ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Rahuge Nekathwalin Upan Oba Ganai Me රාහුගේ නැකැත්වලින් උපන් ඔබ ගැනයි මේ....

නැකැත් 27කින් යුත් නැකැත් පංතියේ රාහු නම් ඡායා ග්‍රහයාට හිමි නැකැත් 3 ක්‌ පවතී ඒ අද, සා, සියාවස යන නැකැත් 3 ය. මුළු නැකැත් වල ප්‍රමාණය 3600 වන අතර එක්‌ නැකතක්‌ 130 20Z වේ. සෑම නැකතක්‌ම පාද 4 කින් යුක්‌ත වන අතර එම නැකැත් පාදයක ප්‍රමාණය 30 20Z ද වේ. නැකැක්‌ පංතියේ 6 වැනි නැකත වන අද නැකත මැණික්‌ ගලක ස්‌වරුපයක්‌ ගනී. මෙය මිථුන රාශියේ අංශක 60 40Z සිට 200 00Z දක්‌වා ව්‍යාප්තව පවතී. ජන්ම පත්‍රය තුළ මෙම නැකතේ සිටින සියලුම ග්‍රහයෝ නැකැත් අධිපති වන රාහුගේ පාලනයට යටත් වේ. අද නැකැතට හිමි ශරීර අවයව ලෙස උරහිස, අත් මෙන්aම බෙල්ල ද සඳහන් කළ හැක.

සියලුම නැකැත් තාමස, රාජස හා සාත්වික ලෙස ගුණ තුනකට බෙදා වෙන් කරයි. ඒ අනුව අද නැකත තාමස ගුණයෙන් යුත් නැකතකි. අද නැකතට අහසේ හිමි වන්නේ එක්‌ තරුවකි. එම තරුව අද නැකතම වේ. ස්‌ථිර, ක්‍ෂිපු, සාධාරණ, චර, මෘදු, උග්‍ර, තීක්‍ෂණ යන කොටස්‌ 7 අතරින් අද නැකත තීක්‍ෂණ කොටසට අයත් වේ. අද නැකත රාහුට අයත් නැකතත් බැවින් දශා කාලය වසර 18 කි. අද නැකැත් හිමියාට හිsමි පොදු පලාපල පහත පරිදි වුවද අදාළ ජන්මියාගේ ජන්aම පත්‍රය තුළ බුධ ග්‍රහයාගේ බල දුබලතාව මත එම පලාපල ප්‍රතිඵල දීම අඩු වැඩි වන බවද තරයේ මතක තබා ගත යුතුය.

අද නැකතිsන් උපන් පුද්ගලයා කපටි බුද්ධියෙන් යුතු පව් කිරීමට බිය නැති, උද්ධච්ඡ අයෙකි. නමුත් මොවුන් ලොකු දියුණුqවක්‌ නොදක්‌වයි. තම පවුලේ අයට ආදරය, කරුණාව දක්‌වන මොවුන් නිතර කෝපාවිෂ්ඨ වේ. කරුණාවන්ත හිතක්‌ මොවුන් තුල නොවේ. විශ්වාස කළ නොහැකි අයෙකි. නිතර බොරු කියයි. මොවුන් තුළ අනාවැකි පේන ආදිය කීමේ සුවිශේෂී දස්‌කමක්‌ පවතී.

අද නැකැතට හිමි පාද 4න් පළමු පාදයේ උපදින පුද්ගලයා තුළ ඉහත සඳහන් පොදු පලාපල අඩු වැඩි වශයෙන් පවතින අතර මොවුන් බුද්ධිමත් භාවයෙන් වැඩිය. මොවුන් කරනකියන කටයුතු ආදියෙන් ජනප්‍රිය භාවයට පත් වේ. නරක ගති අඩු වී ධාර්මික කමක්‌ ද මොවුන් තුළින් පිළිබිඹු වේ.

අද නැකතේ දෙවැනි පාදයෙන් උපන් ජන්මියා තමා සිටින ප්‍රදේශයේ මෙන්ම තමන් නියෑළෙන ක්‌ෂේත්‍රයේද ප්‍රසිද්ධියට පත් වේ. ඉවසීමේ ගුණයෙන් යුත් මොවුන් තරමක්‌ දුරට හෝ ධනවත් භාවයක්‌ පෙන්වයි.

අද නැකතේ තුන්වැනි පාදයෙන් උපන් ජන්මියා ඉගෙනීමට දක්‌ෂ වනවාත් සමඟම බාහිර ක්‍රියාකරකම් වලටද දක්‌ෂය. නිර්භීත පුද්ගලයෙකි. වාණිජ කටයුතු සඳහාද දක්‌ෂය.

අද නැකතේ 4 වැනි පාදයෙන් උපන් ජන්මියා තමා සිටින ක්‌ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්වන අතර අනුන් කෙරෙහි යම් තරමකින් හෝ දයානුකම්පා සහිත හිතක්‌ද ඇත. තමන් සතු දේ දීමටද කැමතිය.

නැකැත් 27න් යුත් නැකැත් පංතියේ සෑම නැකැතකටම අධිපති දේවතාවෙක්‌ සිටී. ඒa අනුව අද නැකතට ශිව දේවතාවන් අධිපතිත්වය දරයි. අද නැකැත් හිමියෝ ශිව දෙවියන් පිදීම තුළින් බොහෝ යහපත උදාකර ගත හැකි බව පුර්වාචාරීන්ගේ මතයයි.

නැකැත් පංතියේ 15 වන නැකත වන සා නැකතද රාහු නම් ඡයා ග්‍රහයාට අයත් වේ. පබලු ඇටයක ස්‌වරුපයෙන් යුත් මෙම නැකත සිකුරු ග්‍රහයා අධිපතීත්වය දරන තුලා රාශියේ 60 40Z සිට 20 0000Z දක්‌වා ව්‍යාප්තව පවතී. මෙම නැකතේ සිටින සියලුම ග්‍රහයින් නැකැත් අධිපති වන රාහු ග්‍රහයාගේ සහ රාශි අධිපති වන සිකුරු ග්‍රහයාගේ පාලනයට නතු වේ. මෙම නැකතට ශරීර අවයව ගණනාවක්‌ හිමිවේ. ඒ අතර වකුගඩු, මුත්‍රා මාර්ගය, මුත්‍රාශය ආදිය ප්‍රධානය.

සා නැකතද තාමස ගුණයෙන් යුත් නැකතක්‌ වන අතර චර කොටසට වැටේ. අද නැකැතට මෙන්ම මා නැකතටද අහසේ ඇත්තේ එක්‌ දීප්තිමත් තරුවක්‌ පමණි. එම තරුව සා නැකතම බව දැනගත යුqතුය. සා නැකතේ දශාකාලය රාහුට හිමි දශාකාලය වන වසර 18 යි.

සා නැකතින් උපන් පුද්ගලයාගේ පොදු පලාපල සැලකීsමේදී මොවුන් නිතර සතුටින් සිටීමට ප්‍රිය කරන රාජ්‍ය ගෞරව සම්මාන ලබන ජනප්‍රිය වන චරිතයෙකි. නමුත් මොවුන් විරුද්ධ ලිංගිකයින්ට ලොල් වේ. දෙවියන් බුදුන් විශ්වාස කරන මොවුqන් යුක්‌ති ගරුක, නිතර ප්‍රිය වචන කථා කරන, දැනුම් සම්භාරයකින් යුත් , වාණිජ කටයුතුවලට දක්‌ෂ, උගත්කමින් යුත්, වේදයෙහි දක්‌ෂ අයෙකි. මොවුන්ගේ විශේෂත්වය වනුයේ රාජකාරිය දේව කාරිය සේ සැලකිමයි. නමුත් මෙම පලාපල ජන්ම පත්‍රයේ සිකුරු ග්‍රහයාගේa බල දුබලතාව මත අඩු වැඩි වන බවද සිත තබා ගත යුතුයි.

සියලුම නැකැත් වලට මෙන්ම සා නැකතටද පාද 4 ක්‌ ඇත. සා නැකතේ පළමු පාදයෙන් උපන් තැනැත්තා ආගම දහමට ළැදි අයෙකි. මොවුන්ට ක්‍ෂණික දියුණුවක්‌ නැති වුවද ක්‍රමක්‍රමයෙන් දියුණු වීම මොවුන්ගේ සිරිතයි. නමුත් තමන් නියෑළෙන ක්‌ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත වේ.

සා නැකතේ දෙවැනි පාදයෙන් උපන්නවුන් විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වැඩිය. ධනවත් භාවයෙන් යුක්‌තය. ආත්ම ශක්‌තිය, ආත්ම විශ්වාසය ඇති අයෙකි.

සා නැකතේ තුන්වැනි පාදයෙන් උපන් තැනැත්තා දැනුම රැස්‌ කිරීමේ ආශාවක්‌ ඇති නිතර පොත පත පරිශීsලනය කරන අයවේ. මොවුන් දරදඬු පුද්ගලයන්ය.

සා නැකතේ 4 වැනි පාදයෙන් උපන්නවුන් තමන් සිටින ප්‍රදේශයේ මෙන්ම තවත් නියෑළෙන වෘත්තියේද ප්‍රසිද්ධියට පත්වේ. වාණිජ අංශයට ඉතා දක්‌ෂය. ව්‍යාපාර ආදියෙන් දියුණු වේ.

සා නැකතටද අධිපති දේවතාවෙක්‌ සිටී. ඒ වායු නම් දේවතාවාය. මෙම වායු දේවතාවන්ට පුද පූජා පැවැත්වීම තුළින් සා නැකැත් හිමියන්ට බොහෝ වරප්‍රසාද ලබාගත හැකිවනු ඇත.

රාහුට හිමි අවසාන නැකත වන සියාවස නැකත ගැන අවධානය යොමු කරමු. සියාවස නැකත නැකැත් පංතියේ 24 වැනි නැකතයි. වටයක්‌ බඳු ස්‌වරූපයකින් යුක්‌තය. මෙම නැකත ශනි ග්‍රහයා අධිපතීත්වය දරන කුම්භ රාශියේ 6 40Z සිට 20 00Z දක්‌වා ව්‍යාප්තව පවතී. ජන්ම පත්‍රයේ සියාවස නැකතේ සිටින ග්‍රහයින් නැකැත් අධිපති වන රාහු ගේ මෙන්ම රාශි අධිපති වන ශනිගේ පාලනයට යටත් වේ. මෙම නැකතට අයත් ශරීර අවයව වනුයේ බත්කෙන්ඩ, වළලුකර හා දණහිසයි.

රාහු ග්‍රහයාට අයත් නැකැත් තුනම තාමස ගුණයෙන් යුක්‌ත වන බැවින් සියාවස නැකතද තාමස ගුණයෙන් යුක්‌ත වේ. නැකැත් බෙදී යන කොටස්‌ හත අතරින් සියාවස නැකැත චර කොටසට වැටේ. සියාවස නැකතට අහසෙහි තරු අතර තරු 100 ක්‌ හිමි වේ. මෙම තරු 100 අතරින් වඩාත් ලොකු මෙන්ම දීප්තිමත්ම තරුව සියාවස නැකතයි. නැකැත් අතර වැඩිම තරු සංඛ්‍යාවකට හිමිකම් කියන එකම නැකැතද සියාවස නැකැතයි. සියාවස නැකතේ දශා කාලයද වසර 18 කි.

සියාවස නැකතින් උපන්නවුන්ගේ පොදු පලාපල මෙසේය. මෙම පලාපලද ශනි ග්‍රහයාගේ බල දුබලතාව මත අඩු වැඩි වන බවද සිත තබා ගත යුතුමය. මෙම නැකතින්aa උපන්a පුද්ගලයා තුළ දැඩි ආත්ම ශක්‌තියක්‌, ආත්aaම විශ්වාසයක්‌ පවතී. තද, දරදඬු හිතකින් යුක්‌තය. සතුරන් මෙල්ල කිsරීමේ මහා බලයක්‌ පවතී. චරිතය තරමක්‌ දුරට අයහපත්ය. රළු වචනයෙන්a යුක්‌aත මොවුන් සත්‍යවාදීය. හිතුවක්‌කාර චරිතයකිsන් යුක්‌ත මොවුන් තම මතය තුළම එල්බී සිssssටී. තනිවම සිටීමට මහත්සේ ප්‍රියතාවක්‌ දක්‌වයි. දියුණු විමට, ධනවත් වීමට බොහෝ බාධක මොවුන්ට ඇතිsss වේ. ගතානුගතික පුද්ගලයන් වන මොවුන් සම්ප්‍රදායන්ට ගරු කරයි.

මෙම සිssයාවස නැකැතටද පාද 4 ක්‌ හිමි වේ. මෙහි පළමු පාදයෙන් උපන් ජන්මියා තුළ ඉහත සඳහන්a පොදු ඉක්‌aමන් තීරණවලට එළඹිම කැපී පෙනේ.

සියාවස නැකතේ දෙවැනි පාදයෙන් උපන් ජන්මියා තුළ ඉහත සඳහන් පොදු පලාපල අඩු වැඩි වශයෙන් ඇතිss අතර ඥනාන්විත භාවය හා ඉක්‌මන් තීරණ වලට එළඹීම කැපීs පෙනේaa.

සිsයාවස නැකතේ දෙවැනි පාදයෙන් උපන් පුද්ගලයා නිsර්භීත ගතිs ලක්‌ෂණ මොනවට පෙන්නුම් කරන අයෙකි. එමෙන්ම මොවුන් දරුණුය. නොබියව ඉදිරියට යැම ප්‍රශ්නවල පැටලීම මොවුන් තුළිsන් දැකගත හැක.

සියාවස නැකතේ තුන්වන පාදයෙන් උපත ලැබූවන් තරමක්‌ හිතුවක්‌aකාර ගති පැවතුම් පෙන්නුම් කරන සංවේදි චරිතයකිss. මොවුන්ගේa අදහස්‌ හා හැඟීම් එළිපිට ක්‍රියාත්මක කරයි.

සියාවස නැකතේ අවසන් පාදය වන හතරවැනි පාදයෙන් ජන්ම ලාභය ලැබූ පුද්ගලයා හික්‌මීමකින් තොර සුළු දේටත් කලබලයට පත්වන අයෙකිssssss. නිssතර දුරගමන් යොදා ගන්නා ඇවිදීමට ප්‍රිය අයෙකි.

සියාවස නැකතටද අධිපති දේවතාවෙක්‌ සිටී. ඒ වරුණ නම් දේවතාවාය. මෙම දේවතාවාට පුද පූජා පැවැත්වීම තුළින් සියාවස නැකැත් හිමියන්ට බොහෝ යහපත උදාකර ගත හැක.

ජ්‍යෙතිෂවේදිනී
මංජුලා පුෂ්පරාංගනි
පල්ලේබැද්ද පානදුර

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1467519852