Advertisement
Hot Kello

Suba Nakath Pilipadha Athamita Sarukara Ganna සුබ නැකැත් පිළිපැද අතමිට සරුකර ගන්න

මුහුර්ති නැත්නම් නැකැත් කියන්නේ යමක්‌ කිරීමට අත්‍යවශ්‍යම හා කරුණු ඒ විදියටම ඉටුකර දෙන සුදුසුම වෙලාව, නැත්නම් තිථිය. මේ කරුණු ටික ටික ඔබ දැනගෙන හිටියත් පිළිපදින්නෙ නැහැ. ඒ නිසා නියමාකාරයට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මනුෂ්‍යයා කියන්නේ ලෝකය පවත්වාගෙන යන පංච මහා භූතයන් වන ආපෝ - තේජෝ - වායෝ - පඨවි - ආකාශ කියන බලවේගවල රූකඩයක්‌. අප ඉපදුණේ අපි කළ කුසල් අකුසල්වල බල මහිමයෙන්. මියයන වෙලාව වෙනස්‌ කරන්න බැහැ. ඒත් අවසානය ළඟා කරන ආකාරය වෙනස්‌ කරන්න පුළුවන්. ඒකනේ මට්‌ටකුණ්‌ඩලීගේ, පූතිගත්ත හාමුදුරුවන්ගේ අවසාන වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝa එතැනට වැඩියේ. නරක භවයක උපදින අය සුගතියේ උත්පත්තිය ලැබුවා. ඒ වගේ ජ්‍යෙdතිෂය උපයෝගී කරගෙන මේ නැකැත් නැත්නම් මුහුර්ති මගින් සුබ වෙලාව කියා දෙනවා. උදාහරණයක්‌ වශයෙන් ඔබ කවුරුත් දන්නවා දවසේ රාහු කාලය තුළ කිසියම් සුබ දෙයක්‌ නොකරන බව. ඔබ හරියටම දන්නේ එච්චරයි. ඒ මොකද යමක්‌ කිරීමට නුසුදුසු කාලය නිසා. එහෙනම් සුදුසු කාලය මොකද්ද? ඒකට උත්තර දීලා ඔබ ආරම්භ කරන්න යන ව්‍යාපාරය, මංගල්‍යය, නිවසක්‌ හැදීම, කුමන හෝ කර්මාන්තයක ආරම්භය, දියුණු කරන්න තමයි මගේ උත්සාහය. ඔබ දියුණු වුණොත් රටම දිනුම්. ශාස්‌ත්‍රයත් දියුණුයි. ව්‍යාපාර අරඹන්න එන අය කියනවා මගේ පක්‍ෂියා රජවෙන නැකතක්‌ දෙන්න කියලා. එහෙම කිව්වට ඒ අයගේ පක්‍ෂියා මොකාද කියලවත් ඒ අය දන්නේ නැහැ. ඔබ කරන්න යන ඕනෑම දෙයකින් ලාභ ලබන්න, සතුට ලැබීම තමයි ඔබේ මූලිකම බලාපොරොත්තුව. ඒක ලබන්න නම් සුබ නැකතකින් ඔබේ කටයුතු ආරම්භ කරන්නට වනවා. ඔබ දන්නවා සමහර අය ස්‌වකීය නිවසින් පිටව ගියේ ආපසු ගෙදර එන්න නේද? ඒ ඔක්‌කොම ආවාද, නැත්නම් ගිය විදියටම ආවාද? දරුවන්ට හාදු දීලා, නෝනාගේ ඔළුව සිඹලා ගෙදරින් පිටව ගියේ ආපසු එන්න නේද? මොකද නාවේ. ඔබ පිටවීමට කලින් මුහුර්තිය බැලුවද? විශ්වයේ බලයෙන් ඔබ ගමන යන්න කලින් යම්කිසි සංඥවක්‌ දුන්නා. ඒක දැනුණේ නැහැ නේද? ගණන් ගත්තෙත් නැහැනේ. එතැනනේ මාරයා හිටියේ. හොඳට මතකයේ තබාගන්න. මේ විශ්වයේ බලය හැම විටම අපට උදව් කරනවා. ඔබ ඇති කළේ මහ පොළව. ඔබ අන්තිමට යන්නෙත් මහ පොළවට. පඨවි භූතයා එතැන ඉන්නවා. ආගම්භේද, කුලභේද, ජාතිභේද කිසිවක්‌ නැහැ. මේ ස්‌වභාවධර්මයා නැත්නම් ලෝකයේ පැවැත්ම සඳහා ඔබ කිසියම් වත් උදව්වක්‌ කළාද? අනුන් වෙනුවෙන් ප්‍රයෝජනය සඳහා අඹ ගෙඩියක්‌වත් පුද කළාද? හෝ වතුර ටිකක්‌ පොහොර ටිකක්‌ ගහකට දැම්මද? ඔබට කරදරයක්‌ වුණාම විතරක්‌ දෙවියන්ගෙන් නැත්නම් විශ්වයේ බලයෙන් උදව් ඉල්ලනවා. ඔබ අහල තියෙනවා නේද? ධර්මය රකින්නා ධර්මය විසින් ආරක්‌ෂා කරනවා කියලා. ඒ වගේම තමයි ස්‌වභාවධර්මයා රක්‌ෂා කරන්නා ඒ විසින්ම ආරක්‌ෂා කරනවා. ඔබ කවදා හරි අහලා තියෙනවද ගමනක්‌ යන විට හූනෙක්‌ චුක්‌ චුක්‌ ගෑවොත් හෝ නිකමට වගේ ඔබේ කකුල පටළැවුණොත් ටිකක්‌ ඉඳල නැවතිලා යන්න ඕනෑ කියලා. ඔබ එහෙම කළේ නැහැ නේද? පැරැණි අය නම් මේවා කළා. ඔබ ආපසු ආවේ ගිය විදිහටමද? දැනට මේ පුංචි කෙම කරන්න. යම්කිසි ගමනක්‌ යන්න ප්‍රථම එක පාරටම නොයා ගෙදර ප්‍රධාන උළුවස්‌ස යටට යන්න. ටිකක්‌ නැවතිලා ඉන්න. මේ ඔබ යන ගමනේ තිථිය නැත්නම් නැකත නුසුදුසු නම් අප්‍රයෝජන නම් හෝ නපුරු නම්, විශ්වයේ බලය විසින් ඔබට යම්කිසි සංඥවක්‌ දේවි. ඒ අනුව ක්‍රියා කරන්න. ගමන සුබයි යන්න. ඔබ දැකල තියෙනවද මනාලියක්‌ හෝ සුබ වැඩකට පිටව යන ඕනෑම කෙනකුගේ ඉදිරියට වීදුරුවකට වතුර දාලා පිරුණු ගැහැනියක්‌ ඉදිරියට එනවා. ඒ ඇයි? මේ ක්‍රම පැරැණි නැහැ. සුබ දේවල්. මේ ආකාරයට ආරම්භය දුන්නාම ප්‍රතිපල ගොඩයි.

ඔබ කවදාහරි සුබ කටයුත්තකට ගමන ආරම්භ කරනවා නම් තරුණ ස්‌වාමීන් වහන්සේ කෙනෙක්‌ මුණගැහිලා යන්න. වරදින්නෙ නැහැ. හේතුව පෞද්ගලිකව කියන්නම්. ඔබ දන්නවා ඔබටම ගැළපුන පක්‍ෂියෙක්‌ ඔබේ ජන්ම පත්‍රයේ සඳහන් වනවා. ජන්ම පත්‍රයේ නැකතින් පසුව මේ ඔක්‌කොම සඳහන් වනවා. එනම් ගණය, යෝනිය, රඡ්ජු, වෘක්‍ෂ, පක්‍ෂි, භූත, ගෝත්‍ර, වර්ණ, ලිංග, නාඩි යනුවෙන්. නැකැත්වලට මේ පක්‍ෂියා ඉතා වැදගත්. පංච පක්‍ෂි යනුවෙන් රාජාලියා හෙවත් භේරුණ්‌ඩ, පිංගල හෙවත් බකමූණා, මයුර හෙවත් මොනරා, කුක්‌කුට හෙවත් කුකුළා හා කාක හෙවත් කපුටා. මේ පංචෝපකාරී පක්‍ෂි, පංචෝපකාරි ගමනක්‌ යනවා. මෙලෙස එක යාමයක්‌ යනවා. ඒ කිව්වේ පැය 2 යි විනාඩි 24 යි. ඔබේ පක්‍ෂියා ඔබේ සුබ කටයුත්ත ආරම්භ කරන අවස්‌ථාවේ හැසිරීම හෝ ස්‌වභාවය අනුව ඔබේ ව්‍යාපාරය හෝ සුබ කටයුත්ත දියුණු වනවා හෝ පරාජය වනවා. ඔබ ව්‍යාපාරයක්‌ ආරම්භ කරනවා නම් පක්‍ෂියා රජවන වේලාවද, විවාහ හෝ ඒ සම්බන්ධව නම් පක්‍ෂියා භෝජන ගන්නා වේලාවද, සුබ ගමනක්‌ නම් පක්‍ෂියා ගමනේ යන වේලාවද තෝරාගත යුතු වනවා. කාට හෝ විපතක්‌ හෝ දියුණුව කඩාදැමීමකට මුල පුරනව නම් පක්‍ෂියා විපත් හෝ නිදි වේලාව තෝරාගත යුතු වනවා.

පංචෝපකාරී පක්‍ෂීන් පංචෝපකාරී ගමනේදී ඒ ඒ පක්‍ෂිsයා ගේ හැසිරීම් ස්‌වභාවය අනුව ඔබේ ව්‍යාපාරය හෝ සුබ කටයුත්තේ ප්‍රතිඵල ලැබෙනවා. රජ - ගමන - භෝජන සුබ වගේම මරණ හා නිදි අශුභයි. ඔබ දැන හෝ නොදැන පක්‍ෂියා මරණ වේලාවට ගමනක්‌ ගියොත් ආපසු එන්නේ කලාතුරකින්. ඒ වගේම කඩයක්‌, ව්‍යාපාරයක්‌ පටන් ගත්තොත් පක්‍ෂියා නිදි වෙලාවට ඔබේ දියුණුව ඉවරයි. විශේෂයෙන් ඔබ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේදී නිවසක්‌ තැනීමේදී කිසියම් හෝ සුබ කටයුත්තකට අත තැබීමේදී ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවා සුදුසුම නැකත ලබාගත යුතු වනවා.

මේ නැකැත්දීම ගුණාගුණ බලනවාට වඩා භයානකයි. ඉතා පරිස්‌සම් විය යුතුයි. කෙනකුගෙන් ගුණාගුණ බලලා හරිගියෙ නැත්නම් තව කෙනකුගෙන් නැවත බලාගන්න පුළුවන්. සුළු වියදමයි. නමුත් අතේ තියෙන හැම ශතයක්‌ම දාලා නැත්නම් ණය මුදලක්‌ අරගෙන ව්‍යාපාරයක්‌ හෝ ලොකු මුදලක්‌ යටකරලා ආරම්භ කළ දේ වැටුණොත් නැවත බැලීමක්‌ කරන්න බැහැ. කොටි වලිගයක්‌ වෙනවා.

කිසියම් දියුණුවක්‌ බලාපොරොත්තු වන ඕනෑම වැඩකදී මොන ජාතියකට අයත් වුවත් කුමන ආගමකට අයත් වුවත් ජන්ම පත්‍රය ඇත්නම් පරීක්‍ෂා කරනවා නැත්නම් ඔහුගේ හෝ ඇයගේ නමට සීහුම් වන නැකතක්‌ ගෙන අරඹන එක විශාල වාසියක්‌ වනවා. මේ කටයුත්තට දෛවඥ මහතෙකුට පැය 2 ක කාලයක්‌ පමණ යනවා. මුලදීම මේ කාරණා කරගත්තොත් ඔබ දිනුම්. නැකැත් ගැනීම එක්‌තරා නියම ක්‍රමයට විය යුතුයි. තවත් උදාහරණයක්‌ කියන්නම්කෝ. ඔබ නිවසක්‌ හැදුව නම් පදිංචි වුණා නම් ඔබ ඒ නිවස හදන්න, උළුවස්‌ස, යටලීය තබන්න නැකැත් සීහුම් කරගත යුත්තේ ගෙදර පිරිමියා නැත්නම් ගෘහමූලිකගේ නැකතටයි. නමුත් නිවසට ප්‍රවිශ්ඨ වීම කළ යුත්තේ ගෙදර ගෘහනියකගේa නැකතට සීහුම් කිරීමෙනුයි. මෙය වැරදුණොත් ගෙදර ඉතිරිකිරීම්, සාමය පළුදු වනවා. තවත් දෙයක්‌ කියන්නම් වෙළෙ�මක්‌ වගේ අරඹනවා නම් ලුණු සහ කහ රැගෙන යා යුතුයි. නිවසක පදිංචියට යනවා නම් ලුණු සහ කහ රැගෙන නොයා යුතුයි. හරියට ලී බඩු (එනම් දර - කරදර) රැගෙන ප්‍රථමයෙන් යන්නෙ නැහැ වගේ.

ඔබ ව්‍යාපාරයක්‌ හෝ අතමිට සරුකර ගැනීමට හෝ මුදල් අතින් හිස එසවීමට සුදුසු මුහුර්තයක්‌ නැතහොත් නැකතක්‌ ගන්නවා කියන්නේ ඔබේ කටයුත්ත අනුව සුදුසු ස්‌ථානය පිහිටීම අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නැකත සීහුම් වීම එනම් දිනයට වේලාවට සුදුසුවීම, රාහු කාලය ඉවත් කිරීම, පක්‍ෂියා සුබවාදීව සිටීම, නැකැත් පිස ඉවත් කිරීම යන සියලුම දෙයටයි. සුබ නැකතක්‌ ගත්තොත් ඔබ ගොඩ. නැත්නම් කොටි වලිගයක්‌ අල්ලා ගත්තා වගේ වේවි. තෝරා ගැනීම ඔබට බාරයි. ලෙහෙසියට, ඉක්‌මනට නොසිතා දුරදිග බලා ඔබේ නම, ව්‍යාපාරය, මංගල කාරණය සුබ කටයුත්ත ඉටුකරවා ගන්න.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1462336906