Swarna Guru Maniyo ස්වර්ණ ගුරුමෑණියෝ
Hot Kello

Daruwa Nindata Purudu Kirima දරුවා නින්දට පුරුදු කිරීම

 

ඔබේ සිගිත්තාගේ සුව නින්දේ අවශ්‍යතාව හඳුනාගැනීම.

පලමු මාස 2 තුලදී, ඔබේ අලුත උපන් සිඟිත්තා නින්ද ප්‍රතික්ෂේප කර මවු කිරි බීම නිරන්තරයෙන් සිදු කරයි. ඔබ මව්කිරි දෙනවානම් පැය 2කට වරක් දිය යුතුය. එමෙන්ම දරුවාට කිරි බෝතලයෙන් දෙනවානම්, නිරන්තරයෙන් දීමට අවශ්‍ය නැත.

ඔබේ දරුවා දවසකට පැය 10ක් 18ක් අතර නිදාගැනීමට පුළුවනි. සමහර වෙලාවට පැය 3ක් 4ක් අතර දිගටම නිදාගනී. එහෙත් බිලිඳා දිවා රෑ දෙකෙහි අතර වෙනස නොදනී. එම නිසා දරුවා වෙලාව ගැන තැකීමක් නොකර නිදාගනී. එමනිසා සමහරවිට දරුවා අළුයම 1ත් 5ත් අතර කල්පනා සහිතව සිටියි.

මාස 3ත් 6ත් අතර කාලයේදී, බොහෝ දරුවන් පැය 6ක් පමන එක දිගට නිදාගැනීමට පුලුවනි. එහෙත්, ඔබ සිතා බැලුවහොත් දරුවා මාස 6ත් 9ත් අතර කාලයේදී මනා ක්‍රම චර්‍යාවකට පුරුදුවීමට පටන් ගෙන, සාමාන්‍ය වර්ධන අවධියේදී එයින් මඟ හැරීමට පටන් ගනී. උදාහරණයක් ලෙස ඔබේ දරුවා තනිවම නිදාගැනීම සඳහා තැබූවිට, ඔවුන් බොහෝ දුරට ඔබව ලඟ තියා ගැනීම සඳහා හැඬීමට පටන් ගනී.

 

නින්දට යාම සඳහා චර්යා සටහනක් අනුගමනය කරන්න

  • සමහර දෙමවුපියන් බිළිඳා නින්දට යාම සඳහා ක්‍රම චර්යාවක් පුරුදු කිරීම සති 6ක් 8ක් යන කාලයේදී පටන් ගනී. ඔබේ දරුවාගේ ක්‍රම චර්යාව, නින්දට යමට පෙර කරන ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ කල හැක.
  • පහත සඳහන් ප්‍රධාන කරුණු වලින් මෙය සාර්ථක කල හැකිය.
  • දිවා කාලයේදී දරුවා සමඟ ක්‍රියාශීලිව සෙල්ලම් කර සවස් යාමයේදී නිශ්චලව සෙල්ලම් කරන්න. එමඟින් දරුවා නින්දට යන වෙලාවට පෙර ඉතා ක්‍රියාශීලි වීම අඩුවෙයි.
  • මෙම ක්‍රියාකාරකම් එලෙසම, එම පිලිවෙලට සෑම රැයක් පාසාම කල යුතුය.
  • දරුවා සමඟ කරන ක්‍රියාකාරකම් සන්සුන්ව සහ සාමකාමීව සිදු කලයුතුය. විශේෂයෙන් එම චර්යාසටහනේ අවසාන භාගයේදී අනුගමනය කල යුතුය.
  • දරුවාගේ ප්‍රියතම ක්‍රියාකාරකම්, චර්යාසටහනේ අවසාන භාගයේදී නිදන කාමරයේදී සිදු කරන්න. එමඟින් ඔවුන් නිදන වේලාව වනතෙක් නැගිටසිටින අතර ඔවුන් කැමති සෙල්ලම් නිදාගැනීමට පෙර වේලාවේදී කල හැකිය.
  • දරුවා නිදාගැනීමට පෙර ශබ්දය සහ ආලෝකය රාත්‍රී ස්වභාවයට ගැලපෙන පරිදී කාමරයේ තත්වය සකස් කරන්න. දරුවා රෑ මැදියමේ නැගිටුනත් ඔවුන් නිදාගැනීමට පෙර තිබූ ශබ්දය සහ ආලෝක තත්වයෙම තිබිය යුතුය.

 

ඔබේ නිදන දරුවා ඇඳට යැවීම

ඔබේ දරුවාට වයස සති 6 සිට සති 12 තෙක්, ඔබ ඔවුන් නිදිබර වන තෙක් නලවන්න. දරුවා නින්දට යන විටම ඇඳේ තබා, දරුවාටම ටිකෙන් ටික නිදට යාමට ඉඩ හරින්න. දරුවා හොඳින් නිදාගන්න තෙක් නලවන්න අවශ්‍ය නැත.

මෙමඟින් ඔබ දරුවාට, ඔවුනොවුන්ම සනසවා ගැනීම පුරුදු කරන අතර, රෑ මැදියමේ ඔවුන් නැගිටුන විට ඔවුන්ව තුරුලුකර ගැනීමට හෝ නලවා ගැනීමට අවශ්‍යවන්නේ නැත.

 

සෑම ළදරුවන් පලමු අනතුරෙන් ආරක්ෂාවීම : ක්ෂනික ළදරු මරණ සහලක්ෂණය (SIDS)

ඔබ ඔබේ දරුවාව රාත්‍රියේදී සහ දවසේ ටික වේලාවකට හෝ නිදිකරවීමට පුරුදුවී සිටියි. ඇමරිකානු බාලචිකිත්සක විද්‍යා ආයතනය නිර්දේශ කරන පරිදී, පහත සඳහන් කරුණු අනුගමනය කිරීමෙන් SIDS (ක්ෂනික ළදරු මරණ සහලක්ෂණය) ඇතිවීම අඩුකර ගත හැක.

  • නිතරම දරුවාව නිදිකරවන විටදී දරුවාගේ පිටිපස්ස පැත්ත ඇතිරිල්ලෙහි ගෑවෙන පරිදි තබන්න.
  • නිරන්තරයෙන් සමතලා සැපපහසු මතුපිටක දරුවාව නිදිකරවන්න. වාහනයේ අසුනක හෝ වෙනත් අසුනක නිදිකරවීම නිර්දේශ කරන්නේ නැත. 
  • ඔබේ දරුවා ඔබ නිදා සිටින කාමරයේම පහසුවෙන් දරුවා අධ්‍යයනය කිරීමට හැකිවන අයුරින් ඇඳක හෝ තොටිල්ලක තබන්න. නමුන් ඔබ නිදා ගන්නා ඇඳේ දරුවා තබන්නේ නම් ඔබ ඉතා ප්‍රවේසම් විය යුතුයි ඔබට නින්ද ගියවිට ඔබට දරුවා යට වීමට පුළුවන්. දරුවා ඇඳක තබන්නේ නම් දෙපසින් දරුවා නොවැටෙන සේ පිළියම් යොදන්න.
  • දරුවාගේ හුස්ම ගැනීම අවහිර විය හැකි භාණ්ඩ හෝ ලිහිල් ඇඳ ඇතිරිලි වන කොට්ට, පොරවනය සහ ඉතා විශාල කොට්ට (Bumper pads) තොටිල්ලෙන් ඉවත් කරන්න. 
  • දරුවා රාත්‍රියේදී සහ දවසේ ටික වේලාවකට හෝ නිදිකරවන අවස්ථාවේ, ඔබේ සුපරීක්ෂාව යටතේ පමණක් සූප්පුවක් භාවිතා කිරීමට ඉඩ දෙන්න (සූප්පු අත්‍යවශ්‍ය නොවේ).
  • දරුවාගේ ඔලුව වැසීම හෝ අධික රත්වීමට ඉඩනොහරින්න.
  • SIDS අවදානම අඩු කිරීම සඳහා විවිධ වෙළඳ භාණ්ඩ භාවිතයෙන් වලකින්න.
  • ඔබේ දරුවාට රජයේ ළමා සායනයෙන් නිර්දේශකරන ලද සෑම එන්නතක්ම ලැබුනු බව සහතික වීම.
  • ඔබේ දරුවාට දිනපතා ආහාරවේල දෙනවිට, දරුවාව අවදිකර ලබදෙන්න.
  • ඔබ හෝ නිවස තුල වෙනත් අයෙක් දුම්බීමෙන් වලකින්න.
  • දිනපතා මවුකිරිදීම අනිවාර්යයි.
  • ඔබ ගර්භණී මවක් නම්, ගර්භණී කාලයේදී නිරන්තරයෙන් ඔබේ වෛද්‍යවරයා ලවා ඔබ සහ ඔබේ දරුවාගේ සෞඛ්‍ය තත්වය සොයාබලා වියහැකි අසනීප තත්වයෙන් වලක්වා ගන්න.