somawathi-gurumaiyo
Hot Kello

Agathaya Roogaya ආඝාතය රෝගය Health Sinhala

 

ආඝාතය “Stroke” යනු මොළය තුලට නිසි රුධිර සංසරණයක් නොලැබීමෙන් මොළය තුල ඇතිවන ක්‍ෂණික අභාදයක්. සංඛ්‍යාලේඛන වාර්තා වලට අනුව නම් මරණ සිදුවන්නට බලපාන ප්‍රධානතම හේතු පහ අතරින් ආඝාතය තත්වය අංක එක ගනු ලබනවා.
වැඩිහිටි පුද්ගලින් ආඝාතය රෝගයෙන් සුවය ලැබුනත් ඇතැම් විට අංශභාගය තත්වය පවා පත්වන්නට පුළුවන්.
ආඝාතය ඇතිවීමේ ආකාර දෙකක් තිබෙනවා. ඒ, “ hemorrhagic ” ආඝාතයසහ “ ischemic ” ආඝාතයයි. ආඝාතය ඇතිවන ආකාර දෙකෙන් වැඩි වශයෙන් ඇතිවන්නේ මෙහි දෙවැන්නයි. මේ ආඝාතය තත්වය ඇතිවන්නේ මොළයට නිසියාකාරව රුධිරය සංසරණය නොවීම නිසා මොළයට රුධිරය ගෙනෙන නාල අවහිරවී සිරවීම නිසයි. “ hemorrhagic ” ආඝාතය කලාතුරකින් ඇතිවන තත්වයකි. මෙය සිදුවන්නේ උපුලුව “ aneurysm ” නිසයි. (උපුලුව යනු රුධිර වාහිනී වල බිත්ති දුර්වල වී එම ස්ථාන පුපුරා රුධිරය පිටතට වහනය වීමයි)
ඔබ මේ ලිපිය හොඳින් කියවා ආඝාතය ගැන හොඳින් දැනුවත් වන්න. මෙම ලිපියේ අඩංගු රෝගලක්ෂණ ඔබගෙන් හෝ ඔබේ ආදරණීය අසල්වැසියෙකුගෙන් දැකගන්නට ලැබෙනවා නම් වහාම උපකාර පතා රෝහලක් වෙත යොමු වන්න.
අපි දැන් බලමු යම්කිසි පුද්ගලයෙකුට ආඝාතය තත්වය ඇතිවීමේ දී ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද යන්න. මේ රෝග ලක්‍ෂණ එකිනෙකට වෙනස් වුවත් ආඝාතය තත්වය නොසිතු මොහොතක ඇතිවිය හැකි බව හොඳින් මතක තබා ගන්න.

 

පැහැදිලි ලෙස දැකගත හැකි රෝග ලක්‍ෂණ

 

·         නිසියාකාරව කතා කිරීමට හෝ දිගු වෙලාවක් කතාකිරීමට අපහසු වීම
·         ඇවිදීමට අපහසුවීම සහ ඇවිදීමේ දී නිසි පාලනයක් නොමැති වීම
·         මුහුණ සහ අවයව මලානික වීම (ශරීරයේ එක් පසක)

 

ආඝාතය රෝගයේ වෙනත් රෝග ලක්‍ෂණ

 

·         එක ඇසක හෝ ඇස් දෙකෙහිම පෙනීම දුර්වල වීම
·         සම්පුර්ණ අංශභාග තත්වය
·         ක්‍ෂණිකව ඇතිවන විෂාදය
ඉන්පසුව, මේ පියවර කිහිපය අනුගමනය කර රෝගී තත්වය තහවුරු කරගන්න.
මුහුණ: මුහුණ දෙස හොඳින් බලන්න. මුහුණ ඇදවී ඇත්ද? මුහුණ එල්ලා වැටෙනව ද?
බාහු : බාහු ඉහළට ඔසවන්න. ඒවා කඩා හැලෙනවා ද?
කතාව:  එකම වචනය කිහිප සැරයක් පවසන්න. එය නිසි ලෙස කීමට හැකි වූවාද?
මේ දේවල් සිදු වනවානම් හැකි ඉක්මණින් උපකාර පතන්න…
මේ රෝග ලක්‍ෂණ ක්‍ෂණිකව මතු වනවා. ඒ වගේම, රෝග ලක්‍ෂණ සුවවන තුරු බලා නොසිට ඔබට හැකි ඉක්මණින් සහය පතන්න.
ඔබ ආඝාතය රෝගියාව වාහනයකට දමා රෝහලකට ගෙනයනවාට වඩා මේ පිළිබඳ වෘත්තීයමය දැනුම ඇති පුද්ගලයින්ගේ සහය පැතීම ඉතාමත් වටිනා ක්‍රියාවක්.
ඔබ ඔවුන්ගේ සහය පැතූ පසු ඔවුන් එම ස්ථානයට ලගාවන තුරු රෝගියාට ඉඳිකටු චිකිස්සාව ලබා දෙන්න. ඒ පිළිබඳව දැනුවත් වීමට මේ ලිපිය කියවන්න.
ඇතැම්අවස්ථා වලදී අප ඉහත සඳහන් කළ රෝග ලක්‍ෂණ ඉක්මණින් පහව යන්නට පුළුවන්. එසේ වුවත් ඔබ රෝගියාව රෝහලකට ගෙනයාම නතරකර දමන්නට එපා.
බොහෝ දෙනෙක් ආඝාතය සමග ඉරුවාරදය (මිග්‍රේන්) රෝගය පටලවා ගනු ලබනවා. මේ රෝග දෙක නිසි ලෙස තෝරාගැනීම ඔබටත් ගැටළුවක් වන්නට පුළුවන්.  ආඝාතය රෝගය එක්වරම ඇතිවන අතර ඉරුවාරදය ක්‍රමයෙන් ඇතිවන රෝගයක්.
ආඝාතය රෝගය ඕනෑම වයස් පරතරයක සිටින පුද්ගලයෙකුට ඇතිවන්නට පුළුවන්. නමුත් ආඝාතය රෝගයට ගොදුරුවිය හැකි ඉලක්ක කණ්ඩායමක් සිටිනවා.

 

ඉලක්ක පුද්ගලකණ්ඩායම් වන්නේ.

 

·         අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්
·         දියවැඩියා රෝගීන්
·         දුම්පානය කරන්නන්
·         වයස 55 ටහෝ ඊට වැඩි පුද්ගලයින්
·         හදවත් රෝගීන්
·         ජානමය ගැටළු ඇති පුද්ගලයින්
·         Aesthetic injuries
·         ඉරුවාරදය ඇති පුද්ගලයින්
ඔබත් සෞඛ්‍යය සම්පන්න ආහාර රටාවකට හුරු වන්න. වැඩි වශයෙන් එළවළු සහ පළතුරු ආහාරයට ගන්න. දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය පානය කරන්න. ඒ වගේම, ඔබ දුම්පානය කරන පුද්ගලයෙක් නම් දුම්පානයෙන් වැළකෙන්න. ව්‍යායාම සිදු කරන්න. එවිට ඔබට ආඝාතය වැනි දරුණු රෝගී තත්ව වලින් ලෙහෙසියෙන් ම ගැලවෙන්නට පුළුවන් වේවි.