Wijesundara Sami - විජෙසුන්දර සාමි
Hot Kello

ඇහි බැම සැකසීම ගැන දැන ගත යුතු කරුණු


විලාසිතා එක්ක හැඩ වෙන්න ආස කරන කවුරුත් තමන්ගේ තිබෙන රුපය තව තව වැඩි කරගන්නටයි උත්සාහ කරන්නේ.
එත් මේ කරන හැම දේම හරි හැටි නොදැන කලොත් ඔබට වෙන්නේ නැති කරදර ඇඟේ දා ගන්නවා වගේ වැඩක්.
අපේ තරුණියන් අතර ඉතාම සුලබ විලාසිතාවක් ලෙස ඇහි බැම සැකසීම හඳුන්වන්න පුළුවන්. බොහෝ විට මේ සඳහා දැන් භාවිතා කරන්නේ threading ක්‍රමයයි.
මේ ක්‍රමය අනෙක් ක්‍රමවලට සාපේක්ෂව සෞඛ්‍ය ආරක්ෂිතයි.
මොකද ඇස කියන්නේ අපේ ශරීරයේ තිබෙන සංවේදීම කොටස මුහුණේ සමෙනුත් ඇස වටේ සම තමයි වැඩිපුරම සංවේදී වන්නේ. ඉතින් ඇහැ වටේට කරන සත්කාර වලදී ඔබ ප්‍රවේසම් වෙන්නම ඕනෑ.
සමහරු පුරුද්දක් විදියට නිතර නිතර මේ ක්‍රමයෙන් සිය ඇහිබැම සකසා ගන්නවා. එහෙත් ඇහිබැම විශේෂ අවස්ථාවන් සඳහා සහභාගිවීමේදී සකසා ගතහොත් ඇති කියන එකයි බොහෝ දෙනා කියන්නේ.
අනෙක් අවස්ථාවන්වලදී හැකි තරම් තම ස්වභාවික ඇහි බැම ඒ ආකාරයෙන්ම තබාගන්න බලන්න. මීට අමතරව සමහරු ඇහිබැම සකස් කරන්න ‘plucker’ එක භාවිතා කරනවා. බොහෝ වෙලාවට plucker එක නිසා සම පළුදු වෙන්නට ඉඩ තිබෙනවා.

  • ඔබ පාවිච්චි කරන  plucker එකේ පිරිසිදු කම ගැනත් ඔබ සැලකිලිමත් විය යුතුමයි.
  • එය පාවිච්චි කරන්නට කලින් වගේම පාවිච්චි කලාට පස්සේ හොඳින් පිරිසිදු කරලා තෙත මාත්තු කරලා පිරිසිදු තැනක තැබිය යුතුයි.
  • ත්‍රෙඩින් (threading) කිරීමේදීත් අපි ක්‍රම දෙකක් මේ සඳහා භාවිතා කරනවා. සමහර සැලුන් වල නූල අතින් අල්ලාගෙන කරති. සමහරු එය කටින් අල්ලාගෙන කරන අවස්ථා අපි දැක තිබෙනවා. සාමාන්‍යයෙන් රූපලාවණ්‍යය කත්රයේ ලොව පුරා ප්‍රචලිත ක්‍රමය වන්නේ අතින් අල්ලා ගෙන threading කිරීමයි.
  • එහෙත් කටින් අල්ලා ගෙන threading කිරීම සෞඛ්‍යරක්ෂිත නැහැ. ඒ නිසා එවැනි ක්‍රමයක් ඔබ වෙනුවෙන් භාවිතා කළොත් ඒ සඳහාවිරුද්ධ වීමේ අයිතියක් ද ඔබ සතුයි. මොකද මේ මගින් විවිධ ආසාදන ඔබට ඇති වීමේ අවධානමක් තිබෙනවා.

 ඉතින් හුරු පුරුදු විලාසිතා හරි විදියට කරගෙන ඔබේ සොඳුරු රු සපුව දිදුලන තත්වයට පත් කරගන්නට ඔබටත් හැකි වේවි.