Somawathi Gurumaiyo සෝමාවතී ගුරුමෑණියෝ sinhala wal katha 2013

දේශමාන්‍ය - දේශබන්ධු රංජන් සිසිර කුමාර
දෙනුවන් ජ්‍යෙතිෂ්‍ය සේවය - බටකැත්තර
සටහන - ධම්මික හේවාවසම්


දුකට අධිපති ග්‍රහයා ලෙසත් සියලු අසුබ පලදීමේ ප්‍රමුඛයා ලෙසත් හැඳින්වෙන සෙනසුරු සෞරග්‍රහ මණ්‌ඩලයේ සිටින වියළිතම ග්‍රහයාය. පෘතුවිය මෙන් 95 ගුණයක්‌ විශාල පාපී කම්මැලි ශනි දිග අත් හා පාදවලින්ද මහලු පෙනුම හා වහා කිපෙන සුළු ගතිගුණවලින් හෙබි බවද කියෑවේ.

හොඳට හොඳ සේම පාපී අසුබ සෙනසුරු ඉතාමත් දරුණු ලෙස ජන්මීන්ගෙන් පළිගනිමින් පහතට ඇද දමන නපුරු ග්‍රහයෙක්‌ වුවත් තුලාවේදී උච්ච වූ අවස්‌ථාවල සස නම් රාජ යෝගය යෙදෙන අතර එම කාලවකවානුවේ අදාළ ජන්මියා ඉහළට ඔසවා තැබීම විශේෂ ලක්‍ෂණයකි.

කෝණ, ක්‍රිෂ්ණා, යම, අර්තපුත්‍ර, කාල යනාදී නම්වලින්ද හැඳින්වෙන ශනි හෙවත් සෙනසුරුට කෙලින් පිහිටි ගොරෝසු කෙස්‌ද කාල වර්ණ ශරීරයක්‌ද අපිරිසිදු බව, අකරුණාවන්ත බව කෙලතොලු බව මෝඩ නපුරු පරුෂ වචන යන ගතිලක්‍ෂණ ආවේණික වේ.

ග්‍රහ මණ්‌ඩලයේ සිටින භයානකම ග්‍රහයා වුවත් ශනි ප්‍රබලව යෙදීමෙන් දුර්ගුණ යටපත් කොට කරුණා සහගත පරෝපකාරයට ලැදි පුද්ගලයකු බිහිකරනු ලබන අතර ඔවුන් කෙතරම් කරදර ආවද ඒ කිසිවක්‌ ගණන් නොගෙන දැඩි අධිෂ්ඨානයෙන් සිය කටයුතු ඉදිරියට පවත්වාගෙන යැමට උත්සුක වන්නන් වේ.

වෘෂභ - තුලා ලග්න හිමියන්ට ශනි රාජයෝගකාරකයා වන අතර මකරයේද කුම්භයේද ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් පසුවේ. මැරයා වූ කුජගේ නිවහනේදී නීච වේ. ඉහත රාශීන්හිදී සෙනසුරුගේ දුෂ්ඨ ගති පැවතුම් බොහෝ දුරට යහපත් ශාන්ත ස්‌වභාවයක්‌ ඇතිකෙරේ.

කළ හොඳ හෝ නරක ජීවිත කාලයේදී කෙසේ හෝ විසඳනු ලබන්නේ ශනිගේ වාරය පැමිණි කල්හිය. වැරදි කළ කවරෙකුට වුවද සමාවක්‌ නොදෙන අතර කළ වැරැදි සිහිපත් කරමින් ටිකෙන් ටික ආයුෂ පැහැර ගැනීමට පෙළඹේ. ශනිගෙන් පමණක්‌ ජන්මීන්ට යෙදෙන්නා වූ ඒරාෂ්ටක අපල හතරකි. ජන්මියාගේ ලග්නයට හෝ දෙවැන්නට හෝ දොළොස්‌වැන්නට පිවිසීම ලග්න ඒරාෂ්ටකය වේ. එය පවතින කාල වකවානුව අවුරුදු හතහමාරකි. එක්‌ රාශියක අවුරුදු දෙක හමාර බැගින් කල්ගතකරනු ලැබේ. අයහපත් ලෙස යෙදුන ශනි විසින් අදාළ ජන්මියාට උන්හිටිතැන් පවා අහිමි කරමින් නිල තල බලතල ආදියෙන් පහකොට සියලු නම්බුනාම අහෝසි කොට ප්‍රබලයා දුබලයා කරයි. නොවිඳිනා දුක්‌වලට භාජන කර ගේදොර ගම්බිම් එපාකර පලවා හරී. මෙය චන්ද්‍රයා සිටි රාශියෙන්ද සූර්යයා සිටි රාශියෙන්ද මෙසේම සැලකේ. එවැනි ඒරාෂ්ටක චන්ද්‍ර (චන්ද්‍රයාගෙන් අටවැන්නට) සූර්ය (සූර්යයාගෙන් අටවැන්නට) ආදී වශයෙන් දැක්‌වේ. එසේම අටවැන්නට පිවිසීම අෂ්ඨම ඒරාෂ්ටකය වේ. චන්ද්‍ර සූර්ය දෙදෙනාගෙන්ද අටවැන්නට පැමිණීම නොයෙක්‌ අන්දමේ අනිටු පළ ලැබෙන්නකි. සඳු සිටින රාශියට පිවිසීමෙන් ජන්ම ඒරාෂ්ටකය උදාකෙරේ. ජීවිත කාලයේදී කවරකුට හෝ සෙනසුරාගෙන් මිදී පළා යා නොහැකි බව මින් තේරුම්ගත යුතුය. පව් කරන්නාට විපාක වාරයේදී විපාකය ඉලක්‌කයට එල්ලකරනු ලැබේ.

අරපරිස්‌සම, රහස්‌ රැකීම, කුම්මැහිකම, ආත්ම දමනය ලෝකෝත්තර දියුණුවට ඇති ඇල්ම, අධ්‍යාත්මික දේ සඳහා ඇති ආශාව, මහණකම, භාවනානුයෝගීව පසුවීම තපසට යැම පරණ ගේදොර හා කෞතුක දැ සොහොන් පිට්‌ටනි ගින්නෙන් දැවුණු ප්‍රදේශ, අසූචි, ඇට, හන්දිපත්, දහඩිය, නහර, මුත්‍රාශය, බොක්‌ක, කොඳුඇට පෙළ, වම්කකුල, සිරුරේ වම් පැත්ත ශනිග්‍රහයාගේ බලපෑමට යටත් ය.

ශනි බලවත් වූ විට විචක්‍ෂණ භාවය, දැඩි සේ ඉවසීමේ ගුණය, අවහිර හා බාධක, දැඩි ආත්ම ශක්‌තියකින් යුතුව ජය ගැනීම, සංයමය, නීතිගරුක බව, තීක්‍ෂණ සුළු බව, න්‍යායධර්ම ශාස්‌ත්‍රාදී දර්ශනයන්ගේ දැනුම් සහිත බව යනාදී අංශවලින් ඉහළ තත්ත්වයකට පත්වේ.

දීර්ඝායුෂ, ලෙඩදුක්‌, බ්‍රහ්මචාරී බව, ධනය, ශ්‍රමය වැයකිරීම, ආර්ථිකය පිරිහීම, දුරදක්‌නා ස්‌වභාවය, ධනයට ඇති අධික තන්හාව, අපිරිසිදුකම, බියගුලු ස්‌වභාවය, දූෂණය වීම, බන්ධනාගාර ගතවීම, අස්‌වාභාවික ගතිපැවතුම් ඇති වීම, නපුරු බව, කොරබව, ආබාධිතයන් වීම, අවමන් විඳීමට සිදුවීම, බොරු කීම, ගවේෂකයන්, මෙහෙකරුවන් කම්කරුවන් යන්නන් හා ගති සිරිත් ලක්‍ෂණ ශනි විසින් නිවේදනය කරයි.

දත් රෝග, මාංශපේෂීන් හා කටු සම්බන්ධ රෝග වළලු කර හා පාදවල මංශගත වේදනා, ක්‍ෂය රෝගය, ඇදුම, වලිප්පුව, අංශභාගය, වාත රෝග, කුෂ්ඨ රෝග, සෙම නරක්‌වීම, ඇස්‌ නොපෙනීම උස්‌ ස්‌ථානවලින් ඇදවැටිම, ඔත්පල කර තැබීම කල් අල්ලන රෝග සිරුරට ඇතිකොට කායිකව දැඩි පීඩාකාරී බවකට ඇද දැමීම ශනිග්‍රහයා විසින් ඇතිකරන රෝගාබාධයන් වේ. උප්පත්තියේදී රවි සමග යෝගවීම ජන්මියා වයස අවුරුදු 30 දක්‌වා තදබල විපත් කරදර ආදිය පත්වීමට ඉඩ ඇති අතර උත්‍රපුටුප, පුෂ, අනුර ශනිට හිමි නැකැත් ත්‍රිත්වය වේ.

ශනි අපලය සඳහා ශාන්තිකර්ම

සෙනසුරු අපල සඳහා පුද පූජා තැබීමේදී සෙනසුරාදා දිනවල ශනි හෝරාවෙන් එනම් පෙ.ව. 6.00 සිට 7.00 දක්‌වාත් ප.ව. 8.00 සිට 9.00 දක්‌වා කාලය අතර තුර සිදුකිරීම සුබය. නොකඩවා දින 7 ක්‌ බස්‌නාහිර දිශාව බලා සෙනසුරු බලවත්ව සිටින රාත්‍රි කාලය ද පුදපූජා සඳහා සුබය.

 

  • ෆ නිල් මැණිකක්‌ (කාකනිල්) ඇල්ලූ රන් මුදුවක්‌ දකුණු අතේ මැදඟිල්ලේ පළඳින්න නැතහොත් නුග කොළයක ආකෘතියකට නිල් මැණික්‌ අල්ලා ගෙල පළඳින්න.
  • නිසිලෙස සාදා ගත් නීලමණ්‌ඩල යන්ත්‍රය, ශනි මෘතුංජය, විෂ්ණු ආඝෝරය යන යන්ත්‍රවලින් එකක්‌ තෝරාගෙන පළඳින්න.
  •  නිල්මල් පූජාකර, තලතෙල් අබ තෙල් පහන් දල්වා "සෙනසුරු උපලය දුරු වේවා" යනුවෙන් ලියන ලද නිල් පැහැති තිරයක්‌ ආතුරගේ උසට නිල් මල් මාලයක්‌ බෝධියේ බස්‌නාහිර දිශාවේ එල්ලන්න.
  • ශනි අපල දුරුකර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් පිහිට පැතිය යුත්තේ ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් බැවින් සියලු පුද පූජා ශාන්තිකර්ම අවසානයේ විෂ්ණු දිව්‍ය රාජයාට පිං අනුමෝදන් කර අපල දුරුකර සහනය දෙනමෙන් ඉල්ලා සිටින්න.
  • බැබිල, විෂ්ණුක්‍රාන්ති, ළොත්සුඹුල, කලාඳුරු අල, සතකුප්ප යන ඖෂධ නැවුම් කළයකට දමා වතුර පුරවා පැය 12 ක්‌ තිබෙන්නට හැර සාමාන්‍ය ජලය ස්‌නානයෙන් පසුව බස්‌නාහිර බලා ඖෂධ පැන් කළය ස්‌නානය කරන්න.
  • තම ගෙවත්තේ බස්‌නාහිර දිශාවේ නුග පැළයක්‌ රෝපණය කර නිතර එය ස්‌පර්ශ කරමින් සාත්තු කරන්න. මූණමල්, ගොඩකදුරු, කොහොඹ වැනි ශාක සිටුවන්න. අපහසුනම් වෙනත් තැන්වල තිබෙන එවැනි ශාකවලට සාත්තු කරන්න. නිල් කටරොළු වැල් සිටුවන්න.
  • සකල ලෝවැසි දනන්ගේ දුකට අධිපති වූද රාශි චක්‍රයේ මකර කුම්භ ලග්නවලටද විසි නැකතේ පුෂ, අනුර, උත්‍රපුටුප නැකැත්වලටද ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් යුක්‌ත වූ නීල මාණික්‍ය, කාකනීල, යකඩ, වාහන, ඛනිජ නිධි ආදියට තම බලය යොදන්නා වූද මිනිස්‌ සිරුරෙහි දණහිස, වළලුකර, අස්‌ථි, වකුගඩු ආදී ස්‌ථානවලට නිතර නිතර සිය බලය පෙන්වන්නාවූ පෘථිවි ධරණි තලයේ සිට අධික දුර ප්‍රමාණයකින් යුක්‌තවූ දූවිලි වළාවෙන් පිරී ගිය අධි කාෂ්ටක වූ නීලවර්ණ තාරකාවට අධිගෘහිත වූ නුග අරණේ වෙසෙමින් තල මිශ්‍ර නිල්වන් භෝජන වළඳන්නාවූ කාක වාහනාරූඪව වැඩසිටිමින් මහලු වේශයෙන් සැරයටියක්‌ අතින්ගෙන නිල් මාලාවකින් සැරසී සසර පිළිබඳ කලකිරවා චිත්තපීඩා ඇතිකරන්නාවූ සෙනසුරු ග්‍රහ උත්තමයාණනි මා හට තිබෙන්නා වූ ජන්ම ඒරාෂ්ඨක, අෂ්ඨම ඒරාෂ්ඨක විදශා අපල දුරුකර අතුරුදශා, මහ දශා, අපල දුරු කොට සකල අභිවෘද්ධියන් සලසා දෙන සේක්‌වා· යනුවෙන් කන්නලව් කරන්න.


දිනපතා නින්දට පෙර ආගමික වතාවත්වලින් පසු ශනි අපලය දුරුවීම පිණිස පහත දැක්‌වෙන ස්‌තෝත්‍රය හා සෙත් කවිය නව වරක්‌ ගායනා කරන්න.

ශනි ස්‌ත්‍රෝත්‍රය


සූර්ය පුත්‍රො දිඝ_දෙහො
විශාල ලක්‍ෂ ශිව ප්‍රිය
මන්දවාර ප්‍රසන්නායම්
පීඩා හරතු මේ ශනි


සෙත් කවිය
පුරිස ලකුණු දෙතිසක්‌ ගත වොරඳා
අනිස දහම් මඟ හෙළිකළ පෙරදා
පුරිස දහම් සාරථි බල විහිදා
සෙනසුරු අපලය දුරලන් සැමදා


Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

දුකට අධිපති ශනි senasuru apala senasuru apala senasuru graha apala

දුකට අධිපති ශනි senasuru apala,senasuru apala,senasuru graha apala

දුකට අධිපති ශනි senasuru apala senasuru apala senasuru graha apala

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය දුකට අධිපති ශනි senasuru apala senasuru apala senasuru graha apala දුකට අධිපති ශනි senasuru apala,senasuru apala,senasuru graha apala