Rukshan Jayathilaka

Anooda Kola Wala Guna අනෝදා කොළ වල ගුණ

 
අනෝදා ඉතා ප්‍රණීත පළතුරකි. එහි විශේෂ රසය අන්නාසි හා ස්ට්‍රෝබෙරි අතර රසයක් යයි පැවසේ. කෙසේ වුවද මෙහි රසට අමතරව විශාල ඖෂධිය ගුණයකින් යුක්තය.
අවුරුදු සිය ගණනක සිට අනෝදා  මුල්, පොතු හා කොළ විවිධ රෝග සදහා ප්‍රතිකාර ක්‍රම වලට යොදා ගෙන ඇත. මෙම ලිපිය මගින් ඔබට මෙම විශේෂ ගුණ පිලිබදව කරුණු දක්වයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

නිතර නිතර උණ, කැස්ස, හෙම්බිරිස්සාව යන රෝග වලින් පෙලේ නම් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලය. මෙම ගැටළු වැලක්වීමට හා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට අනෝදා කොළ තේ උපකාරී වේ. එසේම ඔබ දැනටමත් රෝගී නම් සුව වීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමටද මෙය උපකාරී වේ.

රක්තවාතය

එය සන්ධි ඉදිමීම හා වේදනා දීම ලෙස ඇතිවන තත්වයකි. විශේෂයෙන් අත් හා පාද වල මෙය ඇති වේ. අනෝදා කොළ තේ පානය මේ තත්වය වලක්වයි. මේවා රක්තවාතය ඇති වීමට ප්‍රධාන හේතුවට ප්‍රතිකාර කරයි. එසේම ලේ වල අන්තර්ගත යුරික් අම්ල ශරීරයෙන් ඉවත් කරයි.

මුත්‍රාශයේ අසාදන වලට ප්‍රතිකාර කරයි.

UTI සිදු වන්නේ වකුගඩුවල, මුත්‍රාශයේ, ගර්භාශයේ ඇති වන බැක්ටීරියා අසාදන නිසාය. අනෝදා කොළ තේ මෙයට ප්‍රතිකාර කරන අතර ක්‍රමවත් භාවිතය මෙය සුවකර නැවත අසාදන ඇති වීම වලකයි.

රුමටික් උණ

රුමටික් උණේදී සන්ධි වේදනා හා ඉදිමුම ඇති වේ. තවද මස්පිඩු ද වේදනා දෙයි. ඔබට මෙහිදී NSAID බෙහෙත් භාවිත කිරීමට අනවශ්‍ය නම් ඒ වෙනුවට අනෝදා කොළ භාවිතා කල හැක. එහි ප්‍රදාහ විරෝධී ගුණ අන්තර්ගතය. ඔබට ඇත්තේ අනෝදා කොළ තම්බා අඹරා පල්පයක් සාදා ගෙන වේදනා ගෙන දෙන සන්ධි හා මස්පිඩු වල එය ආලේප කිරීමයි. (දිනකට දෙවරක්)

Eczema

දිගු කාලයක් භාවිත කල විට අනෝදා කොළ අතුරු ප්‍රතිපල ගෙන නොදේවි. අනෝදා කොළ පල්පය මෙහිදීද යොදා ගත හැක. ඔබට ඇත්තේ එය අසාදිත ප්‍රදේශ වල ආලේප කිරීමයි.

පිළිකා

මෙය පිළිකා ප්‍රතිකාර සදහා වැදගත් යයි හදුනා ගෙන ඇත. නමුත් විද්‍යාත්මකව හදුනා ගෙන නැත. නමුත් විශේෂඥයන් පවසනලෙස chemotherapy වලට වඩා අනෝදා කොළ පිළිකා ප්‍රතිකාර වලදී දහස් ගුණයකින් ගුණදායකය. තවද ඒවායින් අතුරුඵල නැත. ඔවුන් විශ්වාස කරන ලෙස ඒවා පියයුරු, පුරස්ථි, පෙනහළු පිළිකා  සදහා මහෝපකාරී වේ.
ඔබ අනෝදා කොළ කොටා වතුර කෝප්ප 3 ක් දමා තැම්බිය යුතුය. වතුර 2/3 ක් පමණ වාෂ්ප වන විට එය ඉවත් කර සිතල වීමට තබා ආහාරයට ගන්න.

 

මෙම වෙබ් පිටුවේ අන්තර්ගත වෛද්‍ය මත හා සෞඛ්‍ය හා සම්බන්ධ කරුණු දැනුවත්භාවය පිනිස මිස එය විශේෂ රෝග විනිශ්චයක් හා ප්‍රතිකාර ක්‍රමයක් අනුගමනය කරන්නක් බව නොසිතිය යුතුය.