Advertisement
Hot Kello

Apple Saidar Winakiri ඇපල් සයිඩර් විනාකිරි

 

ඇපල් සයිඩර් විනාකිරි කොතරම් යහපත්ද බලවත්ද යන්න සියලු දෙනාම පාහේ දන්නා කරුණකි. මෙම විශ්මිත පානය සෞක්‍යමත් පානයන් අතුරින් ප්‍රථම ස්ථානය ගනී. මන්ද එහි සෞක්‍යයට හිතකර හා අවශ්‍ය පෝෂණ කොටස් අන්තර්ගත වීමයි. අද සිටම මෙම බිම පානයට හේතු 10ක් මෙන්න.
1.      බර අඩු වීම.
මෑත කාලින පර්යේෂණ අනුව අධික බර නින්ද අවම කරයි. පුද්ගලයකුගේ බර වැඩි වන තරමට ඔහුට නින්ද යාම පිලිබදව ගැටළු ඇති වේ. මෙම ඇපල් සයිඩර් විනාකිරි පානය පටක හා රුධිර නාලිකා වල මේද වැඩි වීම වලක්වයි. කෑම රුචිය අවම කරයි. එලෙසම බර අඩු කිරීමට දායක වේ. එසේම එහි පෙක්ටින් නම් තන්තු ඇතුලත් වේ. මෙය බඩගින්න අවම කරන අතර මොලයේ ක්‍රියාකාරිත්වයට යහපත් වේ. එම නිසා මින් පසු ඔබට කුසගිනි  ඇති වූ විට කුමක් හෝ බිස්කට් එකක් බාවිතා නොකර මින් කෝප්පයක් ජලය සමග මිශ්‍ර කර පානය කරන්න.
2.      ඉක්කාව සුව වේ.
මෙම පානයේ වන තිත්ත රසය නිසා උගුරේ ස්නායු වලට බලපෑමක් වී ඉක්කාව මනා ලෙස සුව වේ.
3.      උගුරේ අබාධ සුව වේ.
ඒවීසී බැක්ටීරියා ප්‍රතිරෝදකයකි. එයින් උගුරේ පමණක් නොව මුළු ශරීරයේම බැක්ටීරියා විනාශ කරයි.  නිදාගැනීමට පැයකට ප්‍රථම  ඒවීසී තේ හැන්දක් ගන්න. මිනිත්තු 30ක් ඇතුලත ඉදිමුම අඩු වේ. නිදාගන්න විටම තවත් තේ  හැන්දක් ගන්න. එය ඉතිරි ක්‍රියාවලිය සම්පුර්ණ කරයි. මෙසේ ප්‍රතිපල ලැබෙන තුරු නැවත නැවත මෙය සිදු කරන්න.
4.      නාසය හිරවීම අඩු කරයි.
ඔබ කුමන හෝ අසාදනයකින් පෙලේ නම් ඒවීසී එයට විසදුමකි. ඒවීසී හි අඩංගු විටමින් හා කනිජ වර්ග සෙම් තත්ත්ව සුව කරයි. හුස්ම ගැනිම පහසු කරයි.
5.      අම්ල ප්‍රතිවාහය සමනය කරයි.
ඒවීසී ඔබේ උදරයේ අම්ල ගතිය අවමකරයි. ජලය වීදුරුවකට ඒවීසී තේ හැන්දක් මිශ්‍ර කර පානය කරන්න. එය ඔබට විසදුමක් ලබා දේ.
6.      රාත්‍රියට සිදුවන දෙපා වල මස් පෙරලීම.
කකුල්වල මස් පෙරලීම පොටෑසියම් මද තත්වයක් නිසා ඇති වේ. ඒවීසී දිනපතා පානය මගින් මෙය සමනය කල හැක. ඒවීසී වල පොටැසියම් විශාල ප්‍රතිශතයක් පවතී. එය ඔබේ සිරුරේ පද්දති වල සමබර බව ඇති කරයි.
7.      රුදිරයේ පවතින සිනි ප්‍රමාණය අඩු කරයි.
රුදිරයේ සිනි වැඩි වීම දියවැඩිය හා අනිද්‍ර තත්ත්ව ඇති කරයි. එම නිසා රුදිරයේ සිනි ප්‍රමාණය පාලනය වැදගත් වේ. ඔබේ ශරිරයේ ග්ලුකෝස් ප්‍රමාණය  අවම කිරීමට දිනපතාම නිදා ගැනීමට පෙර ඒවීසී තේ හැදී දෙකක් ගන්න. නමුත් දැනටමත් ඔබට දියවැඩිය තත්වය පවතී නම් මෙය පානයට ප්‍රථම වෛද්‍යවරයකු හමුඅන්න.
8.      දුර් සුසුම් (දුගද)
මෙය සෑම දෙනෙකුටම වාගේ බලපාන ප්‍රශ්නයකි.  බොහෝ විට මෙය බැක්ටීරියා වර්දනය නිසා සිදු වේ. නිදාගැනීමට ප්‍රථම ඒවීසී වලින් උගුර සේදීමෙන් මෙම තත්වය මග හරවා ගත හැක.
9.      උදර අමාරු අවම කරයි.
උදර අමාරු සමග නිදා ගත නොහැක. එම නිසා මින් පසු උදර අමාරු පවතින විට ඒවීසී තේ හැන්දක් උණු ජලය කෝප්පයක් සමග පානයෙන් පසු නින්දට යන්න. එය ඔබගේ අපහසුතා  අවම කරයි.
10.  අජීර්ණය අවමකරයි.
අජීර්ණ තත්ත්ව අනිද්‍ර තත්ත්ව වලට අදාල වේ. නමුත් ඒවීසී වලට මේ දෙකම සමනය කල හැක. ඒවීසී තේ හැන්දක්  මි පැණි තේ හැන්දක් සමග උණු ජලය විදුරුවකට මිශ්‍ර කර එය පානයෙන් ඔබට අවශ්‍ය සහනය  සැලසේ.