Thanikada Wechcha Pathikada Menna තනිකඩ වෙච්ච පැතිකඩ මෙන්න

අවිවාහක ඔබේ අවධානයටයි....

සිකුරු පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌වීම ද විවාහයට බාධා කරයි. එමෙන්ම කේන්ද්‍රයේ චර ආත්ම කාරක ග්‍රහයා සිකුරු වීම එම සිකුරු සාත්වික ගුණයෙන් යුතු වීම ද විවාහ බාධකයකි. විවාහයක්‌ සිදු නොවීම සඳහා උපපදය හා ආරූඪ ලග්නය අතර සබඳතාව අසතුටුදායක වීම චර ආත්ම කාරක ග්‍රහයාගේ දශා පැවතීම, උපපදය අධිපති හා සිකුරු මරණ කාරක ස්‌ථානගත වීම ප්‍රධාන වේ.

කෙනෙකුගේ විවාහය ගැන විමසීමේදී තවමත් කේන්ද්‍රයේ සත්වැන්නට පමණක්‌ මූලිකත්වය දීම නිසා නිවැරැදි විශ්ලේෂණයක්‌ ලැබෙනුයේ ඉතාමත් කලාතුරකිනි. අපි පළමුවෙන්ම විවාහය යනු කුමක්‌ ද යන්න විමසා බලමු. විවාහය ගැන කර ඇති ඉතාමත්ම නිවැරැදි අර්ථකථනය පාරම්පරික ජ්‍යෙdතිෂ රහස්‌ ග්‍රන්ථයේ දැක්‌වෙනුයේ පහත අයුරිනි.

වෙනත් කිසිවකු පිළිබඳ නොසිතා අවම වශයෙන් එක්‌ සූර්ය වර්ෂයක්‌ සඳහා යම් දෙදෙනකු කුමන හෝ ආකාරයේ සබඳතාවක්‌ පවත්වන්නේ නම් එය විවාහයක්‌ ලෙස අර්ථකථනය වේ. මෙකී සබඳතාවය මානසික මට්‌ටමින් හෝ පැවතිය හැකි අතර, එය පූර්ණ සබඳතාවක්‌ වීමට ඇති මූලික අවශ්‍යතාවයක්‌ වන්නේ තවත් විරුද්ධ ලිංගිකයෙක්‌ ගැන නොසිතීම එක්‌වීම සඳහා ඇති බලාපොරොත්තුව හා සබඳතාවය අවම වශයෙන් සූර්ය වර්ෂයක්‌ පැවතීම වේ.

විවාහය නිවේදනය කරනුයේ කේන්ද්‍රයක දොළොස්‌වැන්නේ පද ලග්නය වන උපපදය, සත් වැන්නේ පද ලග්නය වන දාරපදය, විවාහකාරක සිකුරු, සිකුරුගෙන් සත්වැන්න, කේන්ද්‍රයේ සත්වැන්න හා නවාම්ශය වේ.

විවාහ සැපත අහිමි වීම සඳහා බලපාන ප්‍රධාන කරුණු අතර විවාහය සම්බන්ධ පෙර භවයන්හි අකුසල කර්ම හෙවත් කුජ දොaෂ ප්‍රධාන වේ.

කේන්ද්‍රයක සය වැන්න බ්‍රහ්මචාරී බව නිවේදනය කරයි. චර ආත්ම කාරක ග්‍රහයා, ශනි, කුජ, කේතු යන ග්‍රහයන් ද බ්‍රහ්මචාරී බව නිවේදනය කරයි.

කිසියම් භාවයක ප්‍රතිඵල ගැන විමසීමේදී භාවයේ තැන්පත් ග්‍රහයාට හිමිවනුයේ ප්‍රධාන ස්‌ථානයකි. භාවය අධිපති පත් වනුයේ දෙවන ස්‌ථානයට වේ.

භාවයේ තැන්පත් ග්‍රහයා භාව කාරක හා දක්‌වන සබඳතාව හෙවත් සතුරු මිතුරු බව භාව පල වර්ධනය සඳහා හේතු වේ. මේ අනුව උපපදයේ තැන්පත් ග්‍රහයා උපපදයේ කාරක ගුරු හා සතුරු වීම බ්‍රහ්මචර්යාව නිවේදනය කරන ග්‍රහයකු වීම ජන්මියාගේ විවාහ සැපතට බාධා කරයි.

උපපදය ආරක්‍ෂා කළ හැකි වර්ධනය කළ හැකි ග්‍රහයකු උපපදයේ තැන්පත් වීම උපපදයෙන් දෙවැන්න යහපත් වීම, උපපදය හා ආරූඪ ලග්නය 6, 8, 12 නොවීම යහපත් විවාහයක්‌ සඳහා අත්‍යාවශ්‍ය වේ.

උපපදයේ තැන්පත් ග්‍රහයා මෘතාර්ද අවස්‌ථාවන්හි දුබල නොවී තම මරණ කාරක ස්‌ථානයේ නොවී, නවාම්ශයේ යහපත්ව, ශුභ නක්‍ෂත්‍රයක නම් උපපදියෙන් කියවෙන විවාහය යහපත් වේ. උපපදයේ අධිපති ද උපපදයට යහපත්ව පිහිටා තිබේ නම් යහපත් විවාහයක්‌ මෙන්ම නිසි වයසේදී විවාහය සිදුවීමට ද හේතු වේ.

සිකුරු පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්‌වීම ද විවාහයට බාධා කරයි. එමෙන්ම කේන්ද්‍රයේ චර ආත්ම කාරක ග්‍රහයා සිකුරු වීම එම සිකුරු සාත්වික ගුණයෙන් යුතු වීම ද විවාහ බාධකයකි.

විවාහයක්‌ සිදු නොවීම සඳහා උපපදය හා ආරූඪ ලග්නය අතර සබඳතාව අසතුටුදායක වීම චර ආත්ම කාරක ග්‍රහයාගේ දශා පැවතීම, උපපදය අධිපති හා සිකුරු මරණ කාරක ස්‌ථානගත වීම ප්‍රධාන වේ.

සත්වැන්න ජන්මියාගේ සියලු සබඳතාවයන් පෙන්වයි. විවාහයද ජන්මියාගේ එක්‌ සබඳතාවයකි. මේ අනුව ආරූඪ ලග්නය හා සත් වැන්නේ පද ලග්නය කේJද්‍ර ත්‍රිකෝණගතව උපපදය හා ආරූඪ ලග්නය 6, 8, 12 වීම විවාහ ගැටලු ඇති වීමට බොහෝ සබඳතා සඳහා හේතු විය හැකි පිහිටීමකි.

සිකුරු ග්‍රහයා චර ආත්ම කාරක ග්‍රහයා වී තමස්‌ රාශියක තැන්පත් වීම, එම සිකුරු දශා විවාහ වන වයසේ උදාවීම විවාහ සැපතට බාධා කරයි.

සිකුරු ග්‍රහයා ශනි හෝ කේතු සමඟ�තැන්පත් වීම ශනි හෝ කේතුගේ නැකැත්වල වීම නිසාද සිකුරුගේ රජස්‌ ස්‌වභාවය විනාශ වීමෙන් විවාහය අහිමි විය හැක.

සිකුරු සයවැන්නේ වීම සය වැන්න අධිපතිට යෝග වීම, සිකුරු මෘත අවස්‌ථාගත වීම නවාම්ශයේ දුබල වීම ද විවාහ බාධක වේ.

සත්වැන්න අධිපති දෙවැන්නේ වීම, උපපදය අධිපති ඉන් සය, අට, දොළසේ වීම, සිය මරණ කාරක ස්‌ථානගත වීම විවාහයට බාධා කරයි. රාහු ආරූඪ ලග්නයෙන් 12 වැන්නේ නම් එය ප්‍රවෘජ්‍යා යෝගයකි.

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1466914368

..........


thanikada wechcha pathikada menna තනිකඩ වෙච්ච පැතිකඩ මෙන්න thanikada wechcha pathikada menna tanikada vechcha petikada menna thinikada vechcha pathikada menna

thanikada wechcha pathikada menna තනිකඩ වෙච්ච පැතිකඩ මෙන්න thanikada wechcha pathikada menna tanikada vechcha petikada menna thinikada vechcha pathikada menna

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය thanikada wechcha pathikada menna තනිකඩ වෙච්ච පැතිකඩ මෙන්න thanikada wechcha pathikada menna tanikada vechcha petikada menna thinikada vechcha pathikada menna