sri lankan actress 2019

Poruwe Charithra Pilibada Danuwath Wemu පෝරුවේ චාරිත්‍ර පිළිබඳ දැනුවත් වෙමු

පෝරුවේ චාරිත්‍ර යනු විවාහ මංගල උත්සවයක ප්‍රධානම චාරිත්‍රයක්‌ වේ. නීතියෙන් යුග දිවියට ඇතුළුවන දෙදෙනකු දෙපාර්ශ්වයේ ඥති හිතමිත්‍රාදීන් ඉදිරියේ පෝරුවක්‌ මතට නංවා ප්‍රථමයෙන් ම තුණුරුවන්ගේත් දෙවියන්ගෙන් ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් විවාපත් යුවළගේ සුබ සිද්ධිය උදෙසා ඉටුකරන මෙම චාරිත්‍රය අභාවයට යමින් තිබෙන මෙවන් යුගයක ඉදිරි පරපුර වෙනුවෙන් මෙකී චාරිත්‍රය ඉටු කිරීමට හේතුවත් එයින් ඇතිවන යහපතත් ඒවා නිවැරැදිව ඉටු කරන්නේ කෙසේද යන්නත් වටහා දීම යුගයේ අවශ්‍යතාවක්‌ බැවින් නැකත අතිරේකය හරහා මෙලෙස ඔබ දැනුවත් කරමු.

පෝරුවේ චාරිත්‍ර පිළිබඳව සිදුහත් කුමරු යසෝදරා දේවිය සම්බන්ධවත්, බක්‌කාන බැමිණි දුවණිය සෝමසීSලී සම්බන්ධවත් ඉතා දීර්ඝ ඉතිහාසයකට දිව යන කතා පුවතකි. විවාහ මංගල්‍යයේ ඇති ප්‍රධානම චාරිත්‍රය පෝරු චාරිත්‍රයයි. මෙය අතිශයින්ම උත්සවයකි. මෙය මංගල්‍යයන් කීපයක්‌ එකතු කර කරන ක්‍රියාදාමයක්‌ වන අතර එනම් මුදු මාරු කිරීම, තැල්ල බැඳීම, තැලිපිsලි ඇන්දවීම යනුවෙන් සඳහන් කළ හැකිය.. මේ සියලුම මංගල්‍යයන් හිමිවිය යුත්තේ මනාලිය උදෙසාය. ජ්‍යෙdතිෂයේ ගුරුකම් කිරීම හා ශාන්තිකර්ම කිරීම රහසින් හෝ එළිපිට සියලුම ආගම් අදහන බොහෝ දෙනා කරන බව නොරහසකි. නමුත් පෝරුවේ චාරිත්‍රය රහසේ කළ නොහැක. සියලු දෙනා ඉදිරියේ ශබ්ද නගා නිවැරැදිව කළ යුතුව ඇති නිසා බොරු කළ නොහැක. සමාජයේ වැඩිදෙනෙක්‌ කරනුයේ බොරුව නිසාත් බොරුවෙන් මෙම චාරිත්‍රය කළ නොහැකි නිසාත් පෝරුවේ චාරිත්‍ර කරන උදවිය අඩු වෙමින් පවතී.

බෞද්ධ දර්ශනයේ දේව සංකල්පයට අනුව හනුමාන් සහ පත්තිනි මෑණියන් සම්බන්ධව කතාකරන විට පවිත්‍රතාවය සඳහා පත්තිනි මෑණියන් අග්‍රගනයට වැඩමවා සිටින දිව්‍යාංගනාවක්‌ බව නොරහසකි. අදටත් දරුවන් නොමැති කුල කාන්තාවෝ පත්තිනි මෑණියන්ට බාර හාර වී දරුවන් ලබති. ශ්‍රී ලංකාවේ නවගමුව නමින් හඳුන්වන බල ප්‍රදේශයේ අදත් පත්තිනි මෑණියන්ගේ අනුහස්‌ පවතින බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

ගැහැනු ළමයෙක්‌ මවු පදවිය දරන තෙක්‌ ඇයට කාලීනව යම් යම් මංගල්‍යයන් කීපයක්‌ම කෙරෙන අතර විවාහ තීරණය කළ දින සිට ඇය ඇමතීමේ වචන හැසිරවීමෙ ද වෙනස්‌ වේ. එනම් මේ ළදැරිය සාමාන්‍ය වයස, අට නමය හෝ දහය වන විට මල්වරයට සුදුසු තත්ත්වයක්‌ ලබයි. මේ උත්සවය ඉතා චාම්ව කළ යුතු අතර එහි චාරිත්‍ර පිළිවෙළකට නිවැරැදිව නොකළොත් ඒ අවස්‌ථාවේ සිට ද මැයගේ ඉදිරියට බලපාන හතුරුකම් ආරම්භ වේ. එනම් ප්‍රසිද්ධියේ වන මල්වරයට, මල්වර වීමෙන් පසු තනිවීම්, ස්‌නානයට පෙර බැදුම් පිළිස්‌සුම් කෑම නිසා කලුකුමාර දොaෂය දරුවන් ලබන තෙක්‌ම පාපකාරීව ක්‍රියාකරයි. ගැහැනු දරුවකු වැඩිවිය පැමිණීමේදී ඇයගේ මව හෝ ස්‌ත්‍රී ඥාතියකු ජ්‍යෙdතිෂකරුවකු වෙත බුලත් අතක්‌ ගෙන යන බව කවුරුත් දන්නා කරුණකි. එවිට ජ්‍යෙdතිෂකරුවා දූතයාගේ නැත්නම් තොරතුරු රැගෙන එන්නාගේ දූත ලක්‍ෂණ බලා මල්වරයේ සුබාසුබ කියන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නියමාකාරයෙන් ගුණාගුණ කියන ජ්‍යෙdතිෂකරුවා ඊට පිළිවෙත් ද කිව යුතුය.

වැඩිවියට පැමිණෙන මෙම දැරිවිය පෝරුවට පා නගන තෙක්‌ ඇය කුමරිය ලෙසද , පෝරු මස්‌ථකප්‍රාප්තියට පසු මනාලිය ලෙස ද මධුසමය සාර්ථකව නිම කළ ඇය පතිනිය ලෙස ද හැඳින්වේ. මෙම පතිනිය දරුවකු ප්‍රසූත කළ පසු මාතාව නැත්නම් මවු පදවියට පත් වේ. මේ ආකාරයට ආමන්ත්‍රනික නාමයන් ද වෙනස්‌ වේ. පතිනියකට දරුවන් නොලැබීමේ අවාසනාව, පෝරු චාරිත්‍රයේදී සිදුවූ යම් අඩුවකින් සිදුවූවක්‌ ද විය හැක. පෝරු මස්‌තක ප්‍රාප්තිය කොතරම් වටිනා ක්‍රියාවක්‌ ද එයට ගොඩවන කාන්තාව කොපමණ පිං ඇත්තියක්‌ ද යන්න මෙය කියවන ඔබට වැටෙහනවා ඇත. කුළ කුමරිය පෝරුවට පා නඟන තෙක්‌ පවිත්‍රතාවය රැකගෙන සිටිය යුත්තේද, ඉන් ඔබ්බට ඇති වන වරප්‍රසාද හා ගෞරවය ලැබීමට එම පවිත්‍රතාවය රැකගෙන පැමිණීමේ ඇති වටිනාකම (නියම පත්තිනි කුමරියක්‌ වීම) පසුව එම කුමරියට වැටහෙනවා ඇත. පවිත්‍රතාවය ඉතා උනන්දුවෙන් ගෞරවයෙන් රැකගෙන ආ කුළ කුමරියකට කරන මහා උපහාරයකි පෝරු මස්‌ථකප්‍රාප්තිය.

මෙසේ පවිත්‍රතාවය රැකගෙන ආ කුළ කාන්තාව සඳහා මංගල නැකත් කීපයකින් පසු, පෝරු චාරිත්‍රය ආරම්භ වේ. මෙම පෝරුව සකස්‌ කිරිමේදී නියමිත දිනයට සඳු නැත්නම් චJද්‍රයා ඉන්නා දිශාවට මුහුණලා ද මරු ඉන්නා දිශාවට පසුපසද හරවා ද පෝරුව තැබිය යුතුය. පුරාණ කාලයේ නම් එක්‌ යුවතියකට එක්‌ පෝරුවක්‌ තිබිය යුතු අතර, වර්තමානයේ එසේ කරනුයේ කලාතුරකිනි. මෙම පෝරු ලෑල්ල නැත්නම් පෝරු මස්‌තකය හඳුන් හෝ කිරි ලෑල්ලක්‌ වියයුතුය. එහි මතුපිට සුදු නැවුම් කපු රෙද්දක්‌ එළිය යුතුය. පෝරු මස්‌ථකප්‍රාප්තිය වන කුමරියගේ දකුණු අත පැත්තෙන් කුමරා සිටිය යුත්තේ කුමරියගේ ශක්‌තිය කුමරා බව හැඟවීමටය. පෝරු මස්‌ථකප්‍රාප්තිය කරන ජ්‍යෙdතිෂකරුවා අඩුම තරමින් සති 2 කටවත් මත්පැනින් හා කිලි මසින් තොර යහපත් දිවි පෙවතක්‌ ගත කළ යුතුය. නියම කරගත් සුබ වේලාවකට දෙදෙන එකවර පෝරුවට නැංවිය යුතුය. පෝරුවට නංවන්නේ ඥාති මාමා කෙනෙක්‌ බව පැරැන්ණන්ගේ එක්‌ මතයකි. පොරු මස්‌ථකප්‍රාප්තියෙන් පසු දේශයට/ කාලයට සුදුසු අශ්ඨකයකින් ආශීර්වාද කිරීම ජ්‍යෙdතිෂකරුවාගේ සිරිතයි.

මෙම පෝරුවට නැගීම සතුට එළඹෙන කරුණක්‌ බවට දුටුවත් එය ඉතා සෙනෙහසින් පිරි වරෙක සතුට උපදවන වරෙක දුක්‌මුසු වන සිද්ධීන් ඇති කරන කටයුත්තකි. විවාහ මංගල්‍යයේ වටිනාම උත්සව වන්නේ පෝරු චාරිත්‍රයි. නියම කරගත් පරිදි මුදු පැළැඳීම තැල්ල බැඳීම, තැලි පිලි ඇන්දවීම්, අත නූල් බැඳීම, අතපැන් වත්කිරීම. අවසානයේ කන්‍යාවන් ලවා ජයමංගල ගාථා ගායනා කිරීම ස්‌ථිරව කරන චාරිත්‍රය. ඉන් පසු කිරිකඩහේලය පූජා කිරීම ගෞරවනීය හා ඉතාමත් දුක්‌බරිත අවස්‌ථාවකි. මෙහිදී ඔක්‌කාන බැමිණිගේ කතා වස්‌තුව දිග හරිමින් දුවණිය කුඩා කල සිට බිව් කිරි වලට ණය ගෙවීම කළ යුතු වන්නේ තම මෑණියන්ට කිරිකඩ හේලය පූජා කිරීමෙනි. මෙම කතා වස්‌තුව දිග හැරෙන්නේ කවි ලෙසිනි. දුක්‌ බරිතවය. මේ අයුරින්ම තම පියාණන් වහන්සේටත් ණය ගෙවියුත්තේ මේ අයුරින්මය. එනම් මස්‌ථකප්‍රාප්තිය ලබා සිටින දුවණිය , ඔබව මේ තත්ත්වයට ගෙන ඒමට අනුනට බැල මෙහෙවරකම් කළ ගුණයට, දරදිය ඇදපු ගුණයට ද පව් ගෙවීම් කළ යුතු බවට පැහැදිලි කිරීමේදී මනාලිය ද මවුද, පියා ද බලා සිටින බොහෝ දෙනෙකුගේ ඇස්‌වලට කඳුළු ඒම වැඩිපුරම දක්‌නට ලැබෙන දර්ශනයකි. මෙම කරුණු කාරණා පැහැදිලි කිරීම දක්‍ෂ ජ්‍යෙdතිෂකරුවාගේ පළපුරුද්ද අනුව සිදු වේ.මේ සමගම පෝරුවට යම් ගුප්ත දොaෂයක්‌ කවුරුන් හෝ කර ඇත්නම් එය ද ඉවත් කිරීම ඔහුටම පැවරෙන යුතුකමකි. නියම පෝරු චාරිත්‍රය කළ විට වැඩිවිය පැමිණීමේදී සිදු වූවා යෑයි කියන යම් දොෂයක්‌ වුවද මෙම චාරිත්‍රයෙන් පසු ඉවත් වී යයි. විශේෂයෙන් පෝරුවට උචිත පත්තිනි මෑණියට කවි කිව යුතුය. එනම් දරු සම්පත් ලැබීම සඳහා කවි, ස්‌තෝත්‍ර ගායනා කළ යුතුය ඉන් එකක්‌ නම්.

එදා සිට මේ පැවැති සිරිතකි මඟුල් සක්‌වල මේලෙසින්
එකුන් පන්සිය කුමර බිහි වී පසේ බුදු වූ අනුහසින්
යසිං මේ දෙදෙනාව පෝරුවේ සිටුවමින් සෙත් කළ බලෙන්
නොවී කරදර ලැබී සම්පත් ලැබී පිංවත් දූපුතුන්
යනුයි.

මීළඟට සිදුවන්නේ යුවළ ඔසවා සිටින පෝරුවට බුලත් පිරිනැමීමයි. මෙය ද පුරාණයේ සිට කෙරෙන චාරිත්‍රයකි. විනාඩි පහකට අඩු කාලයකින් සිදුවන මේ චාරිත්‍රයෙන් පසු අමනාප නැති මනාප ඥාතීන්ට බුලත් හුරුලු දීම කෙරේ. මනාල පාර්ශ්වයෙන් ආරම්භ වන මේ චාරිත්‍රය දෙපාර්ශ්වයේ යම්කිසි සිත් නොසන්සුන්තාවක්‌ හෝ හිත් රිදීම් වැනි දේ නැතිකරන චාරිත්‍රයි.

ඉන්පසු සිදු වන්නේ ජ්‍යෙතිෂකරුවා විසින් සිදුහත් මංගල්‍යය හා පැරැණි චාරිත්‍ර හා පැරැණි අශ්ඨක වල ඇතුළත් ශ්ලෝක කවි ගායනා කිරීමයි. එනම් සුබ පැතීමයි. අවසානයේදී කිසියම් අකැපයක්‌ වී ඇත්නම් ශ්ලෝක මගින් එය ද නැති කර සෙතක්‌ ශාන්තිsයක්‌ ලබාදීමට කවි කීම ඔහුගේ සිරිතයි. මේ සියලු චාරිත්‍ර කර නියමිත වේලාවට විනාඩි 2 කට කලින් පෝරුවෙන් යුවළ බැස්‌සවීමට දෙවියන්ගෙන් අවසර ඉල්ලා සිටිය යුතුය.

රන්පනන් පත් පඬුරු දලු මුර ඔප්පු කර ජය මංගලම්
සංතොසින් මේ පුද දිවැස්‌ ලා සිව්වරම් දෙව් මංගලම්
ගත්ත දලුමුර ඉන්න නෑයෝ පිරිවරා දෙව් මංගලම්
පෝරුවෙන් බැස යන්න දෙවියනි දෙන්න අවසර මංගලම්

පෝරුවෙන් බැස යැම සඳහා යුවළ දකුණු පය පොළවට තබන වේලාවට පොල් ගෙඩිය බිඳ වස්‌දොස්‌ හැර පෝරු චාරිත්‍රය අවසන් කිරීම සිරිතයි.

අවශ්‍ය නම් මෙම කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු නොමිලේ ලබා ගැනීමට දුරකථන අංක 0722174553 ට ඇමතීමෙන් එය ඉටු කරගත හැකිය.

ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රඥ ගුප්ත විද්‍යාධර
මොරටුව මීපේ ගණිතගේ රංජිත් විද්‍යාරත්න

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1468571112

 


obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

poruwe charithra pilibada danuwath wemu පෝරුවේ චාරිත්‍ර පිළිබඳ දැනුවත් වෙමු pooruwe charithra pilibada danuwath wemu poruve charithra pilibadha denuvath vemu

poruwe charithra pilibada danuwath wemu පෝරුවේ චාරිත්‍ර පිළිබඳ දැනුවත් වෙමු pooruwe charithra pilibada danuwath wemu poruve charithra pilibadha denuvath vemu

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න
obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න

obath niwsa daw vimanak karagnna ඔබත් නිවස දෙව් විමනක් කරගන්න poruwe charithra pilibada danuwath wemu පෝරුවේ චාරිත්‍ර පිළිබඳ දැනුවත් වෙමු pooruwe charithra pilibada danuwath wemu poruve charithra pilibadha denuvath vemu