Somawathi Gurumaiyo සෝමාවතී ගුරුමෑණියෝ sinhala wal katha 2013

Aligata Peera Ata අලි ගැට පේර ඇට Health Sinhala

 

අලිගැට පේර  ඕනම ආහාරයක් සමග සැසදේ…  එම නිසා මා දිනකට එක ගෙඩියක් හෝ ආහාරයට ගැනීම  සිදු කරයි. දැන් එය මාගේ ප්‍රියතම ආහාරයද වේ. එම නිසා මා මාගේ උදේ බීමට අලිපේර ගෙඩි භාගයක් එක් කර ගන්නා අතර අනෙක් භාගය රාත්‍රී සලාදයට එක් කර ගනී. කලකට පෙර මාද අලිපේර ආහාරයටගෙන ඇට විසි කිරීමට පුරුදුව සිටියේය. දැන් අලිපේර ඇට ඖෂධිය ගුණ වලින් යුත් බව මෙන්ම ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදීද  දීර්ග කාලයක සිට යොදා ගන්න බව දන්නා කරුණකි.

 

අලිපේර ඇට ආහාරයට ගැනීම සුදුසුද?

 

චෙරි, මිදී හා කොට්ටන් යන පලතුරු ඇට වල වමනය යාම ඇති කරන, ක්ලාන්ත ගතිය ඇති කරන එමෙන්ම සමහර අවස්ථාවල මරණය ඇති කරන සයනයිඩ් නම් විෂ රසයන ද්‍රව්‍ය පැවතුනද අලිපේර ඇට වල එවන් අතුරු පල නැත.
අලිපේර වල මද විෂ ටැනින් නම් ද්‍රව්‍ය අන්තර්ගත වුව ද එහි බලපෑමක් එල්ලවන්නේ අලිපේර ඇට ව්ශාල ප්‍රමාණයක් අනුභව කළහොත් පමණි.  2013 දී පර්යේෂකයන් විශාල ගණනක් ලෝක විද්‍යා සගරා කීපයකම අලිපේර ඇට පිළිබද ඔවුන්ගේ පර්යේෂණ ප්‍රසිද්ධියට  පත් කර ඇත. එහිදී ඔවුන්ගේ මත වන්නේ අලිපේර ඇට වල විෂ රසායනික අඩංගු නොවන බවත් ඒවා පරිභෝජනයට ඉතා සුදුසු බවත්ය.

 

අලිපේර ඇට අආහාරයට ගැනීමෙන් ඇතිවන යහපත් සෞඛ්‍ය තත්ත්වය.

 

අලිපේර විටමින් බි, සෞඛ්‍යමත් මේද හා පෝෂක වලින් අනුනය. එසේම ඒවා ජෛව සක්‍රිය ශාක රසායනික උද්දිපකයකි. එහි මේද අම්ල, ට්‍රයිටපින්ස්, පයිටෝස්ටෙරල් හා ඇබිසිසික් අම්ලවලින් එන ග්ලුකොසයිඩ් අනුනය. 70%ක් වන ප්‍රතිඔක්සිකාරක මුල ද්‍රව්‍ය අන්තර්ගත වන්නේ අලිපේර ඇට වලය. අලිපේර වල පවතින ප්‍රතිඔක්සිකාරක ශාක රසායනික දෙක වන්නේ ප්‍රොන්තොසයිනිඩ්ස් සහ ෆ්ලේවනොයිඩ්ස් ය. මේ දෙක ජාරක කෙදි වල ඉහලින්ම පවතී.

 

අලිපේර ඇට ඔබේ සෞඛ්‍යට දායක වන්නේ කෙසේද?

 

අනෙක් වාසි අතර අලිපේර වල ප්‍රතිදිලිර, ප්‍රතිජීවක, ප්‍රතික්ෂුද්‍රජීවි, කෘමි නාශක, කිට නාශක, ඇමිබා නාශක වැනි ගුණාංග පවතී.
1.      පිළිකා නාශනයට දායක වේ.
අලිපේර වල පවතින ෆ්වනොල්ස් නම් වූ බලවත් ප්‍රතිඔක්සිකාරකය (එසේම තවත් විශාල ගණනක්) (ඇන්ටි ටියුමර්) ගෙඩි ඇතිවීම වලක්වයි. ඇන්ටිකා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් අලිපේර ඇට සාරය ලියුකේමිය සෛලවල ස්වයං විනාශය සිදු කරන බව සොයා ගෙන ඇති අතර ඔවුන් එය ඖෂධ ජීව විද්‍යාව නම් වූ සගරාවේ පල කර ඇත.
එසේම පිළිකා පර්යේෂණ නම් වූ සගරාවක මෑතකදි පලකරන ලද අධ්‍යනයකට අනුව අලිපේර වල පවතින ඇවකේෂන් බි නම් වූ  සාරයට මයිලොයිඩ් නම් වූ  තිව්‍ර ලියුකේමිය සෛල විනාශ කල හැක. මේ අධ්‍යනයට අනුව මෙම සෛලවලට විරුද්ද ස්වභාවික නිෂ්පාදන 800ක් පමණ පරීක්ෂණයට ලක් කර ඇත.
2.      හර්ද රෝගීන් සදහා
2012 දී මානව පෝෂණයට ශාක ආහාර නම්වූ සගරාවේ පල කරන ලද අධ්‍යනයකට අනුව අලිපේර ඇට පිටි වලට කොලෙස්ටරෝල් සහ L.D.L කොලෙස්ටරෝල් මට්ටම් අඩු කල හැක. එසේම එහි පෙන්වන පරිදි අලිපේර ඇට ධමනි අවහිරතා වලක්වයි. කොලෙස්ටරෝල් අඩු කිරීම සම්බන්දයෙන් අලිපේර කෙදි ප්‍රයෝජනවත්ය. මෙම කෙදි කොලෙස්ටරෝල් සමග සම්බන්ධ වී අතුනුබහන් වලදී එය අවශෝෂණය වලකයි. පර්යේෂකයන් පෙන්වන පරිදි මෙම අලිපේර ඇට අධි කොලෙස්ටරෝල් තත්ත්ව වලට අධ්‍යානති තත්ත්ව වලදී දායක වේ. එසේම එය ප්‍රදාහය හා දියවැඩියාව  වලක්වයි.
3.      ජීරක උපකරකයකි.
අලිපේර ඇටවල ප්‍රතිඔක්සිකාරක හා කෙදි ජීර්ණය පහසු කරයි. උතුරු ඇමරිකානුවන් ජීරක ගැටලුවන ජටරිය ව්‍රනය, උග්‍ර අතිසාරය, තීව්‍ර අතීසාරය යන්නට අලිපේර ඇට මගින් ප්‍රතිකාර ලබා දේ.
4.      ප්‍රති ශක්ති පද්ධතිය ශක්තිමත් කරයි.
ශක්තිමත් ප්‍රතිශක්ති පද්ධතියකට ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කලහැක. අලිපේර ඇට වල ප්රෝසයිනිඩ්නිස් හා කැචේන්ස් නම් ප්‍රතිඔක්සිකාරක පවතී. එහි වන ප්‍රතිදාහ විරෝදී ගුණාංග දැඩිබව, ඉදිමුම, බද්ධ වේදනා හා ලෙඩ රෝග අවම කරන අතර උණ හා වෛරස් වලින් ආරක්ෂා කර ප්‍රතිශක්තිය ජනනය කරයි. අලිපේරවල සාරයට කැන්ඩිඩා නම් රෝගකාරක බිජ හා අනෙක් දිලිර වැළක්විය හැකි බව 2009 දී පල කරන ලද සගරාවක් පවසයි.
5.      සමේ රැලි අඩු කරයි.
අලිපේර ඇට වල තෙල් සමේ ප්‍රෝටීන් වැඩි කරන නිසා රැලි වැටීම වලක්වයි.

 

අලිපේර ඇටය ඉවත් කරගන්නේ කෙසේද?

 

– කුහරය වටින් සිද අලිපේර ඇටය ඉවත් කර ගන්න.
– පිහියක් කුහරය තුලට දමා කරකවා පහසුවෙන් ඇද ගන්න.
– පසුව පිහියෙන් ඇටය ඉවත් කර ගන්න.
– ඇටය ප්ලාස්ටික් බැගයකට දමා තද යමකින් එය කුඩුකර ගන්න.
– මෙම කොටස් ඔබගේ බිමට එක් කර ගන්න.  (අනෙක් අවශ්‍ය ද්‍රව්‍ය සමග) ඔබේ මිශ්‍රණ යන්ත්‍රය ශක්තිමත් නම් අට නොතලා වතුර එක් කර ගන්න.

 

පරිපුර්ණ අලිපේර ඇට (කොළ පැහැ ) බිමකට වට්ටෝරුවක්

 

·         අලිපේර ඇට 1/2 ක්
·         අලිපේර ගෙඩි 1/2 ක්
·         අලමන්ඩ් කිරි හෝ ජලය 1 කෝප්පයක්
·         දුණු පෙයාස් ගෙඩියක්ඇ
·         පල් ගෙඩි 1/2
·         නිවිති කෝප්පයක්ගා
·         ගත් ඉගුරු 1ක් කුඩා කොටසක්

 

සදා ගන්නා ආකාරය

 

අලිපේර ඇට හොදින් තලා සියලුම අවශ්‍ය දෑ සමග මිශ්‍ර කරගන්න. (රුචිය වඩවන සෞම්‍ය තත්වයක් ලැබෙන තුරු)

 

හන ඇට හා රතු සලාද කොළ අඩංගු තවත් බිමක් මෙන්න.

 

අවශ්‍ය දෑ
·         අලිපේර  ඇට 1/2 ක්
·         ජලය හෝ අලමන්ඩ් කිරි කෝප්ප 2 1/2 ක්
·         ඉදුණු පෙයාස් ගෙඩි 1ක්
·         ඉදුණු  අඹ ගෙඩි 1/2ක් හෝ 1/4 ක්
·         කුඩු කරන ලද හන ඇට තේ හැදී 3ක්
·         රතු අලද කොලයක මුල කොටස 3/4ක් පමණ

 

සාදා ගන්නා ආකාරය

 

නැවත අලිපේර ඇට කුඩුකර අනෙක් අවශ්‍ය දෑ සමග මිශ්‍ර කර ගන්න. අයිස් සමග පිළිගන්වන්න.

 

අලිපේර ඇට වල අනෙකුත් ප්‍රයෝජන

 

ඉහත සදහන් කළ ප්‍රයෝජන වලට අමතරව තවත් ප්‍රයෝජන ඇත. එනම්,
·         ගුවකමෝල් සේවර් (පොඩි කරන ලද අලිපේර වලට මිරිස්, ළුණු හා තක්කාලි එක් කර සාදා ගන්නා ආහාරයක්) මෙය නරක් වීම වැලක් වීමට අපට අලිපේර ඇට කුඩු යොදා ගත හැක.

 

ගෙදර සදා ගත හැකි මුහුණු ආලේපනයක්

 

අලිපේර ඇට ඔබේ මුහුණ හොදින් පිරිසිදු කරයි. ඇට වියළා අඹරා නිතර හදන මුහුණු අලේපනයට එක් කරගන්න.

 

අලිපේර ඇට තේ

 

ඔබට අවශ්‍ය වන්නේ විනාඩි 30ක් පමණ අලිපේර ඇට තම්බා ගැනීමයි. එයින් ඔබට හොද තේ කෝප්පයක් ලැබේ.

 

ස්වාභාවික ආහාර ආකලන ද්‍රව්‍යක්

 

අලිපේර ඇටවල ඇති ප්‍රතිඔක්සිකාරක ශාක රසායනික ද්‍රව්‍ය ආහාර ආකලනයක් ලෙස ක්‍රියා කරයි. 2011දී කෘෂිකර්මාන්තය හා ආහාර රසායන විද්‍යාව නම් සගරාවේ පල කල ආකාරයට අලිපේර ඇටවල ඇති ප්‍රතික්ෂුද්‍රජිවී හා ප්‍රතිඔක්සිකාරක බලපෑම නිසා ඒවා ආහාර නරක් වීම වලකයි.