Rukshan Jayathilaka Advertisement

Dhethola Lassanawa Thaba Ganimata දෙතොල ලස්සනව තබා ගැනීමට

 

ඔබගේ දෙතොල ලස්සනව තබා ගැනීමටත් ආරක්ෂා කරගැනීමටත් වැදගත්වන උපදෙස්

 

ඔබ දිනපතා රාජකාරී කටයුතු වලට යන යුවතියක් වීමට පුළුවන. මෙම නිසාම ඔබේ මුහුණ, සම කුණු හා දුවිලි වලින ගහණ වීමට පුළුවන. ඒ නිසාම විශේෂ ක්‍රම මගින් ඔබේ මුහුණ හා සම රැක ගැනීමට ඔබ උනන්දු විය යුතුය. මුහුණේ සුන්දරත්වය ගැන කථා කිරීමේදී දෙතොල ගැන කථා නොකරම බැරි දෙයකි. ඒ නිසා දුර්වර්ණ වු දෙතොලක් පැහැපත් කිරීමට ප්‍රතිකර්මයක් නිවසේදීම ඔබට කරගත හැකිය.

මේ සදහා මුලින්ම කොට්න් බඩ් එකකට ඔලිව් ඔයිල් ටිකක් ගෙන දෙතොලේ ආලේප කර කොට්න් බඩ් එකෙන්ම සියුම්ව සම්බාහනය කරන්න. මී ලගට ඇගිල්ලෙන් දෙතොල සම්බාහනය කරන්න. දැන් අනතුරුව අර්තාපල් ඉස්ම ස්වල්පයකට ආමන්ඩ් තෙල් බිංදු කීපයක් හා එළකිරි ස්වල්පයක් දමා දෙතොලේ ආලේපකර විනාඩි 20ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා තෙත මාත්තු කරන්න. අලංකාර දෙතොලක් හිමිකර ගැනීම සදහා මෙම සත්කාරය දවසක් හැර දවසක් කිරීම වැදගත් වේ.