Somawathi Gurumaiyo සෝමාවතී ගුරුමෑණියෝ sinhala wal katha 2013

Ayu Wardana Ahara ආයු වර්ධන ආහාර

 

මිනිස් පැවැත්මට ඉවහල්වන ආහාර, ව්‍යායාම නීරෝගී දිවියකට අඩිතාලමක් වේ. ඔබ දෛනිකව පරිභෝජනයට ගන්නා ආහාර වේල ගැන මොහොතකට සිතුවාද? නිරන්තරයෙන්ම ඔබට ඇස ගැටෙන මෙම ආහාර ඔබගේ ආහාරයට දිනපතා එක්කර ගැනීමෙන් ප්‍රතිශක්තීකරණය වර්ධනය වී  නීරෝගීව දිගු කලක් ජීවත් වීමට මග පාදනු ඇත.

 

01. කොළ පැහැති එළවළු
සිරුරේ සමබරතාවය, රුධිරවාහිනී ආරක්ෂාව, ඇස් පෙනීමේ වර්ධනය, දියවැඩියා මර්ධනය මෙම ආහාර අනුභවයෙන් සිදු වේ. ගෝවා, බෝංචි, මෑ කරල්, කරවිල, වැටකොළු, පතෝල හා ලීක්ස් අනුභවය ඒ සදහා උපකාරී වේ.

 

02. ධාන්‍ය වර්ග
ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම, ක්ලොස්ටරෝල් මර්ධනය සිදුවේ. මුං ඇට, කවුපි, කඩල වැනි ධාන්‍ය ෂතියකට දෙවරක් අනුභව කිරිමෙන් මුඛයේ, බඩවැලේ, මහන්ත්‍රයේ වකුගඩු පිළිකා වර්ධනය සියයට 50 කින් අවම වේ.

 

03. ලූණු
රතු ලූණු, සුදු ලූණූ, හා ලීක්ස් අනුභවයද හෘදරෝග වලක්වා ප්‍රතිශක්තිකරණය පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය ඇති කරයි. ඔබ ලූණු ගෙඩියක් සුද්ධ කරන විට ඇස් දැවිල්ල ගන්නේ ලුණු ගෙඩියෙන් පිළිකා නාශක සංයෝග නිකුත් කිරීම හේතුවෙනි. එමෙන්ම පුරස්ථි ඉන්ද්‍රයේ පිළිකා හා මහාන්ත්‍රයේ  පිළිකා, ගෑස්ට්‍රයිටීස් වැනි ආබාධ මැඩ ලැවැත්විය හැක. එමෙන්ම රතුලූණු වල අන්තර්ගත Quercetin සංයෝගය හේතුවෙන් පටක වර්ධනය, ආරක්ෂාව පිළිකා වර්ධක සෛල විනාශ වීම සිදු වේ.

 

04. හතු
හතුවල අන්තර්ගත රසායන සංයෝග ඊස්ට්‍රජන් නිෂ්පාදනය අවහිර කරන අතර එය පියයුරු පිළිකා මැඩ පැවැත්වීමට ද හේතු වේ. එය ආසාදන මැඩපැවැත්වීම, ප්‍රතිශක්තීකරණය වර්ධනය, DNA විනාශ වීම වැලැක්වීම, පිළිකා සෛල වර්ධනය මැඩපැවැත්වීම හා විනාශ කිරිම සිදු කරයි.

 

05. බේරීස් වර්ග
බේරීස් වර්ගයට අයත් සටෝබෙරි, බ්ලූබෙරි, බ්ලැක්බෙරි හා රාස්බෙරි වැනි පළතුරු පරිභෝජනයෙන්ද හෘදරෝග දියවැඩියාව හා පිළිකා අවධානම අවම වේ. එමෙන්ම මතක ශක්තිය වර්ධනය කර DNA විනාශ වීම වලක්වා පටක සෛල වර්ධනය කර ආසාදන මැඩ පවත්වයි.

 

06. ඇට වර්ග
කජු, කඩල, රටකජු, මෙනේරි, කොට්ටම්බා වැනි ඇට වර්ගවල ඛණිජ ලවන, මිනරල් හා ඔමේගා 03 මේද අම්ල, විටමින් E හා කැල්සියම් අන්තර්ගත වන අතර හෘද රෝග දියවැඩියාව වලක්වා සිරුරේ සමබරතාවය රකියි.