somawathi-gurumaiyo
Hot Kello

Upathin Labuu Wasanawa Mathukara Ganna උපතින් ලැබූ වාසනාව මතුකර ගන්න

 

දවසින් දවස මනුෂ්‍යයා උත්සාහ කරන්නේ, තමන් වෙත වාසනාව උදාකර ගන්නයි. ඉපදුණු සෑම මනුෂ්‍යයෙක්‌ ම වාසනාවන්තයි. කැස්‌බෑවා වියසිදුරෙන් අහස දකිනවාටත් වඩා දුර්ලභයි මනුෂ්‍යත්වය ලැබීම කියන එක දන්නවානේ. ඔබට ඒක වැටහුණාට ඔබේ ජීවිතයේ වටිනාකමට කිසිම තක්‌සේරුවක්‌ දෙන්නේ නැහැ. ඔබ ජීවය ලැබුවේ මේ භවයේදී ගොඩක්‌ යුතුකම් ඉටු කරන්නයි. ඔබට ජීවය දෙන්න අනුන්ට බැල මෙහෙවරකම් කළ අපේ මවුපියන් කොච්චර දුක්‌ වින්දද? අපි කොහොමද ඒකට කළගුණ සැලකුවේ. මවුපියන්ට වධ දීලා කුරිරුකම් කරලා අවසානයේ දඟගෙයි හූල්ලන හෝ මරණයට දින ලැබෙනකං බලා ඉන්න අය කොච්චර ඉන්නවද? දඬුවම් දුන්නට පස්‌සේ වැටහෙනවා. ඇයි කලින් වැටහුණේ නැත්තේ. කළ වරද නැවත නැවතත් කරන අයත් අපි අතරේ නැතුව නොවේ. ඒ අයට නම් ලැබූ වාසනාව මතුකර ගන්න බැහැ. කැලේ ලස්‌සන මල් පිපිලා කැලේම පරවෙලා යනවා. ඒ පිං මදි නිසා. පවු කළොත් ඒ ප්‍රතිඵලය ලැබෙනවාමයි... තාවකාලික වුණත්� මල්ලිකා දේවිය ගැන අහලා තියෙනවානේ, හැම කෙනකුටම මේ වාසනාව ගෙන දෙනවා, විශ්වයේ බලය මගින්. ඒක ලබාගන්න ඔබ - මම දන්නේ නැහැ. සූදානමක්‌වත් නැහැ. අපිට හුස්‌ම ටික දෙන්නේ, වතුර ටික දෙන්නේ ආහාර ටික දෙන්නේ, ශරීරය පවත්වාගෙන යන්න තද ගතිය, උෂ්ණය, සීතල ගතිය දෙන්නේ කවුද? ඒ විශ්ව බලයෙන්, අපට ශක්‌තිය දෙනවා. ආදරයේ මුල ජීවත් වීම ආදරයේ අග මරණය මේ ස්‌වභාවය හරිහැටි වටහා ගන්න ඕනෑ. මේ ලැබූ වාසනාව මතු කරගන්න විශේෂයෙන් ඉවසීම අත්‍යවශ්‍ය කරුණක්‌. දැනීම අනික. කෝ ඔබට ඒ දෙකම නැහැනේ. ඉදිරියේ සිදුවන දේ පවසන එකම ශාස්‌ත්‍රය තමයි ජ්‍යෙdතිෂය. අසවල් දවසේ ඔබට වාසනාව එනවා. මේ ආකාරයට ලබාගන්න. අසවල් දිනයේ ඔබේ ශරීරයෙන් ලේ සෙලවෙනවා ප්‍රවේශම් වන්න. මේ විදියට කරුණු කියාදෙනවා ඒක ඔබේ නිවැරැදි ජන්ම පත්‍රයේ ඇති කොටු 12 තුළ ලියා තිබෙනවා. ඔය එක අවස්‌ථාවක්‌ විතරයි.

අනික ජ්‍යෙdතිෂයේ රහස්‌ කරුණු තියෙන බව ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනෑ නැහැනේ. ඕනෑම ශාස්‌ත්‍රයක තියෙනවානේ. ඔය ගුරුමුෂ්ටි කියන්නේ. රහස්‌ කරුණු හැම කෙනෙක්‌ ළඟම නැහැ. පරම්පරාවෙන් එන්නේ. දන්න කෙනා හෙළි කරන්නෙත් නැහැ. සරලම කරුණක්‌ කියන්නම්කෝ ඔබේ ලග්නය කටක කියලා හිතන්න කෝ. මේ කටකයේ අයිතිකාරයා නැත්නම් භාවාධිපතියා සඳු. මේ සඳු ඔබේ ජන්මපත්‍රයේ ගෝචරය හා පිහිටීම අනුව ප්‍රතිඵලය දෙනවා. ඒකම පමණක්‌ හිතලා බැහැ. ඕක සුළු දෙයක්‌ විතරයි. ඔය කටකයට බුධ සිකුරු පාපියා. ඔවැනි දේවලුත් හිතලා ගුණාගුණ කියන්න ඕනෑ. කොච්චර හොඳ මිල අධික ඖෂධයක්‌ වුණත් ලේවලට අගුණ නම් දෙන්නේ නැහැ වගේ තමයි. ජ්‍යෙdතිෂය පැරණිම වැදගත් ශාස්‌ත්‍රවලින් එකක්‌ බව මතක තබා ගන්න අපේ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුර, ඒ ප්‍රශ්නය තුළම තියෙනවා. පිළිතුරු නැතිව ප්‍රශ්න පැනනඟින්නේ නැහැ. හොයාගන්න තමයි අමාරු. සමහර අය ඔය කොටු 12 බලාගෙන බොරු කියනවා. නිවැරැදිව කියන අය නැතුවා නොවේ. මේ ශාස්‌ත්‍රය කියලා හරියට කරලා මුදල් ඉපැයුවාට කාරි නැහැ. ගුරුකම් කරලා මුදල් ගත්තට කාරි නැහැ. බොරු කරලා ගන්නේ නැතුව. වෛද්‍යවරුන්ටත් හොයාගන්න බැරි ජාන රෝග ගැන කේන්දරයේ සිකුරුගේ ක්‍රියාකාරීත්වය බලලා කලින් කියන්න පුළුවන්. පුදුමයි නේද?

ජ්‍යෙdතිෂයේ එක්‌ පැතිකඩක්‌නෙ ගුරුකම්. මේ පාරම්පරික ගුරුකමක්‌ කරලා යම් විශේෂ දෙයක්‌ පෙන්නුවාම ඔය කනප්පුවක්‌ කැරකෙව්වාම වගේ දෙයක්‌ ඒක වර්ණනා නොකර එක එක බහුභූත කියන අයත් මම දැකලා තියෙනවා. ඒක එහෙම වෙනවලු. සිද්ධාන්තය ඒකලු. කරලා පෙන්වන්න කිව්වාම බැහැ කියනවා. මෙවැනි වැඩ කරන්න බැරි වුණාට දුර්වල මානසිකත්වයට දාලා ප්‍රශ්නය මඟහරිනවා. මානසිකත්වය කියන එක කොච්චර වටිනා එකක්‌ද සමහර අය ඇහැට දකින කං, කනට ඇහෙන කං පිළිගන්නේ නැහැ. හිතන්න විතරයිනේ මනුෂ්‍යයාට දෙවියෝ දුන්නේ ඒකවත් හරියට කරන්නේ නැහැ. ඒකනේ මේ විපත්ති ඔක්‌කොම. පිටරටින් ආවොත් ඕනෑම දෙයක්‌ ලොකුයි. අපේ දේ අගේ නැහැ. මේ ශාස්‌ත්‍රය අපේ. මේ භවයේ අපි උත්පත්තිය ලැබූ වාසනාවට මැරෙනකං අපට සම්පත්තිය විපත්තිය කලින් කලට ලැබෙනවා. ඒක කියන භාෂාව සහ ශාස්‌ත්‍රය තමයි මේ. ඒක මේ කේන්ද්‍රයේ ලියා තිබෙනවා. මෙන්න මේ කාලය තුළ ඔබට බලාපොරොත්තු නැති ආදායමක්‌ ලැබෙන්න තියෙනවා කියලා. 11 වැනි කොටුව හා ඒකේ ගෝචරය බලලා කියනවා. ඉතින් ඔබ ලොතරැයියක්‌ ගන්නවා. පුරුද්දක්‌ වශයෙන් ලොතරැයි පතක්‌ නොගන්න කෙනාත් එහෙම කිව්වහම ලොතරැයි ගන්නවා. ඒක ඔබට මුදලක්‌ ගෙනෙනවා. ඔබ නොදැන හිටියා නම් ඒක නොලැබී යනවා. හරියට අහෝසි කම_ වගේ. තවත් එකක්‌ 12 වැනි කොටුව ගෝචරය බලලා එතැන අඟහරු- සෙනසුරු නරකට හිටියොත් කියනවා, හිරේ විලංගුවේ වැටෙනවා කියලා. කාල සීමාවත් සමග එතකොට ඒ කාලසීමාව පනිනකං ඒ වගේ වැඩවලින් මිදෙනවා. කරදරයකින් බේරෙන එකත් වාසනාවනේ. මේ එක ග්‍රහ පිහිටීමක්‌ විතරයි. මේක තමයි ගුණාගුණ නැත්නම් පලාපල කියනව කියන්නේ. කොටු බලාගෙන හිතට එන බොරු කියන එක නොවේ. කාට හෝ මහදශා/ අතුරු දශා රාහුට හෝ කේතුට ආවොත් ලැබෙන හොඳ හෝ නරක දෙගුණ වෙනවා. ඒ සප්තම දෘෂ්ටිය අහුවෙන නිසා රාහුට ඔළුව නැති බව දන්නවානේ. කෙහෙතා ලෙඩකාරයා. නරකට ජ්‍යෙdතිෂය නෙල්ලි වගේ . හොඳ නරක දෙකම කලින් කලට ලැබෙනවා. ඔළුව පාවිච්චි කරන්න ඕනෑ. අපි කරන හැම ක්‍රියාවකදීම විශ්වශක්‌තිය අපේ ළඟ ඉන්නවා. හරියට සෙවනැල්ල වගේ. අපි කරන හොඳ වැඩවලට සුබ ප්‍රතිඵලත්, නරක වැඩවලට නරක ප්‍රතිඵලත් ලැබෙන බව රහසක්‌ නොවෙයිනේ ඕන නම් කාල සීමාව ටිකක්‌ එහාට මෙහාට යාවි. මේවා කරන්න කතා කරන්න බැරි වුණාට විශ්වශක්‌තියේ බලයෙන්. ශක්‌තිවලට කතා කරන්න බැරි වුණාට ක්‍රියාවට සරිලන ප්‍රතික්‍රියාව දෙනවා. අපි කැමැති වුණත් නැතත්. අපේ ජීවිතය යහපත් කරගන්න අපි පූජා පවත්වනවා. ක්‍රිස්‌තියානි අය පූජාසනයේ වතාවත් කරනවා. ඉන් සුබ ප්‍රතිඵල ලැබෙනවා. බෞද්ධාගමේ අය බුද්ධ පූජා, ග්‍රහ පූජා, බහිරව පූජා කරනවා. සුබ ප්‍රතිඵල ලබනවා. ග්‍රහ බලපෑම්වලට සුදුසු පූජාවන් කරනවා. සුබ ප්‍රතිඵල ලබන්නේ නැද්ද?

ඕනෑම පූජාවකට ක්‍රමයක්‌ තියෙනවා. ඒක වැරදුණොත් ඉතින් නියම ප්‍රතිඵල නැහැ. ඉතින් ශාස්‌ත්‍රයට බණිනවා. එහෙම කරන්න එපා. නවග්‍රහ පූජාවක්‌ කරන කොට ඒක විතරක්‌ නෙවෙයි කරන්න ඕනෑ. පංචෝපකාර පූජාවක්‌ දෙන්න ඕනෑ. ග්‍රහයගේ නමට වෘක්‍ෂයේ කොටසක්‌ තබන්න ඕනෑ. කසපැං ගෙඩියක්‌ ඒ කිව්වේ තැඹිලි ගෙඩියක්‌ බුලත් විශේෂයෙන් තබන්න ඕනෑ. දෙවියන්ට නැත්නම් ඒ බලවේගයන්ට පූජාසනයට වඩින්නට පාර කපන්න ඕනෑ. බහිරව පූජාවක්‌ නම් සූනියං දෙවියන් අමතක කරන්නම බැහැ. ප්‍රේත තටුව අමතක කරන්න බැහැ. ඔය වගේ අත්‍යවශ්‍යම කටයුතු තියෙනවා. ඒවා මුදල දිහා බලල කාලය දිහා බලලා අතහරින්න හොඳ නැහැ. ප්‍රේත තටුව දිගයි කරන කොට නම් හරියට පරිස්‌සම් වන්න ඕනෑ නැති කරදර ඇති කරගන්න එපා. හතුරෙක්‌ ඇති කරගන්න එපා. ඊට ඉඩකඩ බොහෝමයි. මේ වගේ ප්‍රශ්නවලට නිවැරැදි පිළිතුරු තියෙනවා. ඔබ දැනුවත් වුණොත් හරි. කොටින්ම කිව්වොත් හොරු ඇතුළේ දාලා ගෙවල් ආරක්‍ෂා කරගන්න එපා.

කලදසාව කියන්නේ ජන්ම පත්‍රයේ තත්කාලීන ග්‍රහ පිහිටීමයි. කල දශාව නරක නම් ග්‍රහ පිහිටීම නරකයි. ඔබ හිතන්නේ වත් නැති ප්‍රතිඵල මේ ග්‍රහයෝ නැත්නම් ග්‍රහ කිරණ දෙනවා. ඒක දැනගන්න මිනුම්දණ්‌ඩ තමයි ජන්ම පත්‍රය නැත්නම් කේන්දරය.

අපේ ව්‍යාපාරය, තිබුණු තත්ත්වය, පවුලේ සාමය හිටිහැටියෙම නිකම්ම කඩා වැටෙනවා. ඔබ කලබල වෙනවා. හතු පිපෙනවා වගේ ඇතිවූ ජ්‍යෙdතිෂ කඩයකින් යන්ත්‍රයක්‌ දා ගන්නවා. නැත්නම් රාමු කරනවා. කිසිම වෙනසක්‌ වන්නේ නැහැ. වුණේ මුදල් වැය වූ එක විතරයි.

ඕනම හොඳ ගුරුකමක්‌ කරගන්න පුරතිථියට, හොඳ දිනයක්‌ වෙලාවක්‌ බලලා, නරක ගුරුකමක්‌ නම් අව තිථියක්‌ තෝර ගන්න අමතක කරන්න එපා. මූලික සිද්ධාන්තය ඕකයි. ජ්‍යෙතිෂයට බණින්න එපා. වැඩ කරගෙන හරි නොගියාම පව් සිදුවේවි. කිසිම දේක මුල වරදවා ගන්න එපා. විශේෂයෙන් ගෙවල් හදනකොට ගෙවල්වලට ප්‍රවිශ්ට වෙන කොට උළුවහු ජනෙල් තබන කොට, යටලීය තබන කොට, හොඳ තිථියක්‌ බලලා සුබ වෙලාවකට ඔබේ පක්‍ෂියා රජ වන හෝ පක්‍ෂියා භෝජන ගන්නා වේලාවට ආරම්භ කරන්න. විශ්වශක්‌තියේ බලයෙන්, බුදු බලයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ දියුණු වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නොමිලේ දැන ගැනීම අවශ්‍ය නම්, 0722174553 දුරකථන අංකයට අමතන්න.

ගුප්ත විද්‍යාධර මොරටුව මීපේ
ගණිතගේ රංජිත් විද්‍යාරත්න
  උපුටා ගැනීම
 http://iranama.tharunaya.us/show1.php?id=1469510814