somawathi-gurumaiyo
Hot Kello

Ella Watunu Asipiya එල්ලා වැටුණු ඇසිපිය

 

සාමාන්‍යයෙන් ඇසිපිය එල්ලා වැටීම වයසට යාම නිසා සිදුවන්නකි. එලෙසම අදාළ ප්‍රදේශයට වූ තුවාලයක්, ස්නායුවලට හානි වීමක් නිසා හෝ කුමක් හෝ රෝගයක් නිසා සිදුවිය හැක. එල්ලා වැටුණු ඇසිපිය අපට බොහෝ කරදරකාරිය. එසේම එවන් සමකට රුපලාවන්‍ය කටයුතු කළ විට ආකර්ශනීය බව පලා යයි.
 
මෙයට ප්‍රතිකාරය ස්වභාවික නිසා ඔබට දිනපතා වුවද භාවිත කළ හැක. එයින් වන බලපෑම ඔබට ටික දිනකින් දැක ගත හැක. මේ සදහා වන ස්වභාවික හොදම ප්‍රතිකාරයකට බිත්තර අන්තර්ගත කළ යුතුය. වසර සිය ගණනක සිට බිත්තර, ගැටළු කිහිපයකටම සාමාන්‍ය ප්‍රතිකාරයක් ලෙස හදුනා ගෙන ඇත. විශේෂයෙන්ම එය රුපලාවන්‍ය කටයුතු සදහා මහෝපකාරී වේ.

 

කැළැල් ඉවත් කිරීමට, acne වැලක්වීමට, කළු ලප හා කළු තිත් ඉවත් කිරීමට, හිස අලේපනයක් ලෙස ද, සමේ තෙතමනය ආරක්ෂා කරන අලේපනයක් ලෙසද, ඇස් වටා සම නිරෝගී කිරීමට සහ තවත් බොහෝ කරුණු සදහා බිත්තර නිතර භාවිතය වැදගත් වේ.

 

ඇස් පිය එල්ලා වැටීමට සුදුසු ස්වභාවික ප්‍රතිකාරයක් කිරීමට ඔබේ කළ යුත්තේ.

 

මුහුණ හොදින් සෝදා මේකප් ආදිය ඉවත් කරගන්න. මුහුණ වියළා ගන්න. බිත්තර යොදය ඉවත් කර ගෙන කපු පුළුන් කැබල්ලක් ගෙන බිත්තර සුදු මදය ඇසිපිය මත ගල්වා ගන්න. ඇසට ඇතුළු නොවන පරිදි ප්‍රවේසමෙන් අලේප කිරීම සිදු කරන්න. සුදුමදය හොදින් වියලෙන තුරු ඇස් වසා තබන්න.
 
පසුව මද රස්නය ඇති ජලයෙන් එය සෝදා තුවායකින් වියලා ගන්න.