ලිංගික යනු 'කාමය' යන්නය. කාම පහක් මනුෂ්‍යයාට පවතී. එනම් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචවිධ කාමයයි. ඇස මගින් උපදවන ආශාව වනාහී දැකීමේ ආශාවය. එයද විඳීමකි. කණ යනු ඇසීමේ ආශාවය. නාසය ආඝ්‍රාණ ආශාවය. එනම් සුවඳ විඳීමය. දිව යනු රස උකහා ගැනීමේ ආශාවය. එය රස විඳීම වේ. ශරීරය යනු ස් පර්ශ වීමේ ආශාවය. එය වැඩි වශයෙන් ලිංගික ක්‍රියාවලියට සම්බන්ධ වේ. සැපදායී කොට් ට මෙට් ට යාන වාහනද මෙයට ඇතුළත් වේ. නමුත් ඒවා නැතත් ප්‍රධාන වන්නේ ලිංගික විඳීම සම්බන්ධයෙනි. සිත තුළින් එකී කාම පහට ආවේණිකව මනසිකාර හෙවත් මනසේ හැඟීම ඇතිකරයි.

ඉහත කී ඇස, කණ, නාසාදී ඉන්ද්‍රියෝද මෙම ලිංගික කාමය සංතර්පනයේදී දැඩි සම්බන්ධතා ඇතිකරනු ලබයි. එබැවින් ලස් සන දේ දැකීමේත්, මිහිරි දේ ඇසීමේත්, මිහිරි සුවඳ දැරීමේත් රසවත් දේ රස බැලීමේත් ආශාවන් ලිංගික කාම සංතර්පනයට ඇතුළත් වී පවතී. මෙකී කාම පහ මිනිස් සිතට ගෙන එන රුචි අරුචිකම් මත විවාහක අඹුසැමියන්ගේ ලිංගික සම්බන්ධතා සාර්ථක හෝ අසාර්ථක වශයෙන් ගැලපීම හෝ නොගැලපීම ලෙස මතුකරයි.

පොරොන්දම් විග්‍රහයේදී දෙදෙනා උපන් නැකත් දෙක සතුරු, මිතුරු බව මෙන්ම නැකැත් ගැලපුම කෙරෙහිත් එකී නැකැත් විශ්වයේ පිහිටා තිබෙන දුර ප්‍රමාණයන් අනුවත් එම නැකැත් හිමිවන පක් ෂීන් කෙරෙහිත්, ආපෝ, තේජෝ වශයෙන් විශ්වීය සතර මහා භූත සම්බන්ධතා කෙරෙහිත් උපත ලත් ලග්න කෙරෙහිත් අවධානය යොමුකර ඇති බවක් පෙනේ.

වර්තමානයේ මෙම පොරොන්දම් ගලපනු ලබන්නේ එවැනි ගැඹුරු විග්‍රහයක් තීක් ෂණව දකින අන්දමට නොවන බව පෙනේ. සත්වයාගෙන් සත්වයා ලිංගික වශයෙන් ගැලපුමක් ලබන්නේ එවැනි මූලධර්මයන්ගේ මනා ගැලපුමක් තුලිනි. මිනිස් සිතක් ඉතාම සංකීර්ණය. එය නිමේෂයකින් වෙනස් වන ස් වභාවයෙන් යුක් තය. එනිසා පොරොන්දමක් සේම දෙදෙනාගේම කේන්ද්‍රවල ග්‍රහයින් පිහිටා ඔවුනොවුන්ගේ විවාහය තුළ එම ග්‍රහයින් කෙසේ ක්‍රියාකරන්නේද යන්න මැනවින් විග්‍රහ කර බැලිය යුතුය.

කුජ- සිකුරු - සඳු යන ග්‍රහයින් සේම රාහුගේ පිහිටීමද සැලකිල්ලට ගත යුතුය. උත්පත්ති වූ නැකැත් දෙක සහ එම නැකැත් අධිපති ග්‍රහයන් විවාහ කේන්ද්‍රය තුළ එනම් සුදර්ශනය තුළ යෝග වන ආකාරය සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන් කුජ - සිකුරු - සඳු කෙනකුගේ ලිංගිකත්වය සම්බන්ධ ප්‍රධාන තත්ත්වය ගනී. එසේම අනෙක් ග්‍රහයන්ගේ පිහිටීම අනුවද ලිංගික ආශාව සම්බන්ධයෙන් ඇතැම් විට බලපෑම් ඇති කරයි.

විශේෂයෙන් කුජගේ පිහිටීම අනුව කෙනකුගේ ලිංගික උවමනාව, ආත්මාර්ථකාමී හෝ පරාර්ථකාමී යන තත්ත්ව දෙකට වැටේ. ආත්මාර්ථකාමී ලිංගික තත්ත්වය හැමවිටම අඹුසැමි සම්බන්ධයට බාදා ඇතිකළ හැක. විශේෂයෙන් එකිනෙකා කෙරෙහි ඇති බැඳීමට බාධා කරනු ඇත. එසේම සාර්ථක යුග දිවියකට විශේෂ වශයෙන් දෙදෙනාගේ ශාරීරික තත්ත්වයන් බලපායි. එය පක් ෂි පොරොන්දම හා භූත පොරොන්දම තුළින් යම් සොයා බැලීමක් කරන බව පෙනේ. මෙය දෙපයට ගැලපෙන මෝස් තරය සේම ප්‍රමාණයෙන් සම වන පාවහන් යුගලයක් තෝරා ගැනීම බඳු තත්ත්වයකි.

මෙයින් ප්‍රකාශ කළ හැක් කේ බාහිර වශයෙන් ආශ්‍රය කිරීමෙන් තම සිත ඔහු හෝ ඇය කෙරෙහි ඇලීමෙන්, ආදරය කිරීමෙන් සොයාගත නොහැකි ගුප්ත තත්ත්වයක් පිළිබඳ සොයා බැලීමෙකි. එනම් පුරුෂ ලිංගය හා ස් ත්‍රී ලිංගය හරියටම සම තත්ත්වයේ පවතීද යන්නය. එසේ නොවේ නම් ඔවුන් දෙදෙනාට ලිංගික සම්බන්ධය තුළ ගැටලු මතුවීමෙන් යුගදිවියේ සිරි යහන ගිනි යහනක් විය හැක.

උදාහරණයක් ගතහොත් පුරුෂ ලිංගය ෙ ස. මී. 06 ක් වෙද්දී ස් ත්‍රී ලිංගය සෙ. මී. 7 ක් වේ නම් ඇය එම සැමියාගෙන් නිසි ලිංගික තෘප්තියක් නොලබයි. ඔවුන්ගේ ලිංගික කාර්යයේදී හැම විටකම ස් ත්‍රී ලිංගයේ සෙ. මී. 01 ක දුරක් පුරුෂ ලිංගයට ආවරණය නොවන නිසා ඇය තෘත්තිමත් වීමට බොහෝ වේලා ගතවීමය. එවිට පුරුෂයා වෙහෙසට පත්වීම හෝ බිරිඳට පෙර ඔහු තෘප්තිමත් වී අකර්මන්‍ය වීමය. මෙම තත්ත්වය යුගදිවි තුල දිගින් දිගට පැවැතීම නිසා කේන්ති යැම, නොරුස් සන ස් වභාවය පමණක් නොව සමගිය, දෙදෙනාගේ ආකර්ෂණය බිඳී විවාහයද දෙදරා යැම සිදුවිය හැකිය. ඒ යුවතිය අසතුට ලබන බැවිනි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ආදරය කරන සමයේ හෝ විවාහ වී ටික කලක් ගතවනතුරු හෝ මෙම නොගැලපීම මතු නොවීමයි. එයට හේතුව වන්නේ මනස තුළ තෙරපෙන එම ලිංගික ආස් වාදය බලවත් බැවිනි. එහි උද්වේගකර බව පහත වැටෙත්ම මෙම නොගැලපීම මතුවීම ඇරැඹෙයි. බොහෝ විවාහ දෙදරා බිඳී වෙනස් වීමට මෙම තත්ත්වයද බලපායි. අවුරුදු ගණනක් ප්‍රේමයෙන් වෙලුනත් මේ අයහපත් බලපෑමට ලක් ව යුගදිවිය සම්පූර්ණයෙන් අවුල් වූ අය බොහෝ සිටී.

මේ තත්ත්වයට යම් විසඳුමක් පොරොන්දම් 20 න් එකක් වත් යෝනි පොරොන්දමෙන් පෙන්වා ඇති බව පෙනේ. එයින් දෙදෙනා තුළ පවතින ලිංගික ස් වරූපය අවබෝධ කළ හැක. මේ අනුව ලබන අවබෝධය විවාහාපේක් ෂිත කුමර කුමරිය පුද්ගලිකව ලබන්නේ නම් මේ ශෝචනීය තත්ත්වය තුළින් යුගදිවි බේරාගත හැක. දෙදෙනක් බාහිරව දැන හඳුනාගත් පමණින්ද යෝජනා මගින් දැන හඳුනාගෙන සාම්ප්‍රදායක මට් ටමෙන් පොරොන්දම් ලකුණු මත විශ්වාසය තැබීමෙන්ද මෙම ශෝචනීයත්වය හඳුනාගත නොහැක.

ආදරයෙන් මුළුමනින් දෙදෙනා බැඳී සිටියත් එය කිසිදා වෙන්කළ නොහැකි උවත් මේ නොගැලපීම් බලවත්ය. මේ ලිපියෙන් මුලින් කී පරිදි ඇස, කණ, නාසය ආදි වශයෙන් වූ අනෙක් කාමයෝද අඹු සැමි ලිංගික තත්ත්වයන් අසාර්ථක කළ හැක. බීමත්ව හෝ වෙනත් සෞඛ්‍යම හේතු නිසා හෝ මුඛ දුර්ගන්ධාදී දේවල් විශේෂයෙන් මෙයට බලපායි. එය බිරීඳගේ නම් සැමියාගේත්, සැමියාගේ නම් බිරිඳගේත් ලිංගික ශක් තිය දුර්වල කරයි.

එසේම කතාව එකෙකුගේ සිත් නොගනී නම් එයින්ද ලිංගික ආශ්වාදය දුර්වල වී ඒ සම්බන්ධ මානසික විශාංධියකට ලක් වෙයි. උදාහරණයක් ගතහොත් සැමියාගේ කතා ස් වරූපයට බිරිඳ අකමැති නම් ඇයට එසේ වේ. බිරිඳ නිසා නම් සැමියාට එසේ වේ. එසේම සැමියාගේ හෝ බිරිඳගේ ශාරීරික පැවත්ම අයහපත්නම් එයින්ද එකිනෙකාගේ ලිංගික ශක් තිය හීන කරයි. මේ අනුව රූප, ශබ්ද, ගන්ධ, රස, ස් පර්ශ යන පංච උපාදානයන් අඹු සැමි ලිංගිකත්වය සාර්ථක විමට හෝ අසාර්ථකවීමට හෝ බලපානු ලබයි.

විශේෂයෙන් ලිංගික ආස් වාදය කෙනකුගෙන් කෙනකුට විවිධත්වයක් ගනී. බොහෝවිට එම විවිධත්වය සාර්ථක අඹු සැමි ලිංගික සතුටකට හෝ අසතුටකට බලපායි. දරුවන් කෙරෙහි වගකීම් හෝ විවාහ පැවැත්මට පමණක් අනුකූලව යුගදිවි ගෙවන බොහෝ අය අතර ලිංගික අසාර්ථකත්වය පවතී. යම් යම් හේතු මත ලිංගික චර්යාවට අකමැති වන අඹුසැමියන් සිටී. එනමුත් එම ආස් වාදයේ අපේක් ෂා ඔවුන් සිත් තුළ පවතී. බිරිඳගේ ස් වභාවය නොරුස් සන සැමියන්ද සැමියාගේ ස් වභාවය නොරුස් සන බිරින්දෑවරුන්ද ඒ අතර සිටී.

මෙය තේරුම් නොගන්නා ඇතැම් සැමියන් බිරිඳ වෙනත් සම්බන්ධතා පවත්වතැයි සැකකරයි. බිරින්දෑවරුන්ද සැමියන් කෙරේ එසේමයි. මේ නිසා පවුල් තුළ සමගිය, වාසනාව, දියුණුව පමණක් නොව තම තමන්ගේ පෞරුෂත්වයන්ද බිඳ වැටෙති. එසේ එකිනෙකා නොරුස් සන තත්ත්වයන් ඇතිවීමට - රූප, ශබ්ද, ගන්ධ රස - ස් පර්ශ යන උපාදාන 5 න් එකක් හෝ මුල් වේ. එසේම ශාරීරික ලිංගික ඉන්ද්‍රියන්ගේ නොගැලපීම්ද මුල්වෙයි.

එකිනෙකා අතර සදාතන බැඳීමක් මනා ලෙස ඇතිවීමට පොරොන්දම් 20 වැඩිම ප්‍රමාණයක් අත්‍යවශ්‍ය ලෙස ගැලපී තිබීම ඉතා වැදගත් වේ. විවාහය බිඳ ගැනීමට වඩා පවත්වා ගැනීම ඉතා වැදගත් සේ සලකා ලිංගික තත්ත්වය සැලකිල්ලට නොගෙන ක්‍රියාත්මක වන අඹුසැමියන් බොහෝ සිටී. සමාජයේ රහසිගත අයථා සම්බන්ධකම් වැඩි වශයෙන් ඒ අය අතර ඇතිවේ. පොරොන්දම් තුළ විශේෂ කරුණු ගැඹුරු විශ්ලේෂණයකින් එකිනෙකාගේ ලිංගික තත්ත්වයන් විග්‍රහකර බැලීම සහ ඒවාට එකිනෙකා සමගාමී විය යුතු ආකාරය ඔවුනොවුන් අවබෝධකර ගන්නේ නම් මේ අවුල විසඳාගත හැකිය.

අඹුසැමියන් අතර පවත්නා මෙම තත්ත්වයන් සමාජය හමුවේ පුද්ගලිකව ප්‍රකාශ නොවේ. එය පුද්ගලික රහසිගත තත්ත්වයකි. මෙසේ කේන්ද්‍ර හා පොරොන්දම් පරීක් ෂාව නිසි ලෙස කිරීමෙන් එකිනෙකාගේ ලිංගික තත්ත්වයන් එකිනෙකා අවබෝධකොට එකට සමගාමි විය හැක. එය ජ්‍යෝතිෂය තුළින් පමණක් අවබෝධ කළ හැකිය. විවාහයට පෙර දෙදෙනා එවන් අවබෝධයක් තම තමන්ගේ කේන්ද්‍ර තුළින් ලබන්නේ නම් ඉතා වාසනාවන්ත යුගදිවියක් පවත්වා ගත හැක.

ලිංගිකත්වය කී පමණින් බොහෝ දෙනා එයට ජුගුප්සාජනක මනසක් ඇතිකර ගනී. එය නරක - ලඡ්ජාශීලී දෙයක් ලෙස සිතයි. සත්වෝත්පත්ති සාධනය ඇතිකරන ප්‍රධාන විශ්ව ක්‍රියාව එයයි. එබැවින් ලිංගිකත්වය යන 'යහපත් ගැලපීම' නම් වෙයි. නිවසක රූපවාහිනී යන්ත්‍රය තිබිය යුත්තේ ඊට නිවැරදි තැනය. එනම් නිවසේ බ්‍රහ්ම පාදයේ සිට සූර්යයාගේ ශක් ති ගමන සිදුවන අන්දමටය. එසේ හෙයින් සිසිල දනවන සූර්ය කිරණ ගලන ප්‍රදේශයේ රූපවාහිනිය තබා ඇත්නම් අසුබය.

එනම් රූපවාහිනිය අධික තේජෝ ගුණ දනවන්නකි. (රශ්මි) සූර්යයාගේ එම ස් ථානයට පතිතවන කිරණ ආපෝ ගුණ දනවන්නකි. (තෙත්) මේ නිසා ලිංගික ගැලපීමක් නැත. ඒ හේතුවෙන් එම ගෙදර අගහිඟ, විනාශවීම්, ප්‍රශ්න වැඩිවන බව µdයිරා වාස් තු විද්‍යාව පවසයි. මහන මැෂිම තබා ඇති තැන පොළොව සමානත්වයක් නැතිව මැෂිමේ පැත්තක් සුළු වශයෙන් හෝ ඉස් සී තිබේ නම් කෙටිකලකින්ම එම මැෂිම ආපදා ඇති කරයි.

මේ නිසා සෙච්තනික අෙච්තනික සියල්ල විවිධ සම්බන්ධතා තුළ ගැලපීම තිබිය යුතුය. එසේම ස් ත්‍රී පුරුෂ සම්බන්ධතාවයටද මනා ගැලපුමක් තිබිය යුතුය. දහස් ගණන් ස් ත්‍රීහුද, පුරුෂයෝද සිටියත් විවාහයකට මනා ගැලපුම තිබිය යුතුය. නොඑසේනම් යුගදිවිය අසාර්ථක වෙයි. මිනිසාට මේ තත්ත්වයන් ගලපා ගැටලුවක් නොවන අන්දමට යුවති - පතියන්ට තම තමන්ගේ ලිංගික තත්ත්වයන් තම තමන්ගේ කේන්ද්‍ර එකිනෙක ගැලපුමෙන් අවබෝධ කරගත හැකිය. ඒ තුළින් යුගදිවිය සාර්ථකත්වයට පත්කරගත හැක.

ජ්‍යෝතිෂවේදී
අගලවත්තේ බී. හේරත්