ස්වර්ණමාලි ගුරුමෑණියෝ - Swarnamali Gurumaniyo
Hot Kello

Yanthra Paladenne Sirure Kothana Paladhuu Witada? යන්ත්‍ර පලදෙන්නේ සිරුරේ කොතැන පැළඳු විට ද?

ජ්‍යෙතිෂය හා ගුරුකම් සම්බන්ධව  සපයන ලද හැම ලිපියකම සඳහන් වූයේ දොaසයක්‌ හෝ ප්‍රේතයෙක්‌ හෝ ඔබේ දියුණුවට බාධාවන අදෘශ්‍යමාන බලවේගයක්‌ ඉවත් කිරීමක්‌ ගැනය. ඒ කිව්වේ ගෙදරක හෝ යම්කිසි ස්‌ථානයක දියුණුවට ඉඩ නොදෙන ප්‍රේත බලවේගයක්‌ හෝ භෛරව බලපෑමක්‌ හෝ මළ පෙරේත බැල්මක්‌ හෝ දිෂ්ඨ�යක්‌ ඉවත් කිරීමක්‌ ගැනය. අද ලියන්නේ විශේෂ බලපෑමක්‌ ස්‌ථානගත කරලා ඔබට ශාරීරික මානසික සතුටක්‌ ලබා ගැනීම ගැනයි. ඔබ අසනීප වෙලා සිතින් ගතින් වැටෙන වෙලාවට බෙහෙතක්‌ හෝ එන්නතක්‌ දීලා ඔබ යථා තත්ත්වයට ගන්නවා වගේ කාර්යයක්‌. ඒකම නොවුණත් ඒ වගේ වැඩක්‌ ගැනයි.

යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් කියලා සඳහන් උනාට ජ්‍යෙdතිෂයේ යන්ත්‍ර දැමීමට විශේෂ ස්‌ථානයක්‌ හිsමිවනවා. තඹ පතක හෝ පුස්‌කොළයක නැත්නම් තල්පතක මන්ත්‍රයක්‌ ලියා ඔතලා බෙල්ලේ හෝ ඉනේ පළන්දනවා. පුස්‌කොළවල ලියලා ඉණ පළඳවන එක වර්තමානයේ පෙනෙන්නට වත් නැහැ. විශේෂයෙන් මේ පුස්‌කොළවල දිව්‍ය මන්ත්‍ර ලියා සමහර රෝගවලට පොඩි අයගේ බෙල්ලේ බඳිනවා. ඒ බබාට හපන්න පුළුවන් වනසේ. බබා ඒක හපනවා. ඊට පස්‌සේ රෝගය සම්පූර්ණයෙන් ම සුව වනවා. වර්තමානයේ ඒවා නැත්තේ පොඩි අයට කිසියම් රෝගයක්‌ හැදුනහම වෛද්‍යවරයා ළඟට යනවා මිස අර පැරැණි ක්‍රම කරන්නේ නැති නිසා. ඉස්‌සර කාලේ වෛද්‍ය විද්‍යාව දියුණු නැති නිසා එහෙම කළා. දැන් නම් ගොඩක්‌ අඩුයි. ඒත් පරම්පරාවේ ඒ යන්ත්‍ර මන්ත්‍ර හා ක්‍රම නම් තාම ජීවත් වනවා. විශේෂයෙන් ග්‍රහනිය, සිහිනෙන් ගැස්‌සී අවදි වීම වැනි පොඩි දොaෂවලටයි එහෙම කළේ. ඒකත් යන්ත්‍ර දැමීමක්‌ තමයි.

වර්තමානයේ යන්ත්‍ර දැමීම විශාල වශයෙන් සිදු කරන්නේ අඩු දැනීමක්‌ සහිත අය කියලා කියන්න කැමැතියි. යන්ත්‍රයක්‌ ගෙල පළඳින්ට ඉස්‌සෙල්ලා රෝගය හෝ දොaෂය කඩන්න නැත්නම් සුව කරන්න ගොඩක්‌ ක්‍රම තියෙනවා. කෙම් ක්‍රමය එක විදිහක්‌.

යන්ත්‍ර දැමීම ඉතා ක්‍රමවත්ව කළ යුත්තක්‌. යම් පාර්ශ්වයක්‌ කිව් පළියට යන්ත්‍ර දැමීමෙන් වන්නේ ඒ අයගේ මුදල් අපි ළඟට ඒම පමණයි. යන්ත්‍රයක්‌ දමන්න කලින් ඒ අයගේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කළ යුතුයි. (තියෙනවනම්) ඉන් පසුව තීරණය කරනව යන්ත්‍රය දමන්නේ කුමන තත්ත්වයක්‌ යටතේද, මොන ග්‍රහයා මුල් කරගෙනද, කුමන යන්ත්‍රය ද වැනි දේවල්. ඉතාම කනගාටුවට කරුණක්‌ තමයි ජන්ම පත්‍රයක්‌ පරීක්‍ෂා කරන්නවත් බැරි පරිගණකයෙන් පලාපල කියන අයත් අද යන්ත්‍ර දානවා. කරදරයට පත් වූ පාර්ශ්වය බලන්නේ කාගෙන් හෝ පිහිටක්‌ ලබා ගන්න නිසා මේ අයගෙන් වුවත් යන්ත්‍රය දාගන්නවා. ඉතාම අඩු මිලකට යන්ත්‍ර දැමීමේ ප්‍රතිඵලය වන්නේ මුදල් කීයක්‌ හෝ වැය වන එක පමණයි. කිසිදු සාදු ප්‍රතිඵලයක්‌ නැහැ. මේවා නතර කරන්න අමාරුයි.

ගුරුකම් කිරීමේදී මූලික පරමාර්ථය වන්න ඕන ආතුරයා සුව කිරීම හෝ ඒ ඉල්ලීම කරදිම මිස මුදල් ගැරීම නොවේ. එහෙම අය නැත්තෙත් නැහැ. හොයා ගන්න ටිකක්‌ අමාරුයි. යන්ත්‍ර දැමීම කරනව නම් යන්ත්‍ර රත්නය, යන්ත්‍ර ශ්‍රේණිය ටිකක්‌ පරිශීලනය කිරීම හොඳයි කියලයි මට හිතෙන්නේ. රෝගයට හෝ දෝෂයකට හෝ දියුණුවකට නිවැරැදි යන්ත්‍රය වෙනුවට වැරදි යන්ත්‍ර දාලා නැති කරදර ඇති කරගත් අය බොහොමයි. ඒ අය සුවපත් කළාම අපට ලැබෙන්නේ පිං විතරයි. කුසල් ලැබීම විශාල දෙයක්‌ නිසා කරදර නොබලා ඒවත් කරනවා. මොකද නිවැරැදි යන්ත්‍රයක්‌ හරියට බඳිනකොට තරමක මුදලක්‌ වැය වන නිසා. යන්ත්‍ර බඳිනව නම් මන්ත්‍ර, ස්‌ත්‍රොaත්‍ර කට පාඩම් කරගත යුතුමයි. පොත් බලාගෙන, කොළ බලාගෙන යන්ත්‍ර දාන්න බැහැ. බහිරව පූජාවක්‌ දෙනකොට ප්‍රේත තටුව, සූනියම් තටුව දීම අනිවාර්යයි වගේමයි යන්ත්‍ර පළදිනකොට දෙහි කැපීම. ඒ එක්‌කම කිලිහරණය කළ යුතුයි. මේවාට අමතර වියදමක්‌ යන්නේ නැහැ.

අනික තමයි ඇදුරුතුමා නැත්නම් ජ්‍යෙdතිෂඥයා පිළිපැදියයුතු කාර්යයන් ලෙහෙසි නැහැ. ඒ ඒ යන්ත්‍රවලට අනුව නිවැරැදි දිග පලල, යන්ත්‍රයට මැතිරීමට පෙර ඊට ගල්වන ඖෂධ පේ විය යුතු ක්‍රමය වගේ දේවල්. කෝ අද ඒවා කරන්නේ නැහැනේ. රේඩියෝa එකෙන් නූල් පිරිත් කරනව අහල තියෙනවද? මේ වගේ වැඩ නිසා නූල් බඳින අය පිරිහෙනවා. යන්ත්‍ර දානකොට ඇදුරුතුමා, මන්ත්‍රය, ජප මන්ත්‍රය, දිෂ්ඨ�ය, පලිප්පුව, ප්‍රාණය අවශ්‍ය නම් මන්ත්‍ර ඉනාව, දැන ගත යුතුයි. ඒ වගේම වාර ගණන 108 කට වඩා වැඩි මිසක්‌ අඩු වෙන්න බැහැ. සමහර ඒවා රත්‍රං ආලේපත් කරනවා. පරණ අය මේවා දන්නවා. යන්ත්‍රය හරියට දැම්මොත් හිරු දුටු පිණි වගේ දොaශය භංග වෙනවා. දියුණු වෙනවා. යන්ත්‍රයක්‌ බඳින්න දින වකවානු මදි නම් යන්ත්‍රය මතුරන වාර ගණන ටිකක්‌ අඩු කරලා බඳින එක නරකයි. සුදුසු දිනය එනකං ඒ කිව්වේ පුර තිථිය ලබනකං ඇප නූලක්‌ දමලා පසුව යන්ත්‍රය බැඳලා ඇප නූල ගලවන එක තමයි සුදුසුම ක්‍රමය.

මෙතරම් යන්ත්‍ර බැඳීම ගැන විස්‌තර ලිව්වේ යන්ත්‍රයක්‌ හරියට ක්‍රමවත්ව කළොත් ප්‍රතිඵල අති විශාලයි. හිතා ගන්නවත් බැරි තරම්. මේ යන්ත්‍ර බැඳීම දිව්‍ය පිළියම්. අත්‍යවශ්‍ය දේවල්වලට පමණක්‌ කළොත් හොඳයි කියන එක මාගේ පෞද්ගලික මතයයි. ඒ කිව්වේ විවාහයක්‌ සිදුවන්නේනැති යුවතියන්ට විවාහයක්‌ හරි යැමට සර්ව වශියක්‌, ග්‍රහ දොaෂ නිසා හට ගත් රෝගයක්‌, (බෙහෙතින් සුව නොවන රෝගයක්‌) දරු සම්පත් නොමැති අයට කුමාර මණ්‌ඩලය වැනි යන්ත්‍රයක්‌ දැමීම, බෙහෙත් අහන්නේ නැති ජාන රෝගයක්‌ වගේ දේවල්වලට යන්ත්‍ර දැමීමෙන් අත්වන්නේ පුදුම උපදවන තත්ත්වයක්‌. ඇදුරුතුමා කොච්චර දැනුම් සම්භාරයක්‌ තිබුණද පළඳවන යන්ත්‍රය ගැන ආතුරයන්ට සාමාන්‍ය දැනීමක්‌ දිය යුතුයි. යන්ත්‍රයේ නම, පළඳවන්නේ ඇයි. ප්‍රතිඵලය මොකද්ද, කොපමණ කලකින්ද යනුවෙන් හා එසේ නොකළහොත් යන්ත්‍රය හා යන්ත්‍ර දැමීම ගැන ඇති විශ්වාසය පළුඳු වීමට ඉඩ තිබෙනවා.

විශේෂයෙන් යන්ත්‍ර පැළඳීමේදී එය ආරම්භ කළ යුතු වන්නේ ආතුරයාගේ තත් කාල ග්‍රහචාරයට අනුකූලව නැකතට සිහුම් වන පුර තිථිය පවතින දිනයක ආතුරයාගේ පක්‍ෂියා සුභ වන වෙලාවකටයි. මේ යන්ත්‍රය ආරම්භ කිරීමට ප්‍රථම ඇදුරුතුමා ස්‌නානයකර බුදුන් වැඳ, දෙවින්ට පිං දී විශ්ව ශක්‌තිය නමැද ආරම්භ කරන්නේ ස්‌වකීය ගුරු දේවයන්ට, බල දේවතාවුන් වහන්සේලාට නමස්‌කාර කිරීමෙන් අනතුරුවයි. යන්ත්‍රය ආරම්භ කිරීමේදී මෙපමණ කාර්යක්‍ෂම වියයුතු නම් යන්ත්‍ර පැළඳීම වන විට කොපමණ කාර්යක්‍ෂම වේද යන්න ඔබටම හිතාගත හැකියි. මේවා අමතර වියදමක්‌ නොවන දේවල් වන අතර යන්ත්‍ර ලිවීමේදී දැමීමේදී පිළිපැදිය යුතු ක්‍රමවේදයි. මේ අයුරින්ම යන්ත්‍රය ආරම්භ වන වේලාවට ආතුරයාගේ නිවසේ මෙම යන්ත්‍රය සිහිකර ගිතෙල් හෝ පොල්තෙල් පහනක්‌ දැල්විය යුතු වනවා. මෙයින් සම්බන්ධය ඇති වෙනවා.

සමහර සංවිධානවලින් සම්මාන ලබාගත් ඇදුරුතුමන්ලා යන්ත්‍ර දානවා ඇසූ පමණින්ම. තත්කාල ග්‍රහචාරය වත් බලන්නේ නැහැ. තවත් සමහරු යන්ත්‍රය තඹ තහඩුවේ අඳිනවා. නිවැරැදි දිග පළල බලන්නෙත් නැතිව. දැනුවත්ව හෝ නොදැනුවත්ව වැරදි දිග පළල ගත්තොත් මරණය දක්‌වා යන්ත්‍රය නරක්‌ වනවා. සමහර අය යන්ත්‍රයේ නමත් ලියනවා. ඒක අවශ්‍ය නැහැ. එහෙම ලියන්නේ යන්ත්‍රය ගැන විශ්වාසය නැති අය. තවත් සමහර අය යන්ත්‍රය තඹ තහඩුවේ ඇඳලා රෝල් කරලා සුරේ ඇතුළට බහාලනවා. ඊට පසු බෙල්ලේ පළන්දනවා. සිහුම් නූල නැහැ. යන්ත්‍රය මතුරන කොට සිහුම් නූල අල්ලාගෙන නේ මතුරන්නේ. පසුව ඒක විසිකරලා හරියන්නේ නැහැ. ඒ නූලින් ජප කළ යන්ත්‍රය සුරයට බහාලන්න කලින් ගාථා හෝ මන්ත්‍ර කිය කියා නොළිහෙන්න යන්ත්‍රයේ ඔතන්න ඕනෑ. සමහර අයට ඒ ඔතපු නූල සුරයට බහාලන්න බැහැ. ඉතින් විසි කරනවා. ඒවා නිවැරැදි ක්‍රම නොවේ.

පිහියක්‌ මුවාත් කරලා අවසානයේදී ඒ මුවත රදා පවතින්න පණ පොවනවා කියලා යමක්‌ කරනවා කම්මල්කරු විසින්. ඒ වගේ යන්ත්‍රය අවසානයේදී යන්තය බල පිහිටුවීමක්‌ කරනවා. ඒක අනිවාර්යයෙන් ම කළ යුතු වනවා. නොකළොත් ජප කළ මන්ත්‍ර ලෙහෙනවා. කළ දෙයින් වැඩක්‌ නැති වෙනවා.

ඔබ අහල තියෙනවනේ වෙඩි නොවදින හෙනරාඡේ. (ඒ තෙල්) පුංචි සුරයක දාල උරේ පලලා ඇතුළු කළාම වෙඩි වදින්නේ නැහැ. ඒ වගේම තමයි යන්ත්‍රය ශරීරයට ස්‌පර්ශ කළාම ලෙඩ රෝග, ග්‍රහ දොaස, විෂබීජ ශරීරගත වීම නැති වනවා සේම ග්‍රහ දොaශ අතුරු ආන්ත්‍රාවල් වදින්නේ නැහැ. බෙල්ලට හෝ ඉණට දමන යන්ත්‍ර පිළියෙළ කළ යුතු වන්නේ ඒ ඒ නියමිත ග්‍රහයා මුල් කරගෙන. විශේෂයෙන් සෙනසුරු ග්‍රහයාට ශනි මෘතුංජය රාහුට නාගර්ජුනය, බුධට ශිලම්බරය කේතුට ආඝෝරය සමහර උදාහරණයි.

මේවාට අමතර තවත් යන්ත්‍ර නැතිවා නොවෙයි. මේ අතරෙම ඔබ අහලා ඇති සර්ව වශී යන්ත්‍ර ගැන. ඒ සර්ව වශී යන්ත්‍ර මාතාංගේස්‌වරිය අදාළ විශ්ණු ක්‍රාන්ති තෙල් වලින් කළු මදින්නේ. ඒක ගොඩ දෙනෙක්‌ පළඳිනවා. සාමාන්‍යයෙන් අසනීප වලින් තොර හෝ ග්‍රහචාරයේ දොaස නැති අය පළඳින්නේ. සමාජයේ කැපී පෙනෙන්න, දුටුවාම ප්‍රියවන්න, හතුරෝ මිතුරෝ වන්න , අත තියන වැඩ ගොඩක්‌ වැඩි දියුණුවන්න තමයි ඔය සාමාන්‍ය සර්ව වශීය දාගන්නේ. වර්තමානයේ මෙය ගොඩක්‌ අය පළඳිනවා. වැඩි මිලකුත් නැති නිසා පළදින අය බහුලයි. ඒකට ඕන නමයි උපන් දිනයයි විතරයි.

ව්‍යාපාර දියුණුවට, ගේ දොර ඉඩකඩම් දියුණුවට හැමදාම එකතැන දියණුවක්‌ නැති ඒවාට යන්ත්‍ර දැමීම මීට හාත්පසින් ම වෙනස්‌ ක්‍රමයක්‌. ඒ වගේ දෙයකට ශ්‍රී පද්ම යන්ත්‍රය සර්වතෝ භද්‍ර මහා සීවලී යන්ත්‍රය, සර්වරක්‌ෂ සීමා යන්ත්‍රය මේ අතර ප්‍රධාන තැනක්‌ ගන්නවා. ප්‍රමාණය ද වෙනස්‌. රාමු කරලා නිවසේ එල්ලනවා. නැත්නම් බිත්තියේ එල්ලනවා. පුදුම විදියේ ප්‍රතිඵල දෙන ඒවා හැබැයි පරිස්‌සම් කර ගන්න ඕන. මේ යන්ත්‍ර නිසි පරිදි කළොත් කරන විටත් ඊට පසුත් පූර්ව ලක්‌ෂණ පෙන්නුම් කරනවා. කිලි වලින් ප්‍රවේශම් කරගන්න වෙනවා. යන්ත්‍රයට ආදරෙන් දුම් අල්ලලා ප්‍රවේශම් කළොත් ඔබවත් ඔබේ නිවසේ සිටින අයත් මේ යන්ත්‍රය විසින් ආරක්‌ෂා කරනවා. දුම් අල්ලලා පිං පෙත් දීම කළොත් දිනෙන් දින නිරෝගී, පොහොසත් කෙනෙක්‌ කරනවා වගේම බලාපොරොත්තු රහිත මාරක වලින් පවා බේරනවා. යන්ත්‍රය තිබෙන තැනට එක එක බලවේගත් වඩිනවා....... ඒ කිව්වේ දෙවියෝ වඩිනවා.........

උපුටා ගැනීම http://iranama.tharunaya.us/show1.php?id=1464583729