Nagawalli Gurumaniyo - නාගවල්ලී ගුරුමෑණියෝ sinhala wal katha 2013

Goowa Sup Panaya ගෝවා සුප් පානය

 

ඔබත් ශරීරයේ බර අඩු කරගන්නට ඉක්මන් ක්‍රමයක් සොයමින් සිටින අයෙක් නම් ගෝවා සුප් පානය ඔබට නිසැකවම උපකාර කරාවි.  ගෝවා සුප් පානය සති දෙකක් හෝ තුනක් පරිභෝජනය කිරීමෙන් ඔබේ බරින් රාත්තල් දහයක් පමණ අඩු කරගන්නට පුළුවන්.
ශරීරයේ බර අඩුකරගන්නට උත්සහාකරන පුද්ගලයෙක් යම් කිසි ආහාර වේලක් මත පමණක් යැපීම නම් විශේෂඥයන් විසින් අනුමත නොකරන ක්‍රියාවක්. ඒ, එක් ආහාර වර්ගයක් පමණක් දිගින් දිගටම පරිභෝජනය කිරීම මගින් වෙනත් විවිධ සෞඛ්‍යය ගැටළු ඇතිවීමේ අවධානමක් ඇති නිසයි.

කෙසේ වෙතත් මේ ගෝවා සුප් පානය සතුවන වාසි සහ අවාසි ඔබත් සමග පවසන්නට අද අපි සූදානම්…

බර අඩුකරගන්නට පරිභෝජනය කරන ආහාර වට්ටෝරු සඳහා ප්‍රධාන වශයෙන් ගෝවා භාවිතා කරන බව ඔබ දැනටමත් දැනුවත් ඇති. අද අපි කියන මේ ක්‍රමයට සතියක් පමණ ගෝවා සුප් එකක් සකස් කර ආහාරයට ගැනීම ඇත්ත වශයෙන්ම ඔබේ බර අඩුකරගන්නට ප්‍රමාණවත්. මේ අතරවාරයේ ඔබ පළතුරු සහ එළවළු වර්ගත් ආහාරයට ගන්න අවශ්‍ය වනවා. ඒ වගේම ඔබ ප්‍රියකරනවානම් මේදය රහිත කිරිත් ඔබට මේ දින හත තුල පානය කරන්නට පුළුවන්.
ගෝවා සතුව කැලරි අවමවිමත් නැත්නම් කැලරි ශුන්‍ය වීමත් තමයි ඔබේ ශරීරයේ අන්තර්ගත වන කැලරි දහනය කර ශරීරයේ බර අඩුකරගන්නට උපකාර වන්නේ. මේ නිසා මේ සුප් පානය ඔබ වැඩිවශයෙන් පානය කරන තාක්කල් ඒ හා සමානව ශරීරයේ බරත් අඩුකරගන්නට පුළුවන්.
මේ සුප් පානය දින හතකට වඩා වැඩිපුර පානය කිරීම එතරම් ම සුදුසු නොවුනත් ඔබට කෙටි කලක් ඇතුලත යම් විශේෂ අවස්ථාවකට සහභාගී වන්න තිබෙනවා නම් ඔබට ඉක්මණින්ම බර අඩු කරගන්නට මේ සුප් පානය හැර වෙනත් කිසිවක් සොයාගන්නට නොතිබේවි.
අපි අද ඔබට පවසන්නට සූදානම් වනමේ ආහාර වට්ටෝරුවේ ප්‍රධානම ආහාරය වන්නේ මේ ගෝවා සුප් පානයයි.
ඔබට මේ සුප් පානය එක් සතියකට සරිලන පරිදි එක අවස්ථාවකදීම සකස්කරගන්නට පුළුවන්.

 

ගෝවා සුප් පානයට අවශ්‍ය වන ද්‍රව්‍ය

 

·         ගෝවා ගෙඩියක්
·         කැරට් අල තුනක්
·         ළුණුගෙඩි දෙකක්
·         හතු පැකට්ටුවක්
·         කොළ පැහැති බෙල් පේපර් ගෙඩි දෙකක් “green peppers”
·         සැල්දිරි කොළයක්
·         තක්කාලි ග්‍රෑම් 800 පමණ
·         එළවළු කොක්ටේල් කෝප්ප හයක් හෝ අටක්
·         එළවළු සුප් කැට දෙකක්

 

සාදාගන්නා ආකාරය

 

ප්‍රථමයෙන්ම අමුද්‍රව්‍ය සියල්ලම කුඩා කැබලි වලට කපා ගන්න. ඉන්පසුව ළුණු පමණක් වෙනම ගෙන මැටි භාජනයක දමා සුළු වේලාවක් බැදගන්න. දැන් අනෙත් අමුද්‍රව්‍යත් එක්කර ගෙන අමුද්‍රව්‍ය සියල්ලටම ජලය වක් කරන්න.
දැන් අමුද්‍රව්‍ය අඩංගු භාජනය ගින්නේ තබා තම්බා ගන්න. වතුර පැසෙන මට්ටමට පත් වූ පසුව මදගින්නේ විනාඩි තිහක් තැම්බෙන්න හරින්න.
මේ අමුද්‍රව්‍ය හොඳින් තැම්බුනු පසුව ඔබේ කැමැත්ත පරිදි ගම්මිරිස් කුඩු ලුණු කුඩුවැනි ඔබට අවශ්‍ය ඕනෑම කුළුබඩු වර්ගයක් එක්කර ගන්නට පුළුවන්.
ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට මේ සුප් පානය දිනපතා පානය කරන්න. මේ සමගම ඔබට කැලරි අවම ආහාරත් පරිභෝජනය කරන්නට පුළුවන්. පාන වර්ග ලෙස ඔබට ජලයත් කැලරි වලින් තොර පාන වර්ගත් පානය කරන්නට පුළුවන්.
මේ ගෝවා සුප් පානය තුල වැඩි පෝෂණ ගුණයක් අන්තර්ගත නොවන නිසා ඔබ විටමින් සංයෝගයක් අඩංගු වන විටමින් පෙති වර්ගයක්  “multivitamins” පානයකරන්නට අවශ්‍ය වනවා. (වෛද්‍ය උපදෙස් මත)

ආහාර සැලැස්ම

පළමු දිනය

පළමු දිනය තුල ඔබට හැකි පමණින් ගෝවා සුප් සහ පළතුරු ආහාරයට ගන්න. නමුත් කෙසෙල් පමණක් ආහාරයට ගැනීමෙන් වලකින්න.

දෙවන දිනය

දෙවන දිනයේ දී ගෝවා සුප් සහ කොළ පැහැති පළා වර්ග ආහාරයට ගන්න. ඔබට තැම්බූ අර්තාපල් අලත් ආහාරයට ගන්නට පුළුවන්. නමුත් පෙයාස්, බඩ ඉරිඟු සහ බෝංචි වැනි ආහාර පරිභෝජනය කිරීමෙන් වලකින්න.

තුන්වන දිනය

තුන්වන දිනය තුල ඔබට හැකි පමණින් ගෝවා සුප්, පළතුරු සහ එළවළු ආහාරයට ගන්න. (නිශ්චිත ප්‍රමාණය නොමැත)

හතරවන දිනය

හතරවන දිනයේ දී ගෝවා සුප්, කෙසෙල් සහ මේදය රහිත කිරි  “skim milk” පරිභෝජනය කරන්න.

පස්වන දිනය

පස්වන දිනයේදී ඔබට තක්කාලි ගෙඩි හයක් ආහාරයට ගන්නට පුළුවන්. මේ සමගම ඔබට හැකි තරම් ගෝවා සුප් (නිශ්චිත ප්‍රමාණය නොමැත) සහ හරක් මස් ග්‍රෑම් 208 -567 අතර ප්‍රමාණයක් ආහාරයට ගන්නට පුළුවන්. ඔබ මේ පස්වන දිනයේ දී ජලය වීදුරු හයක් පමණ පානය කරන්න.

හයවන දිනය

හයවන දිනයේදී ඔබට හැකි තරම් ගෝවා සුප් ( නිශ්චිත ප්‍රමාණය නොමැත ) සහ කොළ පැහැති පළා වර්ග සහ හරක් මස් සුළු ප්‍රමාණයක් ආහාරයට ගන්න. හරක් මස් වෙනුවට ඔබට ග්‍රිල් කළ මාළු “grilled fish” ආහාරයට ගන්නටත් පුළුවන්.

හත්වන දිනය

හත්වන දිනයේදී ඔබට හැකි තරම් ගෝවා සුප් (නිශ්චිත ප්‍රමාණය නොමැත), එළවළු, පළතුරු යුෂ සහ රතු සහල් ආහාරයට ගන්නට පුළුවන්. කෙසේ වුවත් සීනි එක්කල ආහාර පරිභෝජනය කිරීමෙන් වලකින්න.
මෙම ආහාර වට්ටෝරුවට අනුව හරක් මස් පිළිබඳව මෙම ලිපියෙ හි සඳහන් වුවත් ඔබ එළවළු පමණක් ආහාරයට ගන්නා අයෙක් නම් හරක් මස් නොසලකා හරින්න.
 මේ කැලරි අවම ආහාර වේලේ දින හතක ප්‍රතිඵලය විදිහට ශරීරයෙන් මේදය 34% ප්‍රතිශතයකුත් ඉතිරි ප්‍රමාණය ශරීරයට අනවශ්‍ය වන ජලය සහ තරලයනුත් ඉවත් කර දමාවි.
මේ ආහාර වට්ටෝරුවෙන් ශරීරයේ බර අඩුකරදීම තාවකාලිකයි. ඔබ මේ ආහාර වේල අත්හැර දැමු පසුව නැවතත් ඔබේ ශරීරයේ තරබාරු භාවය ඇතිවන්නට පුළුවන්.
නමුත් අධික අතරබාරු භාවයෙන් පීඩා විදින අයෙක් මෙවන් කැලරි අවම ආහාර වේලක් ලබාගැනීම වඩාත් ප්‍රතිඵලදායී වනවා. ඔබත් අධික තරබාරු භාවයෙන් පීඩා විදින අයෙක් නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන මේ ආහාර වට්ටෝරුව සති හතරත් දොළහත් අතර කාලයක් භාවිතා කරන්න. ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල අත්වේවි.
ඕනෑම දෙයක හොඳ සහ නරක යන දෙකම තිබෙනවා. ඒ වගේම මේ ආහාර වට්ටෝරුවෙනුත් අපට යම්කිසි අතුරු ආභාද ඇතිවන්නට පුළුවන්.

 

අපි දැන් බලමු මේ අතුරු ආභාද මොනවද ඒ වගේම මේ අතුරු ආභාද අවම කරගන්නට අපට කළහැකි දෑ පිළිබඳව.

 

1.      රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑම

රුධිරයේ සීනි මට්ටම වැඩිවන්නට ශරීරය තුල කාබෝහයිඩ්‍රේට සහ කැලරි අවම වීම බලපානවා. ඔබ දැනටමත් දියවැඩියා රෝගයෙන් පීඩා විදින අයෙක් නම් මේ පිළිබඳව දැඩි ලෙස ප්‍රවේශම් වන්න. නමුත් ඔබ මේ ආහාර සැලැස්ම දින හතකට වඩා ක්‍රියාත්මක නොකරනවා නම් මේ පිළිබඳව ඔබ කණගාටු විය යුතු නෑ.

2.      ශරීරයට අවශ්‍ය වන කැලරි ප්‍රමාණය නොලැබී යෑම

පිරිමි පුද්ගලයෙකුට නම් ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යෑමට දිනකට කැලරි  1,500  පමණ අවශ්‍ය වනවා. කාන්තාවකට නම් කැලරි 1,200  පමණ අවශ්‍ය වනවා. මේ ආහාර වට්ටෝරුවට අනුව මේ කැලරි ප්‍රමාණය ශරීරයට ලබාගන්නට නොහැකි වන අතර මෙමගින් දිනකට කැලරි 1,000  පමණයි ලබාගත හැකි වන්නේ. ඉතින් මේ හේතුව නිසා තමයි මේ ආහාර වට්ටෝරුව එතරම් සෞඛ්‍යය ආරක්‍ෂිත නොවන්නේ.

3.      ශරීරයට අවශ්‍ය වන නිසි පෝෂණ ගුණය නොලැබී යෑම

ගෝවා සුප් සමග භාවිතා කරන මේ ආහාර වට්ටෝරුවෙන් අඩු පෝෂණ ගුණයක් ලැබෙන නිසා මෙමගින් ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන නිසි පෝෂණ ගුණය ලබාගන්නට නොහැකි වනවා. මෙසේ සිදුවන්නේ මෙය ඒකාකාරී ආහාර වට්ටෝරුවක් වීමත් මෙහි ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට සහ කැලරි අවම වීමත් නිසයි. අප කලින් සඳහන් කල ආකාරයට ඔබ අතිරේක පෝෂක සහ විටමින් පෙති ලබාගැනීම මගින් ශරීරයට අවශ්‍ය වන පෝෂණය ලබාගන්නවා නම් ඔබට කිසිම අතුරු ආභාදයකට මුහුණ දෙන්නට සිදුවන්නේ නෑ. ඔබ විටමින් වර්ග ලබා නොගෙන මේ ආහාර වට්ටෝරුව ක්‍රියාත්මක කල විට නිසි පෝෂණය නොලැබීම නිසා හිසරදය, ශරීරයේ මලානික ගතිය සහ හිස කරකැවිල්ල වැනි තත්වයන් ඇතිවන්නට පුළුවන්.

4.      ප්‍රාධ්මානය “උදරයේ වාතය පිරීම” සහ මස් පිඩු පෙරලීම

මෙම සෞඛ්‍යය ගැටළු දෙකම ශරීරයේ ඇති අධික තන්තු නිසා ඇති වන්නට පුළුවන්. ගෝවා සුප් තුල තන්තු බහුල නිසා මේ අවදානමත් ඇතිවනවා.

5.      පිත්තාශයේ ගැටළු

ඉතා ඉක්මණින් ශරීරයේ බර අඩුවීම නිසා පිත්තාශයේ ගල් ඇතිවන්නට පුළුවන්. (මෙය සුලබ සිදුවීමක් නොවෙයි) අපි ලබාගන්නා ආහාර දිරවීමේ ක්‍රියාවලියට පිත්තාශය විසින් පිත්ත යුෂ නුකුත් කරන්නට අවශ්‍ය වනවා. විශේෂයෙන් මේදය වැඩි ආහාර දිරවීම සඳහා පිත්ත යුෂ වැඩි වශයෙන් නිකුත් වනවා. යම්කිසි පුද්ගලයෙක් මේදය අඩු ආහාර ලබාගැනීම නිසා පිත්තාශය විසින් පිත්ත යුෂ නිකුත් නොකර ඒ පිත්ත යුෂ පිත්තාශය තුල ගබඩා වීම මගින් පිත්තාශය තුල ගල් හටගැනීමේ අවදානමක් ඇති වනවා.
අපට යම්කිසි දෙයක් ලබාගන්න ඇත්නම් යම් කැප කිරීමක් කරන්නට අවශ්‍ය වනවා.
අප ඉහත සඳහන් කල ආකාරයට මේ ආහාර වට්ටෝරුවෙ හි අඩු පෝෂණ ගුණයක් අනතර්ගත වන නිසා මෙමගින් ශරීරයේ බර අඩුකර දුන්නත් මේ ආහාර වට්ටෝරුව ශරීර සෞඛ්‍යයට තරමක් අහිතකර වන්නටත් පුළුවන්.
ඔබ මේ ආහාර සැලැස්ම සතියකට වඩා ක්‍රියාත්මක කිරීමෙන් වලකින්න. සතියකට වඩා ක්‍රියාත්මක කරනවා නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඒ වගේම නැවතත් මේ ආහාර සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර සති දෙකක විවේක කාලයක් ලබාගන්න.
* මෙම ලිපියෙහි අඩංගු වන කරුණු වෘත්තීමය වෛද්‍ය උපදෙසක් නොවන බව කරුණාවෙන් සලකන්න !