Wiwaha Gatalu Athikarawana Papa Kartharee Yogaya විවාහ ගැටලු ඇතිකරවන පාප කර්තරී යෝගය

විවාහ දිවිය මෙන්ම ජන්මියාගේ ජීවිත කතාවට බාධා ඇතිකරවන විවිධ අසුබ ග්‍රහ යෝගයන් ජම්ම කේන්ද්‍රයන් තුල දැකිය හැකිය.ශනි මංගල , චන්ද්‍ර මංගල යෝගයන් මෙන්ම කාල සර්ප යෝගයද විවිවාහ දිවියේ පැවැත්මට බාදා ඇතිකරවයි.ඒ අතර කනවැන්දුම් යෝගයන් යෙදී තිබෙන කේන්ද්‍රයන්ද වේ.විවාහය පමනක් නොව සමස්ත ජීවිත කතාවේ පැති කිහිපයක් දුර්වල කිරීමට පාප කර්තරී නම් යෝගය හේතුවී ඇතිබව අත්දැක ඇත.පාප කර්තරී යෝගය යෙදෙන ආකාරය මෙසේය.එක් ග්‍රහයෙකු හෝ කිහිප දෙනෙකු එක් භාවයක් තුල සිටියදී ඊට දෙපස භාවයන්හි පාප ග්‍රහයන් සිටීමෙන් මෙම අසුබ යෝගය යෙදේ.එය පහත රූප සටහන මගින් අවබෝධ කරගත හැකිවේ.

විවාහ ගැටලු ඇතිකරවන පාප කර්තරී යෝගය

මෙහිදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ විවාහය සම්බන්දව මෙමෙ යෝගයෙන් ඇතිවිය හැකි බලපෑම සම්බන්දව පමණි.පහත කේන්ද්‍ර සටහන දෙස බලන්න.එහි විවාහ කාරක ග්‍රහයා මෙන්ම විවාහක්ස්තානය අධිපතියා වන්නේ සිකුරු ග්‍රහයා වේ.සිකුරු ලග්නගතව පිහිටා ඇත.එය සුබ තත්වයකි.නමුත් සිකුරු ග්‍රහයා තැම්පත්ව සිටින ලග්න භාවය දෙපස භාවයන් හි රාහු සහ සෙනසුරු ග්‍රහයන් දෙදෙනා තැම්පත්ව සිටී.එය පාප කර්තරී යෝගයයි.මෙය ලග්නයේ යෙදුන හෙයින් " අසුභා " නම් යෝගය ලෙසද ගත හැකිය.

මෙහිදී විවාහ කාරක ග්‍රහයා පාප පීඩාවට ලක්වී ඇත.ඕනෑම කේන්ද්‍රයක මෙම පාප යෝගය ඕනෑම ග්‍රහයෙක් , භාවයක් මුල්කරගනිමින් යෙදිය හැකිය.හත අධිපතියාට හෝ සිකුරුට හෝ හත්වැනි භාවයට නැතිනම් සදුගෙන් හත්වැන්නට මෙම පාප යෝගයේ අසුබ බලපෑම ඇතිවී ඇත්නම් විවාහය සම්බන්ධ විවිධ බාදාවන් ඇතිකරවයි.මෙහිදී හත අධිපතියා නීච රාශි ගතව එම රාශියට මෙම පාප යෝගයේ බලපෑම ලැබේනම් බිරිදට හෝ ස්වාමියාට මාරක තරම් අසුබ ඇතිකරවයි.

මෙමෙ යෝගය විවාහයට කරන අසුබ බලපෑම සමස්තයක් ලෙස මෙසේ දැක්විය හැකිය.ස්වාමියා සහ බිරිද අතර නිතර මත ගැටුම් ඇතිවිය හැකිය.දෙදෙනාගේ අදහස් ගැලපීම් දුර්වල නිසා මෙම තත්වයන් ඇතිවේ.මෙම යෝගය යෙදී තිබියදී අධිකාම යෝගයක් ද එක් අයෙකුට යෙදි ඇත්නම් වෙනත් සම්බන්දතා හේතුවෙන්ද ගැටලු ඇතිවේ.එසේ උවහොත් විවාහය සම්පූර්ණයෙන්ම බිදීයාමට අවස්තා ඇත.එමෙන්ම ස්වාමිපුරුෂයා හෝ බිරිද රෝගීතත්වයන්ට ලක්විය හැකිය.ඒ සම්බන්දව වියදම් අදිකව සිදුකිරීමට සිදුවනු ඇත.ලිංගික දුර්වලතා දෙදෙනාගෙන් එක් අයෙකුට ඇතිවිය හැකිය.එයින් එක් අයෙකු කායික මානසික පීඩාවට ලක්විය හැකිය.මානසික පීඩාවන් බොහෝ අවස්තාවලදී ඇතිවේ.ඉතාමත් අසුබ තත්වයේ ග්‍රහයන්ගේ දුර්වලතා ඇතිව මෙම යෝගය යෙදී ඇතිනම් විවාහකයාට මාරක අපල ඇතිවන අතරම විවාහය බිදීයෑම සිදුවනු ඇත.මෙම ග්‍රහ යෝගය තිබූ පමණින්ම එසේ නොවන අතර කේන්ද්‍රයක අනෙකුත් ග්‍රහයන්ගේ දුර්වලතා ද ඒ සදහා දායකවී තිබිය යුතුය.

 

උපුටා ගැනීම -http://iranama.tharunaya.us/show1.php?id=1477033819

 

..........


wiwaha gatalu athikarawana papa kartharee yogaya විවාහ ගැටලු ඇතිකරවන පාප කර්තරී යෝගය vivaha gelalu ati karavana papa kartaree yogaya

wiwaha gatalu athikarawana papa kartharee yogaya විවාහ ගැටලු ඇතිකරවන පාප කර්තරී යෝගය vivaha gelalu ati karavana papa kartaree yogaya

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය
Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය

Kethuge Apalayata Rathana Suutharaya කේතුගේ අපලයට රතන සූත්‍රය wiwaha gatalu athikarawana papa kartharee yogaya විවාහ ගැටලු ඇතිකරවන පාප කර්තරී යෝගය vivaha gelalu ati karavana papa kartaree yogaya