Didulana Samak Sadaha Yourgut දිදුලන සමක් සඳහා යෝගට්

 

දිදුලන සමක් සඳහා යෝගට් භාවිතා කල හැකි ආකාර 05ක්

 

සමේ තෙතමනය රැක ගැනීම සඳහා

යෝගට්වල ලැක්ටික් ඇසිඩ් සහ ස්වාභාවික ඇල්ෆා  හයිඩ්‍රොක්සි ඇසිඩ් ( alpha hydroxy acid) අඩංගු වෙනවා. එය සමේ සිනිඳු බව සහ තෙතමනය රැක ගැනීමට උදව් වනවා.

ඔබ කළයුත්තේ සතියකට දෙවරක් පමණ මුහුණ හොඳින් සෝදා පිරිසිදු කර, ඝන යෝගට් ආලේපයක් ඔබේ මුහුණේ සහ බෙල්ලේ ආලේප කර විනාඩි 10ක් පමණ තබා හොදින් පිරිසිදු කිරීමයි.

තෙතමනය හා සිනිඳු බව රැකගැනීම පමණක් නෙවෙයි මුහුණේ ඇති ලප කැළැල් මකා දැමීමටද මෙය උපකාරී වනු ඇති.

 

හිරු එළිය නිසා සමේ ඇතිවූ පිළිස්සුම් ලකුණු මකා දැමීම සඳහා

යෝගට්වල අඩංගු සින්ක් නිසා හිරු එළිය නිසා ඇති වූ පිළිස්සුම් ලකුණු මකා දැමීමේ හැකියාව එයට තිබෙනවා.

මේ සඳහා යෝගට් කෝප්පයකට chamomile essence බිඳු කිහිපයක් දමා මිශ්‍ර කර පිළිස්සුම් ලකුණු ඇති තැන්වල ආලේප කර විනාඩි 10 – 15 පමණ කාලයක් තබා සෝදා හරිය යුතුයි.

 

සමේ දුර්වර්ණ බව අඩු කිරීම සඳහා

රූපලාවණ්‍ය කටයුතු සඳහා ඉහත සඳහන්වන අයුරින් යෝගට් නිතර භාවිතා කිරීම තුළින් ඔබේ සමේ ඇති දුර්වර්ණ ස්වභාවය මගහරවා ගත හැකියි.  එයට හේතුව වන්නේ ඉහත කී ලෙස ලප කැළැල්, හිරු එළිය නිසා ඇති වූ පිළිස්සුම්, සමේ පළුදු වීම් ආදී මේ සියළුම තත්වයන් දුරලීමට යෝගට්වලට හැකියාව තිබීමයි.

මේ සඳහා යෝගට් මේස හැඳි කිහිපයකට ලෙමන් යුෂ තේ හැන්දක ප්‍රමාණයක් මිශ්‍රකර සම මත ආලේප කිරීමෙන් අනතුරුව මිනිත්තු 30 ක් පමණ තබා සෝදා හැරීම කළ හැකියි.

 

සම වයස්ගත වීම පාලනය කිරීම සඳහා

අකාලයේ සම රැලි වැටීම සහ එල්ලා වැටීම කියන්නේ බොහෝ කාන්තාවන් පීඩා විඳින ගැටළුවක්. ඉහත සඳහන් කර ඇති අයුරෙන් යෝගට් face mask එකක් භාවිතා කිරීම තුළින් එයට විසඳුම් සලසා ගන්න පුළුවන්.

ලැක්ටික් ඇසිඩ් අඩංගු නිසා මැරුණ සම හොඳින් ඉවත් කිරීම හා සම සවිමත් කිරීම යෝගට්වලින් සිදුවනවා.