Advertisement
Hot Kello

Anidrawa Ha Nidra අනිද්‍රාව හා නිද්‍රා

 

අනිද්‍රාවෙන් පෙලෙන බොහෝ දෙනෙක් සිටින විට නින්දට යාම බොත්තමක් වැන්නකින් පාලනය කළ හැකි නම් එය අනර්ඝය. Acupuncture.com ට අනුව ප්‍රධාන ස්ථාන වලට කටු චිකිත්සාව භාවිතයෙන් නින්දේ ගුණාත්මක බව වැඩි කළ හැකි අතර අනිද්‍රාව දුරලිය හැක. චීන ජාතිකයන් මෙය සියවස් ගණනක සිට භාවිත කරන අතර ඔවුන් එය උගැන්මට කැමති පිරිසටද නිර්ලෝභීව ලබා දේ.

යහපත් නින්දකට කිනම් ස්ථාන වලට කටු චිකිත්සාව ලබා දිය යුතුද?

කටු චිකිත්සාව ලබා දෙන ස්ථාන ශරීරයේ බොහෝ පවතී. නමුත් ඉහලින්ම පිහිටි ස්ථාන තුන නින්දට බලපෑම් කරයි. Modern Reflexology පැහැදිලි කරන ලෙස එය Lv3 ලෙස හදුන්වයි. එසේම එය සියලුම රෝග සදහා එකම ප්‍රතිකාරක ස්ථානය ලෙසද හදුන්වයි. මෙය පිහිටන්නේ මහපට ඇගිල්ල හා දබරගිල්ල අතර කොටසේය. (fleshy webbing) Explore IM අනුමත කරන ලෙස මෙම ස්ථානයට තප්පර 4ක් හෝ 5ක පීඩනයක් ලබා දිය යුතුය.
අනිද්‍රාවට ප්‍රතිකාර ලෙස, Acupuncture.com පවසන ලෙස Lv3 හැරුණු විට P6 (Inner Gate) හා K1  (Bubbling spring) යන ස්ථානද වැදගත් වේ. P6 වන්නේ මැණික් කටුවේ සිට ඇගිලි තුනක පළල හා සමාන දුරකිනි.
K1 ඔබගේ යටිපතුලේ පිහිටයි. විලුඹට යටින් මැද කොටසේ පිහිටයි. P6 සදහා අනුමත ක්‍රමය වන්නේ එය විනාඩි 5ක් රදවා තබා ගෙන අත හැරීමය. K1 තප්පර 30ක් රදවා ගෙන තප්පර 5කට අතහැර නැවත තප්පර 30කට අල්ලා ගැනීමයි. Acupuncture.com හි වෛද්‍ය, Dr. Maoshingට අනුව මෙම ක්‍රියාවලිය විනාඩි 5ක් පමණ කළ යුතුය.

මනා නින්දක් සදහා ඔබට කළ හැකි දේ

කටු චිකිත්සාවට අමතරව National Sleep Foundation පෙන්වන පරිදි ආතතිය අවම කිරීමට හා මනා නින්දකට තවත් ප්‍රයෝගික ක්‍රම ඇත. නිදාගැනීමට හා අවදිවීමට වේලාවක් වෙන් කර දීමෙන් ඔබ යම් චර්යාවකට හුරු වේ. අනිද්‍රා චක්‍රය කඩ කිරීමට මෙය උදව් වේ. නින්දට පෙර සැහැල්ලු වීමේ ක්‍රමයක් අනුගමනය හා දහවල් කාලයේ නිදා නොගැනීම යන කරුණු අනිද්‍රා ගැටලු සමනයට උදව් වේ. රාත්‍රියේ කිරීමෙන් බැහැර විය යුතු තවත්දෙයක් නම් කැෆෙන් පානය, මත් ද්‍රව්‍ය පානය, බරආහාර ගැනීම හා දුම් පානය යන්නයි. Foundation පෙන්වා දෙන පරිදි ඔබට නින්ද නොයන්නේ නම් ඔබට මහන්සියක් දැනෙන තුරු කොහේ හෝ ය යුතුය නැතහොත් කුමක් හෝ කළ යුතුය.
මෙම කිසිම ක්‍රියා මාර්ගයකින් ඔබට මනා ලෙස නින්ද යන බව තහවුරු නොකරයි. නමුත් ඔබ බලාපොරොත්තු වන සුවදායි නින්දට ඔබට එක් පියවරකින් හෝ ලං විය හැක.මේ ආකාරයෙන් ගත් විට ජිවිතයේ යම් කුඩා “පිඩනයකින්” යහපතක් ද විය හැක.