Rukshan Jayasekara



Upath Palanaya Joothishya Asin උපත් පාලනය ජ්‍යෙතිෂ ඇසින්

''පින්මද පුතුන් සියයක්‌ ලැබුවත් නිසරූ
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ
එක පුන්ස`දින් දුරුවෙයි ලොව ගණ අ`දුරූ
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරූ''

සුභාෂිතය නම් විශිෂ්ට කවි පොතේ එන මෙම කවිය ශබ්ද රසයෙන් ද, අර්ථ රසයෙන් ද සුබ ගණ වලින් ද අනූනය. ගුණයෙන් හා උගත්කමින් පිරි දරුවන් වටිනා බව කියන මේ කවිය දැනට දශක කිහිපයකට පෙර සිට යොදා ගත්තේ මේ අර්ථය හෝ සාහිත්‍ය රස වින්දනය ස`දහා නොව ජනතාවට උපත් පාලනය හුරු කිරීම පිණිස යොදා ගත් ප්‍රචාරක දැන්වීම් ස`දහාය.

එකල ''පුංචි පවුල රත්තරං'' යන තේමාව ලොකු කුඩා කාටත් මතක ඇති වචන තුනක්‌ බවට පත් වූයේ ප්‍රචාරය එතරම්ම ලොකුවට සිදුවූ බැවිනි. මවක්‌ පියෙක්‌ සහ දරුවන් දෙදෙනකු සහිත චිත්‍රයක්‌ ද ඉහත කවිය හා වැකියද ප්‍රචාරය ස`දහා බහුලව යොදා ගන්නා ලදී.

මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් 21 වැනි සියවස උදාවන විට අපේ පවුල්වල දැකිය හැකි වූයේ දරුවන් එක්‌ අයෙකු හෝ දෙදෙනකු පමණි. පවුල් සංවිධානය යන නමින් හැ`දින්වුවද මේ සංවිධානයේ ප්‍රබල බලපෑම ඇතිවූයේ දරුවන් ඉපදීම වැළැක්‌වීමටය. හැත්තෑගණන්වලට පෙර දරුවන් හත් අට දෙනකු නැතහොත් හතර පස්‌ දෙනකු සිටි පවුල් බහුල විය. මේ බව හඳුනාගත්තෝ විරලය. එහෙත් දූරදර්ශී කිහිප දෙනකුගේ දැඩි විවේචනයට මේ සංකල්පය බඳුන් වූ අතර පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ ඉන් එක්‌ කෙනෙකු බව කාටත් මතක ඇතිවාට සැකයක්‌ නැත. පවුල් සංවිධානයේ තවත් ප්‍රතිඵලයක්‌ ලෙස පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරට ද දරු උපත් වළක්‌වන උපකරණ ගලා ගියේය. ශිෂ්‍යයින් ගේ කවකටු පෙට්‌ටිවල තිබී උපත් පාලන කොපු හමු වූ පාසල් ගැනද අසන්නට ලැබුණි.

ගම්බද සිල්ලර කඩ, පෙට්‌ටිකඩ වල පවා ''ප්‍රීති'' යන නාමපුවරු බහුලව දක්‌නට ලැබුණි. උත්තරීතර ප්‍රේමය, ආදරය හුදු ලිංගික සබ`දතා දක්‌වා පරිවර්තනය විය. තවත් කාලයකදී රටපුරාම ''ගෙස්‌ට්‌ හවුස්‌'' ආරම්භ කෙරුණි. පිළිසි`ද ගැනීම් වළක්‌වා ගැනීම ගැන දැනුවත් වීමත්, කන්‍යාභාවය හා බඹසර අතුරුදන් වීමත් එකවර සිදුවිය.

වසර විසිපහක්‌ තිහක්‌ ඇතුළත මේ සියල්ල සිදුවූ අතර ලෝක ප්‍රකට වාර්තාවකින් වඳවී යන ජාතීන්ගේ ලැයිස්‌තුවක්‌ එළි දැක්‌වුණි. එස්‌කිමෝවරු, රතු ඉන්දියන්වරු මෙන්ම සිංහල ජාතියද වඳ වෙමින් පවතින ජාතියක්‌ බවට හ`දුනාගන්නා ලදී. කාරණය ඇත්තකි. වසර 2500 කට වඩා දුර ගිය ලිත ඉතිහාසයක්‌ අපට තිබේ. මේ ඉතිහාසය තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් දරු උපත් වැළැක්‌වීමේ ව්‍යාපාරයක්‌ ගැන අසන්නට ලැබෙන්නේ නැත. මේ නිසා සොලී, පෘතුගීසීන්, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණ තුළ පවා නැවත ඔළුව එසවීමට තරම් සංඛ්‍යාත්මක වශයෙන් වැඩියෙන් සිටි හෙළයන් ගේ ප්‍රමාණය භයානක ලෙස පහත වැටෙමින් පවතී.

මක්‌නිසාද යත් පවුල් සංවිධානය සෑම ජාතිකයකුම එකලෙස භාරගන්නේ නැත. එය ඉතා අමන ලෙස හා මුග්ධ ලෙස භාරගන්නේ සිංහලයෝය. උදාවූ සමාජ ආර්ථික පරිවර්තනය තුළ පවුලට මුදල් සෙවීමට අම්මා විදේශ රැකියා කරා යැම, නැතහොත් රැකියා නියුක්‌තිය, කෘෂිකාර්මික ජීවන රටාව වෙනස්‌a වී යැම, ඇඟළුම් නැතහොත් සංචාරක ව්‍යාපාරය පැතිරයැම, පියවරු බේබද්දන් වීම වැනි කාරණා ද මෙහිදී ඉස්‌මතුව පෙනේ.

කරුණු මෙසේ නම් දරුසම්පත් යන වචනයේ තේරුම කුමක්‌ ද? දරුවන් සම්පත් නොවේ ද? දරුවා සම්පතක්‌ වන්නේ ''ගුණ නැණ බෙලෙන් යුතු'' වන විටය. එවැනි දරුවන් හත් අට දෙනෙකු සිටිය ද වැඩි වන්නේ නැත. අදටත් සමහර ජාතීන් දරුවන් හත් අට දෙනෙකු අපේක්‍ෂා කරන බව රහසක්‌ නොවේ. ජාතිය ව`ද වී යැම, ආගම අනාරක්‍ෂිත වීම හා යහපත් දරුවන් බිහිවීම වනාහී එකට බැදුඳුණු කාරණා වන්නේය. දරු උපත් යනු කුමක්‌ දැයි හ`දුනා ගැනීම මේ ස`දහා අත්‍යවශ්‍ය වෙයි.

''ඔසප් චක්‍රයේ නිසි කාලය උදාවූ ස්‌ත්‍රියක හා පුරුෂයකුගේ එක්‌වීමෙන් දරුවකු පිළිසි`ද ගන්නේය.'' යන්න පිළිගත් මතයකි. ශරීර සෞඛ්‍ය පිළිබ`ද ගැටලුවක්‌ නැතිනම් එය සිදු විය යුතුය. එහෙත් එය එසේ වන්නේ නැත. ශාරීරිකව කිසිම ගැටලුවක්‌ නැතත් දරුවන් නැතිව හිතින් දුක්‌විදන අය බොහෝය. දරුවකු උපදින්නේ දෙදෙනකු ගේ එක්‌වීමෙන් නොව තුන් දෙනෙකුගේ එක්‌වීමෙනි. පිළිසි`ද ගැනීම ස`දහා මේ අනුව මවගේ ඩිම්බයත්, පියාගේ ශුක්‍රානුව හා ගන්ධබ්බයකුගේ පැමිණිමත් අවශ්‍ය වේ. මේ කාරණා තුනෙන් එකක්‌ හෝ නැති විට දරුවන් පිළිසි`ද ගන්නේ නැත.

උපත් පාලනය යනුවෙන් කෙරෙන්නේකුමක්‌ හෝ ආකාරයකින් ශුක්‍රාණුවක්‌ හා ඩිම්බයක්‌ එකතු වීම වැළැක්‌වීමයි. මේ ස`දහා එම සෛලයන් ගමන්කරන නාල අවහිර කිරීමේ ශෛල්‍යකර්ම කරගැනීමට ජනතාව පොළඹවනු ලැබිණ. මුල් අවධියේ ව`ද භාවයට පත්කරන සැත්කමක්‌ කරගන්නා පිරිමියකුට රුපියල් පන්සීයක දීමනාවක්‌ ගෙවන ලදී. තමන්ගේ ධාරක ශක්‌තිය විනාශ කරගෙන ලබන රුපියල් පන්සීයෙන් ගෙදර යන ගමන් මත්පැන් ඇති පදමට බී ගෙදර ගිය සමහරු ඉන් පසුව ඇති වූ නොයෙකුත් දුබලතා ගැන රහසේ කො`දුරන්නට විය. කෙසේ නමුදු අවසානයේ සිදුවූයේ සිංහල ජනතාවගේ ප්‍රමාණය අඩුවීම බව පැහැදිලි සත්‍යයකි. අනාගතයේ දී මෙහි අමිහිරි ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේද සීමාකරගත් දරුවන් එකාට හෝ දෙන්නාට ම බව කල්ගතවන විට පැහැදිලිව අවබෝධ වෙයි.

කෙසේ නමුදු මේ ලිපිය ආරම්භයේදීම ස`දහන් කළ ''ගුණ නැණ බෙලෙන් යුතු පුතු'' බිහිවන්නේ නිරෝගී පියකු හා මවකගේ එක්‌වීම අනුව නොව පිටතින් සම්බන්ධ වන ''ගන්ධබ්බයකු'' අනුව බව දරු උපත් ගැන විමසා බලන විට පෙනේ. ගන්ධබ්බයා යනු කවරෙක්‌ ද? ඒ ලොවදී මිය ගිය ප්‍රාණියකු ගේ අඛණ්‌ඩව ගලායන චිත්ත පරම්පරාවයි. ප්‍රාණියකු මිය ගියද චිත්ත පරම්පරාව නතර නොවේ. එය නොනැවතී ගලායැම සිදුවේ. ඒ චිත්ත පරම්පරාව ඊට සුදුසු සිරුරක නැවත පහළ වෙයි. එයට පුනර්භවය යෑයි කියනු ලැබේ. එහෙත් මේ සුදුසු සිරුර යනු චිත්ත පරම්පරාවේ අවසානයටම ඇති වූ සිතුවිල්ලට ගැලපෙන සිරුරයි. ඒ අවසාන සිතුවිල්ලට හිමි කර්මයට අනුරූපව අලුත් සිරුර ගොඩ නැඟේ. සිරුරක ඇස්‌, කන්, නාසය, දිව, හෘදය, ස්‌ත්‍රී පුරුෂ භාවය ආදිය තීරණය වන්නේ මේ කර්ම විපාකයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

ජ්‍යෙdතිෂ විද්‍යාවට අනුව දරු උපත් ස`දහා සඳුගේ බලපෑම ඉතා වැදගත් ලෙස සලකනු ලැබේ. සඳු දිනපතා වෙනස්‌ වෙමින් දිස්‌වන අතර දින 28 කට ආසන්න කාලයක්‌ තුළ පෘථිවිය වටා භ්‍රමණය වී වටයක්‌ නිමකරයි. ඊට චන්ද්‍ර මාසය යෑයි කියනු ලැබේ.

ස්‌ත්‍රීන්ගේ ඔසප් චක්‍රය ද මීට ම සමාන වෙයි. ස්‌ත්‍රින්ගේ සිරුරේ ඩිම්බයක්‌ නිකුත් වී ගර්භාෂයේ තැන්පත්ව තිබෙන්නේ දින 28 කාලයකි. එය ශුක්‍රාණුවක්‌ සම`ග සංසේචනය නොවුණහොත් ඔසප් රුධිරය සමග පිටවී යයි. දින 28 ඇතුළත ස්‌ත්‍රියගේ කේන්ද්‍රයේ සතර කේන්ද්‍ර හා රවි චන්ද්‍ර ස්‌ඵුට හරහා ස`දු ගමන් කරන විට සංසේචනය සිදු වුවහොත් පමණක්‌ දරුවෙකු පිළිස`sද ගනී. නැතිනම් එසේ නොවේ. පුරපක්‍ෂයේ නම් දින 20 ඇතුළත ද අවපක්‍ෂයේ නම් දින 15 ඇතුළත ද පිළිසි`ද ගැනීම සිදු විය හැක.

එහෙත් පිළිසිඳ ගන්නා දරුවා පින්වත් දරුවෙක්‌ ද නැතිද යන්නට බලපාන්නේ මේ කාරණය නොවේ. ඉහත කවියෙන් කියන ලද ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙකු බිහිවන්නට නම් ඒ ස`දහා මිය ගිය තිරිසන් සතෙකුගේ, ප්‍රේතයකුගේ හෝ යක්‍ෂයකුගේ පුනර්භවයක්‌ නොවිය යුතු වේ. තිරිසනුන් මිය ගොස්‌ මිනිසෙක්‌ව ඉපදුණ ද තිරිසන් ගති බලපායි. තිරිසන් මිනිසුන් හෝ ප්‍රේත මිනිසුන් බිහිවන්නේ පෙර ආත්ම වල පුරුදු වශයෙනි. පින්වත් දරුවකු නම් පෙර ආත්මය ද පින්වත් ගුණවත් මනුෂ්‍යයකු හෝ දෙවියකු හෝ මියයැමෙන් පසුව ඇතිවන පුනර්භවයක්‌ විය යුතු වේ.

එහෙත් එවැන්නන් පව්කාර මිනිසුන්ගේ දරුවන්ව උපදින්නේ නැත. මහ බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට පෙර කාලය, දීපය, දේශය, කුලය, මව යන අංශ පහ පිළිබඳව විමසා බැලූ බවත් මහා මායා දේවියගේ කුසයේ ඉපදුණේ මේ අනුව බවත් බෞද්ධ සාහිත්‍යයේ ස`දහන් ය. සිල්වත් සංඝයාවහන්සේ නමකට කරන ලද ආරාධනය අනුව විහාර මහා දේවියගේ කුසයේ පිළිසි`ද ගත් දරුවා දුqටුගැමුණු රජු බවට පත්විය. පිංවත්, ගුණවත්, දරුවන් උපදින්නේ එවැනිම පින්වත් ගුණවත් මවකගේ කුසයේ බව මෙහිදී අවධාරණය කළ යුතු වේ.

ඔබ හිතන්න ඔබ මිය ගොස්‌ නැවත උපදින බව. එවිට දරුවෙකු වී උපදින්නට සුදුසු අම්මාවරු ඔබ අවට සිටිත් දැයි බලන්න. ඔබට මතු භවයේ මගේම අම්මා වේවායි සිතන්නට පතන්නට තරම් පින්වත් ගුණවත් කාන්තාවන් කොතරම් හි`ගදැයි එවිට පෙනෙනවා ඇත. පන්සිල් රකිමින්, දිනපතා පින්කම් කරමින් යහපත් ගුණවත් කාන්තාවන් කිහිප දෙනකු වත් අප අතර සිටිනවා විය හැකිය. ඒ කිහිප දෙනා ද උපත් පාලනය කරන්නේ නම් තත්ත්වය කෙසේ වනු ඇත් ද?

යම් එන්නතක්‌ මගින් උපකරණයන්a මගින් ස්‌වකීය දාරක ශක්‌තිය අහිමි කරගත් බිරින්දෑවරු සැමියන් අතර පින්වත් දරුවකුට නොව පින්නැති පව්කාර දරුවෙකුට පවා පැමිණිය හැකි නොවේ.

සිංහල බෞද්ධයකු ලබන භවයේත් සිංහල බෞද්ධ පවුලකම උපදී යෑයි සිතීම මිථ්‍යාවකි. එය එසේ වන්නේ නැත. මනුෂ්‍ය ආත්මයක්‌ ලබන්නට පවා බොහෝ පින්කළ යුතුව තිබියදී උප්පැන්න සහතිකයේ බෞද්ධ නාමය තිබූ පලියට මීළ`ග උපත බෞද්ධ වන්නේ නැත. ඔබ කුකුළන්, ඌරන්, මිරිදිය මසුන් වැනි සතුන් මරා මස්‌කර විකුණන ව්‍යාපාරයක්‌ කරන්නේ නම් මීළඟ භවය අනිවාර්යයෙන්ම ඊට සුදුසු ආගමික පසුබිමක්‌ ඇති පවුලක උපතකට මග පාදනු ඇත. උපතින් බෞද්ධ වුවද සත්ව ඝාතනය, මත්පැන් විකිණීම, අනුමත කරන අයට නැවත බෞද්ධ වී ඉපදිම සිහිනයකි.

කරුණු එසේ තිබියදී අසිංහලයන් වැඩිවෙනවා කියා හෝ සිංහලයන් වඳ වෙනවා කියා හෝ සටන් පාඨ කීම විහිළුවකි. සිංහල ජනතාවගේ බිහිවීම අවශ්‍ය නම් සිංහලයකු ලෙස පින්වත් වීම ද බෞද්ධාගම් කාරයන් අවශ්‍ය නම් සැබෑ බෞද්ධයන් ලෙස ජීවත්වීම ද අවශ්‍ය වේ.

තුසිත දෙව්ලොවින් චුතව මනුෂ්‍ය ලෝකයේ බෞද්ධ මවකගේ කුස පිළිසි`ද ගැනීමට අපේක්‍ෂාවෙන් බොහෝ දෙවියන්ම සිටින බවත් ඊට සුදුසු මවුවරුන් නැති බවත් අපට අසන්නට ලැබී තිබේ. පින්වත් හිතවත් ඥාතියකු නිවස අසලට පැමිණ සිටී. දොර වසාදමා ඇත්නම් කුමක්‌ කරන්න ද?

පවුල් සංවිධානය යන ඊනියා සේවාවෙන් මෙරට ජනතාවට සිදු වූයේ බරපතල අපරාධයකි. එයින් ජන සංයුතිය විෂම ලෙස වෙනස්‌ කිරීම ද, චරිතය පිළිබ`ද සැලකිල්ල අඩුවීමද, වැරදි කාම සේවනයෙන් වැළකීමට නොව ආරක්‍ෂාකාරීව වැරදි කාම සේවනය කරන සමාජයක්‌ බිහිවීම ද සිදුවූ බව පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

දරුවන් සම්පත් වශයෙන් සලකා උපත් පාලන සංකල්පය සමාජයෙන් තුරන් කළ යුතු කාලය එළඹ තිබේ. නැතහොත් රට, ජාතිය, ආගම යන සංකල්ප අතීතයේ දී දුටු සිහිනයක්‌ බවට පත්වනු නොඅනුමානය.


කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

නොමිලේ උපදෙස්‌ සඳහා
දුරකථනය -0771234313

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1471326033