Dammananda Weda Hamuduruwo sinhala wal katha 2013

Gaslabu Ata Wala Guna ගස්ලබු ඇට වල ගුණ

 

බොහෝවිට අප ගස්ලබු ඇට විසිකර දමයි. නමුත් එහි වැදගත්කම බොහෝය. ඒවා බඩවැල හා අක්මාව සම්බන්ධ රෝග වලටද, පණු අමාරු හා ඩෙංගු වලටද මහගු ඖෂධයකි.
එහි වැදගත්කම ඔබත් දැනගන්න.

1.      අක්මාවේ සෞඛ්‍ය

ගස්ලබු ඇට වල පෝෂ්‍ය ගුණ සිරෝසිස් රෝගය සුව කිරීමට උපකාරී වේ. දිනකට ගස්ලබු ඇට 5ක් හෝ 6ක් අඹරා ඔබේ බිමක් හෝ ආහාරයක් සමග ගන්න. මෙය දින 30ක් දක්වා සිදු කරන්න. එය ඔබව රෝගවලින් ආරක්ෂා කරන අතර අක්මාවේ විෂ නාශනය කරයි.

2.      වකුගඩු සෞඛ්‍ය

ගස්ලබු ඇට මගින් වකුගඩු අකර්මන්‍යතා වලක්වයි. එසේම වකුගඩු සෞඛ්‍ය වර්ධනය කරයි.

3.      ප්‍රදාහ ප්‍රතිරෝදී ගුණ

ගස්ලබු ඇට වල පවතින ප්‍රදාහයට ප්‍රතිරෝදී ගුණ නිසා ආතරයිටිස්, රතු වීම්, හන්දි වේදනා යනාදියට යහපත්ය.

 4. බැක්ටීරියා හා වෛරස් ප්‍රතිරෝදී ගුණ

ගස්ලබු ඇට වලට වෛරස් ආසාදන සමග සටන් කළ හැකි අතර එය උණ සන්නිපාතය, ඩෙංගු වැනි රෝග සදහා ප්‍රතිකාරයකි. එසේම ඒවාට Ecoli, Staph, සහ Salmonella වැනි බැක්ටීරියා විනාශ කළ  හැක.

 

ගස්ලබු පානය සාදා ගන්නේ කෙසේද?

 

ගස්ලබු කොළ 2ක් ගෙන හොදින් සෝදා කුඩා කැබලි වලට කපාගන්න. පෙරන රෙද්දක් ගෙන එම කොළ හොදින් කොටා මිරිකා පල්පයක් ලබා ගන්න.
 එයින් තේ හැදී 2ක් බැගින් යුෂ ගෙන දිනපතා පානය කරන්න.

5.      පිළිකා ප්‍රතිරෝදී

ගස්ලබු ඇට වල සිටින විවිධ කාරක පිළිකා සෛල හා වායූ ගෙඩි ඇති වීම වලකයි. එසේම ගස්ලබු ඇට වල ඇති isothiocyanate ලියුකේමියාව, බඩවැල්, පපුව, පුරස්ථි ග්‍රන්ථි හා පෙනහළු පිළිකා යනාදියට ගුණදායකය.

6.      පරපෝෂිතයන් විනාශ කරයි.

ගස්ලබු ඇට  වල ඇති carpaine නම් Alkaloid ඇමිබා වැනි පරපෝෂිතයන්, බඩවැල් වල පණුවන් විනාශ කරයි. එසේම ප්‍රෝටීන පරිවෘත්තිය ක්‍රියාවට භාජනය කරයි.

7.      ස්වභාවික ගැබ් නාශනයකි.

අතුරු ප්‍රතිපල නොමැති නිසා ගස්ලබු ඇට  පිරිමි හා කාන්තා යන දෙපාර්ශවයට උපත් පාලන උපක්‍රමයක් ලෙස යොදා ගත හැක.

8.      ජීර්ණය පහසු කරයි.

ගැබ් ගැනීමට සිතන කාන්තාවන්ට ගස්ලබු ඇට වල ඇති papain නම් එන්සයිමය වැදගත්ය. එසේම එය ප්‍රෝටීන් ජීර්ණය කරයි.
ශුක්‍රානු නිපදවීම අඩු කිරීමට නම් පිරිමි පාර්ශවය දිනපතා පුරා තුන්මාසයක් ගස් ලැබූ ඇට තේ හැන්දක් ආහාරයට ගත යුතුය. නමුත් මෙය තාවකාලික බව ඔබ දැන ගත යුතුය. ගස්ලබු ඇට ආහාරය නැවතූ විට නැවත සරු බව ලැබේ.

 

ආහාරයට ගන්නේ කෙසේද?

 

ගස්ලබු ඇට  පොඩිකර, අඹරා හෝ කිරි, පැණි හෝ සලාද වලට යොදා ආහාරයට ගත හැක.

 

අතුරුපල හා අවදානම්

 

ගර්භනී කාන්තාවන් මෙය භාවිත නොකළ යුතුය. මන්ද කිරිදීමේ දී ගැටළු ඇති විය හැක. එය ආමශාන්ත්‍රික ප්‍රදේශ සදහා යහපත් වුව ද ළදරුවන්ට ලබා දීමේදී වෛද්‍ය වරයකුගෙන් විමසන්න.