Rukshan Jayathilaka

ස්වයං වින්දනය

ස්වයං වින්දනය - පිරිමි

ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය අතින් පිරිමැදගනිමින් හෝ උපකරණ භාවිතයෙන් (බොහෝ අවස්ථාවලදී සුරාන්තය දක්වා) උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ. ස්වයං වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී.

සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය​. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.

හැඳින්වීමට භාවිත යෙදුම්

සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම (හස්තෝපක්‍රම) හෝ වැල ඇදීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.

ස්වයං වින්දනය යන්න Maturbation යන ඉංගිරිසි වදනේ සිංහලයට අනුරූප වචනය යයි සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉංගිරිසි Masturbation යන වචනයට ලිංගික එක් වීමකින් තොරව ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම (Non-penetrative sex) යන අරුත ද පවතී.

ක්‍රමයන්

ස්වයං වින්දනයේ යෙදීමට හේතු ලෙස ලිංගික දර්ශන නැරඹීම, වෙනත් ලිංගික උත්තේජනයන් හේතු විය හැක.

පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද​, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති .

ආගමික පසුබිම

බුදුදහම

ස්වයං වින්දනය සම්බන්ධව ගිහි පිරිසට විශේෂ පැනවීමක් හෝ තහනමක් කොට නොමැත. නමුත් උපසම්පදා භික්ෂූන්ට එය ඇවතක් වශයෙන් දක්වා ඇත.

ක්‍රිස්තියානි ආගම

ස්වයං වින්දනය පවක් වශයෙන් හැදින්වේ.

මුස්ලිම් ආගම්

ෂියා ඉස්ලාම් නිකායට අනුව ස්වයං වින්දනය හරාම් (අකැප) ය. සුන්නි ඉස්ලාම් දහමේ, මේ පිළිබඳව නොයෙක් මත පවතී. ඉමාම් මලික්ට අනුව එය සුන්නි දහමේ ද හරාම් ය. නමුත් අනෙක් ඉමාම්වරු තිදෙනාට අනුව ස්වයං වින්දනය, කාම මිථ්‍යාචාරයෙන් වැළකීමේ උපක්‍රමයක් ලෙස භාවිතා කරන්නේ නම් කැප ය​. කවරාකාරී හෝ ශුක්‍ර විමෝචනයකින් පසු ස්නානය අනිවාර් ය වේ.

හින්දු ආගම

හින්දු දහමට අනුව ගිහි සැප සෙවීම, මනුෂ්‍ය ජිවීතයේ ප්‍රධාන අරමුණු සතරෙන් එකකි.

කාම සූත්‍රය කිසි සේත්ම ස්වයං වින්දනය හෙළා දැක නොමැති අතර එය ස්වයං වින්දනයේ යෙදිය හැකි උපක්‍රම විස්තර කරයි.

සෞඛ්‍යමය බලපෑම

වෙෙද්‍යමය පොදු එකඟතාව නම් ස්වයං වින්දනය යනු වෙෙද්‍ය විද්‍යාත්මකව සෞඛ්‍යමත් සහ මනෝවිද්‍යාත්මකව සාමාන්‍ය හැසිරීම් රටාවක් වේ. මර්ක් මැනුවල් ඔෆ් ඩයනොසිස් ඇන්ඩ් තෙරපි (Merck Manual of Diagnosis and Therapy) වෙෙද්‍ය ග්‍රන්ථයට අනූව, "partner-oriented හැසිරීම නිෂේදනය කිරීම, ප්‍රසිද්ධියේ සිදුකිරීම, හෝ පීඩාවට හේතුවන තරම් අත්හල නොහැකි භාවය, ස්වයං වින්දනයේ අසාමාන්‍ය තත්වයන් ලෙස සැලකේ."
ස්වයං වින්දනය මගින් නොමේරූ ශුක්‍රාණු නිපදවීම සිදු නොකරයි.
එක්සත් ජනපද, අමෙරිකානු මනෝ චිකිත්සක සංගමයේ ඩයනොස්ටික් ඇන්ඩ් ස්ටැටිස්ටිකල් මැනුවල් ඔෆ් මෙන්ටල් ඩිසෝඩර්ස් (Diagnostic and Statistical Manual of Mental Disorders (DSM)) II (1968) යන ප්‍රකාශනය තෙක්, ස්වයං වින්දනය චිකිත්සාවට ලක් කල හැකි මානසික තත්වයක් විය. 1972 වර්ෂයේදී අමෙරිකානු වෙෙද්‍ය සංගමය විසින් ස්වයං වින්දනය කිරීම සාමාන්‍ය කරුණක් ලෙස ඒකමතිකව ප්‍රකාශයට පත්කරන ලදී.