Access ඉගෙන ගන්න එක අමාරුද ?

එක් හිතවත් සහෝදරයෙක්ගේ ඉල්ලීමක් ඉටුකිරීමට තමයි මේ ලිපි පෙළ පටන් ගන්නේ...
මෙම ලිපි මාලාවත් මා කතා කිරීමට බලාපොරොත්තු වන්නේ office package එකේ Access මෘදුකාංගය ගැනයි.... අද ලිපියෙන් අපි දැන ගමු මේ Access මෘදුකාංගය භාවිතා කිරීම පිළිබදව.......
අප දත්ත ගබඩා කරන්නේ කුමක් සදහාද.......
ආ ඊට කලින් දත්ත කියන්නේ මොනවාද කියා කියන්න එපායේ.දත්ත හා තොරතුරු කියා අපට වචන දෙකක් හමුවෙනවා. ඒවා එකිනෙකට වෙන් වෙන්ව පැහැදිලි කර ගනිමු ...
දත්ත යනු...............
දත්තයක කියලා හදුන්වන්නේ අපි භාවිතා කරන රුප, සංඛ්‍යා , මිනුම්, අකුරු, චිත්‍ර සමූහයකි. මෙමගින් නිශ්චිත අදහසක් ගැනීමට නොහැකිවේ.
උදා:- ඕලු,45,මානෙල්,65,නෙළුම්,34,සමන්මලී,45,කමුදු,32,
ඉහත පවතින්නේ දත්තයන් සමූහයකි.එයින් නිශ්චිත අදහසක් ගැනීමට නොහැක.හිතන්න ඉහත තියෙන්නේ මොනවාද කියා.එම දත්තයන්ගෙන් පැවසෙන්නේ එහි පවතිනනේ මල් ජාතියක් වියහැකි.සමහරක් වේලාවට එහි ඇත්තේ පුද්ගලයන් වියහැකි.හරි කොහොම වෙතත් අපි දත්තයන් කියන්නේ මෙන්න මෙවැනි දෙයකටය.අපි පරිගණකයට ඇතුලත් කරන්නේ දත්තයන්ය..
තොරතුරු යනු.................
ඉහත කතා කළ දත්තයන් යම්කිසි ආකාරයකින් සංස්කරණයකට භාජනය කිරීමෙන් පසු නිශ්චත අදහසක් ගෙන දේ නම් එය තොරතුරු යනුවෙන් හදුන්වායි......
වාර අවසාන පරීක්ෂණය
නම ගණිතය
ඕලු 45
මානෙල් 65
නෙළුම් 34
සමන්මලී 45
කුමුදු 32
ඉහත පවතින්නේ ළමයින් කීපදෙනෙක් ගණිතය විෂයට ලබා ගත් ලකුණු සමූහයකි.ඔබලාට දැන් හොදින් වැටහෙනවා ඇති මොකක්ද දත්ත කියන්නේ මොකක්ද තොරතුරු කියන්නේ කියලා.
තොරතුරු වල ප්‍රධාන ලක්ෂණ ටිකක් දක්නට ලැබෙනවා.ඒවා නම්,
  • උචිත බව
  • ප්‍රමාණවත් බව
  • නිවැරදි බව
  • පැහැදිලි බව
  • පැහැදිලිව තේරුම් ගත හැකිබව
  • විශ්වාස කළ හැකි බව
  • නිවැරදි පුද්ගලයාන් වෙත ලගා වීම
  • නියමිත වේලාව වන විට සූදානම වී තිබීම
  • නිශ්චිත වටිනාකමකින් යුක්ත විය යුතුය
මෙලෙස දත්තයන් සමූහයක එකතුවක් අපි හදුන්වන්නේ දත්ත ගබඩාවක් ලෙසයි.මෙහිදී පවතින දත්තයන් නිශ්චිත පිළිවෙලක් අවශ්‍ය නොවන අතර එහි එකිනෙකක් කුමන හෝ ආකාරයෙන් සම්බන්ධකමක් තිබිය යුතුය.
අතීතයේ දත්තයන් තැන්පත් කළ ආකාරයන් විවිධ විය.මුල් කාලයේ දත්තයන් තැන්පත් කරනු ලැබූයේ ග්‍රන්ථාශ්‍රිතවය,

හොදම උදාහරණයක් ලෙස උප්පැන්න සහතික සෑදීම ගනිමු. සෑම පුද්ගලයකුටම උප්පැන්න සහතිකයක් පවති. එහි ඇත්තේ එක් පුද්ගලයකුගේ විස්තර සමූහයකි.එක් ප්‍රාදේශිය කොට්ඨාශයක මෙලෙස උප්පැන්න සහතික කෙතරම් ඇත්ද, මේ සියල්ලම තැන්පත් කර තැබූයේ එක් කාර්යාලයකය.මේ සෑම දත්තයක්ම එකිනෙකට වෙන් කිරීම සදහා උප්පැන්න සහතිකයට අදාළ අංකයක් ලබා දීම සිදු කෙරිණි. අප නැවත උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය නම් අප විසින් කළ යුත්තේ අපගේ අවශ්‍යතාවය පවසා උප්පැන්න සහතික අංකය ලබා දීම පමණි.ඔවුන් මින්පසු සිදු කරනුයේ ඒ අංකයට අදාල දත්ත සමූහය ලිපි ගොනුවෙන් තෝරා ගෙන අදාල උප්පැන්න සහතිකයෙහි සහතික කරන ලද පිටපතක් ලබා දීමයි.අප ලබා දුන් අංකය මගින් ඔවුන් විශාල වු දත්ත ගබඩාවෙන් අපගේ උප්පැන්න සහතිකයට අවශ්‍ය දත්තයන් සොයා ගැනුණි. මෙම අංකය මගින් දත්ත ගබඩාවෙහි දත්තයන් වෙන් කර හදුනාගැනීම සිදු කෙරිණි.
මෙලෙස ග්‍රන්ථ වල දත්ත තැන්පත් කිරීම මගින් යම් අවාසි කිහිපයක් පැන නැගුණි.මම මෙයට උදාහරණයක් මගින් පැහැදිලි කරමි.අපි මීට අවුරුදු 15 16 කට පෙරදී බැංකුවක තැන්පත් කළ අවස්ථාවන් වලදි අපිගේ ගණුදෙනු තැන්පත් කිරීම සිදු කළේ ඉහත සදහන් කළ ග්‍රන්ථ ආශ්‍රිත දත්ත ගබඩාවන් වලය.අප විසින් නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය වු විට එම ශාඛාවටම යෑමට සිදුවිය. මෙයට හේතුව වී ඇත්තේ දත්ත ගබඩාව පැවතුණේ ග්‍රන්ථ ආශ්‍රිතව බැවිනි.මෙම නිසා ගිණුම් හිමියා දැඩි අපහසුතාවයකට පත්විය.තවද මෙහිදී දත්තයන්ට අනාරක්ෂිත බවක් පැවතුනි.එනම් එම පොත් පත් විවිධ විනාශයන්ට භාජනය විය.සතුන් ජලය ගින්න වැනි සෑම දෙයකින්ම ආරක්ෂා කිරීමට සිදුවිය.මෙය තරමක් අසීරු කරුනක් විය.පොත් පත් කදු ගණන් පැවතීම නිසා එය එක් තැනකින් තවත් තැනකට ගෙන යාම.ඒවා තැන්පත් කිරීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.
මේවා ප්‍රධාන අවාසියන්ය....
මෙම දත්ත ගබඩා කල ක්‍රමය කාලයත් සමග වෙනස් විය.එය පරිගණකයක තැම්පත් කිරීමට පටන් ගත්තේය.මෙය හරහා දත්තයන් තැන්පත් කිරීම පහසු විය.මේවා නැවත පරිෂිලනය කිරිමද පහසු විය. මෙම නිසා දත්ත ගබඩාව ආරක්ෂාව අතින්ද.කාර්යක්ෂම අතින්ද,ඉඩ ප්‍රමාණය ඉතිරීවීම අතින්ද,ඉහළ දියුණුවකට පත්විය.මෙම දත්ත ගබඩාව ජාල කරණය මගින් ඕනෑම තැනක සිට දත්ත ගබඩාවට ඇතුල් වීමේ පහසුව සැලසිනි.වර්තමානයේ ඕනැම බැංකු ශාඛාවකින් මුදල් ගැනීමට හැකියාව ලැබී ඇත්තේ මේ නිසාය.ඉතා ඉක්මනින් උප්පැන්න,විවාහා,මරණ සහතික ලබා ගැනිමට හැකියාව ලැබී ඇත්තේද මෙම දත්ත ගබඩා කිරීම පරිගණක ක්ෂ්‍රේත්‍රය භාවිතය නිසාය...
ඉතින් මේ කියන ගබඩා සෑදීමට යොදා ගැනීමට විවිධ වූ මෘදුකාංග භාවිතා කිරීම සිදුවෙනවා. ඒ අතර Microsoft ආයතනයේ කාර්යාල සහයක පැකේජයේ Access මෘදුකාංගය ලොව ජනප්‍රියතම දත්ත ගබඩා නිර්මාණය කිරීම සදහා භාවිතා කරන මෘදුකාංගයක් බවටම පත්වී හමාරය.
මීට අමතරව තවත් මෘදුකංග රාශියක් ඇත.ඒ අතරින්
Open Office Base
Oracle
My SQL
My SQL Server
dBase III plus
FoxPro
Paradox
මීලග ලිපියෙන් අපි බලමු තවදුරටත් Access පිළිබදව...........