Wijesundara Sami - විජෙසුන්දර සාමි
Hot Kello

Senasuru Apalayata Biya Nowanna සෙනසුරු අපලයට බිය නොවන්න

සෙනසුරු හැර වෙනත් ග්‍රහයින්ගෙන් ඇති කෙරෙන අපල උවදුරු තත්ත්වයන්ට වඩා සෙනසුරුගෙන් ඇති කෙරෙන අශ=භ තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි දෙනා තුළ බලවත් බියක් පවතී. ඊටත් වඩා සෙනසුරු ඒරාෂ්ටක සම්බන්ධයෙන් පවත්නා බිය දෙගුණ තෙගුණ වී ඇති බැව් පැහැදිලි කාරණයකි. සෙනසුරු ඒරාෂ්ටක සම්බන්ධයෙන් වැඩි දෙනා තුළ අනියත බියක් පවතී.

ග්‍රහයින්ගෙන් හා සෙනසුරු ඒරාෂ්ටක මගින් අපල තත්ත්වයන් ඇති වන්නේ කෙසේ දැයි විමසා බැලූ‍වහොත් මේ සම්බන්ධයෙන් ඔබට මනා වැටහීමක් හා අවබෝධයක් ඇතිකර ගැනීමට පිළිවන.

රාහු, කේතු හැර අනෙකුත් ග්‍රහයින්ට ග්‍රහ ලෝක පවතී. මෙම ග්‍රහ ලෝක මගින් නිරතුරුව යම් කිරණ සමූහයක් පෘථීවිය වෙත විසුරුවා හරී. එය විද්‍යානුකූලව ද සනාථ වී ඇත. එහෙත් මෙම ග්‍රහ ලෝක මගින් විසුරුවා හරින කිරණ සියල්ලම පියවි ඇසට දර්ශනය නොවුව ද රවි හා චන්ද්‍රයාගේ කිරණ හෙවත් රශ්මි ධාරාව පියවි ඇසින් දර්ශනය කිරීමට හැකියාව පවතී.

මෙසේ ග්‍රහයින්ගෙන් කිරණ සමූහයක් විහිදුවන අතර මනුෂ්‍යයාගේ සිරුර මගින් විහිදුවන කිරණ සමූහයන් පදනම් කරගෙන මිනිසා වටා එක්තරා රැස් වළල්ලක් පවතී. මනුෂ්‍යයා තුළ පවත්නා ගුණාත්මක භාවය අනුව මනුෂ්‍යයා වටා පවතින රැස් වළල්‍ලේ බල තත්ත්වය තීරණය වේ. උසස් මානසික තත්ත්වයක් පවත්නා පුද්ගලයාගේ රැස් වළල්‍ලේ ප්‍රබලත්වය වැඩි කෙරෙන අතර දුර්වල මානසික තත්ත්වයක් පවත්නා පුද්ගලයාගේ රැස් වළල්ල දුර්වල තත්ත්වයෙන් පවතී.

ග්‍රහ ලෝකවලින් විහිදුවන දුර්වල නැතහොත් අශ=භදායක තත්ත්වයේ කිරණ දුර්වල රැස් වළල්ලක් පවත්නා පුද්ගලයාගේ ශරීරයට උරාගන්නා ප්‍රමාණය වැඩි කෙරේ. මෙවැනි අයහපත් කිරණයන් ශරීරගත වූ විට එවැනි කිරණ මනුෂ්‍යයාගේ මොළය කරා අවතීරණය වේ. මෙවැනි කිරණයන් මොළයට අවතීරණය වූ විට මානසික තත්ත්වය දුර්වල භාවයට පත් කෙරෙන අතර වැරදි තීරණ ගැනීම හෝ අශ=භදායක දේවල් කෙරේ යොමුවීම වැඩි කෙරේ. මෙම තත්ත්වය ශ=භදායක වන විට එනම් ශ=භදායක කිරණ ඇතුළු වූ විට ශ=භ පක්ෂයේ ප්‍රවණතාවන් වැඩි කරයි.

සෙනසුරු ඒරාෂ්ටක මගින් ඇති කෙරෙන අයහපත් තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ‍ජ්‍යොතිෂයේ මූලාරම්භයේ සිටම යම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. බුද්ධාගම ලෝකයේ ප්‍රචලිත වීමෙන් පසුව වෙනත් ශාන්තිකර්මයන්ට අමතරව බෝධිපූජා වැනි දේවල් එකතු වී ඇත. එමගින් ද යම් සහනයක් ලබාගැනීමට හැකියාව ඇත.

සෙනසුරුගේ අපල තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා බෝධිපූජාවන්ට අමතරව යම් යම් යාගහෝම, දානයන් දීම වැනි දේවල් සමග තවත් විවිධ දේ නියම කර ඇත. මෙවැනි වත්පිළිවෙත්වලින් යම් යම් සහනයක් ලබාගැනීමට  හැකියාව ඇත.

සෙනසුරු ඒරාෂ්ටක හෝ සෙනසුරුගෙන් ඇති කෙරෙන යම් උපද්‍රවයක් මගහරවා ගැනීම සඳහා විෂ්ණු දෙවියන්ට බලයක් ඇතැයි මහා භාරතයේ බොහෝ දෙනකු තුළ බලවත් විශ්වාසයක් පවතී. එය මෙරට ජනයා අතර ද දැන් ප්‍රචලිතව පවතී. එබැවින් පහත සඳහන් පිළිවෙත් අනුගමනය කෙරේ.

ඒරාෂ්ටක අපල පවත්නා කාලයේ දී විෂ්ණු දෙවියන් වෙනුවෙන් බාරයක් වී ඒරාෂ්ටකය අවසන් වීමෙන් පසුව එය තමා ගිවිස ගත් ආකාරයෙන් ඔප්පු කළ යුතුය. මෙය විෂ්ණු දේවාලයක් තුළ සිදු කළ යුතුය. විෂ්ණු දෙවියන් උදෙසා නිල් තිර පූජාකිරීම හා සෙත්කවි ඔප්පු කිරීම හා එම දෙවියන් වෙනුවෙන් රූප තැනීම හා ඊට ආධාර, අනුබල දීම මෙරට ජනයා ද සිදු කරනු ලබන ක්‍රියා පිළිවෙතකි.

සෙනසුරුගේ අපල තත්ත්වයන්ගෙන් මිදීම සඳහා යම් යම් ආකාරයේ දාන දීම මෙරට සිදු කරනු ලබන තවත් චාරිත්‍රයකි. දානදීම බෞද්ධ සංස්කෘතිය හා බැඳී පවත්නා එකකි. උ‍පෝසත සිල් සමාදන් වී සිටින පුද්ගලයන්ට ආහාර දීම තවත් එක් ක්‍රියාවකි.

පාදවල අසනීප තත්ත්වයන් පවත්නා යාචකයන් වෙනුවෙන් කිරි සහිත ආහාර ලබාදීම තුළින් යම් සහනයක් ලබාගැනීමට පිළිවන. අලූ‍යම් කාලයේ හිරු උදාවට පළමුව ගිතෙල් මිශ්‍ර කිරිබත් සමග ගිතෙල් පහන්තිර කපුටන්ට දීම තවත් දාන විශේෂයකි. මෙය සෙනසුරාදා දවසක පදිංචි ස්ථානයේ බටහිර දෙස තබා දීම වඩාත් යෝග්‍ය පිළිවෙතකි. ජරාජීර්ණ තත්ත්වයට පත් සිඟමන් යදින පුද්ගලයන්ට ආහාරපාන වර්ග ලබාදීම සෙනසුරු අපලය සම්බන්ධයෙන් තවත් පිළිවෙතකි.

ඒ ඒ ග්‍රහයින්ට ආවේ�ක වූ වෘක්ෂයන් නියම වී ඇත. මේ අනුව සෙනසුරු නියෝජනය කරනු ලබන්නේ නුග වෘක්ෂයයි. එබැවින් නුග රුක්ෂයට වතාවත් කිරීම හා එය කිරිවලින් නෑවීම මගින් සෙතක් ශාන්තියක් ලැබේ. නිල් පැහැති මල් පූජා කිරීම යහපත් වන අතර එම වර්ණයේ මල් පැලඳීම ද යෝග්‍ය පිළිවෙතකි. සෙනසුරු අපල පවත්නා කාල සීමාවන් තුළ දී නීල වර්ණය හා බැඳී පවත්නා දේවල් ඇඳීම, පැලඳීම වඩාත් යෝග්‍ය වේ. යම් යම් දේවල් පරිභෝජනය සඳහා තොරා ගැනීමේ දී නිල් වර්ණයට මුල්තැන් දීම වඩාත් සුදුසුය.

ග්‍රහ අපල සම්බන්ධයෙන් මැ�ක් හා ලෝහ වර්ග පැලඳීම ඈත අතීතයේ පටන්ම පැවත එන චාරිත්‍රයකි. වර්තමානයේ ලෝහ වර්ග හා මැ�ක් පැලඳීම අපරදිග රටවල් දක්වා පැතිර පවතී. මැ�ක් හා ලෝහ වර්ග ශරීරයට ස්පර්ශ වන ආකාරයෙන් පැලඳීම නිසා රෝග වළක්වා ගැනීමේ හැකියාවක් පවතී. එය විද්‍යාත්මක සාධක තුළින් ඔප්පු වී ඇත. මෙම මැ�ක් හා ලෝහවලින් යම් කිරණ සමූහයක් නිකුත් කෙරේ. එසේ වුව ද එය පියවි ඇසින් දැකීමට අපහසුය. විවිධ ග්‍රහ ලෝක තුළින් ද යම් කිරණයන් නිකුත් කරයි. එම කිරණ අතරින් රවි හා චන්ද්‍රයාගේ කිරණ පියවි ඇසට ලක් වුව ද වෙනත් ග්‍රහයින්ගේ කිරණ පියවි ඇසින් දැකීමට අපහසුය. මෙම ග්‍රහ ලෝක තුළින් නිකුත් කරන කිරණ මිනිසා සිරුරට ඇද ගනී. එම මිනිස් සිරුරට අවතීර්ණය වන කිරණ මොළය දක්වා ගමන් කරයි. මෙම කිරණ මොළයට ඇතුළු වූ විට මොළය තුළ පවත්නා ක්‍රියාකාරිත්වය වෙනස් කෙරේ. එවිට අප යම් යම් තීරණ ගනී. එය සමහර අවස්ථාවල දී යහපත් හෝ අයහපත් වීමට පිළිවන. මෙසේ මිනිස් සිරුරට අවතීර්ණය වන කිරණ පලවා හැරීමට ලෝහ හා මැ�ක් මගින් නිකුත් කරන කිරණයන්ට හැකියාව පවතී. එම කාර්යයන් ඉටුකර ගැනීම සඳහා මැ�ක් හා ලෝහ වර්ග ඈත අතීතයේ සිට භාවිත කර ඇත.

සෙනසුරු ඒරාෂ්ටක අපල තත්ත්වයන් අවම කර ගැනීම සඳහා නිල් මැ�ක් පැලඳීම වඩාත් යෝග්‍යය. මේ අතර කාක නිල් වර්ගයට අයත් මැ�ක් වඩාත් සුදුසුය. ලෝහ පමණක් නොව පස්ලෝ මගින් සකස් කරන වළලූ‍ වැනි දේවල් පැලඳීම තුළින් සෙනසුරුගේ අයහපත් භාවයන් අඩු කරයි.

විවිධ ග්‍රහ අපල හා සෙනසුරු අපල සම්බන්ධයෙන් යම් සහනයක් ලබාගැනීම සඳහා බලි පූජාවන් පැවැත්වීම ද ඈත අතීතයේ සිට පැවතිණ. එමගින් යම් පහසුවක් ලබාගැනීමට පිළිවන. සෙනසුරුගේ අපල සඳහා වඩාත් යෝග්‍ය වන්නේ මහා නිලඟ බලිය, දස ක්‍රෝධ බලිය හා ගෞඩි රාක්ෂ බලියයි. දැන් මෙරට බලි යාගයන් ක්‍රමයෙන් අහෝසි වෙමින් පවතී. මෙම බලි යාගයන් පවත්වන්නේ බෞද්ධ ආගමික පසුබිමක් යටතේය. මෙහි වැඩි වශයෙන් අඩංගු වන්නේ බුදු ගුණයන්ය. මීට අමතරව ග්‍රහ පූජා ශාන්තිකර්ම ද සෙනසුරු අපලය සඳහා භාවිත කෙරේ.

සෙනසුරු අපල සඳහා වඩාත්ම යෝග්‍ය යන්ත්‍රයන් අතර විෂ්ණු අඝෝරය, මහා මුර්ත්‍යුංජය, නීල මණ්ඩලය යන යන්ත්‍ර ප්‍රධාන වේ.

සෙනසුරු ඒරාෂ්ටක හෝ වෙනත් ග්‍රහ අපල සම්බන්ධයෙන් එකී කාල සීමාවන් තුළ දී ආගමික වතාවත්වල යෙදීම, එම ආගමික නායක උතුමන් දේශනා කළ ධර්ම කරුණු අනුව ජීවිතය පවත්වාගෙන යන්නේ නම් අපල තත්ත්වයන් මගහරවා ගැනීමට  හැකියාව පවතී. ආගම ධර්මය අනුව ජීවත් වන පුද්ගලයාට විපත්තිදායක තත්ත්වයන් ඛෙහෙවින්ම අඩු කෙරේ. ඔවුන්ගේ සිරුරෙන් විහිදුවන රශ්මි මාලා බලවත් හෙයින් ග්‍රහලෝක තුළින් නිකුත් කරන අයහපත් කිරණයන් පලවාහැරීමට බලවත් මිනිස් සිරුරේ කිරණයන්ට හැකියාව පවතී. එබැවින් යුක්ති ධර්මයට අනුකූලව ජීවත් වීමෙන් වඩාත් යහපත් වාතාවරණයක් ඇතිකර ගැනීමට පිළිවන.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1460092569