Wirasakayata Thitha Thabana Wahal Bandana Washiya විරසකයට තිත තබන වහල් බන්ධන වශීය

අද සමාජයේ පෙම්වතුන් - අඹුසැමියන් ඉතා සුළු සිද්ධීන් මුල්කරගෙන විරසක වීම විලාසිතාවක්‌ කරගෙන තිබේ. සැකය අවිශ්වාසය වැනි මවාගත් සිතුවිලි අතර ජීවත් වෙමින් මෙලෙස ඇති කර ගන්නා ආරවුල් සමහර අවස්‌ථාවල දී ඔවුන් ජීවිත කාලය පුරා ඈත් කර තැබීමට තරම් බරපතළ වේ.

එවැනි තත්ත්වයකට පත් වූ බොහෝ දෙනා කරුණු කාරණා හරිහැටි අවබෝධ කරගෙන නැවත පෙර තිබූ සබඳකම් ගොඩනඟා ගැනීමට උත්සාහ කළ ද එය ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවනු ඇත.

මෙවැනි අවස්‌ථාවන්ට මුහුණ දීමට සිදුවූ ස්‌ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වයටම තමන් සමඟ විරසක වූ අය සමඟ නැවත සබඳතා ඇති කර ගැනීමට හැකි එකම ක්‍රමවේදය ගුප්ත විද්‍යාවේ එන වහල් වශී බන්ධන නමැති ශාන්ති කර්මය වෙත යොමු වීම වේ.

ඒ සඳහා යොමුවන කවුරුන් හෝ වේවා අදාළ කටයුත්ත පිළිබඳව දැනුවත් වී ශාස්‌ත්‍රය නිසි ලෙස ප්‍රගුණ කළ ගුප්ත විද්‍යාවේදියකුගේ සහාය ඒ සඳහා ලබාගැනීම තුළ ඔබගේ දැවෙන ප්‍රශ්නය නිරාකරණය කරගෙන සතුටින් ජීවත් වීමේ වාසනාව ඔබ වෙත උදාවනු ඇත.

කෙනකු වසඟ කර ගත හැකි ක්‍රම රාශියක්‌ ගුප්ත විද්‍යාවේ පවතින අතර අඩු වියදමක්‌ දරා වැඩි ප්‍රතිඵලයක්‌ ළඟා කරගත හැකි ක්‍රම කිහිපයක්‌ මෙසේ සඳහන් කරමු.

කෙම්මුර දිනයක සුබ හෝරාවක්‌ බලා පාන්දර කපුටන් හැඬලීමට පෙර කැන්ද ගසක්‌ ළඟට ගොස්‌ ගසට නව වැඳුම් වැඳ උපහාර දක්‌වා කැන්දගෙන යනවා, කැන්දගෙන යනවා යනුවෙන් 7 වරක්‌ කියා කැන්ද දලු මිටක්‌ ද අහු ගසක්‌ ළඟට ගොස්‌ පෙර පරිදිම වතාවත් ඉටුකොට අහු වුණා, අහු වුණා යනුවෙන් 7 වරක්‌ කියා අහු දලු මිටක්‌ ද බුත්සරණ ශාකයක්‌ ළඟට ගොස්‌ සරණ යනවා, සරණ යනවා යනුවෙන් 7 වරක්‌ කියා එම ශාකයේ දලු මිටක්‌ ද, දවට ගසක්‌ ළඟට ගොස්‌ දවටනවා, දවටනවා යනුවෙන් 7 වරක්‌ කියා දලු මිටක්‌ ද කඩාගෙන විත් සිහින්ව ලියාගෙන නැවුම් මැටි ඇතිලියක්‌ ගෙන එයට මුත්‍රාකර එය විසිකර ඇතිලිය නොසෝදා ලියාගත් කොළ දමා මලවා ගන්න, අනතුරුව ඒ සඳහා වූ ජප මන්ත්‍රවලින් දිනකට 1080 වාරය බැගින් දින තුනක්‌ මතුරා අවනත කරගැනීමට අවශ්‍ය අයට කෑමට දීමෙන් දින 21 ගත වීමට පෙර තමාට වශීවනු ඇත.

එළබිම් තඹුරු, ඵල පිටවක්‌කා, නෙළුම් රේණු, නාමල් රේණු, සුදු හඳුන් - රත් හඳුන්, පුස්‌කර, වන්ඩු කපුරු සම සමව ගෙන මී පැණියෙන් අඹරා සුළඟිල්ලෙන් ලේ රැගෙන සාදාගත් ඖෂධය සමඟ කවලම් කර 1080 වාරයක්‌ මතුරා කෑමට හෝ බීමකට දමා දීමෙන් දින 21 ගතවන්නට පෙර විරසක වූ අය තමන් සොයා එන අතර නැවත කිසි දිනක වෙන් නොවී දිවි ඇති තුරා ඔබ ළඟ දැවටෙමින් අවනතව ක්‍රියාකරන බව අත්දැකීමෙන් පවසමු.

මේ ආදී වශයෙන් වහල් බන්ධන වශී ගුරුකම් ගුප්තවිද්‍යා ශාස්‌ත්‍රය තුළ බොහෝ ඇති අතර ඒවාරයෙන් නිසි පල ප්‍රයෝජන මෙන්ම සෙතක්‌ අත්කර ගැනීම සඳහා අදාළ ජප මන්ත්‍ර, ප්‍රාණ, පුට, පලිප්පු, සිද්ධි, දිෂ්ටි, නිවැරදිව අනුගමනය කළ යුතු අතර ඔබ ඒ සඳහා තොAරාගන්නා ගුප්ත විද්‍යාවේදියා බ්‍රහ්මචාරී දිවියක්‌ ගෙවන පිළිවෙත් රකින අයකු වීම වැදගත් සාධකයක්‌ වනු ඇත.

මේ සම්බන්ධයෙන් ගැටලු ඇතොත් නිරාකරණය කර ගැනීමට 072 - 4377576 අංකය අමතන්න.

උපුටා ගැනීම -http://iranama.tharunaya.us/show1.php?id=1478496003

..........


wirasakayata thitha thabana wahal bandana washiya විරසකයට තිත තබන වහල් බන්ධන වශීය virasakayata thitha thabana wahal bandana washiya wirasakayata tita tabana vahal bandhana vashiya

wirasakayata thitha thabana wahal bandana washiya විරසකයට තිත තබන වහල් බන්ධන වශීය virasakayata thitha thabana wahal bandana washiya wirasakayata tita tabana vahal bandhana vashiya

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය wirasakayata thitha thabana wahal bandana washiya විරසකයට තිත තබන වහල් බන්ධන වශීය virasakayata thitha thabana wahal bandana washiya wirasakayata tita tabana vahal bandhana vashiya