕංකාර ගණපති යන්තරය onkara ganapathi yantharaya onkara ganapati yantaraa