යොවුන් වියට පත්වූ තරුණ තරුණියන් අතර ඇතිවන ලිංගික ආශාවන් හමුවේ ඉතා රහසිගතව යෙදෙන ලිංගික ක්‍රියාවක් ලෙස ස් වයං වින්දනය හැඳින්වීම වරදක් නැතැයි කියා සිතේ.

සමීක් ෂණ වාර්තාවලට අනුව පිරිමින්ගෙන් 90% ක් ද කාන්තාවන්ගෙන් 70% ක් ද ස් වයං වින්දනයේ යෙදෙති.

නමුත් ඇතැම් දෙනා අතර පවතින ආකල්ප මත ස් වයං වින්දනය යනු මහා බරපතළ වරදකි. එනිසා මෙය ගැටලුවක් බවට පත් කරගත්තෝද සිටිති.

ලිංගික ගැටලු සම්බන්ධව අප වෙත ලැබී ඇති ලිපි අතරින් එය ඉතා හොඳින් පැහැදිලිවේ. එබැවින් එම ගැටලු වලින් පෙළෙන අයටත් එම ගැටලු සඟවාගෙන සිතින් දුක් විඳ විඳ සිටින අයටත් ස් වයං වින්දනය පිළිබඳව නිවැරැදි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් පුවත්පතේ පළ කළ හැකි මට් ටමින් අපි සාකච්ඡා කරන්නෙමු.

ස් වයං වින්දනය යනු වෛද්‍ය විද්‍යාත්මකව අතිශය සාමාන්‍ය වූ ක්‍රියාවකි. මේ පිළිබඳව දරන ආකල්ප පුද්ගලයාගෙන් පුද්ගලයාටත් එක් එක් සමාජයටත් අනුව වෙනස් වේ. පුද්ගලයන් බොහෝ දෙනෙක් තම ජීවිතයේ යම් අවධියක හෝ ස් වයං වින්දනයේ යෙදෙති. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. මෙම ක්‍රමවේද එක් අයකුගෙන් අන් අයකුට වෙනස් වුවත් ස් වයං වින්දනය යනු සාමාන්‍යයෙන් ශරීරයේ ලිංගික අවයව ස් පර්ශ කරමින් ලිංගික සිතුවිලි වලට සිත යොමු කරමින් සුරතාන්තය දක් වා ලිංගික අවයව උත්තේජනය කිරීමයි. කුඩා දරුවන්ද ලිංගික අවයව ස් පර්ශ කිරීමෙන් සතුටක් ලැබීම සාමාන්‍ය වර්ධනයේ කොටසකි. නව යොවුන් සහ යොවුන් වියේ ස් වයං වින්දනය බහුලව සිදුවේ. වියපත් වීමත් සමග ලිංගිකව එක් වීම මෙන්ම ස් වයං වින්දනයේ වාර ගණනද අඩුවේ. කෙසේ වෙතත් වයසින් මුහුකුරා ගිය ඇතැමුන්ගේ ප්‍රධාන ලිංගික ක්‍රියාකාරකම වන්නේ ස් වයං වින්දනයයි.

ස් වයං වින්දනය පිළිබඳව යොමු කර ඇති ගැටලු අතර ප්‍රධාන ගැටලු කිහිපයක් තිබේ. ඉන් ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ මෙය වැරැදි ක්‍රියාවක් ද යන්නයි. වෛද්‍ය විද්‍යාත්මකව ගත් කළ ස් වයං වින්දනයේ යෙදීමේ කිසිදු වරදක් නැත. එසේම තමා ස් වයං වින්දනයේ යෙදෙන වාර ගණන පිළිබඳවද ඇතැම් අයට ගැටලුවක් පවතී. එනම් මෙය සාමාන්‍ය වන්නේ කුමන වාර ගණනක සීමාවක් තුළද යන්නයි. ස් වයං වින්දනයේ යෙදීම තුළින් තම ලිංගික සහකරු/ සහකාරිය සමඟ ලිංගිකව සම්බන්ධ වීමට ඇති කැමැත්ත අඩු වීමක් හෝ එදිනෙදා ජීවිතයේ කටයුතු වලට බාධාවක් වීමක් සිදු නොවන තාක් කල් එහි යෙදීමේ වාර ගණනේ සීමාවක් නොමැත. යම් අයෙක් තම ලිංගික සම්බන්ධතා හෝ අනෙකුත් ක්‍රියාකාර කම් වලට බාධාවක් වන පරිදි ස් වයං වින්දනයට ඇබ්බැහි වී සිටී නම් දිනකට කිහිප වරක් බොහෝ දිනවල ස් වයං වින්දනයේ යෙදීම නිසා අසහනකාරී මානසික තත්ත්වයක් ඇතිවේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි ලිංගික හැඟීමක් නොමැතිව ස් වයං වින්දනය දිගින් දිගටම දිනකට කිහිප වරක් කිරීමේ අවශ්‍යතාවක් ඇති වේ නම් එසේ කිරීමෙන් සතුටක් නොලැබේ නම් එම තත්ත්වය Persistant Genital Arousal Disorder නමින් හඳුන්වන තත්ත්වයයි. මෙම තත්ත්වය කාන්තාවන් අතර ඇතිවන දුර්ලභ තත්ත්වයකි. මෙම තත්ත්වය නිසා මානසික අසහනකාරී තත්ත්වයක් a ඇතිවේ නම් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ස් වයං වින්දනය පිළිබඳව තවත් සුලභ ගැටලුවක් වන්නේ මෙය ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන්නක් ද යන්නයි. ඇතැම් පුද්ගලයන් අතර මේ පිළිබඳව විවිධ වූ වැරැදි මත පවතියි. ඒ මත අතරින් ස් වයං වින්දනය නිසා "ශරීරයේ වර්ධනය බාල වේ", මානසික විකෘතිතා ඇතිවේ, ඇස් පෙනීම දුර්වලවේ", ශරීරය කෙට් ටු වේ වැනි අදහස් ඉන් කිහිපයකි. මේ මත වල කිසිදු සත්‍යතාවක් නොමැත. ස් වයං වින්දනය විවාහක යුවළකගේ ලිංගික ආශාවන්ගේ වෙනස පුරවා ගැනීමේද යහපත් ක්‍රියාවකි. විවාහ දිවියේ ගැටලු මතුවූ විට ඔවුන්ගේ ඇතිවන මානසික පීඩනය අඩු කිරීමටද ස් වයං වින්දනය උපකාරි විය හැකිය. නමුත් එය එකිනෙකා අතර ගැටලු ඇති කර ගැනීමට සාධකයක් නොවිය යුතුය.

ස් වයං වින්දනය පිළිබඳ කාන්තාවන් අතර විවිධ ගැටලු පවතී. ඇතැම් කාන්තාවෝ තම කන්‍යාභාවයට හානි නොවන පරිදි ස් වයං වින්දනයේ යෙදිය නොහැකිය යන මතයක සිටිති. තවත් කාන්තාවෝ මෙය තමුනටද යෙදිය හැකි ක්‍රියාවක් යෑයි නොදනිති. විවිධ සමාජ මත නිසාත් ඇතැම් කාන්තාවෝ ස් වයං වින්දනයෙන් බැහැරව සිටිති. නමුත් පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද ස් වයං වින්දනයේ යෙදීමේ හැකියාව ඇත.

ස් වයං වින්දනය වෛද්‍ය විද්‍යාත්මකව සාමාන්‍ය ක්‍රියාවක් වන අතර ඉන් ශාරීරික හානියක් සිදුනොවේ.

ලිංගික ගැටලු පිළිබද විශේෂඥ වෛද්‍ය
ලසන්ත මලවිගේ