Free sri lanka gon badu hot collection

Suba Nakathak Sadaganna Meya Kiyawanna සුබ නැකතක්‌ සාදාගන්න මෙය කියවන්න

සුබ නැකත යනු බලාපොරොත්තු වන කාරණය ඉටුකර ගැනීමට හැකි වේලාවයි. ගමනක්‌ පිටත්වීම, නිවසක්‌ සැදීම නැතහොත් වෙනත් කටයුත්තක්‌ ආරම්භ කළ යුත්තේ ඒ කාරණය ඉටුවීමට සුබ ග්‍රහ බලයක්‌ පවතින වේලාවකය.

සුබ නැකතක්‌ සාදා ගැනීම පහසු කටයුත්තක්‌ නොවේ. හරියටම නිවැරැදි කිසියම් දෝෂයක්‌ නැති නැකතක්‌ සෑදීම දෙවියන්ටවත් කළ නොහැකි යෑයි ජ්‍යෙdතිෂයේ සඳහන් වන්නේ එබැවිනි. එබැවින් උගත් ජ්‍යෙdaතිෂ් ශාස්‌ත්‍රඥයකු පවා සාදා දෙන නැකතක යම් යම් අඩුපාඩු තවත් කෙනෙකුට පෙන්වා දිය හැකිව තිබේ.

සුබ නැකත යනු බලාපොරොත්තු වන කාරණය ඉටුකර ගැනීමට හැකි වේලාවයි. ගමනක්‌ පිටත්වීම, නිවසක්‌ සැදීම නැතහොත් වෙනත් කටයුත්තක්‌ ආරම්භ කළ යුත්තේ ඒ කාරණය ඉටුවීමට සුබ ග්‍රහ බලයක්‌ පවතින වේලාවකය.

මෙවැනි සුබ වේලාවක්‌ කරුණු දෙකක්‌ මත සලකා බැලිය යුතුවේ. එකක්‌ නම් පරිසරය සුබවන වේලාවයි. විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු ස`දහා නැකත් සාදන විට පරිසරය සුබවන වේලාව අවශ්‍ය වේ. මෙහිදී විශේෂයෙන් රවි හා සඳුගේ බලපෑම සලකා බලනු ලැබේ. ලිත්වල දග්ධ, විෂ්ටි, අවමර ආදී දෝෂ වශයෙන් පෙන්වා දෙන්නේ මෙම දෝෂ සහිත වේලාවන් වේ. එසේ නොමැති දිනයන් ''නැකත් දිනයක්‌'' වශයෙන් හැඳින්වේ.

නැකත් දිනය සෑම කෙනකුටම සුබ වන්නේද නැත. එය අදාළ පුද්ගලයාට ගැළපෙන්නේ ද යන්න විමසා බැලිය යුතුවේ. එනම් පුද්ගලයාට සුබවන වේලාවයි. පුද්ගලයකුට යම් නැකතක්‌ සුබ වන්නේ ද නැද්ද යන්න කේන්ද්‍රය අනුව විමසා බැලිය යුතුවේ. මේ නිසා පුවත්පත්වල පළවන ඉතා බලගතු යෑයි පැවසෙන නැකත් පවා කෙනෙකුට සුබ වන්නටත් තවත් කෙනෙකුට අසුබ වන්නටත් ඉඩ තිබේ. එය තීරණය කළ යුත්තේ උපන් නැකත අනුවය.

කෙසේ නමුත් පරිසරයේ ග්‍රහචාරය ඉතා සුබවී දෝෂ භංගවන අවස්‌ථා කිහිපයක්‌ම ජ්‍යෙdතිෂ පුරාණ ග්‍රන්ථවල සඳහන්ව තිබේ. මේ නැකත් හදිසි අවස්‌ථාවකදී ඔබටම සාදාගත හැකිය. ගමන් බිමන් පිටත්වීම වැනි අවස්‌ථාවලදී මේවා ප්‍රශස්‌ත ලෙස සාර්ථකත්වය ලබා දෙනවා ඇත.

මේ සඳහා ඔබට ඔබේ නගරයට හෝ ගමට හිරු උදාවන වේලාව දැනගැනීම අවශ්‍ය වේ. මෙම සෑම නැකතක්‌ම උදාවන්නේ හිරු උදාවේ සිට ගතවන පැය හා විනාඩි ගණන්වලට අනුවය. ඊට අදාළ චක්‍ර පහත දැක්‌වේ. මේ නැකත් තුන අභිර්ත්නැකත, ගෝධූලී මුහුර්ථය හා උෂා කාලය යන නම් වලින් හැඳින්වේ. මෙම නැකත් වේලාව ඔබේ උපන් නැකතකට සම්පත්, මෛත්‍රී, පරම මෛත්‍රී, ක්‍ෂෙම ආදී ලෙස ගැළපේ නම් සුබපල දරනු ඇත. එම නැකත සාදා ගන්නේ මෙසේය.

අභිර්ත් නැකත

අභිර්ත් නම් මුහුර්ථය සියලූ කාර්යයන් හි සුබපල ඇති කරයි. මේ බව ''මුහුර්ථ ප්‍රකාශ'' නම් පැරණි ග්‍රන්ථයේ මෙසේ දැක්‌වේ. ''ඒ අභිර්ත් නම් මුහුර්ථය බ්‍රහ්මයාගේ වරදානයෙන් සෑම කටයුත්තේම ශුභ ඵල දෙයි. ඒ වේලාවෙහි භගවත් විෂ්ණු තෙමේ චක්‍රය රැගෙන සියලු දෝෂ විනාශ කෙරේ'' යනුවෙනි.

මෙම නැකතේ කාලය සිංහල පැය දෙකක්‌ හෙවත් ඔරලෝසු විනාඩි හතළිස්‌ අටකි. එය දිවා කාලය පහළොවකට බෙදූ විට අටවන මුහුර්ථයයි. මෙය සාදා ගන්නේ මෙසේය.

හිරු උදාව උදේ 6.00 ට හා හිරු බැසීම සවස 6.00 ට නම් දිවා කාලය පැය දොළහකි. මෙය විනාඩි 12 Ü 60 = 720 කි. එය පහළොවෙන් බෙදූ විට විනාඩි 48 කි. එවිට එක මුහුර්ථයක්‌ විනාඩි 48 බැගින් දිවා කාලය උදේ 6.00 සිට ගත් විට 8 වන මුහුර්ථය උදේ 11.36 ත් 12.24 ත් අතර යෙදේ. ඒ අභිර්ත් මුහුර්ථය නම් හිරු උදාවන වේලාව හා බැසයන වේලාව අවුරුද්දේ විවිධ ලෙස වෙනස්‌ වන නිසා ඒ අනුව නැකත ගණනය කර ගන්න.

"අභර්න්න බුෙදි ශස්‌තං - යාම්‍යාං තු ගමනෙ තථා

අන්‍ය දිග්ගමනෙ ශස්‌තං - සර්ව සිද්ධිං ප්‍රජායතෙ''

යන ශ්ලෝකය අනුව බදාදා දවසටද, දකුණු දිශාවට යන ගමනටද හැර ''අභිර්ත් මුහුර්ථය'' සියලු කටයුතු සඵල කරයි. සියලු දෝෂ භංග කරයි. ඔබේ දෛනික සුබ වැඩ ආරම්භ කිරීමට මෙම නැකත යොදා ගන්න.

ගෝධූලී යෝගය

''ගෝ ධූලී'' යන්නෙන් ගවයින්ගේ දූවිලි යන අර්ථය දෙයි. එනම් සවසට ගොපල්ලන් විසින් ගවයන්, ගවගාල් කරා දක්‌කාගෙන යන වේලාවට කුරවලින් පැන නගින දූවිලි පිළිබඳව සිතා මේ නැකතට ගෝධූලී මුහුර්ථය යන නම තබා ඇත.

මුහුර්ථ චින්තාමනිය යන පුරාණ ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙම ගෝධූලි යෝගය උදාවන වේලාව නැකත්, තිථි, ලග්න ආදී කිසිදු දෝෂයක්‌ නැතිව සියලු වැඩ කටයුතු සාර්ථක කරන බවයි. හිරු බැස යැමට පෙර සිංහල පැය භාගයක්‌ හෙවත් ඔරලෝසු විනාඩි දොළහක්‌ හා හිරු බැසගිය පසුව විනාඩි දොළහක්‌ මෙම යෝගය යෙදේ. එම සම්පුර්ණ කාලය සිංහල පැයක්‌ හෙවත් ඔර්ලෝසු විනාඩි විසිහතරකි.

ගෝධූලි කාලය විවාහය ඇතුළු මංගල කටයුතු වලට විශිෂ්ට ප්‍රතිඵල දෙයි.

මේ අනුව සවස 6,00 ට හිරු බැස යන දිනෙක

සවස 5.48 ත් 6.12 අතර ද

සවස 6.15 ට හිරු බැස යන දිනෙක

සවස 6.03 - 6.27 අතරද

මෙම විශිෂ්ට ප්‍රතිඵල දෙන ගෝධූලි මුහුර්ථය යෙදෙනු ඇත.

මෙහි සඳහන් චක්‍රය අනුව ඔබට ගෝධූලි මුහුර්ථය සාදා ගැනීම අපහසු නොවේ. කළ යුත්තේ හිරු බසින වේලාවට විනාඩි 12 බැගින් පෙර හා පසුව ඇති විනාඩි විසිහතර තෝරා ගැනීමයි. සවස්‌ වරුවට නැකත් නැති බව පොදු අදහස වුවද මෙය කාර්ය සිද්ධිය ඇති කරන සුබ නැකත් වේලාවක්‌ බව ඉසිවර මතයයි.

උෂා කාලය

උෂා කාලය නම් සුබ නැකත උදාවන්නේ සෑම දිනකම පාන්දරය. එය ගණනය කරන අන්දම ''යාත්‍රා ප්‍රකරනයේ'' මෙසේ දැක්‌වේ.

"චතුෂ්පංච ඝටී මානං

මුහුර්ථං බ්‍රහ්ම සංඥsතං

පංච පංච ඝටී මානං

උෂඃ කාල මිතිස්‌මෘතම්" යනුවෙනි.

''එනම් සෑම දිනයකම උදයාදී පනස්‌ පස්‌ පැයට හෙවත් උදේ එළිය වැටෙන්නට පැය පහකට පෙර උෂා කාලය ලබයි. එහි කාලය පැයකි'' මේ සඳහන් වන්නේ සිංහල පැය ක්‍රමයටය. ඉංග්‍රීසි හෙවත් ඔරලෝසු වේලාව අනුව නම් මෙය පැය දෙකකි. එනම් හිරු උදාවන පැය දෙකකට පෙර උෂා කාලය ලබයි. එය විනාඩි විසිහතරක්‌ පවතී. (සිංහල පැයක්‌ යනු ඔරලෝසු විනාඩි විසිහතරක්‌ බැවිනි.)

මේ අනුව උදේ 6.00 ට හිරු උදාවන දිනයක නම් පාන්දර හතරට උෂා කාලය ලබා හතරයි විසිහතර තෙක්‌ පවතී. උදේ 6.15 ට හිරු උදාවේ නම් පාන්දර 4.15 සිට 4.39 දක්‌වා උෂා කාලය වේ.

තිථි, දින, නැකත් යනාදිය අශුභව ඇති විටද, සඳු ග්‍රහයා දුර්වල විටද ඉහත සඳහන් කළ අභිර්ත්, ගෝධූලි හෝ උෂා යනාදී යෝග යොදාගත හැකිය. එහෙත්

නැගෙනහිර යන විට උෂා කාලය ද

බටහිර යන විට ගෝධූලි කාලයද

දකුණට යන විට අභිර්ත් මුහුර්ථයද අශුභවනවා ඇත. මේ අනුව නැකත තොරා ගත හැකිය.

ඉහත සඳහන් කළේ සෑම දවසකම උදේ, දවල් හා සවස යෙදෙන සුබ නැකත් වේලාවල් තුනකි. මේවා ඔබටම ඉතා පහසුවෙන් ගණනය කරගත හැකිවේ. ඔබේ ජන්ම නැකතට සීහෙන නැකතක්‌ උදාවන දවසක නම් මේ නැකත්වල බලය ඉතා සුබ ලෙස තවත් වර්ධනය වනු ඇත. දුර ගමනක්‌ යන විට දුරු කටයුතු ක්‍රියාද ජ්‍යෙdaතිෂයේ දැක්‌වේ.

මේ ඉන් කිහිපයකි.

යමෙක්‌ පිටත්වීමට සුදානම්ව මෙවුන්දම් සේවනය කළේද හේ රෝගයෙන් පීඩිතව, ධනහානි වී ආපසු එයි. නැතහොත් කිසි දිනෙක නොපැමිණේ. ස්‌වකීය බිරිඳට, මහණ බමුණන්ට අවමන්කොට මාපිය සහෝදර නෑයින් සමඟ විරුද්ධවද නිවසින් නික්‌ම යන තැනැත්තා විනාශයට පැමිණේ.

යමෙක්‌ ස්‌නානය කර, සුදු වස්‌ත්‍ර හැඳ, ප්‍රසන්න සිතින් යුතුව බුදුන් (දෙවියන්) හා මව්පිය ගුරුවරාදින් පුදා ලබන ලද ආශිර්වාදය ඇතිව පිටත්ව යයිද හේ අර්ථ සිද්ධියට පැමිණේ.

ඉහත සඳහන් කළේ ප්‍රායෝගිකව ඔබටම සකස්‌ කරගත හැකි වටිනා නැකත් ක්‍රමයකි. කටයුත්තක්‌ ආරම්භයට පෙර පෙරමඟ නිමිති බැලීම පුරාණ චාරිත්‍රයකි. එහෙත් ඉහත දක්‌වන ලද පරිදි තම ආගම සිහිකර, මාපිය නමැඳ ආශිර්වාදය ලබා ආරම්භ කරන කටයුතු ප්‍රතිඵලදායක වනු ඇත. ඔබේ දියුණුව පිණිස මෙම නැකත් යොදා ගන්න.

(දිනපතා හිරු උදාවන සහ අස්‌ථ වන වේලාව දක්‌වන චක්‍රය මේ සම`ග ඇත)


කෑගල්ලේ  සුනිල් කුමාර ගම්ලත්
නොමිලේ උපදෙස්‌ සඳහා දුරකථනය -0771234313

උපුටා ගැනීම -http://iranama.tharunaya.us/show1.php?id=1477801216


Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

suba nakathak sadaganna meya kiyawanna සුබ නැකතක්‌ සාදාගන්න මෙය කියවන්න suba nakatak sada ganna meya kiyawanna suba nakathak sadha ganna meya kyavanna

suba nakathak sadaganna meya kiyawanna සුබ නැකතක්‌ සාදාගන්න මෙය කියවන්න suba nakatak sada ganna meya kiyawanna suba nakathak sadha ganna meya kyavanna

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Keethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය suba nakathak sadaganna meya kiyawanna සුබ නැකතක්‌ සාදාගන්න මෙය කියවන්න suba nakatak sada ganna meya kiyawanna suba nakathak sadha ganna meya kyavanna